(නිමන්ති රණසිංහ)
හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නමැත්තාට මැලේසියාවට පලායෑම සඳහා නාවික හමුදාවේ ගිණුමකින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණයවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම ගිණුම නාවික හමුදාවේ කිනම් ගිණුමක්ද, එයින් මෙම සැකකරුට මුදල් ලබා දී ඇත්තේ කුමන කරුණක් නිසාදැයි යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගත යුතුව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය දැනුම්වත් කළේය.
මෙම මුදල ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලබාදුන්නේදැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුව ඇති බැවින් එම ගිණුම පිලිබඳව විමර්ශනය සඳහා එය අයත් ලංකා බැංකු ප්‍රධාන ශාඛාවේ කළමනාකරු වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනත්ුව අධිකරණයෙන් ඉල්ලීය.
ඒ අනුව, අදාළ බැංකු ගිණුම සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසට දැනුම්දෙමින් මහේස්ත්‍රාත්වරිය ලංකා බැංකුවේ ප්‍රධාන ශාඛාවේ කළමනාකරු වෙත නියෝගයක් නිකුත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ලංකාවේ තත්ත්වේ. ලංකාව කියන්නේ ජිවත් වෙනඩ නොසුදුසු අසමත් රාජ්‍යක්.
කොහොමහරි හැමදෙනාම උත්සහ කරන්නේ තමන්ගේ මතය හරි කියලා ඔප්පු කරන්න. අධිකරණය බැලිය යුත්තේ සදාරණත්වය ඉෂ්ටකරන්න. අන්තිමට තැලෙන්නේ රටේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය .
ඡන්දයක් කිට්ටුවෙනකොට මේ ගොල්ලන්ට අමුතු අමුතු දේවල් දැනෙන්න පටන් ගන්නවා. මේ සිද්ධිය දැන් කතාකරන්නේ අරුදු කියක සිටද ? මේ තරමටම අපේ පොලිසිය අකාර්යක්ෂමද ? එහෙම නැත්නම් දක්ෂ නිලදාරින්ට පරීක්ෂණ පවරන්නේ නැතිව දේශපාලන ගැත්තන්ට ඒවා බාර දීලද ? අපේ රටේ පොලිසිය ගැන ජනතාව කලකිරෙන එක පුදුමයක් නෙමෙයි.
නේවී සම්පත්ට ආරක්ෂාව දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයකුට එරෙහිව චෝදනා තිබෙනවා ඔහුව මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත යුතූව තිබුණත් ඉහළ බලධාරියකූගේ මැදිහත්වීම මත ඔහු අත් අඩංගුවට පත්වීම නතර වී ඇත.
මෙවැනි කටයුතු සඳහා තීන්දු තීරණ ගැනීමේදී අවශ්‍ය අණ ලබාදුන්නේ කවුද කාගේ අනුමැතියකින්ද කියා සොයා බැලීමත් වැදගත් වෙනවා. හමුදා සහ පොලිස් නිලධාරින් නීති විරෝධිව කටයුතු කර ඇති අවස්ථා වලදී දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුකූලව ඔවුනට " රණවිරු" ලේබලයක් අලවා උද්ඝෝෂණ, පෙළපාලි, මාධ්‍ය ප්‍රකාශන ආදිය දියත් කර මහජන මතයක් ගොඩනංවා "මෙවැනි අවස්ථා වලදී නිතිය ක්‍රියාත්මක කිරීම වරදක් බවට" පත් කිරීමට උත්සාහ ගන්නා මිනිස්සු ඉන්නා එකම රට ලංකාව විය යුතුය.
හසලක ගාමිණී වීරයා දිවිපිදුවේ නැතුව ජීවතුන් අතර හිටියනම් එතුමාටත් අනිවාර්යෙන්ම නඩුවක් දානවා , මෙවන් රටක් ලොවෙත් නැතී ..
මල්ලෙන් එළියට තව මොන මොනව පනීද දන්නේ නැහැ....
මේවත් සිදුවෙන්න ඇති අපි හිටියේ දිනපතාම මිනිසුන් දරුවන් ගැහැණුන් මිය ගිය රටක මේවයින් මිදෙන කොට අකටයුතු දේවලුත් අනන්තවත් සිදු වෙනවා 900 පොලිස් නිලදරුවන් මරා දැමීම ගැනත් ( පාක්ෂිකයන් වග කිව යුතුය) සොයා බලන්න
පොලිසියේ 850 ට වගකිවයුතු පක්ෂයේ පාක්ෂිකයන් අට ලක්ෂ පනස් දහසක් වත් රටින් නෙරපා දැමිය යුතුය.....
අනවශ්‍ය වැඩනොකර රස්සාව කරගෙන හිටියානම් කොච්චර හොදට ඉන්න තිබුනාද
සිරිමල් ඔබ හරි
මහබැංකුවේ අධිපතිට රට පැන ගන්න සල්ලි දුන්නේ කොහොමද?
සර්පයින් බහුතරයක් සිටින රටක දල දෙකක් හෝ, අන් දෙකක් හෝ ආයුධයක් තිබේ නම් ඒ පුද්ගලයා රටේ නායකත්වයට පවා සුදුසුයි කියා දැනටමත් ඔප්පුවී හමාරයි. මිනිසුන් මරා දමා, මුර්ගයින් ආරක්ෂා විය යුතුයි කියා ප්‍රර්ථනා කරන මුග්ධයින් සිටින රටක අවසානයේ ඉතිරිවන්නේ, සර්පයින්ම මිස වෙන කවුරුද?
පසුගිය රජය ආරම්භ කරපු දේවල් පේනවනේ...
ලංකාව වැනි රටක පාලනය අතට ගත් පුද්ගලයා වැඩ කරන්නේ ඔහුට හිතුණු ආකාරයටයි. එ්කනේ නිසි සුදුසුකම් නොසපුරා බලය මත පුත් රුවනට නාවික හමුදාවේ ඉහල නිලයක් ලබාදුන්නේ.. එහි ඉඳිමින් කළ දේවල් වෙනමම ලියන්න වෙනවා.. ලෝකය එලෙසම පවතිනවා. නමුත් ලෝකය තුළ ඇතිවෙමින් පවතින දේවල් වෙනස් නොවන්නේ නැහැ. හිටපු පාලකයෝ හිතුවේ හැමදාම අපි තමයි රජාල කියලයි.. මේවා එළියට එනකොට ඔවුන් නීතිය රජය පෙරලන්න ක්‍රියාකරනවා. අවාසනාවට පවතින රජයේ ඉහළ දේශපාලකයෝත් මොවුන්ට එ් සඳහා උදව් උපකාර කරනවා.. අවසානයේ මේ අපරාධ කළ අය දන්නවා වුනත් එම දේශපාලකයන්ගේ උපකාරය මත එම අපරාධ හා එවා කළවුන් රටට හෙලිනොවීම අවිනිශ්චිත ගිණුමේ බැර වෙනවා...
නඩු තීන්දු හා නඩු ආශ්‍රිත කරුණු පත්තරෙන් මහජනතාවට බලන්න ලැබුණට අපිට තීන්දු ගන්න බෑ. ජනතාවට අවශ්‍ය වන්නේ සියලුම කරුණු කාරණා ඒ ඒ වගකිය යුතු ඇත්තන් විසින් ඉතාමත් සාධාරණව කල්මරන්නේ නැතිව විසඳයි කියන එකයි. ඔය කොයි කවුරුත් දේශපාලකයින්ට ඡන්දෙ දීලා පත්කලේ ඔය ටික රටේ ස්ථාපිත කරන්නයි. දේශපාලකයින් හා වගකිවයුතු බලධාරින් සියල්ල වහවහා විසඳයි කියා අපි බලාගෙන සිටිමු.
මට තියෙන ගැටලුව මේකයි. 88-89 කාලේ අපේ සිංහල තරුණ තරුණියෝ එකොළහක් නෙවේ හැටදාහක් අතුරුදන්වුනා හෝ මරලා දැම්මා. ඒවාට පරීක්ෂණ කෝ...? එකම හමුදා නිලධාරියෙක්වත් අත්අඩංගුවට ගත්තාද? ඔය කමෙන්ට් දාල තියෙන සිරිමල්, රෝහණ ආදී පාට කන්නාඩිකාරයෝ උත්තර දෙනවද?
නාවික හමුදාවේ ඉන්න රණවිරුවන්ව දඩයම් කරන්න උත්සාහ කරන යටිකූට්ටු වැඩ පිළිවෙලක තවත් ජවනිකාවක්... මේවා විශ්වාස කරන තණකොළ කන යූ.එන්.පී එකේ මන්ධබුද්ධික රැලක් ඇති. ඒත් රටේ බහුතරය තේරුම් අරන් ඉවරයි රට පාලනය කරන ගොන් රැල රට කොහාටද අරන් යන්න හදන්නේ කියලා.