බැඳුම්කර වාර්තාව හෙට ජනපතිට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව හෙට (30) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීමට නියමිතය. 29 December 2017
මහනුවර ගණිකා නිවාසයක් වටලා 5ක් අත්අඩංගුවට ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මහනුවර දූෂණ මර්දන ඒකකය මගින් අද(28) වටලා එහි කළමනාකාරිණිය සහ කාන්තාවන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි. 29 December 2017
’මාගේ කඩුවෙන් කවුරු කැපේදැයි කියන්න බෑ’ ‘කිලිටි නැති තරම් පවිත්‍ර අවංක දේශපාලන නායිකයින් හැදීම මගේ එකම අරමුණයි. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ දී මගේ කඩුවට කාගේ බෙල්ල කැපේවී දැයි දන්නේ නැතැයි’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) පැවසීය. 29 December 2017
205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි 2017 උසස්පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවීමට සිදුවූ බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත මහතා පැවසීය. විභාග අක්‍රමිකතා සහ විවිධ වැරදි නිසා ප්‍රතිඵල අත්හිටවීමට සිදුවූ බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය 28 December 2017
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මීට ස්වල්ප වේලාවකට පෙර නිකුත් කරන ලදි 28 December 2017
පොහොට්ටුවත් අතත් එක්වෙන්න යයි එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් නොලැබෙන ආයතනවල බලය පිහිටුවීම සඳහා වෙනත් කණ්ඩායමක් හා එක්වීමට සිදුවුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අනිවාර්යයෙන්ම එක්වන්නේ 27 December 2017
ව්‍යාපාරිකයා පැහැරගෙන කප්පම් ඉල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට යුකේ‍්‍රනයේ සිට ඥාතීන් බැලීම සඳහා වවුනියාව වෙත පැමිණි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ලක්ෂ 15 කප්පම් මුදලක් ලබාගැනීමට තැත්කළ පුද්ගලයින් තිදෙනක් අද (27) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 27 December 2017
හක්මන වැසියෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටලති මාතර හක්මන පාර පුළුල් කිරිමේදී හා ගංවතුර අලාභ හානි වෙනුවෙන් වන්දි බෙදා දීමේදී තමන්ට අසාධාරණයක් සිදු වී ඇතැයි පවසමින් මාතර හක්මන පාර දෙපස පදිංචිකරුවෝ අද(26) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළට කඩා වැදුණහ. 26 December 2017
තේ තහනම ඉවතට රුසියාව විසින් මෙරටට පනවා ඇති තේ තහනම දෙසැම්බර් 30 වැනිදායින් පසු ඉවත් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද(25) ලංකාදීපයට පැවසීය. 25 December 2017
ලංකාවේ ඇතුන්ගේ ගජමුතු නැතිලු මෙරට ඇතුන් ගේ දළ තුළ ගජමුතු නැතැයි හිටපු නියෝජ්‍ය රේගු අධ්යක්ෂ, මැණික් පිළිබඳ විශේෂඥයකු හා වනජීවී වෙළඳාම පිළිබඳ විශේෂඥයකු වන සමන්ත ගුණසේකර මහතා පවසයි. 25 December 2017
පොලිස් කොමිසමටත් චෝදනා දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ට සහන සැලසීමට ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව දේශපාලන පළිගැනීමට ලක්වූ බවට නිර්දේශ වූ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිටියදී වත්මන් රජයේ අමාත්‍යවරයකු වූ පාලිත රංගේ බණ්ඩාර මහතාට පමණක් උසස්වීම් ලබාදීමට පොලිස් කොමිසම අනුගමනය කළ ක්‍රියාමාර්ගයට දැඩි විරෝධය පළ කරන බව දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීහු පවසති. 25 December 2017
වතු කම්කරුවාගේත් සාක්කුවට විද්ද සක්විත්තා කොටු රුපියල් ලක්ෂ 37ක අංග සම්පුර්ණ නිවසක් රුපියල් ලක්ෂයක මුදලකට ඉදිකර දෙන බවට තම ගිණුමට මුදල් බැරකරගෙන මුදල් වංචා කළේ යැයි කියන පුද්ගලයකු බගවන්තලාව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 25 December 2017
කොස්ගොඩ සුජී අල්ලන්න ජාත්‍යන්තර රතු නිවේදනයක් ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනය විසින් ශ්‍රී ලාංකිකයකු වන අවුරුදු ජගමුනි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී (33) අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත්කරනු ලැබ ඇත. 25 December 2017
පැය 24 ට හදිසි අනතුරු මරණ 7 යි දිවයිනේ ප්‍රදේශ කිහිපයක අවසන්වූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරු 06 කින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් 01 අයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතිබව පොලිසිය පවසයි. 25 December 2017
පුරා වස්තු වැනසුවොත් ලක්ෂ 20ක් දඩ පුරාවස්තු විනාශ කරන්නන්ට නියම කරන දඩය රුපියල් විසි ලක්ෂයක් හෝ ඊටවඩා ඉහළ යන පරිදි පුරා විද්‍ය පනත සංශෝධනය කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 25 December 2017
ඒකාබද්ධ පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් කරළියට ජනවාරි 2 දා ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්වීය. 24 December 2017
පොදුජන පෙරමුණ සන්ධානයකට සැරසෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී වඩාත් ප්රබලව පක්ෂ 20 ශක්තියෙන් තමන් සමග අලුතින් එක්වීමට දැනට කැමැත්ත පළකර ඇති සියලු පක්ෂ සමග සන්ධාන ගතවී ඒකාබද්ධ පොදුජන පෙරමුණ නාමයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් වෙයි. අද (23) දහවල් පැවති පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී එලෙස තීරණය කර ඇත. 23 December 2017
බසයක් පෙරළී දෙකක් මරුට 41 රෝහලට උෟරුබොක්කේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පැල්මඩුල්ල පතුල්පාන දොඩම්ඇල්ල දිය ඇල්ලට පෙරළීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි රත්නපුර පොලිසිය කියයි 23 December 2017
තිරප්පනෙන් පොහොට්ටුව ඉවත් කිරීමට එරෙහිව උසාවි යයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කරනු ලැබු නාම යෝජනා පත්‍රය අනුරාධපුර තේරිම්භාර නිලධාරවරයා විසින් ප්‍රතික්ෂේප කිරිමට විරැද්ධව අධිකරණයට යාමට පක්ෂය විසින් තිරණය කර ඇතැයි උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි. 22 December 2017
පොහොට්ටුවත් අතත් පුත්තලමේදී ගැටුමක හිටපු ඇමතිවරයකු වු මිල්රෝයි ප්‍රනාන්දු සහ පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ගැටුමක් ඇති විය. පසුව එය පාලනය කිරීමට දෙපිරිසේ පිරිස් දැඩි පරිශ්‍රමයක් ගෙන තිබුණි. 21 December 2017
පොහොට්ටුව තිරප්පනයෙනුත් ප්‍රතික්ෂේප වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරනු ලැබු අපේක්ෂක නාම ලේඛණය අද (21) ප්‍රතික්ෂේප විය. 21 December 2017
ග්‍රීන් ටී ලෙසින් රට යවන්න හැදු මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගී්රන් ටී වශයෙන් සකස් කර ඇමැරිකාවට සහ බි්රතාන්ය යන රටවලට යැවීමට සුදානමින් තිබු මත්ද්රව්යමය ශාක කොටස් කිලෝ 542 ක් කොළඹ 14 නාගලගම්වීදියේ දී අත්අඩංගුවට ගත බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි. 21 December 2017
දඹුල්ලේ අල ලූනු ගබඩා වටලයි විදේශීය රටවලින් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර අර්තාපල්, ලොකු ලූනූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට විශාල ගබඩාවල රහසිගතව තෝරා වෙළඳපළට යැවීමේ ජාවාරමක් පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමඟ දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ. 21 December 2017
නවක වධයට ලක්වූ පේරාදෙණි සිසුවෙක් රෝහලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවකු දරුණු ලෙස නවක වධයට ලක්වීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටී. 20 December 2017
අලි මැරුවොත් ජීවිතාන්තය දක්වා හිරේ වන අලි ඝාතනයක් සම්බන්ධයෙන් උසාවියෙන් වරදකරු වන අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කළ හැකි වන අයුරින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 20 December 2017
අල්ලස් පනත සංශෝධනයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කෙරෙමින් පවතින බව එහි අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කළේය. 20 December 2017
ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ සිඟමන් යැදීම තහනම් ලබන ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ මාර්ගවල හා පොදු ප්‍රවාහන සේවා තුළ සිඟමන් යැදීම තහනම් කර ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 20 December 2017
හොරට ලියූ ශිෂ්‍යයාගේ විභාගය අවලංගුයි ජංගම දුරකතනයක් භාවිත කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ බව කියන අනුරාධපුර වලිසිංහ හරිස්චද්‍ර විදුහලේ ශිෂ්‍යයාගේ මෙවර විභාග අපේක්ෂකත්වය අවලංගු කිරීමට විභාග දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ. 19 December 2017
බැංකු කොල්ලයට ආ සැකකරුට වෙඩි අහංගම රජයේ බැංකුවක් කොල්ලකෑමට අද(19) දහවල් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකුගෙන් එක් අයකු බැංකුවේ ආරක්ෂකයන් විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අහංගම පොලීසිය කියයි. 19 December 2017
නියෝජ්‍ය ඇමැති ලංසා ඉල්ලා අස්වෙයි ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද(19) බාරදී ඇතැයි දේශපාලන ආරංචි පවසයි. 19 December 2017
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026