(චමිල් රූපසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් විසින් සියයට 80 පැමිණීම විභාග වලට පැමිණීම සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාලය තිරණය කිරිමට එරෙහිව විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සනාතන මන්දිරය වට කර සති තුනක් පමණ වන අතර දිගින් දිගටම මේ තත්වය හේතුකර ගෙන මෙම තීරණයට එළඹුණු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලක සභාව පවසයි.
ඒ හේතුවෙන් අද (17) පස්වරු 2 න් පසු විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයේ සියලුම සිසුන් විශ්ව විද්‍යාලයෙන් ඉවත් විය යුතු බවත් 2 න් පසු ඉංජිනේරු පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාල භුමිය තහනම් කලාපයක් වන බවද පාලක සභාව පවසයි.
නැවත ඉංජිනේරු පීඨය ඇරඹෙන දවස දැනුම් දෙන බවද පාලක සභාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයින්ට මොනාද ඕනේ. දේශන වලට, ප්‍රැක්ටිකල් වලට සහබාගි නොවී ඉංජිනේරුවෝ වෙන්නේ කොහොමද? හෙට අනිද්දා කියයි අපි ගෙදර ඉන්නවා අපේ ගෙදරට උපාධිය එවන්න කියලා.
අනේ පුතේ දුවේ, දේශන සඳහා සියයට අසූව පැමිණීම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නොවෙයිනේ. ඒක අපි ඉගෙන ගන්න කාලෙත් තිබුනා. නැත්නම් කුප්පියෙන්ද ගොඩ දාගන්න බලන්නේ.
සියයට 80 බලන්න මේ ළමයි පාසල් ළමුන් නෙමෙයි නේ. ගොඩක් ළමයි දෙමව්පියන්ට බරක් නොවී රැකියාවක් කරමින්ම තමයි ඉගෙනීම් කරන්නේ. තමන්ට අවශ්‍ය විදියට තමන්ගේ පහසුව පරිදි ඉගෙනීම් කටයුතු වල යෙදෙන්න පුළුවන්කම තියෙන්නේ ඕන විශ්ව විද්‍යාලේ ආවම. වෙන්න ඕන දේ තමයි දේශන අතපසු වෙන අයට ලේසියෙන් ලබාගන්න පුළුවන් වෙන්න විශ්ව විද්‍යාල වෙබ් අඩවියේ පල කරන එක. අන්තර්ජාලය සහ තොරතුරු තාක්ෂණය මෙච්චර දියුණු යුගයක යල් පැන ගිය මත දරන අය එක්කෝ ඒවා ඉවත් කරන්න ගන්න ඕන නැත්නම් අස් වෙලා යන්න ඕන.
ලෙක්චර් වලට යන්නේ නෑ. ඉතින් රැකියා නැතිවෙනඑක අහන්න දෙයක් යැ. ඉගෙනගන්නේ නැතුව ?
ළමයිට ඕන ඕන විදියට දෙමව්පියන්ට බරක් නොවී රැකියාවක් කරමින්ම ඉගෙනීම්කරන්න දෙන්නනම් මහපොළ නේවාසික පහසුකම් දෙන්න දුප්පත් මිනුස්සුන්ගේ බදු මුදල් යොදවන්නේ මොකටද ඔය කියන විදියට ඉගෙනගන්න ඕනනම් විවෘත විශ්ව විද්‍යාලයට යන්න කියන්න එකට කිසිකෙනෙක් විරුද්ධ නැහැ......
දෙවියනේ දරුවනේ 80% නීතිය අපේ පැරණි කාලයේත් තිබුණ එය ඉතාම හොඳයි ඉගනගන්න නම් හැමදාම දේශනා, පර්පචුවල් යන්නම වෙනවා.. අවශ්‍ය නැත්නම් ගෙදර යන්න...... සතුයින් ඉගෙන ගන්න කැමති අය ලක්ෂ ගණනක් ඉන්නවා.
උද්ඝෝෂණ වලට සහභාලීවීම 80% වත් තිබ්බොත් ඇති කියලා සඳහන් කළානම් හොදයි නේද? පොලිස් වාර්තා මෙඩිකල් වාර්තා ගන්න නියම කරන්න
ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේ කිසිම වැරද්දක් නෑ. ඒ වගේ සටන් වලට ඉදිරිපත් වන ශිෂ්‍යයන් පසුකාලීනව ඉතා සාර්ථක වෘත්තිකයන් වෙනවා දැකල තියනවා. නමුත් මේ ඉල්ලීම ටිකක් අවුල් වගේ. මොකද ඉන්ජිනේරු උපාධියේ ගුණාත්මක බව මනින සාධකයකට විරුද්ධ වෙන එකත් කාලය දික්කරගන්න එකත් මහ මෝඩ වැඩක්.
අපි ඉද්දිත් මේ නීතිය තිබුණා ,හැමෝම නීතියට ගරු කළා .අනවශ්‍ය ප්‍රශ්නයක් නිසා සිසුන් තමන්ගේ අනාගතය අඳුරු කරගන්නවා.පෙරටුගාමි සහ ජවිපෙ සිසුන් මුලා කරනවා
මෙය ලොව දියුණු රටවල පවතින ප්‍රයෝගික ක්‍රමවේදයක්. දේශන වලට සහභාගී වීම අනිවාර්යයි. එසේ නැතිව මහපාරවල් වල රිලා නැටුම් නටලා, පොලිසියෙන් නාගෙන හු කිව්වා කියලා උපාධි පිරිනමන්න පිටරට විශ්ව විද්‍යාල සුදානම් නැහැ. කටපාඩම් කරලා උසස් පෙළ ගොඩදා ගෙන තමන් තමයි කෙරුමෝ කියලා හිතාගෙන ඉන්න ලංකාවේ විශේ වීදියාල කාරයින්ට වඩා මේසන් බාස්ලා හා ලෙඩ සුව කරන කපු මහත්තුරු ඉදිරියෙන් මේ සිරි ලංකාවේ ඉන්නේ ඔන්න ඔය වගේ උද්දච්ඡ වැඩ බැරි කට පමණක් ඇති වැඩ බැරි මන්ද බුද්ධික ටාසන්ලා නිසා තමයි.
මේ අය නිසා මේ සැරේ උපාධි ප්‍රධානෝත්සවයත් කැත වුණා. වෙනදාට සනාතන මන්දිරයෙන් පෙරහැර පටන් ගන්නේ. මේ සැරේ ඒකත් නැති වුනා. ශිෂ්‍ය භාවය නැති කරන්න ඕන
අද දේශනා වලට නොපැමිණීම, නවක වදය දීම, ආචාර්යවරුන් ගණන් නොගැනීම සිසු අයතිවාසිකම් බවට පත් වී ඇත. කෙසේ වෙතත්, අද රටේ ශ්‍රම බලකායට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවන් අත්‍යවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රතිශතයක් බැවින්, මේ ආයතන දිගු කාලීනව වසා තැබුවත් රටේ ආර්ථිකයට එතරම් හානියක් සිදු නොවේ.
සල්ලි වලට උපාධි දෙනවා කියලා කෑගහපු අය දැන් සල්ලිත් නැතුව පන්තිත් නැතුව උපාධි දෙන්න කියලා කෑගහනවා
සෑම දෙයකම මුල තමා විනය. විනය නැතිව දැනුමෙන් පලක් නොවේ. රස්සාවක් කලත් ඔබට ඔවැනි නීති වලට යටත් වීමට සිදු වේ.
මොවුන් පිටරටවල් වලට ගියාම කිසිම උද්ඝෝෂණයක් නැතිව නීතිරීති හොදට පිළිපැදලා ඉන්නවා. ලංකාවේ ඉන්නකොට තමයි අවුල. සියට 80 පන්ති එන්නැත්නම් කෙහොදම මේ වැඩෙ කරන්නේ. ලෝකයේ සමහර විශ්වවිද්‍යාල සියයට 100 පන්ති සහභාගීත්වය අවශ්‍යයි. මම ඉගෙන ගන්න නිසාම කියන්නේ. රස්සාවක් කරන්න පුලුවන්, අතිරේක කාලයේ පාර්ටයිම්, අපේ ළමයින්ට ඕනි තරම් කාලය තියෙනවා, වැඩක් නැතිව රස්තියාදුවේ ඉන්නේ. සති අන්තේ තියේනවා, කෝ රස්සා කරන ළමයි. අපේ මිනිසුස් නිකං ඉදලා ජොලියේ ඉදලා උපාධි හොයන්නේ. ඕනැවට වඩා නිදහස පරිහානියේ දොරටුව කියලයි මම හිතන්නේ. විශ්වවිද්‍යාල පරිපාලනය, නීතියමය කටයුතු කර විනය ක්‍රියාමාර්ග ගෙන සියයට 80 විරුද්ධ වන ශිෂ්‍යයන් නෙරපිය යුතුය.