IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පන්සලේදී පහරදීමකින් පොලිස් සැරයන් මරුට

(අප්සරා යෝසිත් විජේසූරිය සහ චාමින්ද දිසානායක)


රත්නපුර වෙරළුපෙ ගල්ඇන්ද ප‍්‍රදේශයේ විහාරස්ථානයකට සිතාසියක් බාරදීමට ගිය අවස්ථාවේදී සිදුවූ පහරදීමකින් එම සිතාසිය භාරදීමට ගිය පොලිස් සැරයන්වරයා මිය ගොස් ඇති බව රත්නපුර පොලිසිය පවසයි.


මෙසේ මරණයට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය පල්ලෙබැද්ද පෙදෙසේ පදිංචි දෙදරු පියෙක් වන රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සේවය කළ සමරවික‍්‍රම (44101) නම් පොලිස් සැරයන්වරයාය.


සිතාසිය භාරදීම එම විහාරස්ථානයට අද උදෑසන 9.30 පමණ ගිය අවස්ථාවේදී සැරයන්වරයා මෙම මරණීය පහරදීමට මුහුණ දී  ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය ඇත. 


මේ විහාරස්ථනය අසළ සිටි පුද්ගලයකු විසින් 119 අංකය අමතා මේ පහරදීම සම්බන්ධව දැනුම්දී  ඇත.


පහරදීමට ලක්වූ පොලිස් සැරයන්වරයා රත්නපුර රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතිබව පොලිසිය කියයි. 


රත්නපුර පොලිසියේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සමන් පාලිත සහ රත්නපුර විශේෂ අපරාධ ස්ථාන භාර ඒකකයේ ස්ථානාධිපති චින්තක මායාදුන්නේ යන මහත්වරු ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ පරීක්‍ෂණ කරති.


මරණය පිළිබඳ මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂය සිදුකිරීමට නියමිතව ඇත.
 



අදහස් (19)

පන්සලේදී පහරදීමකින් පොලිස් සැරයන් මරුට

ජගත් ලියනගේ Tuesday, 10 July 2018 09:56 AM

හත් දෙයියනේ . මේ ධර්මද්වීපයට මොන කරුමයක් වෙලාද . අපරාධ රැල්ලක් නේද මෑතක ඉඳල සිදු වෙන්නේ . දැන් ඕව නතර කරන්න නං මරණීය දණ්ඩනය ගේන්න සිදු වෙනවාමයි..... වෙන විකල්පයක් නැහැ .

:       0       14

චරිත් Tuesday, 10 July 2018 09:56 AM

වාසනාවන්ත මරණයක්.ගිහියෙක් පන්සලක මැරෙන්න පිං කරන්න ඕන.මෙතුමා නිවනට පත්වීම නිසැකයි.

:       4       45

gayan Tuesday, 10 July 2018 09:59 AM

ගහල තියෙන්නෙ කවුද? හාමුදුරුවො නම් ජම්පරේ අන්දන එක මාර ප්‍රශ්නයක් වෙනවා.

:       43       55

බුද්දි Tuesday, 10 July 2018 10:06 AM

පොලිසියට හිට්ලෙර්ගේ අයිය බැනීම පටන් ගත් දා සිට පොලිසියේ මරණ කියද ? ලංකාවේ බුද්ධි සේවයක් තිබේද ? මේවා හිතා මතා බලයට කෑදර අයගේ ප්ලැන්.

:       104       10

ජයන්ත මිලානෝ Tuesday, 10 July 2018 10:19 AM

හරිම ශෝචනීය තත්ත්වයක් රටට උදාවෙලා තියෙන්නේ. එහෙන් කුඩු මංකොල්ලකෑම් ,මෙහෙන් ජනතාවට සුබසිද්ධිය උදෙසා ක්‍රියාකාරන මෙත්සිත් වඩවන උදේ සවස බණ කියන තැන්වල මිනිමැරුම් .

:       0       0

asiri Tuesday, 10 July 2018 10:22 AM

ඔන්න අපේ පන්සල්වල වැඩ. ධර්මය කියන අයත් රකින අයත් මිනීමරුවෝ

:       0       0

ලුම්බිණි Tuesday, 10 July 2018 10:23 AM

පන්සලේ හාමුදුරු කෙනෙකුටද සිතාසි දෙන්න ගියේ?

:       0       0

akila Tuesday, 10 July 2018 10:31 AM

මුළු පන්සලටම සීල් තියන්න , නැත්නම් වහලම දාන්න තේරුමක් නැහැ ඒ පන්සලෙන්

:       0       0

sanjeeva Tuesday, 10 July 2018 10:31 AM

අනේ ඉතින් සාදු කියන්න පින්වතුනී

:       0       0

Adiri Tuesday, 10 July 2018 10:43 AM

මොකක්ද පන්සලේ වරද ?

:       0       0

Asanka Tuesday, 10 July 2018 10:46 AM

පන්සලකට පොලිස් නිලධාරියෙකුටවත් යන්න බැරිනම් කවර කතාද

:       0       0

V.warnakulasuriya Tuesday, 10 July 2018 11:01 AM

මේ සම්බන්ධ ඊළඟ පුවත ආයුධ පෙන්වීමට ගොස් සැකකරු මරණයට පත්වීම වියහැකිය. එසේ නොවීමට අපි ප්‍රර්ථනා කරමු.

:       0       0

rohan Tuesday, 10 July 2018 11:15 AM

ඔන්න අපේ සංහිදියාව පොලිස් රාළහාමි කෙනකුට සිතාසියක් බරාදෙන්න යන්න බැහැ දැන් ඉන්න මිනිසුන් පොලිසියට බය නැහැ මොකද නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා.

:       0       0

tarzan Tuesday, 10 July 2018 11:19 AM

ඕකම වෙන ආගමික සිද්ධස්ථානයක වෙලා තිබ්බ නම් , අදාල ආගමට පතුරු යන්න දෙන්න තිබ්බ ???

:       0       0

rocky Tuesday, 10 July 2018 11:28 AM

බුදු අම්මෝ, මම නම් පලාතෙවත් යන්නේ නැහැ මීට පස්සේ.

:       0       0

බද්රානි Tuesday, 10 July 2018 12:47 PM

රටේ පාතාල කල්ලි නායකයින්ගේ වාසස්ථානවලට යනවිට පොලිසිය මීට වඩා ආරක්ෂා කාරී ක්‍රම අනුගමනය කරනවා නම් මෙවැනි සිද්ධි වලට පොලිස් නිලධාරීන්ට මුහුණ පාන්න සිදුවන්නේ නැහැ නේද? අපි තේරුම් ගත්තට පොලිසිය හා බුද්ධි අංශ වලට තවම මේවා වැටහෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ?

:       0       0

kalpa Tuesday, 10 July 2018 01:05 PM

සැරයන්ට පහරදුන් කෙනා පාසල් යන කාලේ ගුරුවරුන්ට කීකරුව සිටි අයෙක්ද නැත්නම් ගුරුවරුන්ට විරුද්ධව පොලිසි හා අධිකරණයට ගිය අයෙක්ද බලන්න

:       0       0

සනත් Tuesday, 10 July 2018 05:35 PM

පොලිස් සාජන්ලට පිස්තෝල දීලා තිබුනත් ඒවා පත්තුකරන්න දන්නේ නැතුව ඇති.

:       0       0

rocky Wednesday, 11 July 2018 01:27 PM

පිස්තෝල අරන් පන්සලට යන සිරිතක් තියනවද? නිකම් මෝඩ කතා කියන්න එපා. බැරි වෙලාහරි පොලිස් මහත්තයා ආත්මාරක්ෂාවට හරි හාමුදුරුවන්ට අත උස්සලාවත් තිබුන නම් ඉවරයි. පොලිස් දෙපාර්තමේන්තුවම ඉවරයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 189 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site