(අප්සරා යෝසිත් විජේසූරිය සහ චාමින්ද දිසානායක)
රත්නපුර වෙරළුපෙ ගල්ඇන්ද ප‍්‍රදේශයේ විහාරස්ථානයකට සිතාසියක් බාරදීමට ගිය අවස්ථාවේදී සිදුවූ පහරදීමකින් එම සිතාසිය භාරදීමට ගිය පොලිස් සැරයන්වරයා මිය ගොස් ඇති බව රත්නපුර පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය පල්ලෙබැද්ද පෙදෙසේ පදිංචි දෙදරු පියෙක් වන රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සේවය කළ සමරවික‍්‍රම (44101) නම් පොලිස් සැරයන්වරයාය.
සිතාසිය භාරදීම එම විහාරස්ථානයට අද උදෑසන 9.30 පමණ ගිය අවස්ථාවේදී සැරයන්වරයා මෙම මරණීය පහරදීමට මුහුණ දී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය ඇත.
මේ විහාරස්ථනය අසළ සිටි පුද්ගලයකු විසින් 119 අංකය අමතා මේ පහරදීම සම්බන්ධව දැනුම්දී ඇත.
පහරදීමට ලක්වූ පොලිස් සැරයන්වරයා රත්නපුර රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතිබව පොලිසිය කියයි.
රත්නපුර පොලිසියේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සමන් පාලිත සහ රත්නපුර විශේෂ අපරාධ ස්ථාන භාර ඒකකයේ ස්ථානාධිපති චින්තක මායාදුන්නේ යන මහත්වරු ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ පරීක්‍ෂණ කරති.
මරණය පිළිබඳ මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂය සිදුකිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත් දෙයියනේ . මේ ධර්මද්වීපයට මොන කරුමයක් වෙලාද . අපරාධ රැල්ලක් නේද මෑතක ඉඳල සිදු වෙන්නේ . දැන් ඕව නතර කරන්න නං මරණීය දණ්ඩනය ගේන්න සිදු වෙනවාමයි..... වෙන විකල්පයක් නැහැ .
වාසනාවන්ත මරණයක්.ගිහියෙක් පන්සලක මැරෙන්න පිං කරන්න ඕන.මෙතුමා නිවනට පත්වීම නිසැකයි.
ගහල තියෙන්නෙ කවුද? හාමුදුරුවො නම් ජම්පරේ අන්දන එක මාර ප්‍රශ්නයක් වෙනවා.
පොලිසියට හිට්ලෙර්ගේ අයිය බැනීම පටන් ගත් දා සිට පොලිසියේ මරණ කියද ? ලංකාවේ බුද්ධි සේවයක් තිබේද ? මේවා හිතා මතා බලයට කෑදර අයගේ ප්ලැන්.
හරිම ශෝචනීය තත්ත්වයක් රටට උදාවෙලා තියෙන්නේ. එහෙන් කුඩු මංකොල්ලකෑම් ,මෙහෙන් ජනතාවට සුබසිද්ධිය උදෙසා ක්‍රියාකාරන මෙත්සිත් වඩවන උදේ සවස බණ කියන තැන්වල මිනිමැරුම් .
ඔන්න අපේ පන්සල්වල වැඩ. ධර්මය කියන අයත් රකින අයත් මිනීමරුවෝ
පන්සලේ හාමුදුරු කෙනෙකුටද සිතාසි දෙන්න ගියේ?
මුළු පන්සලටම සීල් තියන්න , නැත්නම් වහලම දාන්න තේරුමක් නැහැ ඒ පන්සලෙන්
අනේ ඉතින් සාදු කියන්න පින්වතුනී
මොකක්ද පන්සලේ වරද ?
පන්සලකට පොලිස් නිලධාරියෙකුටවත් යන්න බැරිනම් කවර කතාද
මේ සම්බන්ධ ඊළඟ පුවත ආයුධ පෙන්වීමට ගොස් සැකකරු මරණයට පත්වීම වියහැකිය. එසේ නොවීමට අපි ප්‍රර්ථනා කරමු.
ඔන්න අපේ සංහිදියාව පොලිස් රාළහාමි කෙනකුට සිතාසියක් බරාදෙන්න යන්න බැහැ දැන් ඉන්න මිනිසුන් පොලිසියට බය නැහැ මොකද නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා.
ඕකම වෙන ආගමික සිද්ධස්ථානයක වෙලා තිබ්බ නම් , අදාල ආගමට පතුරු යන්න දෙන්න තිබ්බ ???
බුදු අම්මෝ, මම නම් පලාතෙවත් යන්නේ නැහැ මීට පස්සේ.
රටේ පාතාල කල්ලි නායකයින්ගේ වාසස්ථානවලට යනවිට පොලිසිය මීට වඩා ආරක්ෂා කාරී ක්‍රම අනුගමනය කරනවා නම් මෙවැනි සිද්ධි වලට පොලිස් නිලධාරීන්ට මුහුණ පාන්න සිදුවන්නේ නැහැ නේද? අපි තේරුම් ගත්තට පොලිසිය හා බුද්ධි අංශ වලට තවම මේවා වැටහෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ?
සැරයන්ට පහරදුන් කෙනා පාසල් යන කාලේ ගුරුවරුන්ට කීකරුව සිටි අයෙක්ද නැත්නම් ගුරුවරුන්ට විරුද්ධව පොලිසි හා අධිකරණයට ගිය අයෙක්ද බලන්න
පොලිස් සාජන්ලට පිස්තෝල දීලා තිබුනත් ඒවා පත්තුකරන්න දන්නේ නැතුව ඇති.
පිස්තෝල අරන් පන්සලට යන සිරිතක් තියනවද? නිකම් මෝඩ කතා කියන්න එපා. බැරි වෙලාහරි පොලිස් මහත්තයා ආත්මාරක්ෂාවට හරි හාමුදුරුවන්ට අත උස්සලාවත් තිබුන නම් ඉවරයි. පොලිස් දෙපාර්තමේන්තුවම ඉවරයි!