(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදීම සහ සාපරාධී බලහත්කාරකම් පෑම සම්බන්‍ධයෙන් වරද පිළිගත් ඇඹිලිපිටිය ප්රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල මහතාට ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් හිරෝෂනී ඉරේෂා කුමාරි කාහිංගල මහත්මිය බරපතල වැඩ සහිත තුන් මසක සිර දඬුවමක් සහ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියාට රුපියල් තිස් දසහක වන්දියක් ගෙවන ලෙස ද නියම කළාය.
මෙම තුන්මසක සිර දඬුවමට අමතරව තවත් වසරකුත් මාස නවයක බරපතල සිරදඩුවම් ඔහුට නියමූ නමුත් එවා වසර හත සහ පහ බැගින් වූ කාලයකට අත්හිටවනු ලැබීය.
වරද පිළිගත් දෙවන විත්තිකරුට හය මාසය බැගින්වූ බරපතල සිර දඬුවම් වසර පහකට අත්හිටවනු ලැබිණි.
ඇඹිලිපිටිය ප්රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල මහතා සහ පානාමුර හීන් දලූක්හින්නේ පදිංචි කංකානම් පතිරණගේ ප‍්‍රසන්න සන්තක ලක්මාල් යන දෙදෙනා පිළිවෙලින් මෙහි විත්තිකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක යහපාලන ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොවේ ,යහාපාලන ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දුන් ජනතාවගේ ජයග්‍රහණයක්.මොකද අපි යහපාලනයට ඡන්දය දුන්නේ ධනය,බලය ,තනතුරු හා තරාතිරම නොබලා රටේ නිතිය ක්‍රියාත්මක කරන්න්නයි.
චන්ඩි මල්ලිගේ පුතානේ මෙයා . පිස්තෝල අක්කගේ මස්සිනා . නියම චන්ඩි පවුලක්
මෙන්න මේ විධිහට වරදට දඬුවම ලොකු පොඩි සෑම සියලු දෙනාට ලබාදෙන්න විනිසුරුවරුනට අවස්තාව උදාවේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.
සත්‍යපාල.. හැම මගුලටම ජහපාලනය ගාවගන්න එපා මනුස්සයෝ මේක අධිකරණ තීන්දුවක්. තමුන් හිතන විදිහ වැරදියි. යහපාලනය කියන්නේ අධිකරණයට ඇඟිලි ගැහිල්ලක් නෙවේ
පොලිස් නිලධාරීන්ට පහරදෙනවා කියන්නේ ජනතා පරමාධිපත්‍යට විරුද්ධව කටයුතු කරනවා කියන එක. ඒ වගේ උන් දේසපාලනේ ඉන්න අවශ්‍ය නැහැ. පොලිසිය තම නිලධාරීන්ට තර්ජනයක් වෙන හෝ මරන්න හදන උන්ට විරුද්ධව දැඩි ලෙස ක්‍රියා කල යුතුයි. වෙඩි තැබීම වුවද සාධාරණයි.
ඉතින් මේගොල්ලන් සතියකින් ඇප ලැබිලා එයි.....
පොදුජන පෙරමුණට මොන විලිලැජ්ජාවක්ද අප්පා?
දැන් කවුද මේකට යහාපාලන සම්බන්ධ කලේ.
අපේ රටේ දේශපාලනයෙහි නියැලී ඉන්නා සමහරක් දෙනාගේ අසංවර ස්වභාවය සහ මෙවන් පුද්ගලයින් බලයට පත් කරන ඡන්දදායකයාගේ දැනුම් මට්ටමේ කණගාටුදායක තත්වය හොඳින් පෙන්නුම් කරන තවත් සිදුවීමක්.
මෙයාට මාස තුනයි. සාමාන්‍ය කෙනෙක්ටනම් මාස 9යි නැත්නම් ඊටත් වැඩි
මෙහෙව් පහත් වැඩ කර හිරේ වැටෙන පුද්ගලයින්ට මහතා කියා කියන්න පුළුවන්ද?
පොලිස් නිලධාරීන්ට ගැහුවේ ජනතාව වෙනුවෙන් කියලා අර තියරිය ඉදිරිපත් කර එළියට එන්න මොහුටත් අයිතියක් තිබෙනවා නේද?
මේ වගේ හරක්ට නාම යෝජනා දෙන අයත් එකයි, චන්දය දෙන අයත් එකයි.පාඩමක් ඉගෙන ගන්නේ නෑ. අපහු එලියට ඇවිත් කරන්නෙත් ඒ වැඩම තමයි. මිනිස්සුත් චන්දය දෙන්නේ එයාටම තමයි.
ගොනා පස්සේ කරත්තය යනවා වගේ අපි මුන් පස්සෙම යනවා. ගොන් කරත්තය මාරු කරන් නැතුව ගොනා මාරු කලට වැඩක් නැහැ.