(රංජන් කස්තුරි)
උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුද්ධ හමුදාව පිළිබඳ ඇති විශ්වාසය පළුදු වන අයුරින් දේශන පවත්වන හා සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන්නැයි යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හමුදා අංශවලට උපදෙස් ලබා දී තිබේ.
සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මුළුමනින්ම හෙළා දැකිය යුතු බව ද එම උපදෙස්වල සඳහන්වේ.
සංහිඳියාවට බාධා කරන්නන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී වීමට හෝ කිසිදු ආකාරයක අනුබලදීමක් මෙන්ම අනුග්‍රහය දැක්වීමක්ද සිදු නොකරන ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත.
යුද්ධ හමුදාපතිවරයා යැවූ උපදෙස් ලිපිය පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියයිද දන්නේ නැහැ යුද්ධ හමුදාපතිවරයාත් බෙදුම්වාදයට පක්ෂ එන්.ජී.ඕ වලින් සල්ලී ගන්න දෙමළ ඩයස්පෝරාවේ පදයට නටන දේශද්‍රෝහියෙක් කියලා.
එහෙම කොහොමද? අනුනායක හාමුදුරුවෝ උපදෙස් ලබා දුන්නේ " හිට්ලර් වගේ හමුදා පාලනයකින් හරි" මේ රට හදන්න කියලනේ. දුටුවේ නැද්ද? කඳවුරුවලට යන්නේ නැතුව කොහොමද හමුදා පාලනයක් ඇතිකරන්න වැඩ කරන්නේ?
සත්‍යපාල කිව්වොත් මෝඩ කතාවක්ම තමයි.
හමුදාපතිතුමනි, කළ යුත්තේ මෙය නොවේ පළමුව රටේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කළ යුතුය. එසේ තහනම් කර තිබේ නම් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අදාල කිසිම ක්‍රියාකාරකමක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවසර නොදීම හා එවන් දේ කරන අයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැඩි දඬුවම් කළයුතුය. තවද රටේ තහනම් සංවිධානයක් වෙනුවෙන් ඒ සංවිධානයට අනුබල හා සැපයුම් ලැබෙන ආකාරයේ හෝ ඔවුන් දිරිමත් කෙරෙන හෝ වක්‍රාකාරයෙන් සහය ලබාදෙන වාචිකව හෝ ලිඛිතව ප්‍රකාශ නිකුත්කිරීම හා ජාතික ගීය හා සිංහ කොඩිය සඳහා අවමන් වනලෙස ක්‍රියාකිරීම් රටේ සියලුම දේශපාලන පක්ෂ හා සියලුම රාජ්‍ය නිලධාරීන්ට සපුරා තහනම් කළයුතු වන අතර එවන් දේ සිදුකරන අයවලුන් සඳහා අවමය වසර 25වත් සිරදඬුවම් ලබාදීම කළ යුතුය. දේශපාලකයෙක් නම් එයිට අමතරව වසර 20වත් ප්‍රජා අයිතිය තහනම් කළ යුතුය. එවිට මේ එක එක තැන වල හඬ තලන සියලුම කොටළුවන් පාලනය කළ හැකිය. ඔබගේ නියෝගයෙන් ඔවුන්ට සහනයක් සලසුනාදෝ යැයි මට හැඟෙයි. මන්ද "සංහිඳියාවට බාධා කරන්නන් සහභාගි වන කිසිඳු උත්සවයකට සහභාගි වීමට හෝ කිසිඳු ආකාරයක අනුබල නොදීම" යැයි කියවෙන නිසා ඔවුන්ට ඕනෑම දෙයක් ආරක්ෂක අංශවලට හොර රහසේ කරගත හැකි වේ යැයි මට හැඟේ...
හොඳ තීන්දුවක් ...!!!
අපි අද බය නැතුව පාරේ යන්නේ, ජීවත් වෙන්නේ රණවිරුවන් නිසයි. එ්ත් ඒක ඉක්මනට අමතක කරන එක ගැන බොහොම දුකයි.
හිට්ලර් , රජ්ජුරුවන්ට දුන්නා. කනේ පහරක් හමුදාවට. ස්තුතියි !!!
යුද්ධෙට කෙසේ වෙතත් ලොක්කා දේශපාලන ටෝක්ස් වලට නං දක්ෂයි වගේ
ලඟදි පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලෙසපු හැටි දැක්කනේ. ඔබතුමා අන්න ඔහොම කෙලින් ඉන්න. පාරිලිමෙන්තුවේ ඉන්න එකෙකුට එන්න දෙන්න එපා. වල් සත්තු. ඔය අනසක චීවරය කෙලෙසන අයටත් පොදුවේ ක්‍රියාත්මක කරන්න.
සංහිදියාව පටන් ගන්න ..සිවාජිලංගමිල විග්නෛස්වරමිල විජේකලාලගෙන්...බයිලගහල වැඩක්නැහැ......
අවසන් සටනේදී සිවිල් වැසියන් 40,000 ක් හමුදාව විසින් මරා දැම්මයි කියල මෙහෙ ඉඳන් ලෝකේ පුරාවට කෑගහන කපටි තක්කඩින්ට මේ ක්‍රියාමාර්ගයෙන් බලපෑමක් වෙනවද? මොකද කඳවුරට එන්න නොදුන්නට මුන් එළියේ ඉඳන් උන්ට ඕනි මඟුල් නටනවනේ? එහෙම නෙමෙයි මම නම් හිතන්නේ මේ බෙදුම් වාදීන්ගේ ප්‍රචාර වලට එරෙහි ජාතික මෙන්ම ජාත්‍යන්තරව වහා නිවැරදි කිරීමේ වැඩපිළිවෙලක් තිබිය යුතුයි කියල. අන්න එතන තමයි අපි බොහෝවිට අසාර්ථක.
ඔබ තුමාට විවිධ චෝදනා බලපෑම් යහපලකයන්ගෙන් එවි ගණන් ගන්න එපා. ඔබතුමාගේ රජ කාරිය නියම සිංහ ලක් පුතෙකු ලෙස ඉටු කරන්න. ඔබතුමාට දීර්ග ආයුෂ ලැබේව.
මට කනේ පාර ගහන්න මොහු කවුද ?.මම මොහුට 2020 දී දඩුවම් දෙමි. -හිට්ලර්
හිට්ලර් සහ විශ්‍රාමික හමුදා නිලයන් , හිට්ලර් ගේ සහෝදර සමාගමට මරු පහර. සංහිඳියා වැඩ පිළිවෙල මිට වඩා බලවත් කල යුතුය. මේ සඳහා , රන්ජන් රාමනායක, කාවින්ද ජයවර්දන , දුමින්ද දිසානායක පෙරට විත් , මහා ඇමති විග්නේශ්වරන් හමුවී, එම පළාත් වල ජනයාගේ ප්‍රශ්න අසා දකුණට කියන්න.
හමුදාපතිතුමණි, ඇත්තටම රටේ සංහිඳියාව තියෙනවද බාධා කරන්න.එහෙම දෙයක් තියෙනවානම් ඔබතුමාලා කරන ප්‍රකාශය සාධාරණයි.
එළියේ ඉදල කෑ ගහන ගැනුන්ගේ කතා නම් ගණන් ගන්න එපා ඔච්චරම, එත් අගේ ඉදන් කන කනවා වගේ එකට ඉදල විශ්‍රාම ගිහින් දැන් බොරුවට ලොකු ටෝක් දෙන හමුදා නිලදාරීන් ගේ නම් කටවල් වැසිය යුතුම වෙනවා.
බයිලා, මෙයාට කලින් නේවි ලොක්කා කාටවත් එන්න දෙන්නේ නෑ කියලා පස්සේ හොඳ ලන්ච් එකකුත් දුන්නා නැගෙනහිර පළාත් භාර ලොක්කට ඉහලින් අපු ඕඩර් එකකට. මේවා නිකන් වැඩක් නැති ටෝක් විතරයි.
කරන්න වැඩ නම් හුඟක් තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නන්ට ඕනේ. නැත්නම් තව දේශපාලන හෙන්චයියෙක් විතරයි...