අජන්ත කුමාර අගලකඩ
මුදල් අමාත්‍යාංශයේ ඉකුත්දා ඉන්ධන මිල වැඩි කළ ආකාරය අද (10) පැවැති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයාගේ හා ඇමැතිවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට හා විවේචනයට ලක්වු බව රජයේ අරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්ධන මිල වැඩි කළ ආකාරය සම්බන්ධයෙන් එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්ධන මිල වැඩි කළ අවශ්‍යතාවය පිළිබඳව තමන් දැනුවත් කර නොතිබු බව පවසා ඇත.
උදේට එක මිල ගණනක් කියා සවසට ඊට වඩා වැඩි ගණනකින් ඉන්ධන මිල නංවා ඇති බවත් මෙයින් තමාත් ආණ්ඩුවත් අපහසුතාවයට පත් වු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
එහිදී අදහස් දක්වා ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉන්ධන මිල ගණන් වැඩි කිරීම ගැන රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා ජනාධිපතිවරයා දැනුවත් කළේ යැයි ප්‍රකාශ කර ඇත.
මංගල සමරවීර ඇමැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ඉන්ධන මිල රුපියල් හතරකින් පහකින් වැඩිකරන බව එරාන් වික්‍රමරත්න මහතා තමාට දැනුම් දුන්න ද ඉන්ධන මිල වැඩිකර ඇත්තේ හතරකින් පහකින් නොව රුපියල් හත අටකින් බව පවසා ඇත.
මේ අතර අදහස් දක්වා ඇති ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අර්ජුන රණතුංග මහතා තමා ඛනිජ තෙල් සංස්ථාව බාර ඇමැති වුවද ඉන්ධන මිල වැඩි කරන තෙක් ඒ බව දැන නොසිටි බව සඳහන් කර ඇත.
ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී බලය ඇත්තේ තම අමාත්‍යංශයට බවද ඇමැති රණතුංග මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඊට පිළිතුරු දී ඇති මුදල් ඇමැතිවරයා මුදල් අමාත්‍යංශය ඉන්ධන මිල සංශෝධනය කලේ මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල මාස දෙකකට වරක් සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තියට අනුව යැයි පවසා ඇත.
මෙහිදී අදාළ පාර්ශව දැනුවත් කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවුයේ නම් ඒ පිළිබඳ වගකිම තමා බාර ගන්නා බවද ඇමැති සමරවීර මහතා ප්‍රකශ කර තිබේ.
මේ අතර මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල මාස දෙකකට වරක් සංශෝධනය කරන්නේ නම් එය සිදුකළ යුත්තේ ජනාධිපතිවරයාගේ නියෝජිතයින් දෙදෙනාම සිටින කමිටුවකින් බවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
මේ තත්වය අනුව ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේදී සිදුකළ ඉන්ධන මිල ඉහළ දැමීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවී ඇති බවත් ඉන්ධන මිල වැඩි කරන්නේ නම් එය රුපියල් හතරකින් හෝ පහකින් වැඩි කරනු ඇති බවත් වාර්තා වේ.
මුදල් අමාත්‍යංශය ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 9 කින් හා සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 10 කින් ද ඉකුත් 5 වැනි දා රාත්‍රීයේ සිට වැඩි කළ අතර ඛනිජ තෙල් සංස්ථාව ඊට පසුදින (06) පෙරවරුවේ දී එම මිල වැඩිවීම අත්හිටුවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැටුම් නොවෙයි මරා ගත්තත් අපිට නම් කමක් නැත. ඒත් ඉන්ධන මිල සතයක් වැඩි කරන්න එපා.
ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් තිබුනද ඒ සදහා පත් කළ කමිටුවක් තිබුණද මිල වැඩි කිරිම සම්බන්ධයෙන් අවසාන තිරණ කැබිනට් මණ්ඩලය විසින් ගත යුතු බවට ප්‍රතිපත්තිමය එකගතාවයකට පැමිණියා නම් මෙවැනී ගැටලූකාරී තත්වයන් ඇති වන්නේ නැහැ. එවිට ජනාධිපති අගමැති ඇතුලු මුලු කැබිනට් මණ්ඩලයෙම එකගතාවය හා සහාය ඇතිව මෙය ක්‍රියාවට නැංවීමට හැකි අතර වසර ගණනාවක් රට පාලනය කල පිරිසකට මෙය අවබෝධ නොවීම පුදුමයට කරුණකී.
ඉන්ධන මිළ සම්බන්ධයෙන් මිළ සූත්‍රයක් තිබුණද ඒ සදහා පත් කළ කමිටුවක් තිබුණද මිල වැඩි කිරිම සම්බන්ධයෙන් අවසාන තිරණ කැබිනට් මණ්ඩලය විසින් ගත යුතු බවට ප්‍රතිපත්තිමය එකගතාවයකට පැමිණියා නම් මෙවැනී ගැටලූකාරී තත්වයන් ඇති වන්නේ නැහැ. එවිට ජනාධිපති අගමැති ඇතුලු මුලු කැබිනට් මණ්ඩලයේම එකඟතාවය හා සහාය ඇතිව මෙය ක්‍රියාවට නැංවීමට හැකි අතර වසර ගණනාවක් රට පාලනය කල පිරිසකට මෙය අවබෝධ නොවීම පුදුමයට කරුණකී.
මේ ඔක්කොම එකතුවෙලා මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල ඔටෝ වැඩිවෙලා කියල දැන් අපිට පෙනෙන්න රගපානවා, නැතිවුණා ලකුණු දාගනන්න හදනවා, මේවට රැවටෙන්න එපා
මේ වගේ දෙයක්වත් එකට කරන්න බැරි සම්මුති ආණ්ඩුවකින් රටක් දියුණු වෙයිද? හොදම දේ තමයි මැතිවරණයකට ගිහින් ශක්තිමත් ආණ්ඩුවක් හදාගන්න එක.. එක යූඇන්පී , යූපීඑෆ් ,පොදුජන පෙරමුණ, මොක උනත් කමක්න.. කෙලින් වැඩක් කරන පුළුවන් එකක්, හරියන්න හෝ වරදින්න.. එහාකොට දෙකෙන් එකක් වෙයි. නිකමට හිතන්න යුද්දේ තියෙන කලේ මේවගේ ආණ්ඩුවක් තිබුනානම් මොකද වෙන්නේ කියල..
ජනාධිපති හවස පොඩි නින්දක් දාපුවෙලාවෙ අද රෑ 12 සිට ආයෙ වැඩිකරලා
දේශපාලකයන්ට නොමිලේ ඉන්දන ලබාගන්න පහසුකම් තියෙද්දී ඇයි බදු ගෙවන අහිංසක මහජනතාවට පමණක් ඉන්දන මිල වැඩිකරන්නේ?
ඉන්ධන මිල ලෝක වෙළද පොලේ මිලට සමගාමිව වෙනස් කලයුතු බව සිතේ. විශේෂයෙන්ම පෙට්රෝල් සදහා ලබන අලාභයන් මෝටර් රථ නොමැති සාමාන්‍ය මිනිසුන්ගෙන් වක්‍ර බදු ලෙස අයකිරීම ඉතාම අසාධාරන ක්‍රමයකි .
නොකෙරෙන දීගේ හෙවනල්ලත් ඇදවීගෙනයි එන්නේ.
යහපලානේ නමින් ඉගුරු දී මිරිස් ගත්ත රට වැසියා
පක්ෂය චන්දය ම බලාගෙන වැඩ කරන අය ඉහළම තනතුරට පත් වුනාම මේ දේවල් සිදුවීම අරුමයක් නොවේ. බලයක් හිමි නැති ඇමති වරුන් කුමකට ද.
මේ සෙට් එකම කිසිම දෙයක් දන්නේ නැහැ. කොටින්ම කිව්වොත් ඔක්කොම සෙට් එක දැන් අමු හෙළුවෙන් ජනතාව ඉදිරියේ ඉන්නේ කියල දන්නෙත් නැහැ.
මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් එහි ලේකම් හැරෙන්නට අනෙක් සියලුම දෙනා පසුගිය රජයේ සිටි අය නිසා ඔවුන් රජයේ කටයුතු සඳහා බාධා කරන බව පසුගියදා රාජිත ඇමතිවරයා කීවේය.චන්දයක් ළඟ තිබියදී ජනතාව රජය කෙරෙහි කලකිරවීමේ කුමන්ත්‍රණ තිබෙනවාදැයි නොදනිමු.මේ වෙලාවේ ජනතාව තලා පෙලීමෙන් එජාපයට වන්නේ අවැඩකි.මේ තත්වය ජනාධිපති වරයා තේරුම් ගත්තද,අගමැතිවරයා නිහඬව සිටීම අපට පුදුමයට කරුණකි.දිගටම මේ ආකාරයට ගියහොත් එය පොහොට්ටුවේ ජයග්‍රහණයට රජය විසින්ම පාර කපා දීමකි.
ඔය එක ප්‍රශ්නයක් වත් නැහැනේ මිල සුත්‍රය ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර ගැසට් කලානම් , ඊට පස්සේ එයට සාපේක්ෂව බස්ගාස්තු වලටත් මිල සුත්‍රයක් දැම්ම නම් එහෙම කරන්නේ නැතුව හැමදාම තෙල් මිල ඉහල දැම්මම මනාප චන්දෙ බලාගෙන බොරුවට කලබල කරන දේශපාලකයන් නිසා වෙන්නේ රටේ ආර්ථිකය පිරිහෙන එක . ජනාධිපති තුමනි , අගමැති තුමනි , කැබිනට් ඇමති වරුනි මේක හරිම සරල දෙයක් , ඔබතුමාලට මොකද මේක ක්‍රියාත්මක කරන්න බැරි .
ඔන්න බලාගන්න යහපාලනය කියන සංකල්පයේ එක වැදගත් ලක්ෂණයක්. ඕනි එහෙකට හත් අට දෙනෙක් ඉන්නවා. එක එක කෙනා තමන්ට ඕනි ඕනි දේ කරන්න යනවා. තව සමහරු කියනවා මේ වැඩේ කරන්න තිබුනේ හරිනම් අපිට කියලයි අපි මුකුත් දන්නේ නැහැ. එතකොට කියවෙනවා නැහැ නැහැ කිව්වා කිව්වා කියල. හරි පුදුම පාලන සමයක් නේද රටට ලැබිල තියෙන්නේ? එකක් මතක තියාගන්න වෙනවා. ලිච්චවි පාලනය කියන සංකල්පය එදා වුනත් වැඩි දවසක් ගෙනයන්න බැරි වුණා. ඒක බිඳ වැටුණා.
ආණ්ඩුව කිසිම සංවිධානාත්මකව වැඩ නොකරන බවට තව වරක් ජනතාවට පෙන්වා දී ඇත .
ජෙර්මනියේ සහ යුරෝපයේ බොහෝරටවල ඉන්ධන මිල දිනපතා උච්චාවචනය වීම සිදුවන අතර දිනපතා මිලගණන් ඉන්ධන හල ඉදිරිපිට තිබෙන විශාල මිලධර්ශන පුවරු මගින් ප්‍රදර්ශනය කරනු ලැබේ , මේවා ගැන එම රටවල් වල පාර්ලිමේන්තුවේ කතාකරන්නේ කලාතුරකින් වන අතර ක්ෂණික බස්ගාස්තු වැඩි වීමද නොසිධුවේ ,
වැඩි කරපු ඉන්ධන මිල නිසා ඇමතිවරු ගැන ඇතිවන අප්‍රසාදය නැති කරන්න කරන සුපිරි රංගනයක්. අඩු මිලට කාර් ගන්න හිටිය ලක්ෂ 62 ඔබට සතුටුයිද දැන්. ඔබට මෙහෙම වෙලා මදි.
යහපාලනය කියන්නේ මේක තමයි. විවිධ අදහස් රාශියක් ඉදිරිපත් වෙලා විවිධ ක්‍රියාමාර්ග විවිධ තීරණ ගන්නවා.
මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල මාස දෙකකට වරක් සංශෝධනය කරන්නේ නම් ජනාධිපතිවරයාගේ නියෝජිතයින් මොකටද එතන ඉන්නේ?
ලුම්බිනිගේ අදහස් මමත් අනුමත කරමි. පිළිගත් මිල සුත්‍රයක් හදලා ඒක ලිඛිතව නිලධාරීන්ට භාර දුන්නා නම් මේ පිළිබඳව ඇමති වරුන්ට වාද විවාද කරමින් අනවශ්‍ය ලෙස කාලය නාස්ති කිරීමට අවශ්‍ය වෙන්නේ නැත ,
තොපි මරාගත්තත් අපිට කමක් නෑ. දහඩිය මහන්සියෙන් ජීවත් වෙන අපිව මරාගෙන කන්නෙ නැතුව හිටපියව්.