(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල වලින් ඉගැන්වීමේ සුදුසුකම් ඇත්තාවුද ඩිප්ලොමා සහ උපාධි සුදුසුකම් ඇති අය පමණක් ගුරු සේවයට බඳවා ගත යුතු බවට 1987 වසරේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කළ වගන්තිය වසර 30 ක් තිස්සේ ක්‍රියාත්මක නොකිරීමෙන් අධ්‍යාපන අමාත්‍යංශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අයුරින් ක්‍රියා කර තිබෙන බව අගමැතිවරයා පැවසීය.
ඉහත වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේදී සෑම ගුරුවරයකුටම එම පහසුකම නොතිබු නිසා වගන්තියට ඇනුකූලව පුද්ගලයන් පිරිසක් බඳවා ගන්නට හැකිවන තෙක් ගුරු සේවයට වෙනත් තැනැත්තන් බඳවා ගැනීම රාජ්‍ය සේවා කොමිසමෙන් නවත්වන බඳවා ගැනීමේ පරීක්ෂණ ප්‍රතිඵල අනුව සිදු කරන බවටද වගන්තියක් ඇතුළත් කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
නමුත් මේ වගන්ති හරියාකාරව ක්‍රියාත්මක නොවීම සිසු පරපුරට කර ඇති විශාලතම අපරාධය බව කී අග්‍රාමාත්‍යවරයා ජාතික අධ්‍යාපන ප්‍රමතීන් ඇති කිරීම සඳහා නව නීති ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් දුන් බවද සඳහන් කළේය.
දැනට බඳවා ගෙන සිටින අදාල පුහුණුව දීමට කාලයක් ලබා දෙන අතර එසේ නොකළහොත් මුළු අමාත්‍යංශයටම නීතියෙන් දඩුවම් කළ යුතුව ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කරන ‘සුභග‘ ශිෂ්‍යත්ව ප්‍රදානොත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.





ජායාරූප - චතුර එස් කොඩිකාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාකරන්නේ 1980 - 89 කාලේ හිටපු අධ්‍යාපන ඇමති. එතකොට අවුරුද 30ක් කියානේ 88 ඉඳල, ඔබ අැමති කාලෙමයි මේ වැරැද්ද පටන් අරන් තිබෙන්න. ඇයි එහෙම වෙන්න ඇරියේ.
අන්න එහෙම ඇත්ත කිව්වානම් !!!
ඔබ තුමා අවුරුදු තිහකට පස්සෙද අවදි උනේ?
මෙයා නං පුවත් මවන්න හරි රුසියා. ළඟදීම තව මොකක් හරි වැඩි කරන්න තමයි ඔය අර අඳින්නේ .
මේ එන්නේ ව්‍යවස්ථාව කැඩුවට කමක් නැහැ කියා ගෙනද ? එනපොට හොඳ නැහැ
ඔය කියන ඒවා කරනවනම් කොච්චර දෙයක්ද.
සරලව කිව්වොත් මේකෙන් කියන්නේ ගුරු වෘත්තියට එන්න නම් උපාධියක් හෝ ඩිප්ලෝමාවක් අදාළ අධ්‍යාපන ආයතන වලින් ලබා තිබිය යුතුයි කියන එක. නමුත් මේ නීතිය සම්මත කරපු අවධිය වන විට හිටපු ගුරුවරුන්ට මේ සුදූසුකම සම්පූර්ණ කර ගැනීම සඳහා ඇතුළත් කරපු ව්‍යතිරේඛය භාවිතා කරමින් අදාළ නීතිය ක්‍රියාත්මක නොවීම ගැන තමයි වෙන්නේ. ඒ කියන්නේ ගෙදරක වහලේ හදනකන් ඉටි රෙද්ද ගහගෙන ඉන්න කමක් නෑ, කිව්වම වසර 30ක් ගිහිල්ලත් ඉටි රෙදි දම දමා ඉන්නවා, ඒත් වහලේ ගහලා නෑ වගෙ දෙයක්.
ඉස්කෝලේ ළමයින්ට උගන්වන උපාධියක් හරි ඩිප්ලෝමා එකක් හරි ඕනෑමලු. නමුත් මුළු රටටම උගන්වන දේශපාලඥයින්ට හෝඩියේ පන්තියේ සහතිකය වත් ඕන නැහැ.
1988 වර්ෂයේ ඉංග්‍රීසි ගුරු විභාගයේ කොළඹින් ඉහලම ලකුණු සංඛ්‍යාව ලබා ගත් කෙනෙක්ව තෝරා ගැනීමේ ලැයිස්තුවෙන් කපා දැම්මේ කවුද කියා සොයා බලන්න. යන්තම් භාෂාව දන්නා උදවිය පුහුණු ඉංග්‍රීසි ගුරු සේවයට තෝරාගත්තා. ඔවුන්ගෙන් ඉගෙන ගත්ත දරුවන්ට දෙවියන්ගේම පිහිටයි. මම අද ඉංග්‍රීසි පළමු භාෂාව වූ රටකට සංක්‍රමණය වී රාජ්‍ය අංශයේ හොඳ රැකියාවක් කරනවා. පාඩුව සුදුස්සාට සුදුසු තැන නොදුන් රටට මිසක් මට නොවේ.
මේක ඉස්සෙල්ලාම කිව්වේ ජනාධිපති ප්‍රේමදාස මහතා විසින්.... කිසිම ප්‍රධාන සුදුසුකම් නැති ජනසවිලාභී පවුල් වලින් ගුරුවරු බඳවා ගනිමින්....
ඇමරිකාවේ අවුරුදු 30ක් ඉදල අදද අවේ
අධ්‍යාපන අමාත්‍යංශයටත් වැඩක් දෙන්න වගේ ලෑස්ති වෙන්නේ.
පොල්බුරුවෝ ටිකක් පාර්ලිමේන්තුවට යන්න හේතුව හොයාගත්ත....