එෆ් අස්ලම්
තමා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහයෝගය දැක්වීමක් ලෙස විමර්ශන අවසන් වන තෙක් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති, අගමැති සහ කතානායකට යොමු කළ බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
‘‘අද හවස 5.30ට පමණ මම ඉල්ලා අස්වීම අගමැති ජනාධිපති සහ කතානායක වෙත යොමු කළා. කතානායකවරයා පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපතිට දැනුම් දී තිබුණා. පරීක්ෂණ අවසන් වන තෙක් පරීක්ෂණවලට සහාය දැක්වීමක් ලෙස මම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙනවා. එම විමර්ශනවලට මම පූර්ණ සහාය ලබා දෙනවා.
මම යාපනයේ කළ කතාව ඇතැම් මාධ්‍ය පරිවර්ථනයේ දී විකෘති කර තිබුණා. නමුත් ලංකාදීපයේ එසේ විකෘති කර තිබුණේ නෑ. පරිවර්තනය කරද්දී සුලු අතපසුවීමකින් පවා අර්ථය විශාල වශයෙන් වෙනස් වෙනවා. මේ කතාවත් එලෙස තමයි වෙලා තිබුණේ.
ජාතිවාදය වැපිරීම හෝ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට මට උවමනාවක් තිබුණේ නෑ. මට උවහනාව තිබ්බේ එදා සහ අද වෙනස පෙන්වීමට පමණයි. අද උතුරේ අපරාධ වැඩි වෙලා. එය පෙන්වන්නයි අවශ්‍ය වෙලා තිබුණේ. එමගින් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව අත්කරදීමයි මට අවශ්‍ය වෙලා තිබුණේ. ඉදිරියේදී හෝ උතුරේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ.
යහපාලන ආණ්ඩුව හරහා ඉදිරියටත් උතුරේ නතාවට සේවයක් කර දීමට බලාපොරොත්තු වෙනවා. මගේ කතාවේ නීතිමය තත්ත්වය කුමක්දැයි විමර්ශකයක් තීරණය කළ පසු වැඩි යමක් කිව හැකියි. ‘‘ යැයි ද ඇමැතිවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ අපරාද වැඩියි කියලයි එයත් ඉල්ලන්නේ හිට්ලර් කෙනෙක්ද? නිකන් බේගල් ඇද බානවා දැන් ඇඟ බේරගන්න
මෙතැන් ඇත්ත වශයෙන් මැයගෙන් කියවුනේ එල්ටීටීඊ ය බලවත්ව පැවතී කාලයේ යාපනයේ මැරවර කල්ලි විසින් කරන ලද අපරාද නොතිබුණු බවයි. දැන් කල්ලි විසින් කරන අපරාද දෙමල වැසියන්ට දරා ගන්නට බැරි තරමට ඉහල ගොස් තිබීම ඇයගේ ප්‍රකාශයට හේතුවයි
අනේ මේ දැන් නිකන් බොරු සෝබන කතා නොකර ඉන්නවද? රටේ බහුතරයක් ජනතාව නම් දැන් දැනගෙන ඉවරයි තමන් සහ තමන් නියෝජනය කරන පක්ෂයෙ හැටි. ඔය වෙනස පහදන්න ඕන නම් කොටි සංවිධානය තිබුණු කාලෙයි වර්තමානයයි විතරක් සංසන්දනය කරන්න තිබුණා. ඒත් කොටි සංවිධානය නැවත බිහි කරන එක අපේ මූලික අරමුණක් කිව්වෙ වෙනස ක්‍රියාත්මක කරන්න කියලා මොළේ ඇති ජනතාවට නම් තේරිලා තියෙන්නෙ දැනටමත් ...
දැන් ඔය මොනවා කිව්වත් ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න තමයි කියලා මොළේ ඇති ජනතාවට නම් තේරෙනවා...
ත්‍රස්තවාදීන්ට කඩේ යන සියලු දෙනා නෛතිකව සිරගත කල හැක.
රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් මෙයා දැනටමත් ඉන්න ඕනේ හිරේ.
කොහොම උනත් එල්ටීටීඊ කාලයක් කොටසක් පාලනය කරා. එහිදී රැක උනත් එම පලන කොටස තුල ගැහැනියකට උනත් රාත්‍රී කාලයේ යා හැකිව තිබුණා. නමුත් සීමා ප්‍රදේශ වල තිබුනේ අරාජිකත්වයක්. තම ජාතිය හැරෙන්න අනිත් ජාතීන්ට ගරුකලේ නැහැ. ඒ තුලින් විනාශය ළගා උනා.
උතුරේ වුනත්, දකුණේ වුනත් ලංකාව කන්න ආපු දේශපාලකයෝනේ... දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියනවා.
රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙනවා නම්, මෙයාව හිරේ දාන්න තදින් බුරන බහුතරයක් මෙලහට ඉන්න ඕනෙත් හිරේ හරි එල්ලුම්ගහේ හරි. අලුත් ආණ්ඩුවක් ඇවිත් අවුරුදු හතරකට කිට්ටු වුණා. තවම මේ කාන්තාවගේ මනුස්සයා මහා දවල් වෙඩි තියලා මරපු අය නිදැල්ලේ. කොටින්ට කෝටි ගණන් පගාව දීලා ඡන්ද දිනපු අයට නීතිය ක්‍රියාත්මක වෙන හැටි හොඳට පේන්න තියෙනවා.
මේකට ප්‍රධාන හේතුව රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම, දේසපාලුවන්ට වෙනම නීතියක් සහ නීතියේ සහන ලබා ගැනීමට දීර්ග කාලයක් ගැනීමයි. රටේ නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක නොවීමයි. මේ ටික හරියට උනානම් මෙව්වා වෙන්නෙත් නැහැ මේවගේ කතා අහන්න වෙන්නෙත් නැහැ
උතුරේ ඉතුරු හමුදා කදවුරු ටිකත් අයින් කරමු. එතකොට අපරාධ අඩුවෙයි. හමුදා කදවුරු අයින් කරන්න කියලනේ ඔය කට්ටියම කිව්වේ. දැන් පේනවනේ වෙනස. ලෝකේ හිටපු දරුණුම ත්‍රස්තවාදී කල්ලිය මෙල්ල කරපු අපේ හමුදාවේ කොල්ලන්ට ඔය ආවා වගේ කල්ලි මොනාද...
ඇය ද්‍රවිඩ වූවත් කල වැරද්ද පිලිගෙන ඉල්ලා අස්වී ඉදිරි පරික්ෂණ ඉදිරියට කරගෙන යෑමට සහායෝගය දෙන බව ප්‍රකාශ කර ඇත.අපේ සිංහල මැති ඇමතිවරුත් එසේද?මිනිමැරුම් හොරකම් දූෂණය පෙනි පෙනී කරද්දිත් ඇමතිවරු ඉල්ලා අස්වී තිබේද?
අාවා ගියා කියන කල්ලි ඒ අයගේම අයනේ...