දිනේෂ් උපේන්ද්‍ර
කුලියාපිටිය ජනප‍්‍රිය පාසලක ආරක්‍ෂකයකු පාසල් වේලාවේදී හෙරොයින් අලෙවි කරමින් සිටියදී අද (18) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ පහළ ගල්පොල ඉලූක්හේන ලිපිනයේ පදිංචි නිරංජන් දීපාල් ද සිල්වා නැමැති 32 හැවිරිදි ආරක්‍ෂක අංශයේ සේවයේ නියුතු අයෙකි.
කලක පටන් පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය බෙදාහරින බවට දිගින් දිගට දෙමාපියින් ඇතුළු විවිධ පාර්ශව වලින් ලද තොරතුරු වලට අනුව දිගු කලක් විමර්ශනය සිදුකර වැටලීම පාසල තුළ සේවයේ යෙදෙමින් සිටියදීම අදාළ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අදාළ හෙරොයින් තොගය සමඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව තමයි එල්ලන්න ඕනේ... මොකද ලොක්කන් මේවා බෙදන්නේ නැහැනේ.., මේ අය බෙදන හින්දනේ ගේන්නේ?
තමන්ට උදව් කරපු අයට රස්සා දෙනකොට පොඩ්ඩක් හරි සැලකිලිමත්නේ.... අකිල ඇමැතිතුමා...
මේ අයට තමයි මරණ දඬුවම දියයුත්තේ... පාසල් ළමුන්ගේ අනාගතය විනාශ කරන අය...
මරන්න මරන්න... වෙන මොනවා කරන්නද? ඕනෑම නම් තව කුඩු හොයන්න එක්ක යන්න. ලංකාවට වෙලා තියෙන දෙයක්...
කුවේටයේ (ලංකාවේ?) උපකාරක පන්ති පවත්වාගෙන යන ගුරුවරුන්ට නිසි දැනුමක් නොමැති බව කුවේට් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හමීඩ් අල්-අස්මි පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා කුවේට් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු වී ඇති තත්ත්වය පැහැදිලි කළේය. තම දරුවා සහභාගිවන උපකාරක පන්තියේ ගුරුවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සහ උගන්වන ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමුකිරීමට දෙමාපියන්ටද වගකීමක් ඇති බවත්, අලුතෙන් පත්වීම් ලැබු ගුරුවරුන්ට උපකාර පන්ති පවත්වාගෙන යෑමට අවසර ලබානොදෙන බවත්, ඇති වී තිබෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන බවඅධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ චෝදනාව නිවැරදි නම් , මොහුට මරණිය දණ්ඩනය නොදී වෙන කුමක් කරන්නද ? තව ළමෛන්ව කුඩුවලට පුරුදු කරලා ඒ ජිවිත විනාශ කරන්න ඉඩදෙන්නද මේ "මරණිය දණ්ඩනය එපා " කියමින් කෑ ගහන සංවිධාන කියන්නේ.
ඔන්න අවස්තාව සියලුම කුඩු මුදලාලිලා සහ බෙදාහරින්නන් අල්ලගන්න. පොලිසිය හරියට වැඩ කලොත් ඔය පුද්ගලයාව ගොඩක් විස්තර ගන්න පුළුවන් වෙයි.
එන්.ජී.ඕ. අතුළු රැලේ නරි හූ කිව්වට අපි ජනාධිපති මතයට එකඟයි.
අපේ රටේ අයට මනුස්සකමවත් නැහැ. හරක් ගාල් වගේ මඩුවල දරුවෝ දාගෙන ඉන්නේ සමහර එව්වෝ...
කලක පටන් පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය බෙදාහරින බවට දිගින් දිගට දෙමාපියින් ඇතුළු විවිධ පාර්ශව වලින් ලද තොරතුරු වලට අනුව දිගු කලක් විමර්ශනය සිදුකර වැටලීම පාසල තුළ සේවයේ යෙදෙමින් සිටියදීම අදාළ අත්අඩංගුවට ගෙන ඇත. මෙයද විමර්ශනයට ගත යුතු කරුණක්.
මුරකරුව අල්ලන්න ඕනා ළමයි විනාශ කරනවට.
මේ අයව මරන්න එපා කියන මිනිසුන්ව මුලින්ම උල තියන්න ඕනේ...
මේ කුනිස්සගෙන් අලගිය වැලගිය තැන හෙළිකර ගැනීම හැරෙන්නට එල්ලා දැමීමෙන් පලක් නැහැ. කුනිස්සන් දසදහස් සංඛාවක් එකවර උපදිනවා. නිල් තල් මසුන් බෝවෙනවා අඩුයි. එමනිසා මොහු මගින් නිල් තල්මසා සොයා ගැනීමට පොලිසියේ ඉහක නිලධාරීන්ට ශක්තිය ලැබේවායි පතමි.!