දිල්රුක්ෂි ග්‍රේරු
මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යංශය සඳහන් කළද ඉන්ධන පවතින මිලටම අලෙවි කිරීම සඳහා ඉන්ධනහල්වලට දැනුම් දී ඇතැයි ඛනිජතෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පවසයි.
ඉන්ධන මිල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (06) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඛනිජතෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අතර පැවැත්වීමටද නියමිත බවත්, එහිදී ගනු ලබන තීරණය අනුව ඉදිරියේ දී කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රට පාලනය කරන්නේ කවුද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්, මේවා මේ විදියට වෙනකොට .
එහෙනම් මොකටද වැඩි කළේ ?
එතකොට උදේ ඉඳන් වැඩිගානට ගහපු අය පව්
මේ අයට පුළුවන් ද ආණ්ඩු කරන්න.. එන්න ඡන්දෙ ඉල්ලන්න..
මේවා ලැජ්ජ නැති වැඩ. අපි මොන්ටිසෝරි කාලේ කරපුවා මේ අය දැන් කරනවා. බෑ කියනවා. හා කියනවා.
නිදහසින් පසු ලංකා ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩුව මේක තමයි. කිසි දැක්මක් නැහැ.
බුද්ධිය නැහැ.. මේක වැඩ කළොත් දුරගමනක් යන්න පුළුවන් වෙයි. නැතිනම් මහජනතාව තවත් කළකිරෙයි.
තෙල් මිල අඩුකළ අප ජනපතිඳුන්ට ප්‍රණාමය!!!
මේවා පොඩි ළමයින්ගේ වැඩ වගේ නේද?
දැන් නම් ආණ්ඩුවේ මතබේදය උග්‍ර බව පේනවා. දීගේ ඉවර වෙන්න ලඟයි වගේ...
මේ කණ්ඩායමට දෙවියන්ගේ හාල් කැවිලද කොහෙද? පාන්දර අපි තෙල් ගැහැව්වා ඒ සල්ලි කව්ද අපිට ආපහු දෙන්නේ? හරි තීරණයක් තියෙන්න ඕනෑ නේද? මගෙන් අහන්නැතුව කිසිදෙයක් අඩුවැඩි කරන එපා කියන්න. නැතිනම් යසට ඉන්න අපිටත් අංගොඩ යන්න වෙයි.