(අජන්ත කුමාර අගලකඩ)
තේ සහ රබර් යන බෝග සඳහා පමණක් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වෙත අද (16) උපදෙස් දුන් බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව නව ගැසට් නිවේදනය හෙට (17) වනවිට නිකුත් කෙරෙනු ඇතැයි ද ඇමති අමරවීර මහතා සඳහන් කළේය.
ග්ලයිෆොසෙට් සම්පුර්ණයෙන්ම තහනම් කරමින් රජය 2015 වසරේ ඔක්තොම්බර් මස 23 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
තේ සහ රබර් යන වගාව සඳහා ග්ලයිෆොසෙයිට් භාවිතයට අවසර දෙන්නැයි කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය මණ්ඩලය තේ සහ රබර් යන බෝගවලට පමණක් ග්ලයිෆොසෙයිට් තහනම ඉවත් කිරීමට තීරණය කර තිබිණි.
මේ අතර සියලුම බෝග සඳහා පනවා තිබූ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉකුත් 11 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නාඩගම් නටන ආණ්ඩුවක් තුන් ලෝකයේම නැතිව ඇති. එක සැරයක් තහනම් කරනවා තව සැරයක් තහනම ඉවත් කරනවා තව සැරයක් බාගෙට තහනම් කරනවා.
රටවැසියෝ හැටියට අපිටත් ලැජ්ජාවේ බැහැ. ගැසට් ගහනවා වෙනස් කරනවා. ජනපති දන්නෙත් නැතිලු. ඉන්න නිලදාරී වැඩේ අවුල් කරනවා වගේද මන්දා. ඒගොල්ලන්ට උවමනා විදියට ගැසට් ගහන්නේ.
මේ මිනිසුන්ට තේරෙන්නෙම නැද්ද? ලංකාවේ මිනිසුන්ගේ වල ලංකාවේ මිනිස්සුම කපාගන්නවා කියලා. කෘමිනාශක සහ වල්නාශකවලින් ලෝකේ රටවල් ඈත් වෙනවා... අපේ මිනිසුන්ට බුද්ධියක් ඇත්තේම නැහැ... තනිකරම සල්ලිවලට යටවෙලා. ජාතියම ඉවරයි.
දැන් පේනවා නේද මේ රජයට වැඩ බැහැ. බැංකු මංකොල්ල කන්න දක්ෂ වුණාට රටක් පාලනය කරන්න දක්ෂ අය කවුරුවත් නොමැත. දැන් ඉතින් කැපුවත් අපි කොළපාට කියන මේනියා එක අයින්කරලා රටට යහපතක් කරන නායකයෙක් 2020දී පත්කර ගන්න අපි කොළපාට කියන සිංහළ ජනතාවට ආරාධනා කරමු.
සමහර නිලධාරියෝ රජයේ බලධාරීන්ට කියනවලු ග්ලයිපොසේට් කියන්නේ බිව්වත් මැරෙන්නේ නැති දෙයක් කියලා... බයවෙන්න දෙයක් නැහැ කියලා. ඒ නිසාලු ඔය තහනම ඉවත් වෙන්නේ. හැබැයි ඔය ග්ලයිපොසේට් වල තියෙන බැර ලෝහ අඩංගු සංයෝගය ජලයට මිශ්‍ර වෙලා ටික ටික මිනිසුන්ගේ ශරීර ගතවුණාම වකුගඩු විනාශවෙලා නියත මරණය සිදුවන බව මේ අය කොලේ වහලා හංගනවා.
අනේ අපොයි රටකට වෙච්ච දෙයක්! උදේට එක නීතියක්, හවසට ඒකේම තවත් වෙනස් එකක්... ආයෙත් මාසෙකට පස්සේ ඒ නීතියම සම්පුර්ණයෙන්ම වෙනස් කරලා කලින් තිබුණු ඔක්කොම ඒවාට වඩා වෙනස්ම එකක් හදනවා. මොන රටක්ද මේක? පහේ පන්තියේ දරුවන්ට පුළුවන් මීට වඩා හොඳට මේ රට කරගෙන යන්න. හතර වටෙන්ම රාජ්‍ය ආයතන විකුනනවා චීනය සහ ඉන්දියාව වගේ තමන්ගේ හුස්ම ගන්න තියෙන වායුවත් දුෂණය කරගෙන ඉන්න රටවලට මෙහෙ පැල්පදියම් වෙන්න දෙනවා.
රට වැසියට තේරුණා දේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් රැළට තේරෙන්න ගිය කල්. මේ මී හරක් රංචුව තව දුරටත් අපේ වියදමින් නඩත්තු කරනවද?
ආණ්ඩුව කෙමෙන් කෙමෙන් පරිහානිය කරා ගමන්කරන්න පටන් අරගෙන.
මගේ ප්‍රතිචාරය ග්ලයිෆොසෙට් ගැන නෙවෙයි. ලංකාවෙ ආණ්ඩුකාරය කවුද? ලංකාව පාලනය කරන්නෙ කවුද? කියන එක. කවුරුහරි දන්න කෙනෙක් අපව දැනුවත් කරනවා නම් පිං සිද්ධ වෙයි.
මෙව්වට කියන්න ශිෂ්ඨ වචන නැත. හිතට එන වචන කියා දැම්මොත් ලංකාදීපය මේ කොමෙන්ට් පලකරන්නේද නැත. ඒ නිසා මෙහෙම හරකුනි සිටින තවත් රටක් ලෝකේ කොහේවත් නැති බන විතරක් කියා නවතිමි. 225 අපායෙන් මේ රට ගැලවෙන්නේ කවදාද එතෙක් මේ රට පවතීද කියා නොදනිමි.
මේ ආණ්ඩුවට ගැසට් එකක්වත් එකපාර හරියට ගහගන්න බැහැනේ!