(බිඟුන් මේනක ගමගේ)
වැඩිහිටියකු විසින් බාල වයස්කාර දරුවකුට මත්පැන් පොවනු ලබන වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය මූලික විමර්ශනයක් ආරම්භ කර ඇත.
පියා විසින් තම දරුවාට මත්පැන් පොවනු ලබන්නේ යැයි අනුමාන කළ හැකි දර්ශන අඩංගු මෙම වීඩියෝව තුන් වැනි පාර්ශවයක් විසින් ෆේස් බුක් මාධ්‍යට නිකුත් කරනු ලැබ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වී තිබේ.
පසුව මෙම සිදුවීම තම අධිකාරියට වාර්තා වීමෙන් පසුව ඊට අදාළව මෙම විමර්ශනය ආරම්භ කළේ යැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය යෙදී ඇත්තේ ද 14 සිට 20 වැනි දා දක්වාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි ..... මේ වගේ පහත් ගති ඇති මිනිස්සුන්ට අනිවාර්යෙන් දඩුවම් කළ යුතුයි......
මෙහෙම පව්කාර තාත්තලා. උල තිබ්බත් මදි.
කව්ද කියන්නේ මත්පැන් පෙව්වා කියලා ? උනුකරලා නිවපු වතුර තමයි පොවලා තියෙන්නේ.
මේ නම් පියෙක් නොව පින් පියෙකි.
මේක නම් විශාල වැරදීමකි...ඔය වොඩ්කා බෝතලේ ඇල් වතුර තියෙන්ට ඇත්තේ...බොරු නම් රංගන හේරත් ගෙන් අහන්න....
ඇත්තටම හොඳනැති වැඩක් තමයි කරලා තියෙන්නේ.. හැබැයි නීතිය හරියටම වෙයි... මොකද පොඩි මිනිහෙක් කරපු වරදක් නිසා ඇමැති කෙනෙක් කළා නම් වතුර තමයි බීලාතියෙන්නේ කියලා නිදහස ලැබෙනවා සිකුරුයි.