අජන්ත කුමාර අගලකඩ
ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වාහන ඇතුළු අනෙකුත් දීමනා වලින් අය කළ බද්ද එක් වාහනයකට පමණක් සීමා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමැතිවරුන්ට ලබාදෙන වාහන තුනක් වෙනුවෙන් එක් වාහනයකට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක්ද රියදුරු දීමනා ලෙස රුපියල් 75,000ක් ද ඉන්ධන දීමනාව ද ආදායම් ලෙස සලකා වැටුපට එකතු කර නව බදු සංශෝධනය යටතේ වීශාල මුදලක් වැටුපෙන් අඩුකර තිබේ.
මේ පිළිබඳව ඇමැතිවරුන් රැසක් විරෝධය පළකර තිබූ අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට ඉල්ලන්න හෙන නැහැ.. අපිට බදු ගහන්නෙත් ඔය කියන හැම මගුලම එකතු කරලා තමයි.. බෙහෙත් ගත්තු බිල්ටික පවා පඩියට එකතු කරලා බදු ගහනවා..
ඉතින් මේ වාහන 3න් දෙකක් අඩු කළානම්, බද්ද ඉබේම අඩු වෙනවනේ. අපරාදේ රටේ සල්ලි...
අනේ වාසනාවන්... තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ මේ උතුමන්ලාට. අපේම (අ)වාසනාව තමා ඉතින්...
කොහෙද දන්නේ නැහැ විරෝධය පළ කලේ ලිප්ටන් වට රවුමේද? කොටුවේ දුම්රිය පල ඉස්සරහද? නැත්නම් ජනාධිපති කාර්යාල ඉදිරිපිටදීද? කොහෙ වුණත් කාරි නැහැ. කුලු පොලු හමුදාව දාලා රනිල් මහත්තයයි සිරිසේන මහත්තයයි... කට්ටිය හොඳට සලකන්න ඇති. කොහොම වුනත් කමක් නැහැ අන්තිමට හරි අපේ මහජන නියෝජිතයින්ගේ දුක බලලා රටේ සංවර්ධනයට හා සංහිඳියාවට විශාල බාධකයක් වෙලා තිබුණු මේ මැති, ඇමැති උතුමන්ලාගේ බදුබර අඩු කිරිම පිළිබඳව යහපාලන රජයට අපගේ බලවත් කෘතඥතාව පලකරමු !!!
මේ රටේ නිදහස් පුරවැසියෙක් වීමේ පාපය ගෙවීමට සිදුවී ඇත. මේ මැති ඇමති නඩත්තුවට පරිප්පු ඇටයේ පටන් ජනතාවට බදු ගෙවීමට ඇත. නිදහසින් පසු ක්‍රමයෙන් රට වලපල්ලට ඇද වැටෙමින් පවතින අතර මැතිඇමති කන්දරාව දිනෙන් දින වැඩිවෙමින් පවතියි.
දෙන දෙයියෝ හොම්බට ඇන ඇන දෙනවා කියන්නේ මේවට තමා. බලන්නකෝ මේ අහිංසක හිඟන්නෝ ටික මොනතරම් වාසනාවන්තද කියලා.. හැමදේම ලැබෙන්නේ පිනටමනේ... හිඟන අම්බරුවන් කෑම කෑවත් පිනට, මොනතරම් අපේ රට දියුණුද..?
මොන. විදියෙන් හරි මේ කට්ටියගේ බදු අඩු කර ගන්නවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර හොර රහසේ ජනතාවගේ බදුමුදල් වැඩි කරනවා පැය කටුව සමානව කරන දේකුත් නැහැ තෙලුත් නිකම් දෙනවා. මේ අයව හමුවෙන්න කාර්යාලයට ගියාම බාලගිරි දෝසෙ. අද නැහැ හෙට එන්න කියනවා. තෙල් වල මුදල් ගන්නවා ජනතාවට පැය24 වැඩ කරපු ගානට මේ කට්ටිය පාවිච්චි කරන වාහන ටික පාරේ යනකොට අපේ රට දුප්පත් කියලා කියන්න. බැහැ. නමුත් වැඩිහිටියෝ දරුවෝ සමග පයින් යනකොට කන්න නැති දුප්පත් රටක් වගේ. ජනතාව හරිම අසරණයි ලොකු කට්ටිය සැප විදින්නේ මේ දුප්පතාගේ මුදල් වලින්
කමක් නැහැ. ඒ උත්තමයෝ උදේ හවා වෙහෙසෙන්නේ අපි වෙනුවෙන් නේ. ඔන්න ඔහේ ඒ ටිකත් අපිම ගෙවල දාමු.
දැන්නම් ජනතා අරගලයකට කාලය හරි. කිසිම දේශපාලකයෙක් රට ගැන හිතන්නේ නැ.. ඔක්කොම ජනතාවගේ සතුරෝ. නියම ජනතා නියෝජිතයෝ නෙමේ.. එයාලා හිතන්නේ එයාලා වෙනම සමාජ පන්තියක් විදියට.. හරියට ඉස්සර වැඩවසම් යුගය වගේ.. පාලකයෝ සහ පාලිතයෝ සංකල්පය.. මේ 21 වන සියවස.. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකර කර මොනවද මේ කරන්නේ.. දැන් නම් ජනතාවගෙන් දේශපාලක වෙන් වෙලා ඉවරයි.. අරගලය කියන්නේ චින්තන , දේශපාලන, අරගලයක් මිසක් සන්නද අරගල නෙමේ.. දැන් ලෝකෝ සන්නද්ද අරගල වලට තැනක් නැ..
ඔක්කොම සහන අරගෙන අපිට කියනවා බදු ගොනු අරින්නලු. මේ දේශපාලුවෝ ඉවත් කරන්න මිනිස්සු එකා වගේ තීරණය කරන දවස එනකන් රට අඝාදයට යන එක නවත්තන්න බෑ.
දේශීය ආදායම් බදු ප්‍රධානියා කියනවා වාහනයක් තියෙන හැමෝම බදු ගෙවන්න ඕනලු, නමුත් මේ අයට සහන. මේකනම් පුදුම ආණ්ඩුවක්
උද්ඝෝෂණ, වැඩ වර්ජන, උපවාස, කඳුළු ගෑස් මොකුත් නොමැතිව තමන්ගේ ඉල්ලීම් ඉටු කරගත්තා.
දැන් නම් ඉවසුවා හොදටම ඇති, නමුත් ප්‍රශ්නය! මෙයාලා ගෙදර යවලා කාටද ඊළගට ඡන්දය දෙන්නේ! අපේ අහිංසක මහා ජනතාවට දෙවියන්ගේම පිහිට තමා.
මිනිස්සු නොකා නොබී මැරෙනවා. බෙහෙත් වලට බදු ගහලා, අහස උසට මිල ගණන්. මේ අයට අවශ්‍ය දෙයක් ද මේ. අධම මිනිස්සු ඉන්න රටක් මේක. තමන්ගැන විතරක් හිතන පිරිසක්.
ජනතාවගේ බදුමුදල් නොහොත් රටේ ධනය ඒ අය අතර බෙදාගනී.
පිටරට දරුවන් ඉන්න මගේ ඥාති නැන්දාගෙන් පාස්පෝට් කන්තෝරුවෙන් දරුවන්ගේ සහ ඔවුන්ගේ පිටරට ආදායම් විස්තර අහලා. තව කාගේදෝ විශ්‍රාමික මහලු පියාට පිටරට ඉන්න දරුවෝ එකතුවෙලා සාමාන්‍ය වාහනයක් අරන් දීලා තියෙන්නේ නිතර රෝහලට යැවෙන ගමන් බිමන් පහසුවට.... දැන් කියනවා වාහනයක් තිබේ නම් බදු ගෙවන්න ඕනෑලු. මේ මිනිස්සු මහලු දෙමව්පියන්ට සලකන එකටත් බදු ගහන්න යනවා. ජනතාව බදු ගෙවන්න ඕන තමයි. ඒ වුණාට ඒ වැඩේට මධ්‍යම පාන්තික ජනතාව විතරක් අල්ලා ගැනීම බොහොම වැරදියි. අපි දැන් ඔය ලොක්කන්ගේ දෙමව්පියන්වත් ඊළඟ මැතිවරණයේදී හොඳින්ම මතක් කර ගන්නවා. ඒ ටික අමතක කරන්න එපා.
අදක්ෂයත් නොහැකියාවෙන් පෙළෙන්නත් නිසා ඔහොම වෙනවා... රට විනාශයට යනවා ඒ රටේ පාලකයෝ තනිකර කරන්නේ පිස්සුනේ..
වහාම ක්‍රියාත්මක වනපරිදි සියලු ජනතාව බදු ගෙවීම නතර කළ යුතුය.
දේශීය ආදායම් බදු කොමසාරිස් කොන්දක් නැති පඹයෙක්... උඩට වැඳලා යට ඉන්න අපිව තලනවා. ඔහුටත් බදු නැතුව පිට කොන්දක් හයි කරගන්න සහනයක් දෙනු...
එහෙන් බදු ගහනවා හැම එකටම.. හැබැයි එයාලට ගෙවන්න වුණාම ගෙවන්නේ නැහැ.. ඇමෙරිකාව, ඉන්දියාව, චීනය... සල්ලිවලට පාර්ලිමේන්තුවේ ඇමැතිලා අල්ලාගෙන රටම කොල්ලකනවා.. ඇමෙරිකාව ඩොලර් මිලියන 100කින් ගිය ඡන්දයේදී ආණ්ඩුව වෙනස් කරන්න වියදම් කරලා, චීනේ මිලියන 7.5ක් ඉන්දියාව මොනවා දුන්නද දන්නේ නැහැ.. ඒ ඔක්කොම ඒවත් ගහගෙන තව අපිටම බදු ගහනවා. උසාවියේ තියෙනවා ඩොලර් ගණන් ලැබුණු විදිය කියන්න බැරිව ඔය යහපාලන අමතිකෙනේක්ගේ.. ඔක්කොම් අඑකයි විපක්ෂේ කියල එකක් නැහැ.. ඔක්කොම එකට හොර කනවා.. විග්නේශ්වරන්ගේ පුතා බැඳලා ඉන්නේ වාසුගේ දුව.. විග්නේශ්වරන් උතුරට සිංහල විරෝධියෙක් හැබැයි ඔක්කොම එකට ඉන්නේ.. විජේකලා මැරිච්ච කොටින්ව මාර්කට් කරලා ඡන්ද ගන්න හදනවා.. දකුණේත් එ්කම තමා.. හැබැයි හොරා කනකොට ඔක්කොම එකට බෙදාගෙන සහයෝගෙන් කරනවා.. උතුර, දකුණ ඔක්කොම සාමාන්‍ය මිනිස්සු බදු ගෙවගෙවා ඉන්නවා.. මේවා තමා සංවිධානාත්මක කොල්ලකෑම් කියන්නේ.
හොඳ වැඩ අගය කරන්න වෙනවා. මේ වගේ දේවල් වලින් රටේ වියදම අඩුකරලා මහජන යහපත සඳහා ඒවා යොදා ගත යුතුයි. නැවත්ත් බලේට එන්න පොරකන ඇත්තෝ නැවත රටේ මුදල් ගසාකන්න තමයි දඟලන්නේ..
ඉල්ලන හැම දෙයක්ම මේ 225ට දෙනවා. මහ අයට ඕනෑ බලය රකින්න මිස දුප්පතාට සේවයක් කරන්න නොවේ. ආවෙම හොරකම් කරන්න තමයි.
මෙයාලා ගෙදර ඇරියත්, ගේන්න එකෙක් නෑ. බයිලා ගහ ගහ ආවට මුන් සේරම එකයි. ජනතාවට පේන්න මරාගන්නවා. හැබැයි තමන්ගේ සාක්කු පුවරගන්නේ එකට එකතුවෙලා.
දැන් මේ විදිහට බදු අඩු කලහම එක රටේ සංවර්ධනයට බාදාවක් නෙමෙයිද ? අපේ අගමැතිතුමා ඊළඟ රැස්වීමට ඇවිල්ල රටේ අධික බදු වල අවශතාවය, ගෙවන්න තියන ණය ගැන , රටේ ජනතාවට සුපුරු දේශනය තියනකොට කවුරු හරි එක අහන්න......
එකම අදායමට නීති දෙකයි. පුද්ගලික අංශය අපෙන් තමයි ඔක්කොම රීරි මාන්සේ උරාගෙන බොන්නේ.
මේ සිද්ධ වෙන දේවල් වලට කියන්න වචන නැහැ. මේ අධම පාලකයින් ඉන්නා තෙක් මේ රටටවත්, ජනතාවටවත් සෙතක් සිද්ධ වෙන්නෙ නැහැ.
මේ කාලකණ්නි ගැන කතාකරලා වැඩක් නෑ. මේ අය මේ රටට මොනවා කරනවටද මේ තරම් සහන දෙන්නේ? මටත් හිතෙන්නේ මිනිස්සු මේ අයට එරෙහිව නැගිටින දවස වැඩි ඈතක නෑ. මේ දෙන හැම දීමනාවම දෙන්න. හිඟන්නා හිඟාකාලා හොයන රුපියලෙනුත් බදු ගේනවා. මේ හිඟන ඇමැති රැළ ඉන්නකම් මේ රටට හරියන්නේ නෑ. අනේ අපේ රට... මේ කාලකණ්ණි පාලකයින්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි...
ව්‍යසන : 1. සුළඟින් පන්නල නිවාස කිහිපයකට හානි 2.ගොකරැල්ලේ බස් අනතුරකින් 60 කට තුවාල . ----සත්‍ය ප්‍රකාශ කිරීම නිසා අත්අඩංගුවට ගනීද? :1. රන්ජන් රාමනායක - නීතිවේදීන් සහ නඩුකාරවරු ගැන 2. අස්ගිරිය උපාලි තෙර - හිට්ලර් සහ මිලිටරි ඕනෑ 3. විජෙකලා - එල්.ටී.ටී.ඊ. පාලනය පාලනය ඕනෑ--- නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය පක්ෂග්‍රාහිද?: අනුරාධපුර පියාගේ ඝාතනය ගැන ගැහැණු දරුවාගේ සාක්කිය...
කමක් නැහැ තව ඉවසන්න තියෙන්නේ මාස ගණන ටිකයි.. මේ රජයට ඡන්දය දුන්නා මගෙ මුලු පවුලම දුක්වෙනවා !
මන්ත්‍රී, මැති, ඇමති වරු එන්නේ සුරසැප විදින්නද? රටට මහජනතාවට සේවය කරන්නද? ඔව්න්ගේ දු දරු පරම්පරාව පෝෂණය කරන්නද? නැතිනම් රටේ බිෂණය, සුෂණය, ඇතිකර මුළු රටම ප්‍රපාතයකට ඇද දමන්නද? අපි ඉන්න මේ රටවල් හරිම දියුණුයි, නායකයින් ඇප කැප වීමෙන් රටට වගේම අපි විදේශිකයින්ටත් උදව් පහසුකම් සපයනවා, දැන් පිටින් ගෙන සල්ලි වලටත් බදු අයකරනවාලු, ලංකාව කියන්නේ පුංචිම රටක් ඒ රටට ඉතා කුඩා වාහන යක් හොදටම ඇති මේ කිලෝමීටර් දහස් ගණන් එකවර ධාවනය කරන ලෑන්ඩ් කෘසර් වගේ වාහන ඇමතිවර්න්ට දී ඔවූන්ගේ ආරක්ෂාවට අති විශාල ආරක්ෂකයින් මොනවටද මේ රටේ වෙන්නේ අසාධාරණය වැරැද්ද පෙනී පෙනී මහජනතාව අගාදයට දැමීම නේද මෙයින් කියන්නේ, පෙන්වන්නේ, කොතරම් වැරදිද.?
මොකද්ද අප්පා මේකේ තේරුම අහිංසක මිනිස්සු කන බොන දේවල් වලටත් බදු ගහනවා අමාරුවෙන් කියක් හරි ඉතුරුකරන් ෆිනෑන්ස් කරලා ගත්තු වහනයටත් බදු ගහනවා ඉදිකට්ටේ ඉදල හැමදේටම බදු ගහනවා. මේ මිනිසුන්ගේ ඡන්දෙන් ඇවිල්ලා පිනට ලැබුන ඇමති මන්ත්‍රී වරුන්ට රට කාබාසිනියා කරන එකට බදු සහන දෙනවා මේකද ආණ්ඩුව ගන්නකොට කිව්ව සාදාරන සමාජය.
කාට දුන්නත් ඕකතමා, අහිංසක ජනතාව දුක් විදිනවා, එත්...... මේ අයගේ බඩ වියත පමණක් රැකගන්න දගලනවා.
දැන් අර රසික කිව්වා වගේ, ජනතාව යමක් කලයුතු කාලය ඇවිල්ලා. දැන් අර මාධ්‍ය සාකච්චා වලදී එහෙම ප්‍රශ්න කරලා වැඩකුත් නැහැ. වෙන රට වල නම් ප්‍රශ්න අහනකොට දේශපාලුවෝ බයයි. දැන් එහෙම නිකන් කවුරුවත් ගණන් ගැන නැහැ වගේ උත්තර දෙන්නේ. උඹලට ඕන නම් අහපල්ලා අපිට ඕන දේ තමයි උත්තර දෙන්නේ නැත්තම් කරන්නේ වගේ. මේ ක්‍රමය ලංකාවට දියුණු වෙන්න ඕන නම් හොද ක්‍රමයක් නෙවෙයි. වගකීමකුත් නැහැ වගවීමකුත් නැහැ.
මේක තනිකරම අපේ රටේ මිනිස්සුගේ අධ්‍යාත්මය පිලිබදව ප්‍රශ්නයක්. අපි අහන්න ඕන අපි හරිද කියල දේශපාලකයින්ටම බැනලා හරියන්නේ නැහැ. අද අධ්‍යාපනයෙන් බිහිවෙන චරිත කිසිම ප්‍රමිතියක් නැති අය. තව අන්තරේද මොකක්ද එකෙන් විශ්ව විද්‍යාල වල ළමයින්ගේ ඔලුව විනාශ කරලා රාජ්‍ය සේවයට එන මිනිස්සු කිසිම ප්‍රමිතියක් නැහැ. මෙලෝ විදියක කළමණාකිරිල්ලක් දන්නේ නැහැ.
ආදායම් බදු ප්‍රධානියා කියනවා, සාමාන්‍ය මිනිසුන්ද, වාහනයක් තියෙනවානම් අනිවාර්යයෙන් බදු ගෙවන්න ඕනේ කියලා. මේ අයට හැම සහනයක්ම දෙනවා.
අනේ මටනම් ලංකාව ඉන්නත් එපා වෙනවා මේ දේවල් දැක්කම
කොටි හිටියනම් හොදයි කියල විජයකලා කිවේ මේක තමයි. කොටි අපිව මැරුවේ එකපාරට මේ අය අපිව නොමරා මරනවා ටිකෙන් ටික මේ වගේ
කෝ මේ අදායම් බදු කොමසාරිස්තුමා....? අපිටත් මේහෙම අඩු කරන්නකෝ අනේ.
දවස ගානේ ලංකාවේ වෙන දේවල් දිහා බලද්දී හිතට එන්නේ කියන්න බැරි දුකක්. මිනිස්සුන්ට බදු පිට බදු. නීතිය බල්ලට. හොරු කුඩුකාරයෝ මිනීමරුවෝ වැහි වැහැල. කිසිම පක්ෂයක් කිසිම නායකයෙක් රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් දෙයක් කරන්නේ නෑ . රටේ කිසිම සංවර්ධනයක් නෑ . රට තව තවත් වලපල්ලට යන එකයි වෙන්නේ. මහින්ද, ගොට, රනිල්, සිරිසේන, අනුර ඔක්කොම එකයි. එකෙක්ගෙන්වත් වැඩක් නෑ. හැමෝම කරන්නේ මාරුවෙන් මාරුවට රට කන එක විතරයි. මට හිතෙනවා ඊලඟ පාර රොහාන් පල්ලෙවත්ත ට ඡන්දෙ දෙන්න.
මම මේ රටට අදරෙයි, නමුත් මගේ දරුවන් මේ රටේ ඉපදිලා මේ පව් ගෙවන්න ඕනද කියල හිතන්නේ..මොකද අපේ දරුවන් අපිට සාප කරයි. ඇයි තාත්තේ මේ රටේ අපිව ඉපෙද්දුවේ කියල.
ඔබලාට ඉල්ලන්න හෙන නැහැ, මේ රටේ නිදහස් පුරවැසියෙක් වීමේ පාපය ගෙවීමට සිදුවී ඇත.
අපේ කරුමෙට අපිට 1948 නිදහස ලැබුනේ, නැත්නම් සුද්දා, රටෙන් ගසාකාලවත් යටිතල පහසුකම් ටිකවත් දියුණු කරලා රට මේ අම්බරුවන් 225 කරන දේවලට වඩා බොහෝ දේ කරලා රට දියුණු මාවතකට යොමු කරනවා. ලුසේනා.
රටේ සියලු දෙනා ජාති ආගම් කුල පක්ෂ තරාතිරම භේදයෙන් තොරව එකා මෙන් මේ හොර නඩයට විරුද්ධව නැගී සිටිය යුතු නොවේද ?? මුන් කන්නේ අපේ මස් බොන්නේ ලේ බව දැන්වත් තේරුම් ගත යුතු නොවේද?
ජනතාවට සහනයක් ඇත්තෙම නැද්ද? අපි ජිවත් වෙන්න දගලන හැටි අපියි දන්නේ.
මේවට වගකියන්න ඕනේ අපි, අපේ හැසිරීම් අනුව තමා රටක පාලකයෝ බිහිවන්නේ. ඕනෑම රටක දේශපාලකයෝ පස්සේ දුවන ජනතාවක් ඉන්නවනම් එම රට කඩාවැටෙනවා, අපිට ඡන්දෙ දෙන්න කවුරුවත් නැත්නම් අපි කාටවත් ඡන්දෙ නොදී ඉමු.