(නිමල කොඩිතුවක්කු)
රජය විසින් පනවා තිබු ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබේ.
පසුගිය 11 වැනි දා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව සියලූම බෝග සඳහා මෙතෙක් පැවති ග්ලයිෆොසේට් තහනම ඉවත්ව යනු ඇත.
2015 වසරේ ඔක්තෝබර් 23 වැනි දා ග්ලයිෆොසේට් සම්පූර්ණයෙන්ම තහනම් කරමින් රජය විසින් ගැසට් පත‍්‍රයක් නිකුත් කරනු ලැබිය.
පසුව එල්ලවූ විරෝධතා සහ ඉල්ලීම් සළකා බලමින් තේ සහ රබර් වගාව සඳහා පනවා තිබු ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය විසින් පියවර ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එකට විනාශ වෙමු. විනාශ වෙන ලෝකයට අපිත් එක් වෙමු. බොහෝ කල් ජිවිකාවට වඩා දවසේ ජීවිකාව ගැන සිතන්නට අපේ පාලකයන්ට සිදුවී ඇත. ඒ වගේම සිදු කර ගෙනද ඇත. අපේ ඇලදොළ වස විසෙන් ප්‍රාණවත් කරන, ජිවිතයට වඩා ශ්‍රීලංකාවේ මහපොළවට ආදරය කරන අපේ පාලක උතුමන්ලාට ජයවේවා! වල් නෙලන්න මිනිස්සුද නැත. ඔක්කොම පිටරටය. වල් නෙලන වැටුපෙන් වේලක් කන්නත් බැරිය. ඒ වගේම අපේ පාලකයන්ට සැප ලබා දෙන්නට බැල මෙහෙවරකම් කරලා හරි විදේශ විනිමයද සොයා දිය යුතුව ඇත.
ග්ලයිෆසෙට් තේ ඉඩමෙ ඉසින අය තේ පේලියකින් අනිත්පේලියට මාරුවෙන්නෙ නිපල් එක නොවසා තේ ගස්මතටත් වැවෙන විදියටයි.නමුත් තේ දළු මැරෙන්නෙ නැහැ කොළයෙ හැඩය වෙනස්වෙනව විතරයි..නමුත් මේදළු කම්හලට ආවම වල්නාශක සියළු තේ එක්ක එකතුවෙනවා.ඒවගේම වස ඉහල ඉවරවුනාම ජලමාර්ගවලට දමා සේදීම සිදුකරන්නෙ කම්කරුවන්.ඒ එයාලගෙ පහසුවට නමුත් වස යෙදීමෙදි පාලකයන් මේපිළිබඳ කම්කරුවන් දැණුවත් කළ යුතුයි.තේවගාවෙ වල් මර්දනයට පරිස්සමෙන් යෙදුවොත් හානිය අවමයි. මේව (වල්නාශක) තහනමට වඩා පලිබෝධ නාශක තහනම් කළයුතුයි.මොකද ඒවා කෙලින්ම කරලට ගෙඩියටම ඉහිනව නෙ...
අපරාදේ, අපේ ලංකාවේ මහා පොළව කොච්චර වටිනවාද? නිකන් දාන බීජ පැලවෙන රටක් මේක. මේ ගාමිණී දිසානායකගේ පුතා මට නම් ද්‍රෝහියෙක්. ජාතිය විනාශ කරන්න උපන් මිනිහෙක්. මේ මනුස්සයගේ දරුවන්ටත් මේ විස ලැබෙනවා අනිවාර්යයි. මේවා දරුණු විස. උඩරටට ගහපුවම ගංගා දිගේ මුළු රටටම ගලා බහිනවා. එතකොට මුළු රටම ලෙඩ්ඩු වෙනවා. මේවට විරුද්ධව මුළු රටම වීදි බහින්න ඕනෑ.
ග්ලයිෆොසේට් තහනම ඉවතට කෙලින්ම ජනපතිවරයාගේ නොහැකියාව පෙන්නුම් කරයි. ග්ලයිෆොසේට් රසායනයේ අතුරු අාබාධ ගැන සාමාන්‍ය ගොවියන් සහ වෙනත් පරිහරණය කරන්නන් දැනුවත් නැති නිසා වකුගඩු ආශ්‍රිත ලෙඩ රෝග මරණය දක්වාම සිදුවිය හැක්කක්. මේ ග්ලයිෆොසේට් රසායනිකයේ මාරාන්තිකකම නිසාම විද්වතුන්ගේ අනතුරු හැඟවීම නොතකා නැවතත් රටතුල ව්‍යාප්තවීම අහිංසකයන් බිලි ගනිමින් මිනීමරු ව්‍යාපාරිකයන්ට ජනපතිවරයාගේ සහයෝගය දීමයි.
කෝරම් බාන රටනේ...
කියනකොට කොහොමට වුවත් මහරජාණනි, මට වෙනුසමා කරනකොට මෙහෙමමයි, එය වළකන්න බැහැ මැරුවත් මෙමා කියලා, රජුට සුදු හකුරු හැදූ මිනිහා කිව්වලු....
දකුණතින් කරණා දෙය වම් අත නොදන්නා ආණ්ඩුවක්. කියනදේ නොකරණ නොකියන දේ කරන ආණ්ඩුවක්. පරිසරය, වන සම්පත සතා සිව්පාවා ගැන කටින් බතල කොළ සිටුවමින් එය ආරක්ෂා කර ගැනීමට අපොහොසත් ආණ්ඩුවක්. උගත්, විනයගරුක කාර්යක්ෂම පිරිසක් පාලකයන් බවට පත්කර ගැනීම අත්‍යාවශ්‍යයි. එය කවදා පැමිණෙන යථාර්තයක් දැයි නොදැනේ. එවන් බලාපොරොත්තුවක් පෙනෙන තෙක් මානයක නැත. මේ රටේ ජනතාවට, දරුවන්ට අනාගතය තවතවත් අවිනිශ්චිත කරමින් තිබේ.
මම රජයේ වත්තක හිටපු ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක්. තේ වගා කරන අය පාලු නැතුව වගාව නඩත්තු කරනවා නම් වල් පැලවීමේ ප්‍රවණතාවය අඩුවෙනවා. මමත් අනුමත කරන්නේ නැහැ රසායන තේ වලට. අපි බොන දෙයක්නේ. අනිත් කරුණ ග්ලයිෆොසේට් එක ඉඩමකට අවුරුද්දකට දෙපාරයි පාවිච්චි කළ යුත්තේ. මම දැකලා තියනවා යන්තම් වල් එනකොටම ගහනවා. පාලනයක් නැහැ. තව දෙයක් සඳහන් කරන්න තියනවා කාගේත් අවධානයට. පොල් ගස් වලට රතු කුරුමිණි උවදුර ඇති වෙනවා. ඒකට කෘමි නාශක යොදන්න ඉස්සෙල්ලා ගහේ ගෙඩි කපල දාන්න ඕනෑ. ඒ තරම් විසයි.. එ්ත් ඉඩම් හිමියෝ ඒවා කරන්නේ නැහැ. ඒ ගස්වල පොල් විකුණනවා. අනුන්නේ කන්නේ... පව් වැඩ.
ග්ලයිෆොසේට් නැවැත්විය යුතුයි. ඒවා වස. ඒවා ජීවිත වලට සහ පරිසරයට හොඳ නැත.