( ප්‍රසාද් මුතුකුඩ සහ ටී.කේ.ජී කපිල )
රුපියල් කෝටි පහකට ආසන්න වටිනා කමකින් යුතු බ්‍රවුන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් කිලෝ 04 ග්‍රෑම් 180 ඉතා සූක්ෂම අයුරින් මෙරටට රැගෙන පැමිණි පාකිස්තානු ජාතිකයෙකු අද (09) උදෑසන 06.01 කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පාකිස්තානයේ ලාහෝර් නුවර සිට පැමිණි යු එල් 186 දරණ ගුවන් යානයෙන් උදැසන 6.01 කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
සැකකටයුතු අයුරින් හැසිරුණ මෙම පුද්ගයා පිළිබඳ සැක සිතු නිළධාරින් පරික්ෂාවෙන් සිට සැකකරු ගුවන්තොටුපළ බැංකු ලොබියට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව ඔහු සන්තකයේ තිබු ගමන් මල්ල පරීක්ෂා කිරීමදි එහි ව්‍යාජ පතුලක මෙම හෙරොයින් තොගය සගවා තිබියදි සොයා ගනු ලැබු බව පොලීසිය කියයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී.ඒ.ධනපාල මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි එරික් රංජිත් මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව විමර්ශන සිදු කරති.
(ඡායාරූපය- ප්‍රසාද් මුතුකුඩ)


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.