( ප්‍රසාද් මුතුකුඩ සහ ටී.කේ.ජී කපිල )
රුපියල් කෝටි පහකට ආසන්න වටිනා කමකින් යුතු බ්‍රවුන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් කිලෝ 04 ග්‍රෑම් 180 ඉතා සූක්ෂම අයුරින් මෙරටට රැගෙන පැමිණි පාකිස්තානු ජාතිකයෙකු අද (09) උදෑසන 06.01 කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පාකිස්තානයේ ලාහෝර් නුවර සිට පැමිණි යු එල් 186 දරණ ගුවන් යානයෙන් උදැසන 6.01 කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
සැකකටයුතු අයුරින් හැසිරුණ මෙම පුද්ගයා පිළිබඳ සැක සිතු නිළධාරින් පරික්ෂාවෙන් සිට සැකකරු ගුවන්තොටුපළ බැංකු ලොබියට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව ඔහු සන්තකයේ තිබු ගමන් මල්ල පරීක්ෂා කිරීමදි එහි ව්‍යාජ පතුලක මෙම හෙරොයින් තොගය සගවා තිබියදි සොයා ගනු ලැබු බව පොලීසිය කියයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී.ඒ.ධනපාල මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි එරික් රංජිත් මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව විමර්ශන සිදු කරති.
(ඡායාරූපය- ප්‍රසාද් මුතුකුඩ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහට විශ්වාසයක් නැතුව ඇති අපේ හෙරොයින් ගැන... එ්කයි තමුන්ගේ රටෙන්ම හලාල් කරලා අරගෙන ඇවිත් තියෙන්නේ පාවිච්චියට. ග්‍රෑම් 4 නේ... යන්න දෙන්න අහිංසකයෙක්. ඊළඟ පාර ගොඩක් අරගෙන එයි.
ලඟදී කීදෙනෙක් නම් අහුවුණාද? මේවා ගේන්නේ ලංකාවේ ඉඳන් කව්රු හරි මේවා ඇනවුම් කරන නිසා. මහමොළ කරුවන් අල්ලන්නේ නැතුව මේක නවත්තන්න බෑ.
මේ විදියට ලොකු ලොකු ගණන් කියන කොට අනිත් අයත් යනවා සල්ලි හොයන්න . හොඳම ක්‍රමය ගාන කියන එක නවත්වන්න ඕනි . මොකද මේවා අල්ලගත්ට දඬුවන් ලැබුන අය අඩුයි.
5ක් කියන්නේ මොන තරම් ලොකු ප්‍රමාණයක්ද..? මේවා ඔක්කොම දෙන්නේ අපේ රටේ දරුවන්ට නේද..? ඇයි ඒ පිටිපස්සේ ඉන්න අය අල්ලන්න බැරි..? මේ අයත් ටික දවසකින් නිදහස්.. එ්කනේ අපේ රටේ නීතිය..
මහමොල කරුවන් ඉන්නේ දියවන්නාවේ.
පොලිස්පතිතුමනි, 225 ගැන හොයලා බලන්න.
මේ පුරුදුවෙන්න පලවෙනි වතාවට ගෙනා එකක් නොවෙයි, කාලයක් තිස්සේ කරගෙන ගිය දෙයක්, ඒකයි බය නැතුව කිලෝ ගණන් ගේන්නේ. මේවගේ ලොකු අය ඉන්නේ ලංකාවේ. පුළුවන්නම් එයාලව අල්ලන්න.
ලංකාව දැන් කුඩු තිප්පොලක් ගානයි. ඇසට අහුවෙන්නේ නැති කොච්චර නම් දේවල් මේ විදිහට පන්නනවා ඇද්ද මෙහෙම බලපුවාම...?
ඔය ජාතියේ අය ඉන්න රටවලින් අපේ රටට වෙච්ච සෙතක් නැහැ විනාශයක් මිස...