(අජන්ත කුමාර අගලකඩ)
විපක්ෂනායක ධූරය සහ විපක්ෂයට හිමි අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 70 දෙනා හෙට (18) දිනයේදී කතානායක කරු ජයසූරිය මහතා හමුවීමට තීරණය කර ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (17) පස්වරුවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීපයට පැවසීය.
විපක්ෂ නායකධූරය සඳහා විපක්ෂයට හිමි අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ගෙනයන වැඩපිළිවලේ එක් පියවරක් ලෙස මන්ත්‍රීවරුන් 70 දෙනා අද දිනයේදී කතානායකවරයා හමුවන බවද අලහප්පෙරුම මහතා කීවේය.
ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් තිදෙනෙකු හැර සෙසු මන්ත්‍රීවරුන් 13 දෙනාද ඊයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට සහභාගී වී ඇත.
තිලංග සුමතිපාල මහතා විදේශගතව සිටින බැවින් ඊට සහභාගී වී නැති අතර මංගල උත්සවයක් හේතුවෙන් තමා සහභාගී නොවන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂය වෙත දැනුම් දී තිබිණී. දයාසිර ජයසේකර මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේ සිටියද එම රැස්වීමට සහභාගී වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ මන්ත්‍රී කෙනෙකුට තමයි විපක්ෂනායක පදවිය දෙන්න ඕන.
එක කලෙක රටේ සියළුම ජාතින් ආදරය කරපු රටේ බලයට නායකත්වයට පත්වනු දැකීම කැමැත්තෙන් හිටපු බොරුලුගොඩ සිංහයාගේ පුතා..අද හිට්ලර් කෙනෙක් නිර්මාණය කරගැනීම සඳහා රට ගැන නොසිතන ජාතින් ගැන අනුකම්පාවක් නැති ඒකාබද්ධයේ අතකොලුවක්විම දුකක්.
කිසියම් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය තියාගෙන වෙනත් දේශපාලන පක්ෂ අටවා ගනිමින් මුල් පක්ෂයට විරුද්ධව එළිපිට කටයුතු කරන අයට පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව නියමාකාරයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ නැතුව බකන් නිලාගෙන ඉඳීම නිසා තමයි එම කණ්ඩායමට අද මුළු රටම අරාජික තත්වයකට පත්කරමින් ජෝගි නටන්නට හැකිවී ඇත්තේ. මේ වැඩේ තේරුම මොකද්ද කියන එක වැටහෙන කෙනෙක් ඉන්නවා නම් කරුණාකර පහදා දෙන ලෙසද ඉල්ලා සිටිමි.
ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපටත් තොරතෝංචියක් නැතුව කියාදෙන ඔස්තාර්ලා නේද මේ? දන්නේ නැද්ද රීති ප්‍රකාරව විපක්ෂ නායක කම ලැබෙන්න ඕන කාටද කියල? ඕන නම් මෙහෙම කියන්න. "පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසයක් ඇති තැනැත්තා අගමැති වන්නේය, පාර්ලිමේන්තුවේ වැඩිම අවිශ්වාසයක් ඇති තැනැත්තා විපක්ෂ නායක විය යුතුය." එහෙනම් අපිත් සපෝට්. ඔය 70 ඇතුලේ ඉන්න කවුරුත් සුදුසුයි.
එකාබද්ධය කියල එකක් පසුගිය මැතිවරණයට තරග කලේ නැති බව මේ මෝඩයන්ට තෙර්න්නේ නැද්ද ?
එ්කාබද්දෙ කියල පක්ෂයක් තරග කලේ නෑ නේ මහ මැතිවරණය, මේක කරන්න පුළුවන් එකක් නෙමේ. වැරදි පූර්වාදර්ශයක්. ඉදිරියේදිත් එක එක කල්ලි වලට තනතුරු දෙන්න වේවි, එහෙම නොවිය යුතුය.
දිනේෂ් ල පාර්ලිමේන්තුව කනවා.
ප්‍රශ්නේ තියන්නේ ඔය දැනට තියෙන සම්බන්ධන් විපක්ෂේ රටට මොන හේනේ ගැහිලා ගියත් කතා කරන්නේ නැති එකයි. දකුණේ රට යකාට ගියත් ඔවුන්ට ගැටලුවක් නැහැ. එක තමයි ඔවුන්ටත් ඇත්තටම ඕනි වෙලා තියෙන්නේ. ඊළඟට ජවිපෙත් ඒ අයට විපක්ෂෙට එන්න ෆුල් සපෝර්ට් කලා මතකද? එතකොට ඒ ගොල්ලෝ හිතනවා හැම ප්‍රශ්නෙකදිම කෑ කෝ ගහල ලකුණු ජවිපෙට ගන්න පුළුවන් කියල.
ලංකාවේ එකම ජනාධිපතිට වුණ දේ බලන්න. දේශපාලනය හිගා කනවා...
ඒකාබද්ධය කියන්නේ පක්ෂයක් නෙමේ, නිකන් මිනිස්සු වැස්සට නතර වෙන අම්බලමක් වගේ තැනක්. ඔතන ඉන්න එක්කෙනෙක්ගෙන් අහල බලන්න තමාගේ ස්ථීර පක්ෂේ මොකක්ද කියල කව්රුත් කියන්නේ නෑ පොහොට්ටුව කියල. ඒක නිසා මේකේ ස්ථීර සාමාජිකයෝ නෑ. කට්ටිය එනවා යනවා. වෙන වෙන පක්ෂ වල සාමාජිකයෝ එක කකුලක් තමන්ගේ පක්ෂේ තියාගෙන ඒ පක්ෂ සාමාජිකත්වය අත් අරින්නෙත් නැතුව අනිත් කකුල මේකෙත් තියාගෙන විකල්පයක් විදියට තමයි මේකට වෙලා ඉන්නෙත්. යහපාලනේ උනත් එකාබද්ධේ උනත් අන්තිමේ මෙයාල ඔක්කොම දිනුම්. හැමදාම පරාද වෙන්න මේ 225 ඇද බාන පට්ට බේගල් වලට රැවටිලා මාරුවෙන් මාරුවට මෙයාලට ඡන්දේ දෙන ලංකාවේ ජනතාව විතරයි.
මේ පුවත දැක්කාම මම 1978 ව්‍යවස්ථාවේ විපක්ෂ නායකකම ගැන කියවෙන දේවල් හොයාගන්න උත්සාහ කළා. අගමැති, කතානායක, කැබිනට් ඇමතිවරු, ආදීන් හැමෝම පත්කළ යුතු ආකාරය පැහැදිලිව තිබුණට විපක්ෂ නායක කියන වචනයවත් මට නම් හොයා ගන්න බැරි වුණා. බැරි වෙලාවත් විපක්ෂනායක කමට නිර්යාතයක් ව්‍යවස්ථාවේ නැත්නම් මේ කේස් එකටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස් ගන්න වෙනවා. මේ ගැන පැහැදිලි නීතියක් ව්‍යවස්ථාවේ තිබුණා නම් මේ එකාබද්ධයේ පිරිස එක්කෝ විපක්ෂ නායකකම ඉල්ලන්නේ නැහැ. එහෙම නැත්නම් ව්‍යවස්ථාවේ අහවල් වගන්තිය අනුව ඔවුනට දිය යුතුයි කියලා කියනවා. එහෙම නැතිව නිකන්ම මන්ත්‍රී පිරිස වැඩිනිසා ඔවුනට විපක්ෂ නායකකම ඉල්ලන්නේ ව්‍යවස්ථාව පැහැදිලි නැති නිසා විය හැකියි.