තරිඳු ජයවර්ධන
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීන්දුව අහෝසි කර මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු බරපතල අපරාධ මර්දනයට අවශ්‍ය ප්‍රබල හා දීර්ගකාලීන ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ තීරණය කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් සිය කොමිෂන් සභාවේ මතය ජනාධිපතිවරයා වෙත යවමින් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සඳහන් කර ඇත්තේ මරණ දඬුවම යනු ලෝකයේ තවදුරටත් ප්‍රතික්ෂේප වෙමින් බවතින දණ්ඩන ක්‍රමයක් බවයි.
මරණ දඬුවම යනු කෘර සහ අමානුෂික දණ්ඩනයක් බවත්, එය ජීවිතයට ඇති අයිතිය ද, කෘර සහ අවමන් සහගත දඬුවම් වලින් මිදීමට ඇතිය අයිතිය ද වෙනත් මානව හිමිකම් ද ප්‍රබල ලෙස උල්ලංඝනය කරන දඬුවමක් බවත්, අන්තගාමී හා වෙනස් කළ නොහැකි වූ මෙම දණ්ඩන ක්‍රමය අහෝසි කළ යුතු බවත් මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම නිසා සමාජයට ඇතිවන බලපෑම සුළුපටු නොවන බව කියන එම කොමිෂන් සභාව එය සාර්ථක ලෙස මැඩ පැවැත්විය හැකි වන්නේ මරණ දඬුවම වැනි නිශ්පල දඬුවම් ක්‍රියාත්මක කිරීමෙන් නොවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කාර්යක්ෂම ලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් බවත් කොමිසම සඳහන් කරයි.
දැනටමත් වරදකරුවන් වී බන්ධනාගාරගත වී ඇති ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට නව තාක්ෂණය ඔස්සේ බාහිර ලෝකයත් සමඟ බද්ධ වී ජාවාරම්වල යෙදන්නේ නම් එයට නිසි පිළිතුර විය යුත්තේ බන්ධනාගාරය තුළ ඇති ආරක්ෂක කටයුතු නවීන තාක්ෂණය භාවිත කරමින් නතරකිරීම යැයි ද සඳහන් කර ඇති මානව හිමිකම් කොමිසම මත්ද්‍රව්‍ය ජාවාරම මේසා ව්‍යාප්ත වීමට ප්‍රධාන සාධාකයන් වන දේශපාලන සබඳතා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශවලින් ලැබෙන සහාය යන කාරණා ආමන්ත්‍රණය නොකර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියාවලියකට යෑම නිෂ්ඵල බව ද අවධාරණය කර සිටී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වතාවේ කෙසේ හෝ මෙය ක්‍රියාත්මක කළ ඇමරිකාවද ඇතුළුව තවමත් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා. අනිත් මොන තාක්ෂණය දැම්මත්, ඒවා වලින් රිංගා වැඩකරගෙන යන්න අපේ කට්ටිය දන්නවා.
මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරයා රයිද් අල් හුසේන්ගේ රට වන ජෝර්දානයේත් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා. අපිට ඒක ගේන්න එපා කියන එක මහ විහිළු කතාවක්. මිනිසුන්ගේ විනය පිරිහෙනවා නම් රජයක් වශයෙන් යුතුකම තමයි නීති දැඩි කරලා හරි රටේ විනය හදන එක... මෙහෙම ගියොත් නැත්නම් අපි මෙක්සිකෝවත් පරදලා කුඩුවලින් ලෝකේ අංක එකටම එනවා.
ජනාධිපතිතුමාගේ තීරණය ක්‍රියාත්මක කරනතුරු අපි බලාගෙන ඉන්නවා. නැත්නම් මේ කුඩුකාරයෝ තරුණ සිංහල පරපුර විනාශ කරනවා. ඔය මානව හිමිකම් ආයතන වල වැඩි හරියක් ඉන්නේ දෙමළ මුස්ලිම් අය. සිංහල පරපුර වඳවීම තුළින් ඔවුන්ගේ ඡන්ද බලය වැඩිවී රටේ පාලන බලය අතට ගැනීම ඔවුන්ගේ දීර්ඝකාලීන සැලසුමයි.
එ්කෙත් ඇත්තක් තියනවා... සිග්නල් සවිකරලා තිබ්බා නම් ඉවරයිනේ..
තාක්ෂණයට වඩා මරණ දඬුවම තමා ඉතින් ගොඩක් අය ඉල්ලන දේ !!!
එතකොට කුඩු මුදලාලිලා ඒ අයගේ කුඩු විකුණලා ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ඇවිදින මල මිනී කරලා රටම විනාශ කරන්නද කියන්නේ? ඔය හුඟක් අය මරණ දඬුවම එපා කියන්නේ කුඩු මුදලාලිගේ පගාවලට යටවෙලා මිසක් රටටවත් බාල පරම්පරාවටවත් තියන ආදරේට නෙමෙයි. එ්නිසා කුඩු මුදලාලිලාට මරණ දඬුවම දෙන්න.
මේ වගේ කොමිසම් තියන තාක් කල් රට හදන්න බැහැ. සංවර්ධිත රටවල් බොහොමයක් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා. මැදපෙරදිග ධනවත් රටවල්, ඒ නිසා ආරක්ෂාව උපරිමයි. මේක මත්ද්‍රව්‍යවලට විතරක් නැතිව දූෂණ, වංචා වලටත් ගේන්න ඕනෑ. එදාට අපි ඉන්න ජනාධිපතිතුමාට ගරු කරනවා. මේ වගේ කොමිසන් වලට බයේ තීරණ වෙනස් කරන කෙනෙක් තමයි.
ඔය කියන අර කොමිසම් මේ කොමිසම්, අර සංවිධාන මේ සංවිධාන අවංකවම රටක තිබෙන දැවෙන ප්‍රශ්න පිළිබඳ උදව් කරනවාද? අනෙකුත් රටවල් සමග සැසඳීමේදී පහසුවෙන් පිළිතුරු සොයා ගන්න පුළුවන්. තුවාලේ තියෙන අය වේදනාව දන්නවා හැර පිට ඉන්න අය අරහෙම කරන්න, මෙහෙම කරන්න කියයි. නමුත් විනාශ වෙන්නේ අපගේ රට හැර ඔය උපදෙස් දෙන හිවල්ලුන්ගේ රටවල් නොවේ. මේ සඳහා කාලය ගැනීම තවතවත් අපරාධවලට ආරාධනාවන් නොවන්නේද?
මත්ද්‍රව්‍ය විතරක් නොවෙයි.. මේ සිදුවන අපරාද රැල්ල පැවැත්වීමට නම් අනිවාර්යයෙන්ම මෙය ක්‍රියාත්මක කළ යුතුයි.. එහෙම නොමැතිව මෙයට බාධා කරමින් .. නැවැත්වීමට උත්සාහ ගන්න කෙනා .. කවුරුන් හෝ වේවා.. ඔහු හෝ ඇය.. රට විනාශ කිරීමට උඩගෙඩි දෙන උපදෙස් දෙන අයෙකි.. එ්කේ දෙකක් නැහැ.
මානව හිමිකම් කොමිසම, කියන්නේ ලෝකයේ තියන ලොකුම බොරුව ! බොරු සෝභන හා ලොකු වචන ...
හැබැයි මෙයාගේ කතාවෙත් ඇත්තක් තියනවා. කුඩු සහ අපරාධකාරයින්ට මැති ඇමැති අනුග්‍රහය ලැබෙනවා නම් මොනවා කළත් වැඩක් නැහැ තමයි. හොඳම දේ තමයි හංගපු කුඩු, ආයුධ පෙන්නන්න කියලා එක්ක යනඑක.
අධිකරණයෙන් මරණ දඬුවම නියම වන්නේ නීතියෙන් එම දඬුවම හිමි බව සාක්ෂි සහිතව සනාථ වීම නිසාය. රටේ නායකයා එය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔහුද රටේ නීතිය පිළිපදින්නෙකු නොවේ. කොමිසමක් අධිකරණයේ තීන්දුවලට බලපෑම් කිරීම ද නීතියට පටහැනි දෙයක් විය යුතුය.
මට පේන හැටියට කුඩු කාරයින්ගෙන් හැම මාසෙකම උඩගමටත් ගානක් හම්බ වෙනවා වගේ. එහෙම නැත්නම් කුඩු විකුණලා මිනිසුන්ව මරන්නේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් නෙමෙයි වෙන්න ඇති...
මානව හිමිකම් කොමිසම කියන විදිහට මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම මැඩ පවත්වපු කිසිම රටක් නැහැ. නමුත් - සමාජයේ සතුරන් සමාජයෙන් ඉවත් කිරීම තුලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත් රටවල් බොහෝමයක් තියෙනවා. ඒකනිසා අපි අනුගමනය කළයුත්තේ කලින් සාර්ථක ප්‍රතිඵල ලැබුණු ක්‍රමයක් මිසක්, හිතලුවක් නෙවෙයි. එ්කනිසා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තුළින් මත්වුවදුර සම්පූර්ණයෙන්ම නැතත් අවම කරන්න පුළුවන් නිසා සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළයුතුයි.
කරුණාකර හැකි ඉක්මණින් මෙය ක්‍රියාත්මක කරන්න. ඔය පණ්ඩිතකම් දොඩවන්නේ හොරු සහ මත්කුඩුවලට සහායදෙන මිනීමරුවන්, දූෂකයන්, කුඩුකාරයින් ඉක්මණින් මරන්න ඕනෑ.
මිනිස්සු මරණ එකට වඩා, සම්පතක් කරගන්න එක ගැන හිතුවොත් හොඳයි. බය කරලා සමාජය යහපත් වෙයි කියලා හිතන්න අමාරුයි. මත්ද්‍රව්‍ය විකුණලා හිර ගෙදර ඉඳන් නැවතත් ඒ දේම කරනවා කියලා කියන්නේ, අහුවෙලා ඉන්නේ ඇත්තම වැරදිකරුද කියල හිතෙනවා? නැත්නම් වෙන පුද්ගලයෙක් එළියේ ඉඳගෙන ඇතුලේ ඉන්න සිරකරුගේ නම පාවිච්චි කරනවද කියලත් හිතෙනවා.. හිර ගෙදර ඉඳන් මෙහෙම දේවල් කරනවා නම් මේ මිනිස්සු සිරකරුවන්ට වඩා ඍධියක් තියෙන මිනිස්සු වෙන්න ඕනේ. ලංකාවේ ක්‍රමයේ මොකක් හරි වරදක් තියෙනවා. හිරගෙදර ඉඳන් මත්ද්‍රව්‍ය විකුණන්න පුළුවන් කියලා ඇහෙන එකත් විහිළුවක්. ජනාධිපතිගේ කටින් ඒවගේ දෙයක් අහන එක එයට වඩා විහිළුවක්... මරණිය දණ්ඩනයට මට එකඟ වෙන්න බැහැ. මේ මිනිස් ශ්‍රමය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට එක්කර ගන්න ඕනේ. හිරකරලා දඬුවම් කරලා මරණ එක විසඳුම කියලා හිතන්න බැහැ...
කවුරු කොහොම තහංචි දැම්මත් අනිවාර්යෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කළයුතුමයි. හැබැයි ඉතින් අපේ රටේ දුප්පතුන්ට විතරක් අකුරටම ක්‍රියාත්මක නීතිය පොහොසතුන්ට සහ දේශපාලකයින්ට ක්‍රියාත්මක නොවීම මගින් මිලිග්‍රෑම් කාරයන්ටම තමා මැරෙන්න වෙන්නෙත්.... අපේ රටට කුඩු කන්ටේනර් වලින් කිලෝ ගණන් ගෙනත් අහුවෙලත් ගෙන්වපු කෙනෙක් නෑ. කුඩු සහ වෙනත් මත්ද්‍රව්‍ය රටට ගෙනත් රට විනාශ කරන්නේ ලොකු මිනිස්සු... ඒ නිසා මරණ දඬුවම් අපේ රටේ ක්‍රියාත්මකවීම සැකසහිතයි...
කලබල නොවන්න. තවත් කල් මැරීමේ ප්‍රවුත්තියක් පමණි
කුඩු කාරයන්ගෙ මානව හිමිකම් ගැන මෙයාලට මාර කැක්කුමක් තියෙන්නෙ. අහිංසක මිනිස්සු දරුවො! උන් ඉතින් ඔටුවොනෙ. මානව හිමිකම් කොහෙද?
අපිට මානව හිමිකම් කොමිසම එපා..
මීට අමතරව මිනි මැරුම්, වන සංහාරයට , මහජන මුදල් හොරකම් කිරීමටත් මෙම දඬුවම ක්‍රියාත්මක කල යුතුය
රට පුරා බොහොමයක් පාසල් අසල කුඩු වෙළෙන්දෝ. අපේ අනාගත පරපුර හෙමිහිට කුඩු කාරයින්ට නතුවෙමින් පවතිනවා.අපි බලන්න ඕනේ කාගේ මානව හිමිකම් ද? කුඩු විකුණන රට විනාශ කරන උන් ගේද ,මෙලෝ හසරක් දන්නේ නැතිව කුඩු කාරයින්ට නතුවෙලා විනාශ වෙන රටේ දරු පරපුරේ මානව හිමිකකම් ද.මේ හිමිකම් කාරයින්ට කුඩු පොවන්න ඕනේ.
ගරු ජනපතිතුමනි, වහාම මරණ දඬුවම ක්‍රියාත්මක කරවීම සඳහා ජනමත විචාරණයක් පවත්වන්න. එවිට ජනතාවගේ කැමැත්ත හා ජනතා බලය මත මෙය ක්‍රියාත්මක කරවීම කිසිවෙකුට නතර කළ නොහැක. මේ පුද්ගලයින් සිරගත කර ඇති සිර ගෙවල් කොපමණ දුරකථන මාධ්‍ය ආවරණ යෙදුවත් ඔවුන් මුදල් යොදවා ඒවා ලබා ගන්නා අතර මේ මහා විනාශය නතර කිරීමට මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුමය. වෙන කිසිම පිළිතුරක් නැති අතර ජාත්‍යන්තර හා මානව හිමිකම් සාමාන්‍ය සිවිල් වැසියන් ඝාතනය කරන විට මුනිවත රකීනම් හා රටේ අනාගත පරපුර විනාශ වෙනකල් හා මත්උවදුර රට විනාශ කරන තෙක් මෙන්ම පාතාලය සිවිල් වැසියන්ව ඝාතනය කරන තෙක් මුනිවත රකීනම් මේ සඳහාද මුනිවත රකින ලෙස ඔවුන්ට දක්වනු මැනවි.. මෙය මොනම බාධකය ආවත් නොසැලී ක්‍රියාත්මක කරවන ලෙස ඉල්ලා සිටිමි. මෙය ජනතාවගේ ඒකායන බලාපොරොත්තුවයි. රටේ සිවිල් පාලනයට බාධා කරන සංවිධාන වහාම රටතුළ ක්‍රියාත්මක කිරීම තහනම් කරන්න.
මත්ද්‍රව්‍ය විතරද නරක? ඇයි සිගරට්, දුම්කොළ, සීනි, ලුණු, කෘෂි රසායන, මත්වතුර තව කොච්චර නරක දේවල් තියනවද? ඒවායින් ජනතාවට සිදුවෙන හානිය ගැන ඇයි කතා නොකරන්නේ? ඒ නිසා සිදුවන මරණ පවුල් අවුල් රෝහල් වියදම් ඒවා හොඳද? ඒවාට වැය කරන්නෙත් අපේ බදු සල්ලි නේද? ඇයි කවුරුත් ඇත්ත කතා කරන්න බයද? වැරදි කරන මිනිහට තවත් ඒ වැරැද්ද නොකරන්න සමාජයෙන් ඈත් කර තියන්නයි හිරේ දාන්නේ... නැතුව ඒ මිනිහා මැරුවට වැරැද්ද හරි යනවද? අපේ රටේ කුඩු ලොක්කෙක් හිරේ දැම්මම එයා පිට ඉන්නවාට වඩා හොඳට හිරේ ඉඳන් කුඩු ව්‍යාපාරය කරනවා. එතන හොඳට ආරක්ෂාව තියනවා. අපේ සල්ලි වලින් එයා ආරක්ෂා කර නඩත්තු කරනවා. කොතනද වැරැද්ද? කවුරුත් දන්නවා කින්නේ නැහැ. දූෂිත නිලධාරීන් දුෂිත දේශපාලකයන් ඉන්නකල් වැරැද්ද හදන්න බැහැ. ඉස්සෙල්ලම ඒ දූෂිතයින්ට නිසි දඬුවම් දෙන්න ඕනෑ. එල්ලුම් ගස ක්‍රියාත්මක කරලා අපේ රට තව පස්සට අදින්න එපා. හිර දඬුවම හරියට ක්‍රියාත්මක කරන්න. පාගා ගහන බන්ධනාගාර නිලධාරීන් වහාම සේවයෙන් පහ කරන්න...
මරණ දඬුවම අනිවාර්යයෙන් ගෙන ආ යුතුමයි. අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අදම මෙය ගෙනා යුතුයි. මානව හිමිකම් මොනවා කීවත් එල්ලන්නම ඕනේ එකෙක් දෙන්නෙක්. අද නොවේ හෙට හොඳ ප්‍රතිඵල බලාගන්න පුළුවන්. ජනපති තීරණයට මගේ ප්‍රණාමය...
ඔන්න බලන්න.... සිරිසේන උන්නැහේ හුඹහට රිංගන හැටි !!
හොරුන්ගේ, අපරාධ කාරයන්ගෙ මානව හිමිකම් කථා කරන කොමිසම ඔවුන් නිසා අසාධාරණයට ලක්වූ අයගේ මානව හිමිකම් පිළිබඳ කථා කරන්නෙ නැහැ නේද? ඨ
මරණ දඬුවම ක්‍රියාත්මන කල යුතුමය. ඔය කියන කිසිම කොමිසමක් හෝ සංවිධානයක් අප රටේ සුභ සිද්ධියට කටයුතු කරන ඒවා නොවෙයි.
මරණ දඩුවම නියම වෙච්ච අපරාදකරුවෝ හිර ගෙදර ඉදගෙන කුඩු ජාවාරම කරනවානම් එල්ලුම්ගස් යවන්න ඕන හිරගෙදර පාලකයෝ ටික.. මොකද හිරගෙදර පාලකයන්ගේ ආධාර උපකාර, යටිතල පහසුකම්, සහයෝගය, අනුබලය නැතිනම් කොහොමද අදුරු කුටියක දිනකට පැය 2 ක් පමණක් කුඩුවෙන් එලියට ගන්න පුද්ගලයෙක් මහා පරිමාණ ජාවාරම් කරන්නේ.
මරණ දඬුවමට පක්ෂව මෙතන අදහස් දක්වන කිසි කෙනෙක් වරද කොතනදැයි නොදැන කතා කරන බව පෙනේ. කුඩු මුදලාලිලාගේ පගාවට යටවුනු දේශපාලුවෝ, බන්ධනාගාර නිලධාරි ඉන්නකල් මොන දඬුවම දුන්නත් වැඩක් නෑ. කට්ටිය දැන් මාත් ඒ ගොඩට දාල මගේ පතුරු අරීවී.
අපරාධකරයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ අවසාන තීරණය ගැනීම ජනාධිපති තුමාට පමණක් පැටවීම නිසා එතුමාගේ කාරුණිකභාවය පිළිබඳව ජනතාව අතර කුකුසක් ඇතිවියහැකියයි එතුමා සිතියහැකි නිසා මේ තීරණය කැබිනට් මණ්ඩලය සාමුහිකව ගතයුතුයයි මම සිතමි.
ජනාධිපතිතුමනි ඔබ ඇහුම්කන් දිය යුත්තේ රටේ ජනතාවගේ මතයටයි, මේ තීන්දුව ඔබ ක්‍රියාත්මක කලොත් ඔබ ජනතාවගේ සදා අමරණිය වීරයෙකු වෙනවා වෙනවාමයි.
කව්රු මොනවා කිව්වත් ජනාධිපති තුමා මෙය ක්‍රියාත්මක කරොත් රටට සෙතක් වෙයි. නොකෙරුවොත් ලංකාව වල පළලටම යයි.
අලුතින් ගෙන එන තීන්දු වලට එරෙහි වන්නේ, එහි ඇතිය කියන බර පතල කමකට නොවේ, තීන්දුව සාධාරන වුවත් , හුදෙක්ම රඡයට විරෝධය පෙන්වීමක් ඒ වගේම නීතියත් සාධාරණ වෙනවා නම් අගෙයි ජනාධිපතිතුමනි දුප්පත් පොහොසත් බේද නොතකා.
මානව හිමිකම් කොමිසමට සහ අනෙකුත් ආයතන වලට දුක හිතෙන්නේ කුඩු මුදලාලිලා ගැන විතරද? එකෙන් සිදුවෙන මනුෂ්‍ය ඝාතන, විනාස වෙන තරුණ ජීවිත සහ රට ගැන අනුකම්පාවක් ඇත්තෙම නැද්ද ? බොහෝ මෙවැනි ආයතන මුදලට යටවුනු බලල අත්. කෙසේ හෝ මෙය ක්‍රියාත්මක වුවහොත් රටේ දියුණුවනු නොවනුමානයි.
මොවුන් කියන බන වලින් පලක් නැත. මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන් මත්ද්‍රව්‍ය පාවිචිකරන්නේ නැත. මොවුන් දිර්ඝකාලින ක්‍රම වලින් හැදිය හැක්කේ කෙසේද මෙම සංවිධාන වලින්ම ඇසිය යුතුයි.
එහෙමනම් මත්ද්‍රව්‍ය වලින් වෙන විනාශයට වග කියනවද.? බොරු මානව හිමිකම්... මත්ද්‍රව්‍ය වලින් වැනසෙන පවුල්/ලමයි/පාසල් වල හිමිකම් ගැන වග කොමිසම කියනවද...
මේ ඔයාලා කලබල වෙන්න එපා. මේ වෙලාවේ ඔය මාතෘකාව ඇදලා ගත්තේ රටේ තියෙන ප්‍රශ්න අමතක කරවන්න මිස වෙන කිසිදේකට නොවේ.
අතිගරු ජනාධිපති තුමනි, මේ කුඩු වෙළෙන්දෝ ,හිරගෙදර ඉඳ මාසෙකට හොයන ගණන ඔවුන්ගෙන්ම දැනගන්න , එම මුදල " මානවහිමිකම් කොම්ෂන් සභාවේ සභාපතිතිමිය වන ආචාර්ය දීපිකා උඩුගමගේ " ගිණුමෙන් අයකර ඔවුන්ට ලබාදෙන්න. එහෙම උනොත් කිසිම කෙනෙකුගේ මානව හිමිකමක් කඩනොවන අතර , ඇයට පවුද්ගලික වම පිනක් හිමිවේ. එයද මානව හිමිකමක් නේද?
ඩොලර් ගිලින බයියන්ගේ අදහස් හා තීරණ වැඩක් නැහැ, අපේ රටට හා සමාජයට අවශ්‍ය කෙලින් තීරණ ගන්න. අවශ්‍යම නම් ජනමත විචාරණයකට යන්න.
ගොඩක් අය කුලප්පු වෙලා මරණ දඩුවම ගේනවයි කිව්වම.
මේ වගේ රටකට ඉතා අවශ්‍ය දෙයක් ක්‍රියාත්මක කරන්න යනකොට නිදාගෙන ඉන්න ඔක්කොම නැගිටලා. නායකයෝ හොරකම් කරලා, දේශපාලකයෝ මිනිස්සුන්ට පහරදීලා, මානව හිමිකම් නැති කරනකොට මෙයාල කොහෙද දන්නේ නෑ හිටියේ. අපේ සල්ලි වලින් නිකම් පුටු රත් කරන මිනිස්සු.
රජුගේ තිරනයට වැසියෝ අවනත වේය.
විනයගරුක මානවයන්ගේ හිමිකම් ආරක්ෂා නොකෙරෙන මානව හිමිකම් කොමිසමකින් අපට ඇති පලක් නොමැත. මොවුන් වද වන්නේ ත්‍රස්තවාදීන්, මැරයන්, ස්ත්‍රී දූෂකයන්, කුඩු කාරයන්ගේ මානව හිමිකම් කඩවීම් ගැන පමණයි. නමුත් එවැන්නන් නිසා සාමාන්‍ය, අහිංසක මිනිසුන්ගේ සිදුවන මානව හිමිකම් කඩවීම් ගැන පැමිනිලි මොවුන්ට ඇසෙන්නේවත් පෙනෙන්නෙවත් නැත.
පාරට බැහැලා මේ දඬුවම දෙන්න කියලා බල කරන්න මිනිස්සු ටිකක් නෑනෙ.
මරණ දඬුවම එපා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැති කරන්න.. මරණ දඬුවම ගෙන ඒම තුළින් කළ හැකි දෙයක් නොවෙයි. කිසිම රටක දඬුවම් වැඩිකිරීමෙන් අපරාධ අඩු කල බවට සාක්ෂි නැහැ.
ප්‍රතිචාර වලින් පේනවා රටේ ඉන්නේ හිතේ තෙතමනයක් නැති, කෲර, බොරු මල්වට්ටි, පහන් පූජා කරන බුද්ධාගම් කාරයෝ කියලා...
දරුවනුත් කුඩු ගහනවා නම්, තේරෙයි මේකෙ රඟේ...
ඔන්න බලහන් ටික දොහොකින් කියයි මං මරණ දඬුවම ක්‍රියාත්මක කරනවැයි කීවේ නෑ කියලා. එහෙම කරන්න මට පිස්සුවක් ඇතැයි කියන්නැද්ද කියලා......
මමත් මරණිය දණ්ඩනය විරුද්ධයි. ලංකාවේ හැම දේම දේශපානිය කරනය වෙලා තියෙන්නේ. මේක ගෙනාපු හැටියේම වෙන්නේ විරුද්ධවාදීන්ව එල්ලන්න ගනියි. කොහොමද මහින්ද ෆොන්සේකාව එල්ලුවා නම්? අද එහෙනම් ෆොන්සේකා කෙනෙක් නෑ. කොහොමද මේ ආණ්ඩුව ගෝඨව එල්ලුවා නම්? මරණීය දණ්ඩනය ගේන්න කලින් මේ රටේ තියෙන දූෂණය හදන්න ඕනේ. ඒක නැතුව මරණිය දණ්ඩනය ගෙනාවත් වෙන්නේ ලොකු විනාශයක්.