(දිල්රුක්ෂි ග්‍රේරු)
රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
කළුබෝවිල ප්‍රතිබිම්බාරාම මාවතේ දී සහ බත්තරමුල්ල සුභූතිපුර මාවතේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවෝ අවුරුදු 29 සහ 40 හි පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රියක් සහ ත්‍රිරෝද රියක්ද සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
ගමන් බෑගයක අසුරා පාර්සල් ලෙස මෝටර් රථයේ මෙම හෙරොයින් රැගෙන විත් තිබේ.
ඔවුන් රෝහණ මාවත, සුභූතිපුර, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි නිවසක් කූලි පදනම මත ලබාගෙන එහි නැවැතී මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී නිවස පරීක්ෂා කිරීමේදී නිවසේද තීබි මත්ද්‍රව්‍ය සොයාගත් බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
සැකකරුවන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 07ක කාලයක් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.
පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් දෙදෙනකුට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර , පොලිස් මත්ද්‍රව්‍ය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.