(දිල්රුක්ෂි ග්‍රේරු)
රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
කළුබෝවිල ප්‍රතිබිම්බාරාම මාවතේ දී සහ බත්තරමුල්ල සුභූතිපුර මාවතේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවෝ අවුරුදු 29 සහ 40 හි පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රියක් සහ ත්‍රිරෝද රියක්ද සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
ගමන් බෑගයක අසුරා පාර්සල් ලෙස මෝටර් රථයේ මෙම හෙරොයින් රැගෙන විත් තිබේ.
ඔවුන් රෝහණ මාවත, සුභූතිපුර, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි නිවසක් කූලි පදනම මත ලබාගෙන එහි නැවැතී මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී නිවස පරීක්ෂා කිරීමේදී නිවසේද තීබි මත්ද්‍රව්‍ය සොයාගත් බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
සැකකරුවන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 07ක කාලයක් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.
පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් දෙදෙනකුට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර , පොලිස් මත්ද්‍රව්‍ය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල්මැස්සෝ දෙන්නෙක් අහුවෙන්න ඇති, තෝරු ගැන පොලිසිය හොයන්නේ නැහැනේ.
අවුලක් නෑ .... චුට්ටක් නෙවෙයිනේ.........මේ අයට මුකුත් කියන එකක් නැහැ...... ග්‍රෑම් 10 වගේ නෙවෙයි අනිවා ටික දවසකට ඇතුලේ......
අපේ ලංකාව දැන් කුඩු තිප්පොලක් වෙලා නේද ? හරිම දුකයි .
පොලිසියට මෙන්න උපහාරය... ඔය ටික මිනිසුන් අතරට ගියානම් සතුටු තමයි. මේ ජාවාරම් ජාලවල තත්වය අපි දැන් දන්නා නිසා ස්ථානය, අහවල් පොලිසියේ නිලධාරී යනුවෙන් ප්‍රසිද්ධ කිරීම සුදුසු නැහැ කියලයි මම හිතන්නේ.
සිමෙන්ති උර 3ක් සහ තව ඇබින්දක්. මගේ රට කොතැනක නවතීද?
මේ අයට ලැබිය යුතු දඬුවම් ලැබේවා. ඒ එක්කම මේ ජාවාරම් කරන ලොක්කන් කෙසේ හෝ අල්ලා ගන්න ලැබේවා.
හොඳටම හෙරොයින්වලට ඇබ්බැහි වුණු කෙනෙකුට දවසකට මිලිග්‍රෑම් 200 - 300ක් ඕනෑලු. අපේ රටේ නම් මිලිග්‍රෑම් 100 ක් විතර.... මෙතන තියෙනවා මිලිග්‍රෑම් 103000000ක් ඒ කියන්නේ මිනිස්සු මිලියනයකට දවසක උපරිම ඩොස් එක. ලංකාවේ හෙරොයින් ඇබ්බැහියන් ඉන්නේ 50000 - 100000ක් විතර කියලයි හිතන්නේ....
මේ පින්තුරේ තියෙන සතොස මලු තුනේ සම්බන්ධය මොකක්ද? දන්නා කෙනෙක් කියන්න...
මේ පින්තුරේ තියෙන සතොස මලු තුනේ සම්බන්ධය මොකක්ද? දන්නා කෙනෙක් කියන්න.