(දයාරත්න ඇඹෝගම)
දේශපාලන පලිගැනීම් මුවාවෙන් සේවා ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් අධ්‍යාපන පරිපාලන සේවය , ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා 1014 දෙනකුට පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය නම්කර ඇති ලේඛනයේ උතුරු මැද පළාතට පත්වීම් 113 ලැබී ඇති බවත් ඉන් 23 දෙනකු සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවන් බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
හෙතෙම මේ බව සදහන් කළේ අද (16) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ඒ අතුරින් තවත් 16 දෙනෙකු මුදල් වංචා සහ විනය චෝදනාවන්ට ලක් වුවන් බවත් සිව් දෙනෙකු ළමා අපචාර සම්බන්ධයෙන් චෝදනා ලැබුවන් බවත් 82 දෙදෙනකු ස්ථාන මාරුවීම් පලිගැනීම් සේ සළකා සුදුස්සන් බවට පත්වුවන් බවත් හෙතෙම සඳහන් කරයි.
වසර 15-20 වැනි කාලයක් එකම පාසලක සේවය කර ස්ථාන මාරුවීම් ලැබුවන් දේශපාලන පලිගැනීමට ලක් වුවන් සේ සළකන්නේ කෙසේද යැයි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා බලධාරීන් ගෙන් ප්‍රශ්න කර සිටියි.
පසුගිය රජය සමයේ ද මෙවැනිම වැරදි සිදුවු බවත් හෙතෙම අවධාරණය කර සිටී.
අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය පාමින් මෙම 26 වැනි දා පෙරවරු 10 යළිත් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට තීරණය කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ අරුමයක් නැහැනේ. අට පාස් ගුරුවරු පත්කරලා තියෙන්නේ 5 වත් පාස් නැති අය විසින්නේ. ලංකාවේ සියලුම දේ තීරණේ වෙන්නේ දේශපාලනේ මතයි. දේශපාලනේට එන්න කිසිම සුදුසුකමක් ඕනේ නෑ. ඉතින් නුසුදුස්සෝ රට පාලනය කරද්දී අනිත් සියලුම අංශ වලටත් එයාලා පත් කරන්නේ නුසුදුස්සෝම තමයි.
දෙයියෝ සාක්කි. රටේ දරුවන්ගේ අනාගතයද මේ විනාශ කරන්නේ...? ඇත්තටම 8 පාස් අයද? පාර්ලිමේන්තුවේ නම් එහෙම අය ඉන්නවා. එහෙත් ගුරු සේවය රටේ අනාගතයට කරන ආයෝජනයක්... කව්ද මේ ගොන් තීරණ ගන්නේ?
උතුරුමැද පලාතට කොහොමද 1014 න 113 ක් ම ලැබුනේ ? මේ ලදී තිබුණු චන්දෙදිත් පොළොන්නරුවට විතරක් හැදුනුම්පත් 10,000ක් අලුතෙන් ඉල්ලලා තිබුනා. එත් ලොක්කගේ සායම බේරගන්න බැරුව ගියා.
අධ්‍යාපන ඇමතිතුමා නම් පුරසාරම් දෙසන්නේ මේ ආණ්ඩුවෙන් තමයි හැමදේම නීතියට හා සර්වසාධරණව වෙන්නේ කියල. කොහෙන් හිනාවෙන්නද දන්නේ නැහැ…
රට පාලනය කරන දියවන්නාවේ ගව මඩුවේ 225 න් අට පාස් උන් 94 දෙනක් ඉන්න එකේ ඕකත් වැඩක්ද බන්.
අපේ මුත්තලාගේ කාලේදී නම් එහෙම 8 පමණක් පාස් අයට ගුරු පත්වීම් දුන්නලු'.නමුත් 60 දශකයේ පවත්වපු ශිෂ්‍ය ගුරු විභාගයටත් අවම සුදුසුකම වුයේ සා .පෙළ සමත්වීම නේද .මේ අය හොරට පත්වීම් අරන්ද කියා සොයා බැලිය යුතුයි.
අට පාස් නැති උදවිය රට පාලනය කරනකොට ඔවුන්ට සරිලන උදවිය අධ්‍යාපනය පාලනය කලේ නැතිනම් ඉස්සෙල්ලා උදවිය කියනදේ අනාගත පරපුරට වටහාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ සමතුලිත භාවය නැති වෙන එක නේද? තව විදියකින් කිවොත් අනාගත ඡන්ද ලැයිස්තුව හදාගන්න බැරිවෙන එක.
මේකනම් අපුරු රටක්. මේ අය ගුරු සේවයට ගියේ. මේ අය උගන්වපු ළමයින්ට දෙවියන්ගේම පිහිටයි. තව පරිපාලනයටත් එන්නයි හදන්නේ. ඔබතුමන්ලාගේ දැන ගැනීම පිණිස අපුරු කතාවක් පවසමි. දර්ගා නගරය ප්‍රදේශයේ පාසලකට සුදුසුකම් නොමැති, දේශපාලන සුදුසුකම් ඇති ගුරුවරියක් පත්ව ආවා. පුංචි පන්ති වලට ඉගැන්වීමට දමා තිබු ඇය දේශපාලන බලය යොදාගෙන විද්‍යා ගුරුවරිය සිටියදීම 6,7,8 වසර සඳහා විද්‍යාව ඉගැන්වීමට පැමිණියා. විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදත් ඇය 'බෙරිබෙරි' රෝගය 'චෙරිචෙරි' රෝගය යනුවෙන් ඉගැන්නුවා. මිස් බෙරිබෙරිද චෙරිචෙරිද කියා ළමයි උසුළු විසුළු කළා. අවසානයේදී මේ ප්‍රශ්නය මහා කලබල මට්ටමකට පැමිණියා. මෙය ඒ දිනවල මුල් පිටුවේ පළවුනා. පසුව ඇයව නැවතත් පහල පන්ති වලටම ඉගැන්වීමට දැම්මා. ඔබ අප සැම ගුරුවරුන්ගෙන් උගත් අය. එවන් දෙවිවරුන්ගේ ගෞරවයට අපි හානි නොකරමු. අප පිටුදැකිය යුත්තේ නුසුදුස්සන් ගුරු සේවයට ඒමය.
මම නම් දන්න තරමට අටපාස් ගුරුවරු ගුරු ක්ෂේත්‍රයේ නැහැ...
1948 දී රටේ මහතනතුර දෙනකොට ඕවා බැලුවේ නැහැ නේද? ඒ කාලේ 8 පාස්වීමත් ලොකුයි නේද?
ගුරුවරයකු ලෙස බඳවා ගැනීමේ දී බලපාන දේශපාලන ක්‍රියාදාමය පිලිබඳ ජුගුප්සාජනක පුවත මම කම්පාවෙන් කියවීමි. සහතික සලකා බලමින්, හෝ විභාගයක් පවත්වමින් ගුරුවරයකු බඳවා ගැනීම ද නුසුදුසු කටයුත්තක්ව තිබියදී නුගත් දේශපාලන ගැත්තන් බඳවා ගැනීමේ ඉතිහාසය අතීතයට දිවයන බවද ඇසීමි. විදුහල්පතිවරුන් පත්කිරීම, විෂය අධ්‍යක්ෂවරුන් පත්කිරීම , දේශපාලකයින් අතට ගැනීම දරුවන්ගේ අනාගතයට බරපතල අන්දමින් බලපායි. මේ ගැන කිසිම දේශපාලකයෙක්ම කල්පනා නොකරන බව පැහැදිලිය. ගුරුවරයා හුදෙක් විෂය කරුණු කියා දෙන්නෙක් පමණක් නොව දරුවන්ගේ මානව ධර්මතාවලට සංවේදීව මැදිහත් වන දයාවන්තයෙක් විය යුතුය. අද බොහෝ ගුරුවරු විෂය කරුණු එකතු කිරීම වෙනුවට දේශපාලන ඉත්තන් වී සත්‍යය ඉදිරියේ අන්ධව සිටිති. ලඟම පාසල හොඳම පාසල නොව නුගත් දේශපාලන බාලයන්ගේ අම්බලමකි. කන්නන්ගර මැතිතුමා ඉන්දියාවේ ඉපදුනේ නම් ඔහු දෙවියෙක් ලෙස අද පිදුම් ලබන බව ප්‍රසිද්ධ ඉන්දියානුවෙක් පවසා ඇත.
දැන් ගුරුවරු උද්ගොශනේ කරනකොට මොකද කිව්වේ? ගුරුවරු මැරයෝ වගේ කිව්වා. ඔවුන් උද්ගෝෂණය කලේ ඔබේ දරුවාගේ මුළු අනාගතයම වෙනුවෙන්. එහෙම නැතුව වැටුප් වැඩිකරන්න කියාවත්, පුද්ගලිග ඕනේ එපාකම් වලටවත් නෙමෙයි. මේ සාමාන්‍ය පෙළවත් පාස් නැති අයව ගන්නේ උපාධි තියෙන ගුරුවරු පාලනය කරන්න. ඔවුන්ට උපදෙස් දෙන්න. කොහොමද ලංකාවේ අධ්‍යාපනේ දියුණු වෙන්නේ. මේ දේශපාලකයන්ට ඕනේ ජනතාව මෝඩයෝ කරලා තියන්න එතකොට එයාලට ඕනේ විදියට රට පාලනේ කරන්න පුළුවන් නේ.මොකද නූගත් ජනතාවක් ඉන්න නිසා.
මට පේන විදියට ගාල්ලේ පාල අයියත් අට පාස් කියලා හිතෙනවා අප්පා. මෙයා ගුරුවරු කරපු ස්ට්‍රුයික් එකත් බොහොම හොදට අගයලා තිබුනා. පාල අයියේ ඔයත් ඔය පලිගැනීම් ලිස්ට් එකේ ඉන්න කෙනෙක්ද....?
රසික, ඔබේ අදහස් දැක්වීම නිවැරදියි.