(නිමන්ති රණසිංහ)
එල්ටීටීඊ ත්‍රස්තවාදය යළි පිහිටවිය යුතු යැයි පවසමින් ළමා හා කාන්තා කටයුතු බාර හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ පට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මාධ්‍ය ආයතන පහක ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරිය මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ ඉකුත් 2 වැනි දා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රාජ්‍ය උත්සවයක දීය.
සිංහල රාවයේ ජාතික සංවිධායක මාගල් කන්දේ සුදත්ත හිමියන් විසින් සංවිධායක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත කළ පැමිණිල්ලකට අනුව එහි අධ්‍යක්ෂක ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අධිකරණය මේවගේ නියෝග දෙන්නේ ?? යහපාලනයේ බුද්ධිමත් ඇමති වරු කීප දෙනෙක්ම කියල තියෙන්නේ ඕන මතයක් ඉදිරිපත් කිරීම ඇමතිවරුන්ගේ අයිතියක් කියල.
මේ අලකලංචියේ ආරම්භය " බැඳුම්කරය" යි. ඊළඟට ආවේ පුජ්‍ය ඥානසාර හාමුදුරුවන්ගේ ගැටළුවයි. ඒක ඉවරවෙන්නත් කලින් "කොටි නැටුම" නැවත මතු වුනා. ඉන් අනතුරුව " හිට්ලර්" ආවා. ඒ එක්කම " නිව්යෝර්ක් ටයිම්ස් " ආවා. ඒක වහන්න " විජයකලා" ගත්තා. ඊට පස්සේ " ගෝඨාභය පොහොට්ටුවට " දැන් " වහන්නේ නැති විශේෂ අධිකරණ" නාඩගම එක්ක" ඉන්ධන කෝලම "එනවා. අද " 2020 ට අලුත්ම දෙයක් පිරිසිදු ආණ්ඩුවක්" කියල විද්වත් කතිකාවක් එනවා. ඉස්සරහට තව තව දේවල් එළියට දමාවි. රටේ ප්‍රශ්නය නෙවේ මේ ඇස් බැන්දුම් තමා මිනිසුන් ජීවත් කරවන්නේ.