(නිමන්ති රණසිංහ)
එල්ටීටීඊ ත්‍රස්තවාදය යළි පිහිටවිය යුතු යැයි පවසමින් ළමා හා කාන්තා කටයුතු බාර හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ පට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මාධ්‍ය ආයතන පහක ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරිය මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ ඉකුත් 2 වැනි දා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රාජ්‍ය උත්සවයක දීය.
සිංහල රාවයේ ජාතික සංවිධායක මාගල් කන්දේ සුදත්ත හිමියන් විසින් සංවිධායක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත කළ පැමිණිල්ලකට අනුව එහි අධ්‍යක්ෂක ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.