IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


විධායක නිලධාරීහු ලෝටස් පාර වසති

(ලහිරු හර්ෂණ)

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව  සංවිධානය කළ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලොටස් පාර වසා දමා ඇත.

වැටුප් හා දීමනා වැඩි කරන්නැයි ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාවේ නිරත වී සිටිති.

මේ වන විට උද්ඝෝෂකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ රැදී සිටින අතර  පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් මේ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වමින් සිටී.


 



අදහස් (12)

විධායක නිලධාරීහු ලෝටස් පාර වසති

Mahee Wednesday, 11 July 2018 06:44 AM

සමාන සේවාවල එක කොටසකට පමණක් වරප්‍රසාද දෙනකොට අනික් අයත් ඉල්ලන බව ආණ්ඩුව දන්නේ නැද්ද? නීති වෘත්තියේ අයට ඉහල පඩි දෙනකොට, දොස්තරලාට සියලු වරප්‍රසාද දෙනකොට සමාන තලවල ඉන්න නිලධාරීනුත් ඒවා ඉල්ලන එක අමුත්තක්ද? ජාතික වැටුප් ප්‍රතිපත්තියක් ගැන හැමදාම කියවනවා. කෝ එහෙම එකක්? සමාන වගේ පෙනෙන නිල ඇඳුමට පවා එරෙහිව සටන් කරන අපේ රාජ්‍ය සේවයේ විෂමතා නැතිකරන්න තරම් සමතෙක් මෙතෙක් ලොව පහල වී නැත.

:       27       85

SamiWednesday, 11 July 2018 10:20 AM

විධායක නිලධාරින්ගේ එකාබද්ධ කමිටුවේ වෛද්‍යවරුන් ඇතුළත්, ඔවුන් ද මෙයට සම්බන්දයි.

:       0       40

Hafeel Wednesday, 11 July 2018 06:53 AM

ඔන්න බලන්න යහපාලනයේ වෙනසේ රස. මේ විධායක නිලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම වෙනුවෙන් කොතරම් මහන්සි වෙනව බව. නමුත් රජයේ මැති ඇමැතිලාගේ බදු වැඩි කියමින්, කිසිම මහන්සිත් නොමැතිව ඔවුන්ව බදු බරවලින් නිදහස් කළා.

:       13       49

RaveendraWednesday, 11 July 2018 07:38 AM

හෆිල් මයා වෙත, ඔබගේ අදහස් සමග අප හට එකග විය නොහැකි බව කිව යුතුය. මක්නිසාදයත් දියවන්නඔයේ පිරිස මොනතරම් වෙහෙස මහන්සි වෙනවාද ඔබගේ, අපගේ මෙන්ම රටේ දියුණුව වෙනුවෙන් සේවය කිරීමට. එබැවින් එම රෑනට දැනට ලැබෙන පහසුකම් වලට අමතරව දිය හැකි සියලුම පහසුකම් පරම්පරා හතකට, අටකටවත් අඩුතරමින් උපරිම පහසුකම් දිය යුතුය.

:       2       30

Daham Wednesday, 11 July 2018 07:28 AM

අපි 200%,300% ක බදු ගෙවලා වාහන ගනිද්දී මේගොල්ලන්ට දීපු තීරු බදු රහිත වාහන බලපත්‍ ලක්ෂ 20,22 ට විකුණගෙන, දැන් ලෝටස් පාර වහන්න එනවා වැඩි පඩි ඉල්ලලා .. මේ අසාධාරණ බලන්න ආණ්ඩුවක් නැත්ද

:       244       235

සෙනෙවිSaturday, 14 July 2018 11:35 AM

දහම්ලාට 200% ක් බදුගෙවලා වාහන ගන්නේ මොකටද ? ජනාධිපති තාත්තාගේ වාහන ඕනෑ තරම් තියෙන්නේ...

:       0       0

Ruwan Wednesday, 11 July 2018 07:35 AM

මිනිස්සුන්ගේ පඩිය එකතැන, නමුත් පුළුවන් තරම් බදු වැඩිකරනවා. හැම දෙකම මිල වැඩිකරනවා. ඒ සල්ලි වලින් අර 225 යි ඊට යටින් ඉන්න අයයි යහමින් වැජබෙනවා.

:       79       121

rama Wednesday, 11 July 2018 08:48 AM

කෝ අපේ කැම්පස් ළමයින්ට ගහන කඳුළු ගෑස් මේ අයට ගහන්නේ නැත්තේ බය නිසාද?

:       17       13

soma Wednesday, 11 July 2018 09:18 AM

තීරුබදු රහිත වාහන, රජයේ වරප්‍රසාද ඔක්කොම අරගෙන මදිවෙලා තව ඉල්ලනවා. පුද්ගලික අංශයෙන් බදුගගහ ඔක්කොම ඒ අයටම දෙන්න. මරු ක්‍රමේ තමයි රට දියුණු වෙන්න.

:       41       27

VINITHA SILVA Wednesday, 11 July 2018 10:03 AM

තීරු බදු වාහන, රජයේ වාහන, දුරකථන පහසුකම්, දීමන සියල්ල නැවත දැන් ඉල්ලන එක දෙන්න. දැනට දීල තිබුණු සියලු දෙන්න, පහසුකම් රජයේ සේවයේ අවුරුදු 25 වැඩි අයටවත් දෙන්න.

:       0       12

susila Wednesday, 11 July 2018 10:05 AM

කිසිම වරප්‍රසාදයක් නොලැබෙන රජයේ සේවකයින්ට විධායකයන්ට විරුද්ධ වෙන කාලය අැවිත්. කිසිම වැඩි දෙයක් විධායකයට දෙන්න එපා

:       0       0

Saman Wednesday, 11 July 2018 10:41 AM

ඔන්න අර ගෙනාවා කියලා පත්තරෙත් ගිය රබර් උණ්ඩ සහ කදුළු ගෑස් 10000 පාවිච්චි කරලා බලන්න අවස්ථාවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 189 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site