(මොහොමඩ් ආසික්)
මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ඉදිරියේදී අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතිය ද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගත යුතු තීන්දු තීරණ නිසි කලට ගතයුතු බව ද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
අද (11) මහනුවර ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේ දී පැවැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ කීවේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
පසුගිය අවුරුදු කිහිපයක් තුළ ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට විශේෂයෙන් මත්කුඩු මත් පෙති ජාවාරමට හසු වෙලා නීතියෙන් වැරදිකරුවන් වෙලා මරණීය දණ්ඩය ලබා සිරගතව ඉන්න පිරිසක් ඉන්නවා.
කොකේන් හෂීස් මර්ජුවානා නිසා මරණීය දණ්ඩණ නියම වූ අය ඉන්නවා. ඒ මරණ දණ්ඩණය නියමවූ පුද්ගලයන් සිරගෙදර ඉඳල රටතුළ මත්ද්‍රව්‍ය බෙදමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම කරනවා.
මරණ දණ්ඩණය නියම වූ අයට මරණ දණ්ඩණය දීම සඳහා අත්සන් කළ යුත්තේ ජනාධිපතිවරයායි. බෞද්ධයෙක් විදිහට ලොකු වාද විවාද තියෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය නිසා මරණීය දණ්ඩණයට නියම වී සිරගත ව සිටිමින් එසේ මරණ දඬුවමට නියම වීමෙන් පසුවත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මරණ දණ්ඩනය නියම වූවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා මා මාගේ අත්සන තබනවා. මම පවක් කර ගන්නේ නෑ හෙට උපදින දරුවන් වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් තමා එය කරන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන්න තිබුණේ "යහපාලනය" කියන එක පටන් ගත් කාලයේදීයි. ඒත් දැන් ප්‍රමාදයි කියලා හිතමු .
ඔබ තුමා එහෙමෙ කලොත් නැවතත් ඔබතුමටම ඡන්දය දෙනවා
ඔට්ටුයි බැරුවට...........
එන්ජීඕ සහ අපේ රටට හිටවත් තානාපති වරු කුලප්පු කරන ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයි අතිගරු.
මෙන්න ආසික් වැඩක් පළමු වරට... ඔය තෙල් මිල, අලි අල්ලන ඒවා අදාළ අයට බාර දීලා මේවගේ වැදගත් දේවලට යොමුවන නායකයෙක් තමයි රටට අවශ්‍ය...
රට වෙනුවෙන් මේ දේවත් කළොත් ගොඩක් පින් ඔබතුමාට... මොකද මත්ද්‍රව්‍ය භාවිතය නිසා සෑහෙන පවුල් සංඛ්‍යාවක් අනාථ වෙලා ඉන්නේ... ඒවා ගැන කවුරුත්ම අනාවරණය කරන්නේ නැහැ... ඒ ගැන කිසිම මාධ්‍ය ගවේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ... මත් ද්‍රව්‍ය ව්‍යාපාරය මෙන්ම මේ ව්‍යවසනය නවත්වන්න තියෙන එකම විසදුම මෙයයි... එය ඔබට ආත්ම ගණනාවකට පින් රැස්වෙයි.
ඉතාමත් නිර්භීත තීරණයක්. එ්ත් ක්‍රියාත්මක වෙයිද කියලා සැකයි. කලින් කියපු කිසිදෙයක් ඉෂ්ඨ කලේ නැහැනේ... පුළුවන්නම් පහුගිය රජයෙයි, මේ රජයෙයි ඉන්න ජාතික ධනය කොල්ලකාපු අයවත් එල්ලන්න.
ජාතික ධනය සූරා කන, ජාතියට වංචා කරන හොරුන්, මැරයන්, වංචාකරුවන් සඳහාද ඔය අත්සනම ගහන්න කියා ඉල්ලා සිටිනවා.. හැබැයි තවත් ප්‍රශ්නයක් මතුවෙනවා.. පාර්ලිමේන්තුවේ කවුරු ඉතිරිවෙයිද?
ඔබතුමාට පිනක් මිසක කිසිම පාපයක් නැහැ.. අපේ දරුපරපුර වනසන කුඩු කාරයෝ එල්ලලාම දාන්න ඕනේ...
මරණ දඬුවම දීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම නවතනවා කියන්නේ බොරු වැඩක්...
ළමා සහ ස්ත්‍රී දූෂකයින්ට, මිනීමරුවන්ට, ත්‍රස්තවාදීන්ට, මත්ද්‍රව්‍ය නිෂ්පාදකයින්ට, සැපයුම්කරුවන්ට සහ බෙදාහරින්නන්ට සහ මේවාට උඩ ගෙඩි දෙන දේශපාලනයට සම්බන්ධ අයට ජීවිතාන්තය දක්වා මරණ දඬුවම වෙනුවට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරලා තිබ්බා නම් රට අද හොඳතැනක තියනවා.
කාලෙකට පස්සේ හොඳ ප්‍රවෘත්තියක් දැක්කා...
ඔබ නිවැරැදියි ජනපතිතුමනි. සමස්ත රටේත්, ජනතාවගේත්, අනාගත පරපුරේත් යහපත උදෙසා ගන්නා වූ මේ නිවැරදි තීරණයට අපගේ උත්තමාචාරය...
මම නං හිතන්නේ නැහැ කවදාවත් ඕක කරයි කියලා. හැබැයි අත්සන් කරල, එක්කෙනෙක්ට හරි මරණ දුන්නොත් ඔබතුමා ඊළඟ පාරටත් ජනාධිපති වෙනවා. අපිත් ඡන්දෙ දෙනවා. බලමු කෝ........
ඡන්ද කාලේදී පොරොන්දු උන "දුෂිතයන්ට අවීචි මහ නරකාදියට හරි ගිහිල්ලා දඬුවම් දෙනවා දෙනවා මයි" කියපු කතා දැන් අදාළ නැද්ද එතකොට? මේක නිකන් අර අතිසාරේට අමුඩ කොටයක් ගහගන්නවා වගේ වැඩක්.
ඕක අනිවාර්යෙන්ම අකුලගන්න වෙනවා. හිතුමතේ කිව්වට ඕක කරන්න ගියාම ලේසි නෑ. මම දන්නා විදියට යුරෝපා සංගමය රටවල් එක්ක ගනු දෙනු කරනවා නම් ඒගොල්ලෝ කියනවා මෙන්න මේ කොන්දේසි සපුරාල තියෙන්න ඕනේ කියලා විශේෂයෙන්ම ගිවිසුම් යටතේ කරන වෙලදාම් වලදී හරියට GSP වගේ . ඒගොල්ලෝ තදින්ම විරුද්දයි මරණීය දණ්ඩනයට. අර එකපාරක් අවරුදු ගානක් තිස්සේ ඇස්බැස්ටෝස් වලට බැනල තහනම ක්‍රියාත්මක කරන්න මාසයක් තියෙද්දී වැඩේ අනිත් පැත්තම ගැහුවා අන්තිමට දැන් එක මතකත් නෑ. ඔය රුසියාව වගේ නෙමෙයි වැඩේ අවුල් ගියොත් යුරෝපා සංගමය එක තීරණයකට අවොත් ආවම තමා (පොඩි රටවල් වලට විතරයි ) එකේ බලපෑම රුසියාව වගේ පොඩි වෙන එකක් නැහැ කවුරු මොනවා කිව්වත් අපි පුංචිම පුංචි අතදරුවෙක් වගේ රටක් අපිට තනියෙන් ඇනයක් වත් හදන්න බැහැ අනික බන්ධනාගාරයේ ඇතුලේ අවුල් ගැන ඒ මිනිස්සු කිව්වොත් (කොහොමද මරණ දඩුවම් ලැබිච්ච මිනිහ එළියත් එක්ක කතා කරන්නේ එකට මොකුත් කරන්න බැරිද වගේ) අපිට කට උත්තර නැහැ.
මෙවැනි දෙකදී සමස්ත මහජන මතය වනුයේ අඑල්ලුම් ගහ නැවත කරලියට ගෙන ඒම හොද දෙයක් බැවින් ඉක්මනින් අත්සන් කරලා ඕක පටන් ගන්න...
අපේ උත්තමාචාරය, ඔබතුමා කිව්ව එල්ලුම්ගහ නැවත ක්‍රියාත්මක කරනවා. මිනීමරුවන්ටත් සහ අධිකරණ මගින් දෙන තීන්දු ක්‍රියාත්මක කළයුතුයි. එසේම ස්ත්‍රී දූෂණයට ඔබතුමා කිව්වා මෙය අනුමත කරන්න මහජන මතය විමසනවා කියා... එය විමසන්න.
ඔබතුමාට බුදුබව අත්වේවා!!! දැන්වත් වැඩට බහිමු.
ඕක කරන්න ලැබෙන්නේ නැහැ වැරැදිකරුවන් (හිරකරුවන්) සුරැකීමේ සංවිධානය මහමග මාරාන්තික උපවාස කරාවි !!!
සමහර ඇමැතියෝ බයේ වෙව්ලනවා ඇති.
මේක බොහොම හොද තීරණයක් අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අනේ හෙට උදේට අමතකයි කියන්න එපා.
අර ඒ දවස්වල කඩුවක් වනනවයි කියල අන්තිමේදී වෙච්ච දෙයක් නැති නිසා මිනිසුන් කියන්න ගත්ත ජනාධිපති ඔය කියන තරම් දේවල් කරන කෙනෙක් නෙමෙයි කියලා. දැන් මෙතනදීත් වෙන්නේ ඉදිරියේදී හිරේ ඉඳන් මත් ජාවාරම කරන අය හෙලි උනහම ප්‍රසිද්ධ නොකර ඉඳීවිද කියන ප්‍රශ්නේ. එතකොට අත්සන් නොකර ඉන්න පුලුවන්නේද?
කලින් හොයලා බලන්න මරණ දණ්ඩනයට නියමවූවන්ට කොහෙන්ද නිදහස ලැබුනේ කුඩු බිස්නස් කරන්න කියලා. බලය පාවිච්චි කරලා එ්ක නතර කරන්න...
සතුටු වෙන්න එක දෙයක්වත් කරලා පෙන්වන්න..
බොහොම හොඳ තීරණයක්, සමහර වෙලාවට අමතකයි කියයි...
කිය කිය ඉන්නවාට වඩා ක්‍රියාත්මක කරලා පෙන්නුවා නම් තමයි වටින්නේ. බටහිර යුරෝපය හා ඇමරිකාව ඇතුළු ලෝකයේ බෝහෝ රටවල මරණ දඬුවම ක්‍රියාත්මක කරන නිසා එවැනි රට වලින් බලපෑම් ඒවි යයි සිතීම අර්ථ විරහිත ක්‍රියාවකි. සමහර විට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැනි සංවිධානවලින් විරෝධයක් මතු වුණත් එය නොසලකා සිටිය හැකි අතර රට තුල නීතිය ක්‍රියාත්මක වීමේ මන්දගාමී ස්වභාවය හා දඩුවම් පැමිණවීමේ දුබලතාවය නිසා බෝහෝ අපරාධ කල්ලි වල නායකයින් සියලුම ආරක්ෂාවන් සහ පහසුකම් සහිතව සිරභාරයේ සිටිමින් තම ගෝලයන් සිතුණු සිතුණු ආකාරයට මෙහෙයවමින් අපරාධ කීරීමට පෙළඹ වීම නිසා රටේ අපරාධ රැල්ලක් නිර්මාණය වී ඇති අතර ඒ අපරාධ කරුවන් මුලිනුපටා දැමීමෙන් රටේ අපරාධ සිදු කිරිමේ ප්‍රවණනතාවය සැළකිය යුතු මට්ටමකින් පහළ දැමීමට අවස්ථාව උදා වෙනවා ඇත.
පවක් වෙන්නේ නැහැ. අනාගත ජීවිත ගොඩක් බේරාගත් පිනක් වේවි... දැනට ඇතුළේ ඉඳන් කුඩු ජාවාරම් කරන අයටත් මේ නීතිය බලාත්මක කරන්න.
ඕක කරන්න ලැබෙන්නේ නැහැ පක්ෂ විපක්ෂ දේශපාලකයන් බොහෝ පිරිසක් ඔය මරණ දණ්ඩණය නියමවූ පුද්ගලයන්ට රැකවරණය සලසපු අය.
ඇත්තටම කුඩු කන්ටේනර් ගණන් ගෙන්වන කෙනා කවදාවත් හිරේ යන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් අයෙක් මුදල් වලට හිරේ යවනවා. ඕකෙන් වෙන්නේ ඒ අහිංසකයව එල්ලන එක. හැබැයි එල්ලන්නත් නිවැරදි ප්‍රමිතියට කඹයක් නැහැ කියල ලොකු විවාදයක් ගියා ඒ දවස් වල.
පහුගිය ඡන්ද කාලේ කිව්ව කැඩූ පොරොන්දු වගේ නොවේවා මේ පොරොන්දුත්.
ඒවගේම බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටින සියලුම වර්ගයේ අවි රජයට භාරදෙන්න කාලයක් ලබාදී එසේ නොකර ළඟ තබා අසුවන පුද්ගලයන්ටත් මේ දඬුවම ක්‍රියාත්මක කරවන්න. රටේ ලොකු වෙනසක් දකීවි ..
බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් සහ මිහිඳු මහා රහතන් වහන්සේගේ දහම් සිසිලසින් සැනසුන මගේ මව්බිම මෙම පාපතර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගෙන් බේරා ගැනීමට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න.
ඔබතුමත් එක්ක අපි ඉන්නවා මේකවත් ක්‍රියාත්මක කරන්න ජනතාව ගැන හිතලා.