(අජන්ත කුමාර අගලකඩ)
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 9කින් අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට රජය විසින් ඉහළ දමනු ලැබීය.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137 සිට රුපියල් 145 දක්වා ඉහළ දමා ඇති අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 109 සිට රුපියල් 118 දක්වා ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
මේ අතර ඔක්ටේන් 95 වර්ගය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර රුපියල් 148ක් ලෙස පැවතිනි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 කි.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි.ඒ අනුව රුපියල් 119ක් ලෙස පැවැති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 129 දක්වා ඉහළ දමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේකලා දවස් කීපයකින් ඉක්මන් උනානේ. නැත්නම් මේක යට ගහන තිබ්බා.
රට ගොඩගන්න බැරි තැනටම වැටිලා වගේ. අපේ ආනයනය සහ අපනයනය අතර වෙනස අහසයි පොලවයි වගේ. ණයට කන රටක් වෙලා ගොඩක් කල්. ඉස්සරහට රටේ තත්වේ බලලා පිටරටින් ණයත් නොදුන්නොත් ඉතින් හම්බන්තොට වරාය වගේ රටෙන් කෑල්ල කෑල්ල විකුනන්න වෙන්නේ.
වෙනස සැපද?
සනත් ඉතාලිය අයියෝ ඔයාලට අමතකද? ඉන්ධන මිල සූත්‍රය පාර්ලිමේන්තුවේ සම්මත කළා. ඔය පෙන්නුවේ නංගි.. අක්කව හෙට, අනිද්දා එළියට දානවා. අපි නොදන්න යහපාලනය!
ලෝක වෙළද පොලේ විශාල වශයෙන් තෙල් මිල ඉහල ගොස් තියෙන වෙලාවක රජය මේ වගේ අඩු මිලකට තෙල් දීම ගැන සතුටු වෙන්න ඕනේ,හරි නම් පෙට්‍රල් ලීටරයක් 200 වැඩි වෙන ඕනේ,
දුප්පතාට බස් එකකවත් යන්න බැරි තත්වයක් උදාවෙයි වගේ. ඉස්සර කාලේ වගේ බක්කි කරත්තේ තමයි යන්න වෙන්නේ.
සෝම, එහෙම හොදයිද? තාම තෙල් මිල තියෙන්නේ 2015 ට කලින් තිබුන ගානට අඩුවෙන්. ඉතින් ඡන්දෙ ගත්තේ ඕව අඩු කරනවා කියලා. අපිට කලින් ඉරානෙන් අඩුවට තෙල් ලැබුණා.. දැන් ඇමෙරිකාවටනේ කඩේ යන්නේ අපිට දැන් ඒකත් නැ. ඉන්දියාව ඇමෙරිකාවත් එක්ක හොදින් හිටියට ඉරානෙන් තමයි තෙල් ගන්නේ. එයාලට අවැසි දෙයක් කරන්නේ නැ. අපිට ඇමෙරිකාවත් එක්ක ප්‍රශ්නයක් නැ.. හොදින් ඉන්න ඕනේ.. හැබැයි රට සංවර්ධනය කරන්න ඕනේ.. නැතුව ඇති වැඩේ මොකක්ද?
ඉන්දියාවේ පැට්‍රොල් ලංකාවේ රුපියල් වලින් 175 කට වැඩියි. අපේ තවමත් 145 යි.
මෙතන අදහස් දැක්කම මට පිස්සු වගේ. වෙළඳපොළ ආර්ථීකයක් තියනකොට ඉන්ධන උස් පහත් වෙන්න ඕන. ඒක මේ රනිල්වත්, මහින්දවත්, ජනාධිපතිවත් කරන දෙයක් නෙවේ. ලංකාවට ඉතින් ඔක්කොම නිකන් දෙන්න ඕන.
කොහෙත් එකයි. මෙහෙ ඕක්ලන්ඩ් නවසීලන්තේ පෙට්‍රල් ලීටරේට අලුතෙන් බද්දක් දාලා දැන් වාහන දුවන්න බැරි ගානට වැටිලා. ඩීසල් වාහනයක් පාරේ දුවන්න රජයට ගෙවන්න ඕනේ කිලෝමීටර් ගානට දුවනවට. මෙහෙ දැන් පෙට්‍රල් ලීටරයක් 225/- ගාණක්. මෙහෙත් පාලන මිලක් නෑ. එක එක ෂෙඩ් වල එකඑක ගණන්.
ඩොලරයට සාපේක්ෂව රුපියල පහළ ගියාම වැඩි ගානක් ගෙවන්න ඕනේ තෙල් ගන්න. මොකද තෙල් වෙළඳාම කරන්නේ ඩොලර් වලින්. එහෙම නැතිව ජාත්‍යන්තර වෙළඳපලේ තෙල් වැඩිවීමම නෙමේ බලපාලා තියෙන්නේ.. මේ ඉහළ යන්නේ ජීවන වියදම.. එතකොට මිනිසුන්ගේ පඩි වැඩි කරන්න වෙනවා. එතකොට ව්‍යාපාරිකයින්ට ලැබෙන ලාභය අඩු වෙනවා.. ඒ ව්‍යාපාර වෙනත් රටවලට යනවා.. ඉතින් රට තවත් පහළට යනවා. නිෂ්පාදන අඩුවෙනවා, තව රුපියල පහළට යනවා. රට ණය උගුලක කිය කියා කෑ ගහනවා. ඇමෙරිකන් පත්තරවලට මෙහෙන් දෙනවා රට ණය උගුලක කියලා. දැන් එයි ද ව්‍යාපාරිකයෝ? මේකෙන් කොච්චර රටට හානි වුණත් මොකෝ... තමන්ට දේශපාලන වාසි තියෙනවා නම්. ඉළඟට, එල්ටීටීඊ ගේන්න කියනවා. අායෙත් යුද්ධය ඕනේ කියනවා. ව්‍යාපාරිකයෝ සල්ලි දේවිද ඒ වගේ රටකට... මොකද එයාලා ව්‍යාපාර පටන් ගන්නේ අඩුම අවුරුදු 10ක් 20 ප්ලැන් කරලා ලාබේ ගන්න. අපි අපි උපන්න රටට ආදරේ වෙන්න ඕනේ.. ලෝකේ කොහේ හිටියත් ඒ උපන්න රට අමතක කරන්න බෑ. අපේ සාමාන්‍ය ජනතාව දැනුමෙන් ඉතා පහළ, තාර්කික බුද්ධිය අඩුයි. ඉතින් මේ දේශපාලකයෝ කරන ඒවා තේරෙන්නේ නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ.. නැතුව ලෝකේ වටේ කෑ ගහලා හරියන්නේ නැහැ..
කියනවනේ රනිල්ගේ මාර මොලය. රනිල්ට තමයි ආර්ථිකය ගොඩනගන්න හැකියාව තියෙන්නේ කියලා. කෝ ඉතින්?
සෝමා ඩුබායි, ඇත්ත තමයි සෝමා කියන්නේ තෙල් 200 වුනාම මොකද
මිල සුත්තරේ.. දැන් ටික ටික මිනිස්සුන්ට වද දිදී මහබැංකුව කොල්ලකාපු සල්ලි හොයනවා.
මෙහෙ ඔස්ට්‍රලියාවේ පෙට්‍රල් මිල පහුගිය දවස් වල රු 154- 184 අතර වෙනස් වුනා සති 2-3 කට වරක් වැඩි වෙලා අඩු වෙනවා සිංගප්පුරුවෙන් ගෙනෙල්ලා විකුනන්නේ මේ දවස් වල ඇමරිකන් ඩොලරය අඩුවෙලා. තව ටික දවසක් යනකොට තව මිල අඩුවෙන්න පුළුවන්
තෙල් මිල උච්චාවචනය වීම නම් වලක්වන්න බැහැ තමයි. හැබැයි, මුල්‍ය පාලනය අන්තිම අසතුටුදායකයි කියල විගණකාධිපති පවා පෙන්වාදෙන, අදක්ෂ නාස්තිකාර පරිපාලකයන්ගේ වැරදිවලට මේ වැඩිකරන මුදල හිලවු කරන එක ගැනයි අපේ දුක.
2013 දි බොර තෙල් බැරල් 1ක් ඩොලර් 110, 2014 දි බොර තෙල් බැරල් 1ක් ඩොලර් 110, 2015 දි බොර තෙල් බැරල් 1ක් ඩොලර් 50, 2016 දි බොර තෙල් බැරල් 1ක් ඩොලර් 50, 2017 දි බොර තෙල් බැරල් 1ක් ඩොලර් 50, 2018 දි බොර තෙල් බැරල් 1ක් ඩොලර් 75 ලෝක වෙළදපල මිළ සමග සාධාරණ මිළට දීලා තියෙන්නෙ කව්ද කියලා මොළයක් තියන කෙනෙක්ට තීරණය කරන්න පුලුවන්
වෙනසනෙ ඉල්ලුවෙ අඩු නැතුව දෙනවා ඒක.
අද ඕස්ට්‍රේලියාවේ පෙට්රෝල් ලීටරයක් ඩොලර් 1.60. ලංකා මුදලින් නම් රුපියල් 200 කට වැඩියි. මීට් මාසයකට පෙර එය ඩොලර් 1.30. ඉන්දන මිල ඉහල යන්නේ ලෝක ආර්ථික රටාවට අනුවයි. ලෝකයේ සෑම රටකම ඉන්දන මිල ඉහලගොස් ඇත. පවතින රජයේ මොන අඩුපාඩුකම් තිබුනත් ඉන්දන මිල ඉහල යෑම පාලනය කිරීමට කිසිම රටක් අපොහොසත්.
අනේ මන්දා මේවා.
මම ඉන්න රටෙත් ඉන්ධන මිල මේ මාස දෙක තුනේ සිඝ්‍රයෙන් ඉහල යනවා. ඒත් මිනිස්සු දන්නවා මිල ඉහල වගේම පහල බහින්නේ වෙළදපොල උච්චාවචනය එක්ක බව.
2015 ජනවාරි 15 දා පෙට්‍රල් 92 කීයද? දැන් කීයද? සසඳන්න
පුතාලා, දූලා බොරුවට කලබල වෙන්න එපා. යළි පහත හෙලළා..!!
ලක්ෂ 62, ඔබට සතුටුයිද දැන්? තවමත් රනිල්ට කඩේ යන ඔබ ගැන නම් අපිට ගොඩක්ම සතුටුයි.
කොටසක් මහ ලොකුවට කියනවනේ රනිල්ගේ මාර මොළය, මාර ඔලුවක්, රනිල්ට ආර්ථිකය ගොඩනගන්න පුළුවන්, ජාත්‍යන්තර සහයෝගය තියනවා කියලා. නමුත් ඇඟට පේන්න නං මොකුත්ම නැහැනේ. ආපු දවසේ ඉඳන් ජනතාවට බදු බර පටවනවනේ...