නිමල කොඩිතුවක්කු
ත්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට රජය සැළසුම් කර තිබේ.
ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෙළඹ අරලියගහ මන්දිරයේ අද(11) එළිදැක්වු අවස්ථාවේදි මේ බව අනාවරණය කෙරිණි.
වර්ෂ 2050දී අවසන් කිරිමට නියමිත ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්මේ මූලික අදියර 2025 වසරේදි අවසන් කිරිමට නියමිතය.
මෙම වැඩපිළිවල යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට අමතරව අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයක්, ත‍්‍රිකුණාමලය වරාය දියුණු කිරීම, සංචාරක වැඩසටහන් දියුණු කිරීම ඇතුලූ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කෙරේ.
සිංගප්පුරුවේ සුබානා ජුරෝන් සමාගම හා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය එක්ව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම සකස් කර තිබේ.
මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්පන්දන්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු , සුබානා ජුරෝන් ආයතනයේ නියෝජිතයෝ ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවරට වරායකුත් තිබුණා නම් තමයි වඩාත් හොඳ !!!
ඒක මොන රටටද විකුණන්නේ දන්නෑ...
ත්රිකුණාමලය පැත්තේ වී ගොවිතැන එතරම්ම සරුද?
ඡායාරූප ටිකනම් ලස්සනයි.
මේ පොඩි රටට ජාත්‍යන්තර ගුවන්තොටුපළවල්, වරායවල් දෙකක් ඕන නෑ කියලා, හදපු මත්තලයි හම්බන්තොටයි එදා වේල ගැටගහගන්න විකුණලා කාලා දැන් මේ කරන්න හදන්නෙ අපේ බදු මුදලින් අපේ දරුවන්ගෙ දරුවනුත් තව ණයකාරයො කරලා ජාත්‍යන්තර වරායක් හා ගුවන්තොටුපළක් හදල දෙන එක.
ලස්සන සුරඟන කතාවක් නේද
අගමැතිතුමා ලෝකෙට විහිළු සපයනවා නේද? දැන් එක්කෙනෙක් හම්බන්තොට ඔය ටික ඔක්කොම හැදුවා. කෝ නැවක් අාවද? ගුවන් යානයක් අාවද? හරියට මැච් එකක් ගැහුවද? විලි ලැජ්ජාවක් කියලා එකක් ඇත්තෙම නැද්ද ඔහෙලට?
මේ චූටි දුපතට එකම එක ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හොඳටම ඇති... කටුනායක ගුවන් තොටුපළ නියම විදිහට කළමනාකරණය කිරීමයි කළ යුත්තේ. කාට කාට හරි හොඳ සල්ලි මල්ලක් එහෙම නැතිනම් පිට රටකින් නිවසක් සහිත ඉඩමක් ලැබෙන්න ඇති.. එ්ක තමයි මේ බොළඳ යෝජනාවන් ගෙනෙන්නේ. නමුත් මේ දියවන්නාව අසල ඇති මීහරක් පට්ටියේ සිටින මි ගවයන් ගෙනෙන ඉතාම ලාබාල මෝඩ බොළඳ යෝජනා දැක්කහම මගේ රට ගැන මහා දුකක් ඇතිවෙනවා.
එච්චර වියදම් කරන්න ඕන නැහැ මත්තල උස්සලා ගිහින් ත්‍රිකුණාමලේ හයි කරන්න.
එච්චර වියදම් කරන්න ඕන නැහැ. මත්තලා උස්සලා ගිහින් ත්‍රිකුණාමලේ හයිකරන්න.
නරකද සීගිරිය ගල උඩ එකක් හැදුවා නම්? සංචාරකයින්ට සීගිරියත් බලලා බහින්න පුළුවන්..
වැඩේ නම් ලස්සනයි. එවැනි ප්‍රදේශත් දියුණු විය යුතුයි. ත්‍රිකුණාමලය ඇත්තටම ලස්සන තැනක්. ඔය පින්තුර වල තියන නගර ප්‍රදේශය දියුණු කරලා ගත්තොත් තවත් හොඳයි. අවුරුදු ගණනක් ත්‍රිකුණාමලයට ආ ගිය කෙනෙක් හැටියට මොන පක්ෂය කෙරුවත් මම නම් කැමතියි.
අධිවේග මාර්ගයකින් කටුනායක ගුවන්තොටුපල නැගෙනහිරට සම්බන්ද කෙරීම තමා සුදුසු. මේ ගමන රට උකස්කරන්නේ මොන රටටද?
මට නම් හොඳටම විශ්වාසයි ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට දියුණු රටක් බවට තව අවුරුඳු 5ක් ඇතුලත පත්කරන බවට. දැනටමත් මොන තරම් වැඩ කොටසක් කරලා තියනවද. අමතක කරන්න එපා අපේ රටට අත්වෙලා තිබුන ඉරණම.
ඕක එච්චර ගනන් ගන්න එපා. ඔය සැලසුම් කඩදාසියට විතරයි. අපිටත් කවදාහරි අර චුට්ටෙ කියනවා වගේ "මං කිව්වෙ ඕක හරියන්නෑ කියලා" තමයි කියන්න වෙන්නෙ.
ෆොටෝ ෂොප් භාවිතයෙන් ඕන සුරංගනා ලෝකයක් මවලා පෙන්නන්න පුළුවන්.
කෝ දැන් යහපාලනෙට බැනපු කට්ටිය? ගරු අගමැතිතුමා අනිවාර්යෙන්ම මේ රට 2020 දී පංචවිද ප්‍රතිපත්තිය අනුව දියුණු රටක් බවට පත් කරනවා,
අපිට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. මත්තල ගුවන්තොටුපොළ පිහිටලා තියෙන්නේ වෙළඳ ආර්ථිකයට අවාසි සහගත තැනක නිසා එය ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදාගැනීම නුවණට හුරු නැත.
ඔව්වා බොළඳ කතා. දැන්මම බොරු චාරිකාව පටන් අරගෙන. කාට කියන්නද..
අනේ මහා ලොකුවට වරායවල් ගුවන් තොටුපොළවල් තෙල් ටැංකි මොනවා හැදුවත් අන්තිමට කරගෙන යන්න බැහැ කියල විකුණලා දාන එකනේ කරන්නේ. හැදුවට ඒවා සැලසුම් කරලා මෙහෙයවන්න කාටද පුළුවන් කියලා දැන්මම කියන්න බලන්න.
මම අගමැති උනාම අපේ ගම්පලාතේ ගිරාඳුරු කෝට්ටේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හදනවා...
ඔන්න සිංග්ප්පූරු ගියා විතරයි ආයෙත් ආතල් දෙන්න පටන් ගත්ත
නරකද මුළු ලංකාවම තනි එයාපෝට් එකක් කළානම්? අපිට ගෙදර ඉඳගෙනම ප්ලේන් එකේ නගින්න පුළුවන්.
කුහක කමෙන් පිරුණු මොවුන් මත්තලට කල දේ අපි දැක්කා.. දැන් මේ මොන විකාරයක්ද..
අද දවසේ හොඳම විහිළුව..... මුළු රටම ප්‍රපාතේ......ජනතාව මහා පිඩනයකින් ගීවත්වෙන්නේ..... රටේ පාලකයෝ අහසේ මාලිගා හදනව.....පාලකයෝ ජනතාවගේ මුදල් වලින් ගීවත් වෙන නිසා එව්ගොල්ලන්ට මේවා පෙන්නේ දැනෙන්නේ නැහැ..... එදිරියේදී අපිට මහා කෙධවචකයකට තමි මුහුණ දෙන්න වෙන්නේ.... තට්ට නැති පව්ලක් වගේ සමේ තෙනකම හොර මැරකම්, පාලකයෝ මුළු රටම හුරගෙන කනවා අනේ අපේ අවාසනාව......
මුණු වලින් පේනවා ඔය තරම් උවමනාව සහ සිනහව හොඳ සල්ලි කුට්ටි මෙහෙම ව්‍යාපෘති ගෙනල්ල ගිලින්න පුළුවන් බව දන්නා නිසා
මේ මිනිස්සු කාටද මේ බොරු කියන්නේ? වරායවල් හදන්න තියා කැඩුණු පාරකට තාර ටික දාගන්න සල්ලි නැහැ
රටේ මිනිස්සු කන්න බොන්න නැතුව දුක් විදිනවා. ඒ මිනිස්සුන්ට වාහනයක් ගන්න බැරි තරමට වාහන මිල ඉහල ගියා, තව ඒ මිනිස්සුන්ගෙන්ම බදු ගහලා ගුවන් තොටුපොලවල් හදනවා. ඔක්කොටම කලින් මිනිස්සුන්ට ජීවත් වෙන්න පහසුකම් දෙන්න ඕන
මේ තියෙන දේවල් වෙනවා නම හොදයි තමයි ඒත් ත්‍රිකුණාමලයට ක්‍රිකට් පිටියක් නම් ඕන නෑ පිට්ටනි මහා ගොඩක් තිබුනට ඒ තරම් ක්‍රිකට් තරග නැහැනේ. රාජපක්ෂලත් පල්ලෙකැලේ හැදුවා හම්බන්තොට හැදුවා ක්‍රිකට් පිට්ටනි. එත් අපරාදේ සල්ලි හම්බන්තොට පිට්ටනියේ තරග පවත්තන්නෙත් නෑ. අපි ක්‍රිකට් වලට ආදරෙයි ඉන්න පාලකයෝන්ට වඩා තවත් බොරුවට ක්‍රිකට් පිට්ටනි හදලා අපේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ටිකයි අපේ ක්‍රිකට් ගහන කොල්ලෝ ටික ගේන සල්ලි ටිකයි විනාශ කරන්න ඕන නෑ
දැනට තිබෙන වරායවල් ගුවන්තොටුපොලවල් විතරක් නෙවෙයි බුලත්විට කඩයක්වත් හරියට කරන්න බැරුව තවත් ලෝකයට ණය වෙලා ගුවන්තොටුපෙලවල් හදන්නේ.
දේශපාලකයෝ ඕන ඕන තැන්වල වරායවල් හදනවා ගුවන්තොටුපොළවල් හදනවා. අපි ගෙවනවා. දැනට මේ රටට ඉතා වේගයෙන් අවශ්‍යව ඇත්තේ කටුනායක නවීකරණය කොට ඉතා ඉක්මනින් අවම වශයෙන් මිලියන 20-30 අතර ගුවන් මගින් සංඛ්‍යාවක් හැසිරවිය හැකි ආකාරයේ ගුවන් තොටුපලක් කිරීමයි. අකමැත්තෙන් හෝ මත්තල තියෙන හින්ද හදිසියකදී භාවිතයට අවශ්‍ය ගුවන් තොටුපලක් පවතිනවා. රටේ කිසිම ක්ෂේත්‍රයකට අනාගත දැක්ම සැලසුම් කල හැකි ආයතනයක් හෝ මණ්ඩලයක් නැහැ. සියලු දේ වෙන්නේ දේශපාලකයෝ ඉපදෙන තැන අනුව හරි, ඒ අය ගිය ඉස්කෝලේ අනුව හරි ඒ අයගේ පන්තිය මත.
ජපානයෙන් කාර් කෑලි ගෙනල්ලා බට් කරලා කාර් හදනවනම් මත්තල නිකම් තියෙන එක කෑලි වලට ගලෝලා ත්‍රිකුනාමලේ හයි කරන්න පුළුවන්නේ. මේවට හොඳ වැඩකාරයෝ ඉන්නවා
තවත් ගැරීමක් වගේ, අනේ ඔයාලටනම් හොඳයි, අපිට තමයි දුක.
කෑගල්ලටත් වරායක්, ඕනි.....
මොනවද මේ මෝඩ වැඩ? තියෙන මත්තල විකුණලා අලුතෙන් හදන්න හදන්නේ ? මේවට ආපහු රට ණය කරන එක නේද වෙන්නේ ?
ත්‍රිකුණාමලයට වඩා අනුරාධපුර හෝ දඹුල්ල සුදුසු තැන
කරන සහ කරපු දෙයක් නැහැ.
මොනවා හැදුවත් වැඩක් නැහැ අන්තිමට සිද්ධ වෙන්නේ කාටහරි විකුණලා දාන්න වෙනවනම්. අන්තිමට ඕවා විකුණන කොට අපිට තියෙන භූමියත් නොරටුන්ට අයිති වෙනවා. ඔක්කොටම කලින් ගුවන් තොටුපොළවල් වරායවල් ගුවන් සමාගම් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි වගේ මහා ලොකු වැඩ සාර්ථකව කරන්න පුළුවන් බුද්ධිමතුන් ඉන්නවද කියලා හොඳට හොයා බලන්න ඕනි. දැනට පේන විදියටනම් ඔය මොකක්වත් බැහැ වගේ.
එතකොට මහේන්ද්‍රන්ට සිංගප්පුරුවේ ඉඳල එන්න පුළුවන් 2050 දී. කොහොමද අපේ අකමැති තුමාගේ මොලේ?
රටක් දියුණු වෙන්නනම් රටට විදේශ විනිමය ඕනේ ,රට විකුණන්නේ නැතිව සංවර්ධනය වෙනවනම් මම නම් කැමති .
අයියයියෝ ...ඕගොල්ල ඔක්කොටම වැරදිලා මේක අගමැතිතුමා ගොඩක් දුර දිග බලල කරපු වැඩක් .... හිඟුරක්ගොඩ ගුවන්තොටුපළ හදද්දී වක්‍රාකාරව දියුණුවෙන පැති තියනවා .......... මෝඩයින්ට එක තේරෙන්නේ නැහැ ... 225 ත් එක්ක හොඳට සාකච්ඡා කරලා මේ තීරණය අරන් තියෙන්නේ .... 1. ප්‍රවාහනය දියුණු වෙනවා මොකද වොක්ස්වැගන් කර්මන්න්ත ශාලාවෙන් එන වාහන විතරයි මේකේ වැඩට ගන්නේ ...එතකොට විශාල රැකියා ප්‍රමාණයක් බිහිවෙලා ලංකාවේ රැකියා ප්‍රශ්නය සම්පුර්ණයෙන්ම විසදෙනවා 2. මේකට යාකරනවා ප්‍රධාන ගුවන් ගමන් මාර්ගය [මත්තල වගේ නෙමෙයි ] එතකොට ලංකාව වටෙන් යන ඔක්කොම ගුවන්යානා මේකේ බානවා .... එතකොට විශාල වශයෙන් විදේශ විනිමය ලැබෙනවා ... රුපියල අගය ඉහල යනවා .... එතකොට ඩොලර් හරි ඉයුරෝ වලින් තමයි ලංකාවේ ගනුදෙනු කරන්න වෙන්නේ 3. ඔන්න එතකොට තමයි ලංකාවේ මිනිසුන්ට තේරෙන්නේ ඇයි දේශීය අදායම් කොමසාරිස් ඒ වගේ ටැක්ස් ක්‍රමයක් හැදුවේ කියල ...කොහොමද ටිකිරි මොලේ 4. අනික මේකට කොච්චර වියදමක් ගියත් ඒ මුලුවියදම සතයක්වත් මහජනයාට පටවන්නේ නැතිව උපයන ඩොලර් වලින් කවර් කරගන්නවා තව ගොඩක් දේවල් තියනවා ...එත් ඒවා කියන්න ඉස්සෙල්ල ..එත් ඕනේ නැහැ
මත්තලට වඩා අනිවාර්යයෙන් ප්‍රයෝජනවත්.
අපේ ගේ ඉස්සරහ වරායක් හදන්න බැරිද? මට නැවෙන් වැඩට යන්න.
පරාක්‍රම සමුද්‍රයේ වරායකුත් හදමු.
මත්තල ගුවන් තොටුපොළට ගුවන්යානා මොනරු නිසා එන්න බැහැ. ඒත් ත්‍රිකුනාමලේට?