රංජන් කස්තුරි
ඉන්ධන මිල අද (11) රාත්‍රී සිට යළිත් ඉහළ දමා තිබේ.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඊට සාපේක්ෂව මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල ඉහළ නංවා ඇත.
මිල සූත්‍රය සලකා බලන කමිටුව අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී රැස්වී එම තීන්දුව ගෙන ඇතැයිද පැවසේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ යන අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් හතරකින් ඉහළ යන අතර නව මිල රුපියල් 161කි. ඔටෝ ඩීසල් ලීටයරක නව මිල රුපියල් 123ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල 133කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 62 වෙනස සැපද? ඔබට සතුටුයිද දැන්?
හුරේ....
තවම 2015 ජනවාරි 8 වෙනිදා වෙනකොට තිබ්බ ගාන ඇවිත් නැහැනේ. මම මේ මතක නැති හින්ද කිව්වේ.
ඔව් සතුටුයි මොකද තාම පසුගිය ආණ්ඩුවේ තෙල් මිලට වඩා අඩුයි තාමත් හොදේ
කෝ කෝ අර සතයපාල සහ පිට රට ඉදන් කත් අදින අය. අපි තමයි මෙහෙ ඉදන් මේවා ගෙවන්නේ
රටකට මෙහෙම ඉදිරියට යන්න බෑ. මේකෙන් තේරෙන්නේ රටේ මුදල් සංචිත බින්දුවට වැටිලා පිටරටින් ඒ අඩුව පුරවන්න මුදල් ණය විදියටවත් ලැබෙන්නේ නැති බවයි. මෙහෙම ගියොත් රට උකස් කරන්න හෝ හම්බන්තොට කළා වගේ විකුනන්න වෙනවා.
මිල සුත්‍ර කමිටුවේ සාමාජිකයෝ එකෙක්වත් යාචකයෙකුට දියයුතු අවම ගණන වත් දන්නේ නෑ වාගේ.
මොන ගොන් වැඩක්ද මේක... ඉස්සර තෙල් වැඩි උනත් අඩු උනත් ඒක උනේ අවුරුදු කිහිපයක් ගිහින්. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට එය විශාල පහසුවක් උනා. දැන් මේ කරන විකාර වැඩේ නිසා තෙල් ඇමතිගේ ගෝල බාල ඉන්ධනහල් හිමියෝ ටික ගොඩ යනවා. මේ කරන්නේ තනිකරම ජනතාවගේ ජීවනබර සමග ක්‍රීඩා කිරීමක්. මේ පුංචි රටට මෙච්චර සංකීර්ණ ආර්ථික ක්‍රම උවමනා උනේ අසාර්ථක සහ අවුල් සහගත දේශ-පාලනයක් මේ රටේ බිහි වූ නිසයි.
පැට්‍රොල් ෂෙඩ් කාරයෝ එක රැයින් කෝටිපතියෝ වෙනවා. එකත් නරක නැත.
දියවන්නාවේ ඉන්න නොහැකියාවෙන්..... පෙලෙන ....දුර්වල ..එඋන් නිසා ලංකික ජනතාවට සුගතියක් වෙන්නේ නැත ...
ටයි කෝට් ඇඳගෙන ඇඟපත පුම්බං ආර්ථික ඔස්තාර්ලා වගේ හිටියට මේ කල්ලියට රටේ ආර්ථිකය කලමනාකරණය කරගන්න බැහැ. රැපියලේ අගය එන්න එන්නම වේගයෙන් පහළට වැටෙනවා. ඒනිසාම රැපියලට සාපේක්ෂ ණය සංචිතය එන්න එන්නම වැඩිවෙනවා. ජනතාවට නැට්ටටම බදුබර පටවල. රටේ ඔලුව උස්සන්න බලං ඉන්න මධ්‍යම පන්තිය තවත් පහළට තල්ලු කරනවා. බදු මදිවට පාරවල් දිගේ ගිණිගහන දඩ. ලක්ෂ 62 තැටියට දාගත්තෙ කුණුවූ රොටියක්. ඒවුනාට ලොක්කො ටික ජනතා මුදලින් ආර්ථික සමුලුවල ලොකු ටෝක්. රටේ දරුවන්ගේ අනාගතය එක්කයි මේ අය සෙල්ලම් දාන්නේ.
රජතුමාගේ කාලේ උසාවි නියෝගයටවත් ගරු නොකරමින් පෙට්‍රල් විකුණපු ගානට තවම ඇවිත් නැහැ නේද?
මිල වැඩි වන විට තමයි මිල සුත්‍ර මතක් වෙන්නේ. මිල අඩුවෙන කොට බලන්න ස්ථාවර ගාණක් වෙයි
ඒ කියන්නේ බස් ගාස්තු. ත්‍රීවීල් ගාස්තු ඉහළට සහ දුම්රියෙන් යන පිරිස වැඩිවීම, ප්‍රවාහන අමතිතුමෙනි, තව කොච්චි ටිකක වැඩිපුර දන්නා වෙයි, ඔය මරදානේ දිරපත්වන ඒවා.
මෙහි මිළ සූත්‍රයක් නැත. ඔවුනට හිතෙනා ගණනට අප මිලදී ගතයුතුය. කිසිදාක මිළ සූත්‍රය පෙන්වන්නේ නැත. දැණගැණීමේ අයිතියක් අපහට නැද්ද?
රටට සැපයක් වෙලා තිතෙන්නේ මේ වගේ අයටත් සර්වජන ඡන්ද බලය ලැබීමයි. මහින්දගේ කාලේ තෙල් මිල මීට අඩුයි. ඒත් ඒකාලේ යුද්ධය වෙනුවෙන් විනාඩියකට රුපියල් හැට දාහක වියදමක් දරාගෙන. වැරදි දේ වැරදි විදියට දකින්න මනස අවදිකර ගන්න
මේ රටේ මිනිස්සු හිගා නොකා හිගා කන තත්වයට ඇද දාල තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නේ. මේකේ කමෙන්ට් කොටන උනුත් අර ආන්ඩුවට වඩා අඩුයි මේ ක තාම හොදයි කිය කිය සන්සන්දනය කර කර ඉන්නවා වහල් මනසින්. අද රටේ පඩි ගෙවා ගන්නවත් සල්ලි නෑ කියල දන්නේ කීයෙන් කී දෙනාද. මොකක්ද මේ රටේ මුදල් ප්‍රතිපත්තිය මෙහෙම බදු වැඩි කරන්න ලක්ෂ ගණන් පඩි ගෙව ගෙව නිලධාරින් කන්තෝරුවල තියා ගන්න ඕනද. අද රටේ හැම මගුලටම එකම විසදුම බදු ගහන එක. මිනිස්සු කොහොමද මේ බර දරන්නේ කියන එක ඒව පනවන උන්ට වැඩක් නෑ. හරක් 225ක් නඩත්තු කර කර මේ රටේ හැට හැට හමාරක් ඉන්න නිලධාරියොත් නඩත්තු කර කර මේ රටේ මිනිස්සු අපි දුක් විදිනවා අද.
හරි පුදුම අදහස් සමහරු දමාලා තියෙන්නේ! ලෝක වෙලදපොලේ තෙල් මිල වැඩිවෙනකොට ලංකාවේ විතරක් නොවේ හැම රටකම වැඩිවෙනවා! රුපියල් හතර මෙයාලට උහුලන්න බැරි බරක් වෙලා.
ඔය මිල සූත්‍රයට අනුව මහින්දගේ කාලේ තිබුණු බොරතෙල් මිලට පෙට්‍රල් ඩීසල් වල මිල හොයාගන්න බැරිද ?
ඔය මිල සූත්‍රයට අනුව ඒ කාලේ තිබුණු බොරතෙල් මිලට පෙට්‍රල් ඩීසල් වල මිල හොයාගන්න බැරිද ?
ඔව් තෙල් වගේ දේවල් අඩු වෙන්නේ කලාතුරකින්. මමත් ඉන්නේ පිට රටක එකයි මේ කියන්නේ ඊයේ තෙල් මිල වැඩි උනා. අර කියනවා වගේ තෙල් නිෂ්පාදනය රටවල තෙල් මිල වැඩි කරනකොට ලංකාවට අඩුවට දෙන්න පුලුවන්ද? දෙන්න පුළුවන් කාලේ දුන්නේ නැහැ සමහර ආණ්ඩු .
මහින්දගේ කාලේ අරක වැඩියි මේක වැඩියි කියල බලයට ඇවිල්ලා, කිසිම සොයා බැලීමක් නැතුව මිල අඩු කලා. තෝරාගත් රජයේ සේවක කොටසකට විශාල ප්‍රමාණයකින් පඩි වැඩි කලා. එතකොට ඉබේම අය වැය පරතරය වැඩි උනා. ඊට පස්සේ ඒවා පියවන්න බදු වැඩිකළ. දැන් ආපහු හැම දේකම මිල ටිකෙන් ටික ඒ කාලේ තිබුණ ගානටම ගේනවා. ඒ කියන්නේ ඒ කාලේ තිබුණ ආර්ථික කළමනාකරණය නිවැරදියි කියන එකනේ. අන්තිමට මෙයාලා කරලා තියෙන්නේ හොඳට තිබුණ ආර්ථික සැලැස්ම විකෘර්ති කරලා, මහා බැංකුවත් සුද්ද කරලා, රුපියල මස්තබාල්දු කරපුඑක විතරයි.
මෙතන ඉන්න ඔක්කොම වැඩ කාරයො වගේ මට පේන්නෙ. ගෙදර ආර්ථිකේ කරගන්න බැරි එවුන් රටේ ආර්ථිකේ ගැන කතා කරනවා.
මම හොඳ වෙලාවට බයික් එකට පැට්‍රල් බාගයක්ම ගහගෙන තිබුනේ !
ලෝක වෙලඳ පොලේ තෙල්මිල ඉහළ යනවිට ලංකාවේ තෙල්මිල ඉහළ දැමීමත් ලෝක වෙළඳ පොලේ තෙල්මිල පහළ යන විට ලංකාවේ තෙල්මිල පහළ යාමත් වහලුන්ට හැර අනිත් ජනතාවට තේරුම් ගතහැකි හා පිලිගත හැකි ක්‍රමවේදයකී.එය එසේ නමුත් ඒ සමයේ ලෝක වෙළද පොලේ තෙල්මිල පහළ ගිය විට ලංකාවේ තෙල්මිල පහළ යනවා වෙනුවට ගියේ ඉහළට ලෝක වෙලද පොලේ ගෑස් මිල ඉහළ යනවිට ලංකාවේ ගෑස් මිල ඉහළ ගිය අතර ගෑස් මිල පහළ යනවිට ලංකාවේ ගෑස් මිල එලෙසම තබා ගනිමින් වැඩි වැඩියේන් සැප ගත්තාය. ලෝක වෙළද පොලේ කිරිපිටි සීනී අල හා බී ළුණු වැනී අතවශය ආහාර වල මිල පහළ ගිය විට ඒවට බදු පනවමින් තම පවුලේ සුඛ විහරණය සදහා එම මුදල් භාවිතා කලහ.අවසානයේ කිවයුතු කරුණ නම් වසර තුනාමාරකට පසුවද තෙල් කිරිපිටි ගෑස් අර්තාපල් පරිප්පු බී ළුණු හා සැමන් වැනි අතවශය පාරිභෝගික භාණ්ඩ වල මිල තවමත් එදාට වැඩිය අද පහළ මිලක පැවතිම ගැන යහාපාලනය සදහා ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාව වු අපට සතුටුය.
පෙට්‍රල් ලීටරයක මිල අනිවාර්යෙන් 250 කරන්න ඕනේ..... යහපාලන රජය ජනවාතට සහනේ දෙනවා....
ඔන්න බලන්න 2020 වෙනකොට හැම දෙයක්ම අඩුකරනවා. අහුවෙන්න එපා ඒ ගැටේට.
උනුත් එකයි, මුනුත් එකයි. අපි හැමදාම කෙලවා ගන්නවා පමණයි.
බදු ගෙවන්න අකමැති උනොත් .. මේ තියන දේවල් නඩත්තු කිරීම සහ දීර්ඝකාලීන භාවිතයට ගැනීම බිඳහෙලා වැටෙනවා ... !!!