(ආරියරත්න රණබාහු නිවිතිගල සිට...)
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල අඩුකර ඇති නිසා මිළඟ රජයක පාලකයා වන්නේ අගමැතිවරයා බැවින් සියලුදෙනා අවධානය යොමුකළ යුත්තේ දුෂණය, වංචාව, හොරකම නැති අයෙකු අගමැතිවරයා ලෙස බලයට පත්කර ගැනීම සඳහා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවිතිගලදී අද (08) පැවැසීය.
නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පවා විවිධ අදහස් පලකරන බව කී ජනපතිවරයා, එහෙත් ඒ තීරණය කළයුත්තේ තමා බවද කීය.කෙසේවෙතත් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නොපවත්වන බවද හෙතෙම කීය.
පසුගියදා කොළඹ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) උද්ඝෝෂණය ගැන සඳහන් කළ ජනාධිපතිවරයා කියාසිටියේ පොහොට්ටුවේ අය එය සාර්ථක බව පවසන නමුත්, එජාපය පවසන්නේ එය අසාර්ථක වූ බවයි.
මොවුන් දෙපිරිසම අධිතක්සේරුවකින් කටයුතු කරන බව කී ජනපතිවරයා මී ළඟ මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සාධකයක් වන බවද කීය. ඒ සඳහා උදාහරණ දැක්වූ ජනපතිවරයා කියාසිටියේ පෙබරවාරි 10වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව එම පක්ෂයට මහ මැතිවරණයකදී ලබාගත හැකිවන්නේ ආසන 102ක් බවය. එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද ලක්ෂ 15ක් ලබාගත් බවද, එය මේ වනවිට ලක්ෂ 20 දක්වා වැඩිකරගෙන ඇතැයිද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ නිවිතිගල මහජන පොළ භූමියේ අද (08) පෙරවරුවේ පැවැති ශ්‍රීලනිප තරුණ බල මණ්ඩලයේ රැස්වීම අමතමිනි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේවත් සාර්ථක, අසාර්ථක භාවයක් ගැන අප නම් කිසිදු උනන්දුවක් නැත. ඒ පිළිබඳව කතා කිරීමට විනාඩියක්වත් නාස්ති කිරීම මහා පාපයකි. මක්නිසාදයත් ඔය කියන, නොකියන හැම පක්ෂයක සිටින්නේ ගවයින්ය. කිසිදු වැදගැම්මකට නැති අය ගැන කතා කිරීමට වටිනා කාලය අපතේ හැරීම ඔහුට නොතේරීම කණගාටුවට කරුණකි. අපට අවශ්‍ය වන්නේ අප රටේ සාර්ථකත්වය හැර, එක එක පක්ෂවල නැගීම බැසීම නොවන බවට සඳහන් කිරීමට කැමැත්තෙමු.
විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල නොව එය මුළුමනින්ම නැති කරනවා.කිව්වා වාගෙයි මට මතක.
අනිකාගේ කිළුටු වූ රෙදි පිලිබදව කතා නොකරන. තමාගේ කුණු පිලිබදව පමණක් කතා කරන. මහජන නියෝජිතයන් කවදා අප රටට බිහිවේද. එදාට අපගේ මාතෘ භූමියට රටේ දියුණුව නමැති සුර්යාගේ කිරණ නිසිලෙස පතිතවනු ඇත. අප රටේ මුල් පුරවැසියාට මෙම අදහස් කියවීමට ලැබේවා !
මිහිරි සිහින දකින සුව නින්දකට.
අනුන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පැත්තට ඇඟිලි හතරක් දික් වෙනවා කියලා මතක තියා තියාගත්තොත් හොඳයි ජනාධිපති තුමනි
අභිමානවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මළගම - පක්ෂේ නායකයාගේ පක්ෂය තුන්වෙනි බලවේයග වීම ගැන පම්පෝරි ගහනවා - ලෙඩා මලත් බඩ සුද්දයිලු
අගමැති තනතුරටත් තුන්පාරක් ඉල්ලන්න බැහැ කියලා නීතියක් නෑ නේද? එහෙම නම් ඉතින් මෙහෙම ගියොත් ඊළඟ අගමැති කවුරු විය හැකිද කියන එක කාටත් තේරෙනවා ඇති මඟේ හිතේ. එදාට ඉතින් අවශ්‍ය දේ කරගන්න ඔය කියන ගණන් හිලව් නීති රීති ඒතරම්ම වැදගත් වෙන එකක් නැහැ.
කවුරුවත් අපිට එපා එපාමයි. දකිනකොටත් අපිට දැන් බඩේ අජීර්ණේ හැදෙනවා.
වැඩි කර ගත්ත ඡන්ද ගාන හරියටම හරිද?.. නැහැ මම මේ ඇහුවේ "ලක්ෂ" ගණනකින් කියන නිසා.
යන යකා කොරහ බිඳගෙනමයි යන්න හදන්නේ. ඝෝඨාභයට තිබෙන බය හොඳට පෙනෙනවා. මේ ගොල්ලෝ මෙච්චර බය නම් අරගොල්ලෝ කොච්චර බය ඇත්ද? අපි ඔය කාටවත් බය නැත.
ලක්ෂ 20 දක්වා වැඩි කර ගත්තේ කොහොමද හිටන්?
ඔබතුමා ඔක්කොටම වැඩිය අධිතක්සේරුවකින් ඉන්න බවයි පේන්නේ. ජනතාව දීපු වගකීම ඉෂ්ට නොකර තවත් ඡන්ද ගැන බලාපොරොත්තු තියන් ඉන්නේ...
මෙයා බලාපොරොත්තු වන්නේ කාගේ හරි ඇඟේ එල්ලිලා ඊළඟ පාරත් ජනාධිපති වෙන්නට. එ්ත් එක්කම රාජපක්ෂට කෙලවන්න. දැනුත් ඉතින් ඉන්නේ දූෂණය, වංචාව, හොරකම නැති අයෙකු අගමැතිවරයෙක්ද?. අනේ අම්මපා!.
අයියෝ ලක්ෂ 5 ක් වැඩි වුණේ ලක්ෂ 50 ක් අඩු වෙලා නේද?
ඒ කියන අගමැතිවරයා කිසිසේත්ම ඔබ නොවිය යුතුයි. මේ රටේ අනාගත නායකත්වයට ඔබලා කවුරුවත්ම එපා. කුහක ජවිපයත් එපා. මේ රටට ඕනේ පොළවේ පය ගහලා ඉන්න, මිනිසුන්ගේ හදගැස්ම හඳුනන නායකයෙක්... දුප්පතුන් දිහා බැලිය හැකි නායකයෙක්...
කොහොමද කියන්නේ ලක්ෂ 15 සිට ලක්ෂ 20 දක්වා වැඩිකරගන ඇතැයි කියලා? සුමනදාසද කිව්වේ? ඡන්දයක් තිබ්බෙත් නැහැ මෙහෙම කියන්න.
බොහොම හොඳ දෙයක්. නමුත් අලුත් මැතිවරණකින් පත්වෙන අගමැති වරයට ඒ විධායක බලතල දෙන්න. දැනට ඉන්න අගමැතිවරයාට ඡන්දෙ දෙද්දී ජනතාව එයට විධායක බලතල ලබාදෙන්න යන බව දැනගෙන උන්නා නම් කවදාවත් එයාට අගමැති වෙන්න ඉඩ තියන්නේ නැහැ. කොටින්ම මම ඡන්දෙ දුන්නෙත් එයාට විධායක බලතල ඇති අගමැතිවරයෙක් වෙන්න නෙමෙයි. ඉතින් පස්ස දොරෙන් විධායක බලතල තව කෙනෙකුට පවරාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා නැහැ නේද? ඔබතුමාට අපි ඡන්දෙ දුන්නේ ඔබතුමා විධායක ජනාධිපති කරන්න මිසක් වෙන කෙනෙක් කුට ඒ බලතල දෙන්න නෙමෙයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමන්ගේ පක්ෂයේ නායකයා තෝරාගන්න අයිතියක් නැති පක්ෂයක කෙනෙකුට විධායක බලතල ලබාදීම කියන්නේ අපට කොලේ වහල රටට යාවජීව ඒකාධිපතියෙකු බිහිකිරීමයි. රටත් ජාතියත් වලපල්ලට යවන්න නම් එපා.
දැනුත් එහෙමනේ, මොනවටද 2020 වෙනකං ඉන්නේ...?
ඔබතුමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දු වුණෙත් නැහැ. ජනමත විචාරණවලට තුඩුදෙන ව්‍යවස්ථා සංශෝධන ගෙනෙනවා කියලා 2015දී පොරොන්දු වුණෙත් නැහැ. ඉතින් කොහොමද මීළඟ රජයේ පාලකයා අගමැතිවරයා වෙන්නේ? කරුණාකරලා තමන්ට ලැබුණු ජනවරමට අනුව කටයුතු කරන්න.
එහෙම කෙනෙක් නම් ඉතින් වර්තමාන පාර්ලිමේන්තුවෙන් පිටතින් තමා හොයා ගන්න වෙන්නේ.
ජනාධිපතිම කියා ගන්නවා 19 වෙනි සංශෝදනය නිසා එයට බලතල නැහැ කියල. ඒ කියන්නේ එයා දැන් පඹයෙක්. අගමැතිට ඕන විදියට තමයි රටේ වැඩ වෙන්නේ. ජනාධිපති නඩත්තු කරන්න රටේ මුදල් කොටි ගණනක් වියදම් වෙනවා. නමුත් ජනාධිපති කියන විදියට එයාට කිසි බල තල නැති පඹයෙක් විතරයි. රටේ මුදල් තවත් බොරුවට නාස්ති නොකර ඔය ජනාධිපතිකම දැන්මම අත හැර ගෙදර ගියොත් නේද හොඳ. එතකොට ඔබ නඩත්තු කරන කොටි ගණන් මුදල් වලින් දුප්පත් ජනතාවගේ සුභ සිද්ධිය සදහා යොදවන්න පුළුවන්.
මෙතුමා හීන දකින්නේ. කොහොමද කියන්නේ චන්ද වැඩ වුණා කියල. ඔබතුමාගේ සහ පක්සයේ තවත්වය අනුව තවත් ඡන්ද අඩු වෙලා තියෙන්නේ. අධිතක්ෂේරුවෙන්න හිතන්න එපා. මමත් ඔබට ඡන්දය දුන්නා. ඒත් ඒ අගන මම පසුතැවෙනවා. මාත් කිසි දාක ඔබට නම් ඡන්දෙ දෙන්නෑ. මුල මතක නැතිවෙනවා. නැග්ග ඉනිමගට පයින් ගැසීමේ විපාක ඔබට ඉදිරි ඡන්දයකදී මූන දීමට සිදුවෙයි.
මීට පස්සේ මල්ටිබැරල් සංග්‍රහය කරන්න ඔන වුණොත් පාර්ලිමේන්තුව කැඳවලා අවසර ගන්නවේවි. එතකොට අපිට කෙලවෙලා ඉවරයි නේද මහත්තයෝ.
බණ්ඩාරනායක මහත්තයා හදපු පක්ෂය කාපු මිනිහ තමයි මේ කතා කියන්නේ
පක්ෂ භේදයකින් තොරව හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් හැකි, කොන්ද පන තියන ඡන්ද දායකයින් ඇතිවන තුරු ලංකාව වල පල්ලට යාම නැවැත්විය නොහැක. බියකරු සත්‍යය මෙයයි.
අපේ රටේ මෙතෙක් බිහිවූ අසාර්ථකම නායකයා තමා මේ පොර ටෝක් දෙන්නේ.
මේ කවුරුත් එපා.දේශපාලනය අප්පිරියයි .
අගමැති, ජනාධිපති හෝ කවුරුහරි 'පාලකයෙක්' ඊළඟ රජයේවත් හිටියොත් හොඳයි.
එය ඔබගේ තීරණය නොවේ......ලාංකික පුරවැසියන් තීරණය කරාවි එය
නාගහනන්ද මහතා වගේ දුෂණය පිටුදකින කෙලින් කතාකරන පුද්ගලයෙක් පමණයි අපේ නායකයා විය යුත්තේ......
මෙවැනි දීර්ඝ සටහනක් තැබීමට මා පෙලඹ වූ හේතුව වන්නේ මේ ආකාරයට තව දුරටත් මෙවන් අසීලාචාර බංකොළොත් දේශපාලුවන් එවැනි පසුබිමක් යටතේ ජනතාවගේ වන්දනීය ගරු බුහුමනට පාත්‍ර වන මෙම උත්තරීතර පාර්ලිමේන්තුවේ තැබිය යුතුද බව? වසර 70ක් තිස්සේ මේ මේ රටේ අහිංසක අසරණයන් පීඩිත පංතියේ දිලිඳු මිනිස්සු අසරණයෝ නිහඬ වූහ. කුහක අසමජ්ජාතී මාෆියාකාරයන්ට ඕව තේරෙන්නෑ. මේ දේශපාලුවන්ගේ අතින් අතට මගේ අභිමානවත් මාතෘ බුමිය වසර 70ක් තිස්සේ හෙම්බත් වුණ එවන් නූගත් පිරිසකට රට බාරදීමෙන් අද වන විට රට ඉතා දරුණු පරිහානියකට ලක්වෙලා. ඒ කියන්නේ මොවුන්ට ජනතා සේවයට අවශ්‍ය ආකල්ප නැත. එය ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය යනුවෙන් කොටස් දෙකකින් සමන්විතය. මොවුන් ගේ සැබෑ අරමුණ ඊලග තරුණ පරම්පරාවත් වහල්ලු කරන්නයි හදන්නෙ බියකරු සත්‍යය මෙයයි. පක්ෂ භේදයකින් තොරව හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් හැකි තුරු ලංකාව වල පල්ලට යාම නැවැත්විය නොහැක. මේ කිසිඳු තත්ත්වයක් බුද්ධිමත් සමාජයේ අපට අනුමත කළ නොහැක. මේවට මොවුන් සියලු දෙනාම වගකිව යුතුයි.
රවින්ද්‍ර කියන විදියට එතකොට අර 5 වෙනිදා අවේ කවුද? ආ එකත් හරි ඒ සල්ලි වලට සහ අරක්කු වලට ආපු අයනේ නේද?
කව්රු පත් වුනත් අපිට වෙන සෙතක් නම් නැහැ. හොඳ එක්කෙනාත් නරක් වෙනවා බලය, මුදල් හා අනිකුත් වරප්‍රසාද ලැබෙනකොට. අපි අයෙත් ලතවෙනවා පත් වෙච්ච කෙනාත් හරි නැහැ කියලා. මේ කට්ටිය වැරදි කරන්නේ හරියට නොමැරෙන අය වගේ. ඉන්න ටික කාලේදී පුලවන් තරම් සැප ගන්න විතරමයි බලන්නේ. පොඩි හොදක් හෝ උදව්වක් කරලා ලැබෙන අහිංසක ආත්ම තෘප්තිය මිල කරන්න දන්නේ නැති කුහක මිනිස්සු. පොඩ්ඩක් හිතන්න අපි කාට වුනත් හොදක් කරපුවම තියන මානසික තෘප්තිය. මිල කරන්න පුලුවන්ද? සාමාන්‍ය ජනතාවට තියන "පොදු" ප්‍රශ්න මේ අය කවදාවත් විසදනවද? ඒවා තියාගෙන ඉන්නවා ඊලග ඡන්ද පොරොන්දුවකට....
මම හිතන්නේ මෙහෙම කමෙන්ට්ස් දාන වෙබ් සයිට් එකක් මේ ලංකාවේ නැහැ. ලංකාදීපයට හොඳ අනාගතයක් ලැබේවා. මම ආසම කරන වෙබ්සයිට් එක මේක තමයි.
දැනට පාර්ලිමේන්තුවේ සිටින 225 ම අපිට එපා . අපිට ඕන රොහාන් පල්ලෙවත්ත මහතා සමග අලුත් කණ්ඩායමක්
මෙතුමා කියන කිසිම දෙයක් වෙන්නේ නැහැ. 2015 සිටම කටමැත දොඩවනවා මිසක් කරපු දෙයක් නැහැ. මෙයාට කරන්නත් බැහැ. ඊළඟ ඡන්දෙන් පස්සේ මෙයාට කුඹුරු කොටන්න තමයි වෙන්නේ...
අපිට ගැටළුවක් නෑ. එයත් ග්‍රාමසේවක කෙනෙක් නොවුනොත් ඇති...
දැන් එතකොට අගමැති පත් කරන්නේ ජනතාවද..? අපි හිතං හිටියේ රටේ ජනාධිපති කියල..
ගොඩක් අයට එතුමා කියපු කතාවේ හරය තේරිලා නැහැ. වගේ...
දෙසපාලකයින්ට වඳින මේ නිවට ක්‍රීයාව අත්හරින්න බැරිද? තමන් අදහන ආගමේ කථ්රූවරයාට පූජකයින්ට, දෙමාපියන්ට ගුරුවරුන්ට හැරෙන්න වෙන කාටවත් ඔලුව පාත්කර වඳින්න එපා. කොඩි වනන්න එපා, පුටුවෙන් නැගිටින්න එපා. උසාවියෙත් එකකරන්නේ තෝල්කයා බෙරිහන් දීලා කියන නිසා.