(ශිරාන් රණසිංහ)
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරිය ගොඩනැගිල්ල හිමිකරුවන් සමඟ අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව සෙවීමට පත් කළ කමිටුව රැස් වී ඇත්තේ එක්වරක් පමණකැයි අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හෙළිකර සිටී.
මෙම ගොඩනැගිල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම නිසා මසකට රුපියල් මිලියන 21ක කුලී මුදලක් ගෙවීමට රජයට සිදුව තිබේ.
මාසික කුලිය රුපියල් මිලියන 15ක් සහ සේවා ගාස්තු ලෙස තවත් මිලියන 6ක් වශයෙන් මෙම මිලියන 21 ගෙවනු ලැබේ.
යහපාලනය යටතේ කෘෂිකර්ම ඇමැති ලෙස පත් වූ දුමින්ද දිසානායක මහතාගේ ධූර කාලයේදී මෙම ගොඩනැගිල්ල මාසික කුලී පදනම මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වගෙන යෑම සඳහා ලබා ගැනිණි.
දෙපාර්ශවය අතර අත්සන් කළ ගිවිසුමට අනුව 2019 අප්‍රේල් මාසයේදී තවත් රුපියල් මිලියන ගණනක් අලුතින් මෙම කුලී මුදලට එක් වේ.
ගිවිසුම අවසන් වන්නේ 2021 වසරේදීය.
මහින්ද අමරවීර මහතාට කෘෂිකර්ම ඇමැතිධුරය ලැබුණු පසු ගෙවන ලද විශාල කුලී මුදල හෙළි වූ පසු එම ගිවිසුම පිළිබඳ සොයා බලා නෛතික තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා ජනාධිපති නීතිඥ නිහාල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත හත්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබුණි.
ඒ පිළිබඳව ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ කමිටුවේ වාර්තාව නොලැබුණු නිසා තවමත් ඊට අදාළව පියවර ගත නොහැකි වූ බවයි. ඒ අනුව මසකට රුපියල් මිලියන 21 බැගින් ගෙවමින් කෘෂිකර්ම අමාත්‍යාංශය තවදුරටත් එම ගොඩනැගිල්ල තුළම පවත්වාගෙන යනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමිටුව වැඩ නොකරන්නේ ඇයි කියලා හොයන්න තව කමිටුවක් දාමු ඇමතිතුමෝ..
මෙයාලට නිතිය ක්‍රියාත්මක නැද්ද?
මේ කමිටුවේ ඉන්න හත් දෙනාම ආඬිද.?
කමිටුවට අදාල ගිවිසුමේ නීතිමය තත්වය හොයන්න ආණ්ඩුව ගෙවන ගාස්තුවට වඩා වැඩි ගානක් අදාල සමාගම මගින් ගෙවනා ඇති නොසයා ඉන්නවට.
කමිටුවට අදාල ගිවිසුමේ නීතිමය තත්වය හොයන්න ආණ්ඩුව ගෙවන ගාස්තුවට වඩා වැඩි ගානක් අදාල සමාගම මගින් ගෙවනා ඇති නොසයා ඉන්නවට.
හිටපු ඇමතිගෙනුත් ඔය ගිවිසුම ගැන හොයන්නේ නැතුව ඉන්නවට මොනවහරි ලැබෙනවද දන්නේ නැහැ. ඇහැට පෙනී පෙනී කෙරෙන මේ මංකොල්ලය ගැන එෆ් සී අයි ඩී හෝ අල්ලස් වංචා දුඋෂණ පියවරක් නැත්තේ ඇයි. සිල් රෙදි දෙන්න ආණ්ඩුව සල්ලි දීපු එක වැරදියි නමුත් ඒවා ලැබුනේ රටේ ඉන්න පොදු ජනතාවට. එහෙම කරලත් රජයේ සේවකයෝ හිරේ ගියා නම් සීමිත පුද්ගලයෙකුට සහ ආයතනයකට පමණක් සිල් රෙදි වලට ගියා වගේ සිය දහස් ගණනක මුදලක් අදටත් දෙන ඇමතිලාට විතරක් වෙනම නීතියක් ඇයි.
යහපාලන ජනාධිපති මෙය බාරගත යුතුයි.