(මනෝප්‍රිය ගුණසේකර සහ නිමන්ති රණසිංහ)
ත්‍රිපුද්ගල ඝාතනයකට මරණ දඬුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයකුගේ මුහුණුපොත (Face Book) යාවත්කාලීන වන්නේ කෙසේද? ඒ කොහි සිටද? යන්න පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය රහස් පොලිසියට පෙරේදා (29) නියෝග කළාය.
මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ ත්‍රිපුද්ගල ඝාතනයකට මරණ දඬුවම නියමවී දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන හසිත සමන්ත මුහන්දිරම් හෙවත් සර්පයා නමැත්තාගේ මුහුණු පොත පසුගිය 27 වැනිදා දක්වා යාවත්කාලීන කර ඇති බවට නියෝජ්‍ය පොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම්දීමක් සැලකිල්ලට ගනිමිනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම දැනුම්දීම කළේ 1999 සැප්තැම්බර් මස 03 වැනිදා රත්නපුරේදී පළාත් සභා මන්ත්‍රී රන්ජිත් නන්දසේන මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා ඝාතනයකොට ඔවුන්ගේ මෝටර් රථය ගිනිතබා විනාශ කළ බවට හසිත සමන්ත මුහන්දිරම් නමැත්තා ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුව පෙරේදා (29) කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
නියෝජ්‍ය පොලිසිටර් ජනරාල් දීලීප පීරිස් මහතා අධිකරණය අමතමින් හසිත සමන්ත මුහන්දිරම් නමැති විත්තිකරු 2015 වසරේදී ත්‍රිත්ව ඝාතනයකට වරදකරුවී රත්නපුර මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කෙරුණු බවත් ඔහු මෙසේ මුහුණ පොත භාවිත කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටියදී බවත් පැවසීය.
විත්තිකරු සිය මුහුණු පොත ඔස්සේ වරින් වර සංවාද පවත්වාගෙන ගොස් ඇති බවත් විවිධ තරාතිරම්වල පුද්ගලයන් ඊට ප්‍රතිචාර දක්වා ඇති බවත් දිලීප පීරිස් මහතා කීය. මෙසේ ප්‍රතිචාර දැක්වූවන් අතර නීතිඥවරියන් කීපදෙනකු ද සිටින බවකී. නියෝජ්‍ය පොලිසිටර් ජනරාල්වරයා එම නිතිඥවරියන් පිළිබඳව පරීක්‍ෂණයක් සිදුකරන බව ද කීය. මරණ දඬුවම නියමවී බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින සිරකරුවකු මෙසේ මුහුණුපොත ගිණුමක් පවත්වාගෙන යන්නේ කෙසේ දැයි පරීක්‍ෂා කර බලන ලෙස ඔහු විනිසුරුවරියගෙන් ඉල්ලා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය මරණ දඬුවම් නියමවී බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවකුගේ මුහුණු පොත ගිණුම මෙසේ යාවත්කාලීන කෙරෙන්නේ කෙසේදැයි යන්න පිළිබඳව ලබන 17 වැනිදා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුණු පොත ගිණුම යාවත්කාලීන වන්නේ කෙසේද? කියන එක නම් ප්‍රශ්නයක් නොවෙයි. ඒකට ඕනේ පාස්වර්ඩ් එක විතරයිනේ...
සිරකරුවෝ මනුෂ්‍යයෝය... බන්ධනාගාර පාලකයෝ අපරාධකරුවන්ය. සමහර බන්ධනාගාර කොමසාරිස්වරු මුහුණු පොත පුම්බාගන්න කාලය වැය කරනකොට මේවා සොයන්න වෙලාවල් කොහෙද තියෙන්නේ?
අනේ ඉතින් එම අහිංසක නිලධාරියා මොනවා කියන්නද? වෙන කාටහරි පාස් වර්ඩ් එක දුන්නොත් එළියේ ඉඳ ගෙන... දිනපතා නෙමේ විනාඩියෙන් විනාඩියට යාවත් කාලීන කරන්න පුළුවන්නේ..
මරණ දඬුවම නියම වෙලා නම් මරා දමන්නේ නැතුව මහජන මුදල් හා කාලය මේ වගේ මිනීමරුවෙක් වෙනුවෙන් වැය කරන අයව ගස්යැවිය යුතුය...
මොහුගේ නමින් වෙන අයකුගේ ගිණුමක් වෙන්න බැරිද? නැතිනම් ඔහුගේ හිතවතෙකුට විස්තර දී මුහුණු පොත ක්‍රියාකරනවා වෙන්න පුළුවන්නේ...
ඔන්න හොයාගන්න බන්ධනාගාරේ ඇතුලේ යන සෙල්ලම් වලින් කොටසක්. දූෂිත පරාදීසයක කොනක්. සියලුම බන්ධනාගාර නිලධාරීන් එකම බන්ධනාගාරය තුළ ඉක්මණින්ම තැනින් තැනට මාරු කිරීමෙන් ටිකක් හෝ දූෂණ අවම කලහැකිය. කට්ටිය එක්කහුවෙලා හොර වැඩ කරන එක ටිකක් අමාරුයි. කොහෙන් හරි එළියට එනවා. අනික තමයි දුරකථන ඇතුළට ගෙනයාම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම. ශබ්දය පිට නොවන ස්ථිර දුරකථන කුටි කර්යාලයන් තුළ ස්ථාපිත කිරීම... එතකොට එම නිලධාරින්ට තම තමන්ගේ පුද්ගලිකත්වය රැකගෙන සිය හිතවතුන් සමග අවශ්‍ය සංවාද කරගත හැකිවේවි...!!!
මුහුණු පොතට තිත තියන්න සුදානම් වගේ ...
අපේ බන්ධනාගාර තුළ ෆේස් බුක් එකට ලොග් වෙනුවට වැඩිය ලොකු දේවල් වෙන කාලයක... මේක ගණන් ගන්න තරම් දෙයක් නොවෙයි.
මේ කියන්නේ සර්පයෙක් ගැනනේ. බන්ධනාගාරේ හුඹහකින් එළියට ගිහින් ෆේස් බුක් එකට ගිහින් එනවා. තම සර්පයා ඇතුලෙම ඉන්නවනේ...
අනේ මෙහෙම රටක්!!! මුහුණු පොතක් යාවත්කාලීන වෙන හැටිවත් නොදන්නා විනිසුරු වරුන් ?....කොරියාවේ හෝ ඉතාලියේ හෝ මැදපෙරදිග ඉන්න යහළුවෙක් මේ දේ කරනවා නම් ලංකාවේ රහස් පොලිස්සිය මක් කොරන්නද ?
නූතන පාසැල් ශිෂ්‍යකුගේවත් දැනුම නොමැත්තන් ඉහළ තනතුරු දරණ විට මේවාගේ දේවල් ඔවුනට අරුමයක් වීම පුදුමයට කාරණයක් නොවේ.
ලංකාවේ හිරගෙවල් වල හැමදාම සිදුවන බොහොම සාමාන්‍ය දෙයක් එකපාරටම නීතිපති දෙපාර්තමේන්තුවට පෙනිලා වගේ... සමහරක් විට ඔය සම්බන්ධතා පැවැත්වූවා කියන නීතිඥවරියන්ගෙන් කෙනෙක් දඩයම් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය වෙලා ඇති...
රන්ජන් රාමනායක කියන කතාව සහතික ඇත්ත.
අනේ ඕක මහා ලොකු දෙයක් නෙමේ නඩු කාර හාමුදුරුවනේ.. අපේ එව්වෝ හිරේ ගිහින් ඉන්නේ ගෙදර ගොහින් ඉන්නවා වගේ නොවැ.... ඔබ තුමන්ලා ඒවා දන්නේ නැතුව මයේ හිතේ...