(රංජන් කස්තුරි)
එස් පවර් ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් ඉකුත් මාස 4ක කාලයක් සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන් රුපියල් කෝටි 200 කට අධික මුදලක් ගෙවීමට සිදුවීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තාවේ.
එස් පවර් ඇඹිලිපිටිය පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ලංවීම හා එම බලාගාරය අතර අත්සන් කළ ගිවිසුම නීති විරෝධී හෙයින් ඊට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අවසර හිමිවී නොමැති තත්ත්වයක් මත එම අර්බුදය හට ගෙන ඇතැයිද පැවසේ.
එම පෞද්ගිලික විදුලි බලාගාරයෙන් ඉකුත් අප්‍රේල් මාසයේදී ලබා ගත් විදුලිය වෙනුවෙන් රුපියල් කෝටි 85ක මුදලක් ගෙවීමට නොහැකිව තිබූ අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ විශේෂ නියෝගයක් මත එම මුදල ගෙවා දැමීමට ලංවීම පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.
ඉන්පසු ඉකුත් ජූලි මාසය දක්වා කාලය තුළ ලබාගත් විදුලිය වෙනුවෙන් තවත් රුපියල් කෝටි 115කට අධික මුදලක් එම බලාගාරයට ගෙවීමට තිබෙන අතර එම ගෙවීම නීත්‍යානූකූල අයුරින් සිදුකිරීමේ ගැටළු මතුව තිබෙන බවද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය මාස 5 හේම වැහැලා වැහැලා ජලාශ පිරිලා වතුර අහකත් ගියා, දැන් මේ හොර නඩේ කියන්නේ පෞද්ගලික බලාගාර වලට ණය ගෙවන්න වෙලා කියාලා, කාගේ සාක්කුවටද මේ සල්ලි ගමන්කරන්නේ?
කෝ මේ යහපාලකයෝ වෙනුවෙන් අලගු තියන ගොයියෝ. නීත්‍යනුකූල නැතයි කියන මේ කූඨ ගනුදෙනු ගැන මොකද කියන්නේ කියලා අපි දැනගන්න සතුටුයි.
බලාගාරයක් හදන්න තිබ්බා තව සල්ලි කීයක් හරි දැම්මනම්. අනිවාර්යෙන් මේ පෞද්ගලික බලාගාරේ අයිතිය ඇත්තේ ලොකු දේශපාලුවෙක්ට තමයි. රට කනවා කට්ටිය එකතු වෙලා.
විදුලි බල ඇමති කෙනෙක් හා කාර්ය මණ්ඩලයක් ඉන්නවා නේද පඩි ගන්නවා නේද... මේ ගණන් හිලව් මුලින් දැනගත්තේ නැතිද... නොහැකියාවෙන් පෙලෙන තවත් කට්ටියක්ද.? නුගතුන් පිරිසක් නිසා මජනයා තවත් පීඩවට පත්වේ.
ඇමතිතුමාගේම බලාගාරයක් නේද ඕක.
මෙච්චර හොරකන දේශපාලකයෝ ඉදිද්දි කොහොමද රටක් හදන්නේ මහින්දත් එකී මෛත්‍රීත් එකයි..... දුප්පත් අපි තම හැමදේම දරාගන්න ඕනි................
කෝටි දෙසීයෙන් ලංවිම ඉහළ තැන්වලට ලැබෙන කුට්ටිය මත ඔය මුදල හැකි ඉක්මනට ගෙවීමට පියවර ගනු ඇත. මහජනයාගේ ලයිට් බිලට අබසරණයි.
රාජ්‍ය සේවයේ ඉන්න උදවිය රාජ්‍ය මුදල් අමු අමුවේ දුෂණය කිරීමක් ...... ඇමතිටත් කුට්ටියක් ගිහිල්ල ඇති.
පුදුම ආදරයක්නේ අපට තියෙන්නේ නීති විරෝධීව හරි කමක් නැහැ විදුලිය අරගෙන අපිව කළුවරේ තියන්නේ නැතිව බලා ගන්නවා විදුලිබල මණ්ඩලයේ මහත්වරු.
විදුලිබල වෙනුවෙන් රටේ ඇමතිවරු කීදෙනක් ඉන්නවද? කැබිනෙට් ඇමති, නියෝජ්‍ය, රාජ්‍ය ඇමති, පළාත් ඇමති, කාර්ය මණ්ඩලය. නමුත් වැඩක්ම නැහැනේ. මෙහෙම පුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගන්නවනං, මොනවටද මහජන මුදලින් නඩත්තුවන මේ ඇමතිලා? වැඩේ සාමාන්‍ය නිලධාරීන්ටත් කරන්න පුළුවන්.
දැන් ඉතින් මේවා ගෙවන්න ලුණු ඇටේ ,ගිනිකූරේ ඉදලා බදු ගහවි..බලන් ගියාම මහින්ද මහත්තයාගේ කාලෙ හොදයිනෙ තව..
පුදුම වැඩේ කියන්නේ වෙන රටවල බදු ගහන්නේ රටේ සංවර්ධනයට. මේ රටේ ගහන්නේ හොරකම් පියව ගන්න. හොරුන්ගෙන් ගන්නේ නැහැ. අහිංසක මජනයගෙන් ගන්නේ. මේ වගේ රටවල ඉපදෙන්නේ පෙර කරුම වලටම තමයි. කොහොමද හොර කාල තියන තරම. කවුරුවත් හොයන්නේ බලන්නේ නැති නිසා හොරුන්ට මරේ මරු.
ලංකාවේ නිවාස වලට අඩු මුදලට හෝ ගෙවීමේ ක්‍රමයට සෝලා පැනල ලබා දෙන ක්‍රමවේදයක් රජය සකස් කලොත් නියමයි.