(ආරියරත්න රණබාහු හම්බන්තොට සිට)
ගිං- නිල්වලා යෝජනා ක්‍රමය සිදු නොකිරීම සම්බන්ධයෙන් පසුගිය රජයෙන් සිදුවූ දේවල් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන ආකාරයට ම මෙම රජයේ අය එම යෝජනා ක්‍රමය ප්‍රමාද කිරීම ගැන පරීක්ෂණ පැවැත්වීමට සිදුවනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොටදී අද(10) පැවසීය.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකර සිටිම පිළිබඳව කරුණු තමා දන්නා බව පැවසු ජනාධිපතිවරයා ඒවා තමාගේ මුවින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට ඉඩ නොතබන ලෙසද ඒ පිළිබඳ වගකිව යුතු දේශපාලන බලධාරින්ට සිහිපත් කරන බව කීය.
එම බලධාරීන්ට තමන්ගේ දේශපාලන වටිනාකම ආරක්ෂා කරගෙන කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද(10) පෙරවරුවේ පැවති පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳව ගොවීන් දැනුම්වත් කිරීමේ ගොවිහමුව අමතමින් ඒ බව කී ජනාධිපතිවරයා මෙසේ ද කීය.
‘මෙහිදී ගිං-නිල්වලා ගැන කිව්ව ගොවි මහත්තුරු මට සංදේශයකුත් දුන්නා. ඒ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු කාලයේදී මොකද වුණේ කියලා තමුන්නාන්සේලා දන්නවා. ඒ ගැන වෙනම පරීක්ෂණයක් පැවතෙනවා.
දැන් මේ ආණ්ඩුවෙනුත් ගිං නිල්වලා යෝජනා ක්‍රමය ප්‍රමාදවීම ගැන නැවත පරීක්ෂණයක් කරන්න වෙයි කියලා මට පේනවා. ප්‍රමාද ඇයි කියලා මම ඒ කාරණයත් දන්නවා. මම ඒක මෙතැන තියන්නේ නැහැ.’
ඡායාරූප - චතුර එස් කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතා කරන්නේ ලංකාවේ විධායක ජනාධිපතිතුමාද? එහෙම නැත්නම් ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක්ද?
වැරදිකරුවන් පිළිබඳ කරුණු සඟවා සිටීම මගින් වන්නේ ජනතාවට ද්‍රෝහිවීම නේද ජනපතිතුමනි..?
රටේ ජනාධිපතිවරයා ලෙස මහජන සුබ සිද්ධියට ඉවහල් වන හෝ රටේ සංවර්ධනය හේතුවන කරුණු සම්බන්ධයෙන් කවුරුන් හෝ හිතාමතාම ඒවා වැලැක්වීමට ප්‍රමාද කිරිමට උත්සහා කරනවා නම් ඒවා ගැන ආඩපාලි කියමින් රට පුරා ඇවිදිනවාට වඩා ඒ බාධක මැඩපවත්වා නියමාකාරයෙන් සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරිමේ වගකීම රාජ්‍ය නායකයා ලෙසත් විධායක ජනාධිපතිවරයා ලෙසත් අවබෝධ කර ගැනීම තමන්ගේ වගකීම විය යුතුබව නිසියාකාරව අවබෝධ කරගත් බවක් පෙනීයයී.
රනිල්ගෙන් අහලා කියන්නම්...
ජනාධිපති බලතල ලිප් බොක්කේ ගහගෙන හැමදාම කියකියා ඇවිදිනවා" මඩු වලිගෙන් තමයි තලන්නේ. මම කවුද කියලා දන්නේ නැතුවයි ඔය දඟලන්නේ. කවුරු හරි අලුත් පක්ෂයක් හදලා වැඩකරන්න ගියොත් මම දන්නවා කරනදේ. ආණ්ඩුවේ වැඩ පරක්කු කරලා ෆයිල් යට ගහන අයටයි මම මේ කියන්නේ. අහුවෙන්න නම් එපා" වගේ වහසි බස් දෙඩවීමෙන් වැඩක් නැහැ. ජනාධිපති බලය භාවිතා කරලා කරන්න තියෙනදේ කරන්න දැන්වත්... කිට්ටුවටම දැන් වතුර පිරිලයි තියෙන්නේ. උපදේශකයෝ කියලා, ආණ්ඩුව ගැනවත්, රට ගැනවත් තඹ දොයිතුවක සැලකීමක් නැති තමන්ගේ බඩ වඩාගැනීම පමණක් මුල්තැන තියාගෙන කටයුතු කරන පරණ යාළුවන් ටිකක් දාගෙන පවුල් පිටින් ශ්‍රී ලන්කන් එකේ පළවෙනි පන්තියේ නැඟලා ලෝකේ වටේ සංචාර යන්න ඉඩ සලස්වලා තිබ්බට වැඩක් නැහැ. පොරොන්දු වූ දේවල් එකක් හරි තවම කලේ නැහැ නේද? නඩු දානවට විරුද්ධව චූදිතයෝ නඩු දාන්න යනවා. ඉතින් අර සොහොන් කොත් කතාවත් අබිලික් වේගෙනයි එන්නේ... දැක්කනේ කොළඹට ආව සෙනඟ. බේබද්දන් කියලා වැඩක් නැහැ. ඒ ගොල්ලෝ සේරම ඡන්දෙ තියෙන මිනිස්සු...
අනේ මන්දා බලයට ආපු දවසේ ඉදලාම එක එක්කෙනාට සද්ද දානවා විතරයි
එල්ලන්න.. එල්ලන්න.. හොරු ඔක්කොම එල්ලන්න. අප්පමාදෝ අමත පදං..
දැකුම්කළු බවක් දැනුනත් සිනා අපේ.. බොකුවල ගින්දරය රට ගැන සිතන විට.. එනමුත් බල ලෝභය හදතුළ නැගෙන විට.. අම්මා වුණත් දෙයි පවා පිටරටට..
එතුමා හිතන් ඉන්නේ එතුමා විධායක බලතල නැති නාමමාත්‍රික ජනාධිපතිවරයෙක් කියලයි. පසුගිය සතියේ එතුමා කියනවා විධායක බලතල තිබෙන්නේ අගමැතිටලු.. මට මේ විකාර කතා අහල එපා වෙලා.. රුපියල බලන් ඉන්දෙද්දී දවසින් දවස වැටෙනවා. ජීවන බර දවසින් දවස වැඩි වෙනවා. දේශපාලකයින් සහ ගෝලයෝ දිනෙන් දින තරවෙනවා. ආණ්ඩු මාරුවුණාට මෙච්චර කාලයක් එකේ තීන්දු තීරණ ගනිපු මිනිස්සුන්ගෙන් වැඩි හරියක් පසුගිය ආණ්ඩුවේත් තීන්දු තීරණ ගත්ත පුද්ගලයින්, දැන් අලුත් ආණ්ඩුවක් අාවොත් ඔවුන් එ්කේ වාඩිවෙන්නත් සැලසුම් සකස් කරනවා. අපට ගැලවිල්ලක් නැත. කූඩැල්ලන් මෙන් ඔවුන් අපේ රටේ සාරය උරා බොනවා.
කටින් බතල හිටවනවා ජනපති කටින් බතල ගලවනවා අගමැති රටේම දත් ගලවනවාලු සුවපති රජ වී රටම නැතිකල සේක ගම්පති.....