හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට එරෙහිව ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේ ඇති වු උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව අද පැය දෙක හමාරකට සීමා විය.
පාර්ලිමේන්තුව හෙටට (05) කල් තැබුණු අතර කල් තැබීමේ විවාදයද නොපැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියන්නේ විරෝධතාවය කොළඹ නඟරය සම්පුර්ණයෙන් අඩපණ කරවමින් රාත්‍රිය පහන් වෙන තුරාවට පවත්වා ගෙන යනවා කියල නේද? කරපු වැරදි වලට දඬුවම් දෙන්න පටන්ගත්තා විතරයි දැන් උත්සාහ කරන්නේ අර "අරාබි වසන්තය" වගේ වැඩක් බවයි අපටනම් පෙනෙනෙන්නේ. ඒ මඟින් රට අස්ථාවර කරහෝ ආණ්ඩුබලය ලබාගෙන නඩු සියල්ල අස්කරගෙන ඒවා දාන්න උත්සාහ කරපු සියලුදෙනාම එක පැයෙන් ගස් යවන්න තමා හිතේ. එකනේ කිවේ " කරන්න බැරිනම් මට දෙන්න. මම කරන හැටි පෙන්වන්නම් " කියල. දැන් කතාව විරෝධතාවය අස්සේ " නර බිලි" ගන්න සුදානමකුත් තියෙනවා කියලයි.බුද්ධි අංශ මේගැන දැනුවත් කියල ඊයේ ප්‍රවුර්තිවලත් කිවේ.පසුගිය මාස දෙක තුල ඔය සංවිධායකයෝ සිව් වතාවක් රුසියාවට ගියාලු. ඒ ගමන් වල අරමුණු 3ක් තිබුණලු.මහින්දගේ අනුප්‍රාප්තිකයා ලෙස කෙනෙක් සකස් කිරීමේ කාර්ය රුසියානු සමාගමක් වෙත පැවරීම, මල්ලිලා කපා පුතණ්ඩියා ඔසවා තබන ප්‍රචාරණ කැම්පේන් එක රුසියානු සමාගමක් වෙත භාරදීම,අන්තර්ජාලය ආශ්‍රිත විශේෂ මෙහෙයුම් සදහා රුසියානු හැකර්ලාගේ සේවය ලබාගැනීම ඒවාලු. මේවාට පුටින්ගේ සහායක් නැතිලු. දෙතුන් දෙනෙක් බිළිදිල හරි රටපුරා අති විශාල කලබල ඇතිකර රට අස්ථාවර කිරීම තමයි දැන් වැඩ පිළිවෙල.
මේ නාස්ති කරන්නේ ඔබේ මගේ අපේ බදුමුදල් බව මේ නොතේරීම මහා පුදුමයකි.
පාර්ලිමේන්තුව ගිනියම් උනත්, කූල් උනත් රටවැසියාට ඉන් තුට්ටුවක සෙතක් නැත. ඒවා ගැන අටුවා ටීකා ලියන්න අවශ්‍ය නැත්තේ ඒ ගැන ඡන්දදායකයන් වන රටවැසියා ඉතාම හොඳින් දන්නා දන්නා නිසාය ! රටවැසියා තවම සිහි නුවනෙන් වැඩ කටයුතු කරගෙන යනබව පක්ෂ විපක්ෂවල හැමෝම දන්නා දෙයකි. එය විනාශ කර රට අගාධයකට ගෙනයාම පෙලපාලිකරුවන්ගේ හෝ ඒවා සංවිධානකරන අයගේ සිහිනයක් නම් එම සිහින බොඳවී යන බවත් ඔවුන් අමතක කල යුතු නොවේ !!!!!
මේ පර්ලිමෙන්ට් එක තනිකරම මහලු නිවාසයක්. මේකේ ඉන්නේ මිනිස්සුන්ගෙන් රටට වැඩක් නැහැ. කරන්නෙම හම්බ කරගන්න එක විතරයි. රටට හෙන්ගහල ගියත් වෙන රටවල දේපල තියනවා. පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රසිද්ද හොරුන්ට අමතරව නිෂබ්ද හොරු ගොඩක් ඉන්නවා. මේවා අපේ වැරදි.
එදා තිබුන දුෂණ නැති වීමෙන් හෙමින් හෝ රට යහපත් තත්ත්වයකට එමින් පැවතීම බලන් ඉන්න බැරි තණ්හාවට කරන දේවල් මේ. රජය තදින් ඉන්න ඕන
පාර්ලිමේන්තුව කල් තබලා පෙළපාලි ගිහිල්ලා උත්ගොෂණ කරලා රටෙයි අහිංසක මහජනයාගේ කාලය නාස්තිකර රට අගාධයකට ගෙනයාමෙන් ඔය පළාත් සබා හෝ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ හා විපක්ෂ මැති ඇමැතිවරුන්ටවත් ඔවුන්ගේ දුදරුවන්ටවත් කිසිම කණගාටුවක් නෑ. ඔවුන්ට ඕනේ බලය විතරයි, මෙයින් පීඩා විදින්නේ රටේ අහිංසක මහජනයා පමණයි.
හීර ගෙවල් ඇතුලට ගාල් කල යුතු අපරාධකාරයන් හොරුන් හා පාතාල නායකයන්ට නිදහසේ ජීවත්වෙන්න ඉඩ දිමේ වැරැද්දට අද රටට රටේ ජනතාවට හා ප්‍රජාතන්ත්‍රවාදී අභියෝග කරන තත්වයකට ඔවුන් පත්වෙලා. නිසි අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා මේ පාතාල දේශපාලනය පරාජය කර රටට සාමකාමි හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කල යුතුය.
දෙගොල්ලම එකතුවෙලා ජනතාව ගොනාට අන්දනවා.
අනිවාර්යයෙන්ම, ඉතා පැහැදිලිවම තව එක වතාවක් රාජපක්ෂ නඩය පරාජය කල යුතුය. රට ගොඩගැනීමට ජ.වී.පෙ පෙරටු කරහත් නව බලවේගයකට රට බාරදීම හැර වෙන විකල්පයක් බුද්ධිමත් ජනතාවට ඉතුරුව නැත.
සියල්ලෝ කති බොති, අනේ මෙහෙමත් නාටක ලංකාවේ
ඉන්නෙත් හොරු නම් හිටියෙත් හොරු නම් අද ජනතාව කව්රු වෙනුවෙන්ද? නැවත හොරු වෙනුවෙන්ද? ශ්‍රී ලාංකීකයන් කියන්නේ හොරු කන්ඩායම් දෙකක් මාරු කරමින් සංවර්ධිත රටක් බලාපොරොත්තුවන රටක ජනතාවක්ද? අප විසින් විටින් විට පලවාහරින මේ සමාජ ද්‍රෝහීන් කිසිවෙක් පාර්ලිමේන්තුවේ ගේට්ටු කඩාගෙන පැමිණ රට පාලනය නොකරන බව ජනතාව හොඳින් තේරුම් ගත යුතුය. ජනතාවම කළ වරදට ජනතාවම එරෙහි වී නැවත එම වරදම ජනතාව කරන බවක් පැවති තත්ත්වයන් තුළ ජනතාවට නොතේරීම රටේ අවාසනාව වී ඇත.
ලංකාවේ දේසපාලුවන්ට රට ගොඩ ගන්න කිසි ඕනෑකමක් නැද්ද? බල තණ්හාවටම පොර කනවා. මිනිසුනේ රට ගොඩ ගන්න යම් ක්‍රියාමාර්ගයක් ගන්න.. මොකක්ද මේ පිල් බෙදිල්ලක් අල්ලාගෙන පොරකන්නේ. කවද්ද අපි රටක් විදිහට ලෝකෙට මුහුණ දෙන්නේ...
රට ගොඩ ගන්න නම් .....ජේ වී පී හා සරත් ෆොන්සේකා මහතාගේ පිරිස එකතු වී රට භාර ගත යුතුය.
මේවා නාඩගම් .... හොරුන්ටම ගිය රට ...
මේක හොරු හොරු අතර අරගලයක් ජනතාවට වාසි දායක බවක් පෙනෙනවා හොරු දෙගොල්ලෙකුට රට පාලනය කල නොහැක සුදුසුම හොරා තෝරා ගැනීම ජනතාවගේ වැඩක් එතෙක් තම විශ්වාසයේ හැටියට තම කැමැත්ත අනුව හොරුන්ට කඩේ යන්නේ පාරම්පරික දේශපාලනය කර පින්නා ගත් අතලොස්සක් පමණි.
එහෙනම් නිමල් මහත්තයෝ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තියෙයි..
ඇයි මේ හැමදාමත් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කඩාකප්පල් කරන කොට , නීත්‍යානුකුල පියවරක් ගන්නේ නැත්තේ ? මේ රටේ වැඩ කටයුතු අවහිර කරන එක තමයි මේ කට්ටිය කරන්නේ .
මට නම් පේන්නෙ ඒකාබද්ධ විපක්ෂය කියන එකේ පැරණි සාමාජිකයින් හා හිටපු ඇමතිවරු කොපමන සිටියත් රටේ නායකත්වයට ඔවුන් කිසිවෙක් නුසුදුසුයි කියා හිටපු ජනාධිපතිතුමා හිතනවා. ඒවගේම එතුමා හිතනවා එයට එකම සුදුස්සා නාමල් මන්ත්‍රීතුමා කියලා. හිටපු ජනාධිපතිතුමා පලමුව පත්වූ 1970 රජය කාලෙත් පවුල්වාදය රජකලා. එතුමා ලබාල මන්ත්‍රීලෙස එකල ගත් එම අත් දැකීම් අනුව හිතේ තියෙනවා පවුල්වාදය රජකරන්න.
මෙතන දාල තියෙන අදහස් බැලුවම පෙන්න තියෙන්නේ තමන්ගේ විරුද්ධ පක්ෂයට බැන වදින එක හා තමන් කැමති පක්ෂයට තීන්ත ගාන එක පමණයි. ඒ අතින් බලපුවම කිසිම පක්ෂයක් රට පාලනයට සුදුසු නැහැ. අපි දාන අදහස් දේශපාලකයෝ බලනවද දන්නේ නැහැ. ඒවාට වෙලාව නැහැ. ජනතා සේවයනේ? බලනවානම් හිතනවා ඇති අනේ මෙහෙමත් මෝඩ මිනිසුන් ඉන්නකම් අපිට ඉතින් සැප තමා. අපේ මොලේ පැදෙන්න දෙන්නේ නැහැ. කල්පනා කරන්න දෙන්නේ නැහැ. මොන පක්ෂෙන් හරි ආරංචියක් දාලා අපිව අන්දනවා. අපිත් ඉතින් ඒ පස්සේ දුවනවා දෙපාරක් හිතන් නැතුව.