(යොහාන් භාසුර)
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප‍්‍රධානියකු ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් මිලියන 900 කට අධික මුදලක් වංචා කිරීමට සූදානම් වූයේ යැයි කියන සිද්ධියක් පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (10) පැමිණිළි කළේය.
මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ නිලධාරීන් කීපදෙනකු එම අංශයෙන් මාරු කිරීමට ද ක‍්‍රිකට් ආයතන බලධාරීන් පියවර ගෙන තිබේ.
චෝදනා ලාභී නිලධාරියාගේ සේවය පිළිබඳ තීරණය අද පස්වරුවේ ගැනීමට නියමිතව තිබිණි.
අදාල මූල්‍ය ප‍්‍රධානියා කිරීමට සූදානම් වූයේ යැයි කියන දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහූ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කළහ.
එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේ රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට විදේශ රූපවාහිනී ආයතනයකින් ලැබීමට නියමිත ඩොලර් මිලියන 5.5 ක මුදල චෝදනාලාභී ප‍්‍රධානියාගේ ඔහුගේ පෞද්ගලික ගිණුමකට බැර කිරීමට සූදානම් වී ඇති බව වාර්තා වේ.
අදාල නිලධාරියා මෙම මුදල පෞද්ගලික ගිණුමකට බැර කරන ලෙස එම රූපවාහිනී ආයතනයට දැනුම්දී ඇති අතර ඒ පිළිබඳව එම ආයතනය ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධානීන් දැනුවත් කර තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව අද (10) පස්වරුවේ කළ විමසුමකදී ඔහු පැවසුවේ එහි මූල්‍ය අංශයේ පසුගිය වසරක ගනුදෙනු සම්බන්ධයෙන් විගණන පරීක්‍ෂණයක් පවත්වන බවයි.
‘‘මෙහිදී වංචාවක් කරන්න අවස්ථාව ලැබුණේ නෑ. අපි ඒ පිළිබඳව වහාම අවශ්‍ය කටයුතු කළා. ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් අනුව ඉදිරි කටයුතු කරනවා’’ යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මෙම පුද්ගලයා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ප‍්‍රබලයකුගේ සමීප හිතවතකු බවත් පසුගිය පරිපාලනය සමයේ ක‍්‍රිකට් ආයතනයේ සේවයට බදවාගෙන ඇති බවත් වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ඒක...
කරපු මහා හොරකම් වලට කිසිම දඬුවමක් නොදුන් රටේ කරන්න උත්සාහ කල වරදට දඬුවමක් කරයි කියල හිතන්න අමාරුයි හීනෙකින්වත්...
දැන් දැන් කවුරු කවුරුත් විමසිල්ලෙන් වගේ ඉන්නේ. අනේ වාසනාවන්...
බැලූ බැලූ තැන ඉන්නේ හොර හැත්තකි. මහ එකාගේ සිට පොඩි එකා දක්වා හොරකම ව්‍යාප්ත වී ඇත. එබැවින් රටක් දියුණු වන්නේ කෙසේද? සුදු පිරුවට, ටයි කෝට් ඇඳගත් වැදගතුන් සේ හැසිරෙන හොරුයි...
හිටපු ප්‍රබලයා නිශාන්ත රණතුංග විය හැකිය. ඔහුගේ හිතවතුන් මෙලෙස කුමන්ත්‍රණකාරී ලෙස මර්ධනය කරනුයේ ඔහු විසින් තිලංග සුමතිපාල නැමති ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇතිවූ පිලිලය ඉවත් කිරීම සඳහා තිලංග නැවත සභාපති ධුරයට තරග කිරීම වැළැක්වීමට උසාවිය හරහා වාරණ නියෝගයක් ලබාගැනීමට උත්සාහ කීරිම නිසා විය යුතුය.
හොරු.. කම්බ හොරු.. ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන හැකියාව තමයි.
මේ චෝදනා ලබන ප්‍රධානියාගේ නමත් සඳහන් වුණානම් නොයෙකුත් දෙනාගැන සැකකරන්න වෙන්නේ නෑ නේද?
පහුගිය කාලෙ හිටියේ වේලි වේලි ..