(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට යළි කැබිනට් අමාත්‍යධුරය දීමට අවසන් එකඟතාවය ඇති වී තිබේ.
යළි කැබිනට් අමාත්‍යධුරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඉහත දැනුම් දීම කළ එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 රාජ්‍ය පරිපාලන අමාතයාංශයේදී පෙරේදා (05) පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධාන වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම්, විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් ජී පෙරේරා යන මහත්වරු දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වී සිටියහ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේ තමා හමු වූ බවත් එවිට මේ බව දැනුම් දුන් බවත් රවි කරුණානායක මහතා දේශපාලන මණ්ඩලයට සඳහන් කර සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව පවතින චෝදනා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම්දීමකට අනුව නීතිපති මතය ද ලබන සතියේ දැනුම් දීමට නියමිතය.
ඉහත පසුබිම යටතේ එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යළිත් කැබිනට් අමාත්‍යධුරය ස්ථිර වශයෙන් ම හිමිවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිබ්බා නේද මෙයාට සිතාසි නිකුත් කරලා කියලා. ඇමතිකමක් දෙන්න සුදුසුම වෙලාව.
රට ඉවරටම ඉවර කරන්න යන්නේ.
ඊළඟ ඡන්දෙදි ඔය කට්ටිය ගැනම බලාගමු.
රටට මහජනයාට වැඩක් කරන උගත් බුද්ධිමත් දේශපාලකයින් පිරිසකගෙන් සමන්විත ආණ්ඩුවක් පත් කරගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
යහපාලනය දොරේ ගලනවෝ.
ඇත්තටම කිව්වොත් මේ වගේ ඉතා හෑල්ලුවට ලක්වූ විහිළු ආණ්ඩුවක් ඉතිහාසයේම නැත.
එච්චරයි අඩු.
කෝ මේ 62 කට්ටිය
එජාප 72 වැනි සංවත්සරය වෙනුවෙන් රවිට ලැබෙන වටිනා තිළිණයක් ! ශ්‍රී ලංකාව යලි ගොඩනැගීමට පුළුවන් ඔබේ හැකියාව රටට පෙන්වීමට ඔබට ලැබුන මේ අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ජයවේවා !!!!
ඔන්න නියම යහපාලනය.
එජාපයට මොහු සුභ අනාගතයක් උදාකරාවී.
මේ වගේ පුද්ගලයන් නිසා තමා අපේ රටට මේ විපත වෙලා තියෙන්නේ. ඕනෑම හොරෙක් පාර්ලිමේන්තුවට යවනවා.
මෙහෙමත් විලි ලැජ්ජා නෙති මිනිස්සු ඉන්නවනේ !!!! කොහොමහරි අන්තිම ටිකත් සුරගෙන යන්න හදන්නේ !
බැංකු කොමිසමේ සාක්ෂි වලදී රජයේ බැංකු වලින් ඉදිරිපතු වූ සාක්ෂි වලින් කියවුණා මෙයාගේ කෙරුවාව. තව මොනවාද? කෝ ඉන්නවාද 62 කට්ටිය.
මෙන්න නියම යහපාලනය. මේවගේ අන්ත ජරා කොන්ද පණ නැති ආණ්ඩුවක් ඉතිහාසයේ තිබිලම නැහැ. හොරකන් කරන්න කරන්න උසස්වීම්...
ඔව් ඔව් ඊළඟ ඡන්දෙට සල්‍ලි හොයා ගන්නත් එපැයි..
මේ වගේ ආණ්ඩුවක් වෙන කොයි රටකවත් නැතුව ඇති. ඇයි මේ අයට නැවත ඇමති ධූර දෙන්න යන්නේ..................
වෙළඳ ඇමති, සතොසට මොකද උනේ? මුදල් ඇමති, මහා බැංකුවට මොකද උනේ? සාමාන්‍යයෙන් ගිනි පෙල්ලෙන් බැට කාපු එකා කලාමැදිරියටත් බයයිලු.
හොරු හොරුන්ට මිස්සක් වෙන කාටද
මේ රටේ ජනාධිපති කෙනෙක් නැද්ද. මේවා දැකලා, අහලා හිනාත් යනවා..
යළිත් වසන්තය .........?
අනේ අම්මෝ... කියලා වැඩක් නෑ නැහැ
රවී අයියේ කරුණක් අසමි..... මහින්ද ද මෛත්‍රී ද වැඩිය හොද.... මහින්ද හොදයි කිව්වත් වැරදි.... හු ..හු... මෛත්‍රී හොදයි කිව්වත් වැරදි.. හු..හු.... එබැවින් නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොදය කියා.....
"ජනාධිපතිගේ අකමැත්තක් නැහැ කියල" රවී කියනවා. අපි බලමු රවිට තිබුණු ඇමතිකම නැතිවෙන්න හේතුව. මහා බැංකු හොරකම ගැන කොමිසමෙන් හෙළවූ කාරණා . දැන් එම චෝදනා උසාවියකින් විභාග කරලා නිදොස්කොට නිදහස් උනාද ? උනේ කොමිසමේදී ඒ වෙනොට හෙළි නොවූ දුරකථන සංවාද සහ වෙනත් විශාල ලෙස ඇලෝසියස් විසින් මුදල් ගෙවීම් කර ඇතිබව හෙළිවීම . එකෙනුත් වැඩියෙන්ම ඒ මුදල් ලබලා තියෙන්නේ රවී හෝ ඔහුගේ පවුලට හිමි ආයතන. එහෙමනම් කොහොමද රවිට කැබිනට් ඇමතිකමක් ලැබෙන්නේ. ලොකුම හොරා කැබිනෙට්ටුවේ ඉහලින්ම ඉන්න නිසා. මේ උදවියට චන්දෙ දීපු ඔබල නැවත සිතන්න . අද ඩොලරය රුපියල් 163 ත් පැනල.
මම එදා ඉදන් කියනවා මාගේ මතෘභූමිය විනාශ කලේ එදා මෙදා තුර පත් වූ දේශපාලකයෝ තමයි...
එම අමාතංශයේ ලේකම් ධුරයට අර්ජුන් ඇලේසියස් පත් කල යුතුයි. අනිවාර්යයෙන්ම රටට ඉහළ සේවයක් කරයි
මේ මිනිස්සුන්ගේ විනාශ දැන්වත් මේ රටේ ජනතාව තේරුම් ගනීදෝ කියලා සැකයි. මේ රටට කවදාවත් යහපත් අනාගතයක් නෑ. ජනතාව සදාකාලිකව මේ නරා වලේ තමයි. ආත්මාර්ථකාමි ජනතාවට මෙහෙම වෙලත් මදි.
ඕක දෙන්න වෙන සුදුසුකෙනෙක් ආණ්ඩුවේ ඇත්තෙම නැද්ද ?
මේ ආණ්ඩුවේ ඇමතිකම් ඕනෑ තරම් තියෙනවා. ළඟදී අර මාධ්‍යවේදියකුටත් කතා කළේ ආණ්ඩුවේ ඒවා දානවා නම් ඇමැතිකමක් දෙන්නම් කියලා. අනේ මෙහෙමත් විහිලු සපයන ආණ්ඩුවක්... ජනාදිපති නිදි. විපක්ෂයක් නැත. ආණ්ඩුව තමන්ට ඕන විදියට වැඩ කරනවා ඇමතිකමක් දුන්නොත් ඒ බරත් ජනතාවට තමයි කරගහන්න වෙන්නේ..
රටම විනාශයට තමයි.
ඕකට වෙන සුදුසු කෙනෙක් නැද්ද? අහන්න හලෝ රටකරගන්න කෙනෙක් නැතිව එරිලා ඉන්න මේ ගොල්ලන්ට මොනවා කරන්නවත් මිනිස්සු නැත. ඉතිරි අවුරුදු දෙකටත් ඉතිරිටික කාලා යන්නයි ලැහැස්තිය. මේ රට කාටවත් ගොඩගන්න බැහැ.
රටට දෙවියන්ගේ පිහිටයි !
රට කන්න තවත් දෙයක් එනවා...