IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ඒකාබද්ධයේ තීරණාත්මක සාකච්ඡාව අඟහරුවාදා

නාලක සංජීව දහනායක

 

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අඟහරුවාදා (4) පස්වරුවේදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පක්‍ෂ නායක රැස්වීම එදින පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතය.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන ජනබලය - කොළඹට විරෝධතා රැළිය පවත්වන ස්ථාන පහ සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගන්නා බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රකාශකයකු පැවසීය.

විරෝධතාවය පවත්වනු ලබන ස්ථාන පහ පිළිබඳව ඊට පසුදින (5) නිවේදනය කරන බවද ඔහු කීය.

මෙම විරෝධතාවය ඉතාම සාමකාමීව පවත්වන බවත් ආණ්ඩුව දක්වන ප‍්‍රතිචාරය අනුව විරෝධතාවය දිගටම පවත්වනවාද නැද්ද යන්න තීරණය කරන බවත් එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.      



අදහස් (18)

ඒකාබද්ධයේ තීරණාත්මක සාකච්ඡාව අඟහරුවාදා

sirimal Sunday, 02 September 2018 11:11 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන එම පක්ෂය දියාරු කිරීමට කටයුතු කිරීම හරි වැඩක්ද? ඇයි පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය අරගෙන අවංක මිනිස්සු වගේ දේශපාලනය කරන්න ඔය තරම් පසුබට වෙන්නේ ඇයි? අගමැති වෙලා ජනාධිපති මරුණාම පක්ෂයේ බලය ලබාගෙන ජනාධිපති වෙන්න නේද ඔය කුරුමානම් අල්ලන්නේ? අනේ අනිච්චං.

:       677       1119

ශිරාන් Sunday, 02 September 2018 03:54 PM

ආප්ප තියරි එක හින්ද දියාරු වෙන්න පටන් ගත්තේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු වෙලා ඉවරයි. මතක නැද්ද මැතිවරණ ප්‍රතිඵල.

:       513       661

sirimalSunday, 02 September 2018 05:19 PM

ආප්ප තියරි එක නිසා නෙවෙයි. කොන්දක් නැති එක නිසයි කිවනම් ඒ කතාවේ කිසියම් සත්‍ය තාවයක් තියෙන්න පුළුවන්. ඒගොල්ලන්ගෙම කට්ටියනේ " පතෝල බණ්ඩක්ක" කියලා කියන්න පටන් අරගෙන තියෙන්නේ. මහින්ද නැවත බලයට එන්න දඟලන්නේ රටට ඇති ආදරයක් නිසා නොවේ. හිටිය කාලයේ මුළු කණ්ඩායමම එකතුවෙලා අසීමිත බලය අසීමිතව අවභාවිතකිරීමේ ආනිසංශ පල දෙන එකෙන් බේරෙන්නයි. ඒක ඉතාම පැහැදිලියි එයා වටේට ඉන්නා කට්ටිය ගැන හිතා බැලුවහම. සමහරවිට ඒගොල්ලන්ගේ උත්සාහය සාර්ථක වෙන්නත් බැරි නැහැ. අගමැති වෙලා ජනාධිපති මරුනහම රජවෙනවා කියලත් කියනවා නේ. විජේතුංග ජනාධිපතු උනා වගේ. හරිය?

:       11       69

ලහිරුSunday, 02 September 2018 03:54 PM

ඔය කතාව සිරිසේන ජනාධිපතිතුමාට අදාල නැද්ද? 2015 අමතකද?

:       217       235

sirimalSunday, 02 September 2018 05:25 PM

නැත්තේ මොකද.? හොඳටම අදාලයි. පක්ෂයේ සාමාජිකයින් විනය නීති කඩ කලොත් නිසි දඬුවම් දෙනවා කියලා කයිවාරු ගහන්න පටන්ගත්තේ නුගේගොඩ රැස්වීම පවත්තපු දවස් වල ඉඳලමයි. කතාව විතරයි කරපු දෙයක් නැහැ. එතනයි අවුල තියෙන්නේ. "මට දැන් ඇති ඕන කෙනෙක් ගනිල්ලා" කියල සභාපතිකම පුජා කරලා ගෙදර ගියත් පුදුම වෙන්න දෙයක් නැහැ. කොහොමත් දැන් කතාව අගමැති කම දීල ජාම බේරා ගන්න යනවා කියලනේ. එහෙම උනොත් ඉතුරු හරිය ඒගොල්ලෝ බලාගනී නියමෙට. වෙන මොනවා හරි කරලා ජනමතය වෙනස් කරන්න දැන් කොහොමත් පරක්කු වැඩි.

:       0       55

එර්දිSunday, 02 September 2018 04:37 PM

සිරිමල්, එදා මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වූ පරිදි ක්‍රියා නොකිරීම තමා අද මේ සේරටම මුල. රටේ සාමාන්‍ය පුරවැසියන්ගෙ අපහසුතාවයන් ගැන නොසිතා මෙවැනි උද්ඝෝෂණ මෙහෙයවන වැඩි පිරිසක් හිරගෙවල්වල ඉන්න ඕනා අපරාධකාරයො.

:       0       129

sirimalMonday, 03 September 2018 08:34 AM

හරියට හරි. ප්‍රශ්නේ තියෙන්නේ එ්ක අවශ්‍ය අයට තේරෙන්නේ නැති එකයි.

:       0       34

ramaniMonday, 03 September 2018 01:11 AM

අනේ සිරිමල්, 2014 අන්තිමේදී අතට පයින් ගහලා හංසයෙක් වෙලා 2015 මුල ඉඳලා අලියා එක්ක දීගෙට ගියේ කවුද? දීගෙට කපුකම් කරේ කවුද. ප්‍රභාකරන් කිව්වා සිංහලයට මතක තියෙන්නේ සුමාන දෙකයි කියලා. ඔයත් එහෙම සිංහලයෙක්ද (අපි නම් එහෙම නැහැ).

:       45       2

sirimalMonday, 03 September 2018 08:58 AM

රමණි කණගාටුයි කියන්න. මහින්ද වටේ ඉන්නා කට්ටිය වගේම ඔබද ලියා ඇත්තේ කිසිම බරක් නැති හිස් වචන පමණකි. රාජපක්ෂ ඒකාධිපති රෙජීමය පරාජය කිරීමට අපවත්වී වදාළ ඇති පුජ්‍ය සෝභිත නාහිමියන් ප්‍රධානව බොහෝදෙනෙක් සම්බන්ධ වූහ. එක්සත් ජාතික පක්ෂය එහි එක් කොටස් කරුවකු පමණයි. එදා මුළු රටේම දැන උගත් බොහෝ දෙනෙකුට මහින්දගේ ඒකාධිපති මැර පාලනය තිත්ත වෙලයි තිබුනේ. නමුත් ප්‍රශ්නය ඒක නෙවේ. එදා තිබුණු දුර්දාන්ත පාලනය අවසන් කර රාජ්‍ය සම්පත් අවභාවිතා කල අයට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කීවට ඒ කිසිදෙයක් හරි හැටි නොකළ එකයි. මහබැංකු කොමිසම වැනි දේ තුළින් ජනාධිපති කලේ එක්සත් ජාතික පක්ෂය කෙරෙහි මහජනයා තුළ අප්‍රසන්න භාවයක් ඇතිකිරීමයි. දීග කැවානම් එහෙම කරපු එක හරිද? මේ අතර රාජපක්ෂ කණ්ඩායම සිදුකළ වංචා, දූෂණ සම්බන්ධයෙන් අධිකරණයේ දැන් නඩු විභාගවන හෙයින් හා එය ඔවුන්ගේ අනාගත දේශපාලන පැවැත්මට පැහැදිලවම බාධාවක් වන හෙයින් ඊට එරෙහිව සමාජ මතයක් ගොඩනැගීමේ අවශ්‍යතාවෙන් දැන් යලිත් "විරෝධතාවයක්" අටවාගෙන ඇත. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නඩුවත් දැන් තීරණාත්මක තැනකට පත්ව ඇත. මේවා වෙන්න තිබුනේ අවුරුදු 3 කට පෙරාතුවයි. දැන් ප්‍රමාද වුණා වැඩියි.

:       0       51

පිටිගල මිලානෝ Sunday, 02 September 2018 12:03 PM

ලංකාවේ පරාජයට පත්වූ පළමු ජනාධිපති බලකාමයෙන් කරන දේවල්.

:       0       67

nihal Sunday, 02 September 2018 04:06 PM

මොකුත් කියන්න එපා මෙයාල අපිට ආදරේටනේ මේ හැමදේම කරලා මහන්සි වෙන්නේ. වැලේ වැල් නැතිව හිටපු අය පොගොසත් මිනිස්සු කලෙත් අපිමනේ. දැන් එකේ රස අමතක කරන්න බැරුව දුප්පත් ජනතාව වෙනුවෙන් මහන්සි වෙන්නේ. නැතුව වෙන අරමුණක් නිසා නෙමෙයි.

:       0       61

rohana Sunday, 02 September 2018 04:51 PM

අපේ සිරිලට ඕන ගැලරිය. පා.ම. මහින්ද ඇවිත් මොනාහරි ටිකක් කිව්වම කොහොමද කට්ටියගේ බල්ටි ගැහිල්ල.

:       0       39

සෙනෙවි Sunday, 02 September 2018 04:54 PM

ආප්ප තියරි පක්ෂය ඇතුලත අර්බුදයන්ය. ඒවා රටට අදාල නැත. වහාම 2015 දි දුන් පොරොන්දු ඉටුකර ජනාධිපති පුටුවෙන් බැස යන්න. හොරුනට නැවත ජනතාව ඉදිරියට පැමිනීමට ඉඩ නොතබන්න

:       0       49

nihal Dharmatileke Sunday, 02 September 2018 05:07 PM

2018 වර්ෂයේ මෝඩයන්ගේ දවස් දෙකක් අප්‍රේල් 1 සහ සැප්තැම්බර් 5.

:       0       91

chandana Sunday, 02 September 2018 05:10 PM

අපි වගේ පොඩි ව්‍යාපාරයක් කරගෙන ඉන්න කී දාහකගේ බඩට වදිනවද එදාට. සෙනඟ නම් ඉඳීවි. එ්ත් ජනතා අප්‍රසාදය වැඩිවී නාමල් බේබිලා දේශපාලන වලපල්ලටම යන්න ඕනෑ.

:       0       203

ස්ථාන පහ Monday, 03 September 2018 04:41 AM

ස්ථාන පහට අදාළ ඉලක්ක : 1. අදිකරණ දෙපාර්තමේන්තුව වටලා , ගෝඨාභයගේ 10 දා නඩුවට අදාල නීති ෆයිල් උස්සමු. 2. සිරිසේන ලග තිබෙන පසුගිය රජයේ දුසන කොමිසම් වාර්තාව උස්සමු. 3. කිත් නොයර්ගේ සාක්කි තිබෙන ෆයිල් උස්සමු. 4. නිව්යෝක් ටයිම්ස් වාර්තාවෙන් හෙළිවන චීන ගැහිල්ලට අදාල වාර්තා උස්සමු. 5. ඇවන් ගාර්ඩ් නඩුවට අදාල සාක්කි තිබෙන ෆයිල් උස්සමු. හැකි පමණ හොරු බබා සමග ඒකාබද්ධ වන්න .

:       0       233

duminda Monday, 03 September 2018 04:56 AM

පුලුවන්නම් පසු වෙනිදා රජයේ/ බැංකු/ වෙළද නිවාඩුවක් කරලා කොළඹ හිස් කරන්න... එන අයට ආණ්ඩුවත් අරන් යන්න කියන්න.... හමුදා, එස්.ටී.එෆ් ආරක්ෂාවත් එන අයට දෙන්න ඇඬෙයි එතකොට.....

:       0       63

චීන අදාර Monday, 03 September 2018 04:59 AM

ලක්ෂ 5 ට වියදම : කසිපු බෝතල ලක්ෂ 1, ලක්ෂ 500 කෑම පැකට් ලක්ෂ 5 , ලක්ෂ 500 බස් ගාස්තු = ලක්ෂ 500 පිරිස වැඩි නිසා , වියදම වැඩිවේ. චීනයෙන් අදාර බලාපොරොත්තුවේ.

:       0       43

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 3 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 41 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


තැනින් තැනට අද තද වැසි
2025 මැයි මස 10 82 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


වෙසක් උත්සවයට නුවරඑළිය සූදානම්
2025 මැයි මස 10 295 0

‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්


ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 1295 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 739 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 295 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1332 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 342 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site