නාලක සංජීව දහනායක
ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අඟහරුවාදා (4) පස්වරුවේදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව පක්‍ෂ නායක රැස්වීම එදින පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතය.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන ජනබලය - කොළඹට විරෝධතා රැළිය පවත්වන ස්ථාන පහ සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගන්නා බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රකාශකයකු පැවසීය.
විරෝධතාවය පවත්වනු ලබන ස්ථාන පහ පිළිබඳව ඊට පසුදින (5) නිවේදනය කරන බවද ඔහු කීය.
මෙම විරෝධතාවය ඉතාම සාමකාමීව පවත්වන බවත් ආණ්ඩුව දක්වන ප‍්‍රතිචාරය අනුව විරෝධතාවය දිගටම පවත්වනවාද නැද්ද යන්න තීරණය කරන බවත් එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන එම පක්ෂය දියාරු කිරීමට කටයුතු කිරීම හරි වැඩක්ද? ඇයි පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය අරගෙන අවංක මිනිස්සු වගේ දේශපාලනය කරන්න ඔය තරම් පසුබට වෙන්නේ ඇයි? අගමැති වෙලා ජනාධිපති මරුණාම පක්ෂයේ බලය ලබාගෙන ජනාධිපති වෙන්න නේද ඔය කුරුමානම් අල්ලන්නේ? අනේ අනිච්චං.
ලංකාවේ පරාජයට පත්වූ පළමු ජනාධිපති බලකාමයෙන් කරන දේවල්.
මොකුත් කියන්න එපා මෙයාල අපිට ආදරේටනේ මේ හැමදේම කරලා මහන්සි වෙන්නේ. වැලේ වැල් නැතිව හිටපු අය පොගොසත් මිනිස්සු කලෙත් අපිමනේ. දැන් එකේ රස අමතක කරන්න බැරුව දුප්පත් ජනතාව වෙනුවෙන් මහන්සි වෙන්නේ. නැතුව වෙන අරමුණක් නිසා නෙමෙයි.
අපේ සිරිලට ඕන ගැලරිය. පා.ම. මහින්ද ඇවිත් මොනාහරි ටිකක් කිව්වම කොහොමද කට්ටියගේ බල්ටි ගැහිල්ල.
ආප්ප තියරි පක්ෂය ඇතුලත අර්බුදයන්ය. ඒවා රටට අදාල නැත. වහාම 2015 දි දුන් පොරොන්දු ඉටුකර ජනාධිපති පුටුවෙන් බැස යන්න. හොරුනට නැවත ජනතාව ඉදිරියට පැමිනීමට ඉඩ නොතබන්න
2018 වර්ෂයේ මෝඩයන්ගේ දවස් දෙකක් අප්‍රේල් 1 සහ සැප්තැම්බර් 5.
අපි වගේ පොඩි ව්‍යාපාරයක් කරගෙන ඉන්න කී දාහකගේ බඩට වදිනවද එදාට. සෙනඟ නම් ඉඳීවි. එ්ත් ජනතා අප්‍රසාදය වැඩිවී නාමල් බේබිලා දේශපාලන වලපල්ලටම යන්න ඕනෑ.
ස්ථාන පහට අදාළ ඉලක්ක : 1. අදිකරණ දෙපාර්තමේන්තුව වටලා , ගෝඨාභයගේ 10 දා නඩුවට අදාල නීති ෆයිල් උස්සමු. 2. සිරිසේන ලග තිබෙන පසුගිය රජයේ දුසන කොමිසම් වාර්තාව උස්සමු. 3. කිත් නොයර්ගේ සාක්කි තිබෙන ෆයිල් උස්සමු. 4. නිව්යෝක් ටයිම්ස් වාර්තාවෙන් හෙළිවන චීන ගැහිල්ලට අදාල වාර්තා උස්සමු. 5. ඇවන් ගාර්ඩ් නඩුවට අදාල සාක්කි තිබෙන ෆයිල් උස්සමු. හැකි පමණ හොරු බබා සමග ඒකාබද්ධ වන්න .
පුලුවන්නම් පසු වෙනිදා රජයේ/ බැංකු/ වෙළද නිවාඩුවක් කරලා කොළඹ හිස් කරන්න... එන අයට ආණ්ඩුවත් අරන් යන්න කියන්න.... හමුදා, එස්.ටී.එෆ් ආරක්ෂාවත් එන අයට දෙන්න ඇඬෙයි එතකොට.....
ලක්ෂ 5 ට වියදම : කසිපු බෝතල ලක්ෂ 1, ලක්ෂ 500 කෑම පැකට් ලක්ෂ 5 , ලක්ෂ 500 බස් ගාස්තු = ලක්ෂ 500 පිරිස වැඩි නිසා , වියදම වැඩිවේ. චීනයෙන් අදාර බලාපොරොත්තුවේ.