(ක.ග කරුණාරත්න / ඩබ්.එස්. පියතිලක)
රුපියල් ලක්ෂ 11 1/2 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කරතිබූ ගජමුතු 12 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අද (01) අලුයම දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය කියයි.
පොලොන්නරුව පොලිසියේ නීතිය බලගැන්වීමේ ඒකකයට ලැබුණු තොරතුරක් මත එහි පොලිස් කණ්ඩායමක් ගජමුතු මිලදී ගන්නා මුවාවෙන් ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී මුදල් රුපියල් දෙලක්ෂ අනූහය දහස්පන්සීයක් (296,500) සහ ඔවුන් පැමිණි බව කියන නවීන පන්නයේ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙනඇත.
මෙම සැකකරුවන් මාතලේ, හසලක, බිබිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.
පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.



(ඡායාරූප - ඩබ්.එස්. පියතිලක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් කාරයෝ, අහිංසක සත්තු මරල දානවා දත් කැල්ලක් විකුණා ගන්න.
පව් කාරයෝ, අහිංසක සත්තු මරල දානවා... දත් කෑල්ලක් විකුණගන්න.