තරිඳු ජයවර්ධන
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය ගැන ප්‍රකාශය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තියේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා දැනුම් දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ඒ අනුව මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගන්නවාද එසේ නැතිනම් ඇයට එරෙහිව කෙළින්ම නඩු පවරනවාද යන්න ගැන මේ වන තෙක් තීරණයක් ගෙන නැතැයි ද එම නිලධාරියා කීවේය.
දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තියේ මෙසේ දැක්වේ.
‘‘විරුද්ධත්වය ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත් කිරීම‘‘
‘‘කතා කරනු ලැබූ හෝ කියැවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥාවලින් හෝ දැකිය හැකි නිරූපනවලින් පිහිටුවනු ලැබූ ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් අවුස්වතොත් හෝ ඇවිස්සීමට තැත් කරතොත් හෝ නීතිය ක්‍රියාවෙහි යෙදවීමේදී වෛරයක් ඇති කරවතොත් හෝ ඇති කරවීමට තැත් කරතොත් නිත්‍යනුකූල මාර්ගවලින් නොව අන් ලෙසකින් නීතියෙන් පිහිටවනු ලැබූ යමක් වෙනස් කර වීමට රජතුමාගේ වැසියන් උනන්දු කරතොත් හෝ රජතුමාගේ වැසියන් අතර අසංතෝෂයක් හෝ විරුද්ධත්වය ඇති කරවීමට හෝ එබඳු වැසියන්ගේ වෙනස් පංති අතර සතුරුවූද, අසමගිවූද හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කරතොත් ඔහු අවුරුදු දෙක දක්වා කාලයක් ලිහිල් බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් ලැබිය යුතුය.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පතිතුමාට මේක තේරුම් ගන්න සෑහෙන භාවනා කරන්න වෙයි. දැන් බලන්න ඕනෑ ඔය ප්‍රකාශයෙන් අර කියවෙන රජතුමාට එහෙම ප්‍රශ්නයක් ඇතිවුණාද කියලා...
ඔව් ..! අනිවාර්යෙන්ම . .!!! හැබැයි පාර්ලිමේන්තුව වටකරලා.. පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කිව්ව... විමල් වීරවන්සටත්.. මේ විදිහටම නීතිමය පියවරන් ගත යුතුයි .. !!! (එල්.ටී.ටී. ය නැවත නගා සිටුවීමත් සහ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම අතර මට නම් කිසිම වෙනසක් නොපෙනෙන බව ඉතා කණගාටුවෙන් සඳහන් කරමු).
අපි රජතුමාගේ වැසියෝ නෙමෙයි. මේක රජ කාලේ දණ්ඩ නීති සංග්‍රහයක්ද? මේ වගේ යල් පැන ගියපු නීති රාමුවකින් මේ රට පාලනය කරන නිසා තමයි නීතියේ සිදුරු අස්සෙන් වගඋත්තර කාරයෝ රින්ගන්නේ... රජ කාලේ නාටක දැන් පෙන්වන්නේ නැහැ. ඒ ඉස්සර.. මෙවැනි යල්පැනගිය නීති වගන්ති නූතන යුගයට ආවේණික පරිදි වෙනස් කර වගකිව යුත්තන්ට නිසි දඬුවම් ලබාදෙන්න. මේ කළ ප්‍රකාශයට ලිහිල් සිර දඬුවම් දීලා මදි. රටින් පිටිවහල් කළ යුතුයි තමිල්නාඩුව පැත්තට..
අපි රජතුමාගේ යටත් වැසියෝ නෙවෙයි, ලංකාවේ පුරවැසියන්... ඒක නිසා ඇමැතිවරිය නිදහස් කළ යුතුයි.
දිය යුතු දඩුවම රනිල් විසින් තීරණය කර පොලිස්පතිට දැනුම් දෙනු ඇත
නීතිගරුක , යුක්තිගරුක , එක්සත් .. රටක් ගොඩනැගීමේ අත්තිවාරම නම් .. අපි අපිටම අවංක වීමයි .
එතකොට සංහිඳියාවට අවුලක් වෙන්නේ නැති වෙයිද?
"නීත්‍යනුකූල මාර්ගවලින් නොව අන් ලෙසකින් නීතියෙන් පිහිටවනු ලැබූ යමක් වෙනස් කර වීමට රජතුමාගේ වැසියන් උනන්දු කරතොත්....... " එතකොට නීතියෙන් පිහිටවනු ලැබූ රජය නීත්‍යනුකූල නොවන මාර්ගවලින් පෙරලීම සඳහා පසුගියදා "රජතුමාගේ" වැසියන් කොළඹට දක්කාගෙන ආ අයට මේ නීතිය අදාල නැද්ද?
විජේකලාට නීතිය අැයි මේ තරම් පරක්කු...? පීඩනය උඩ මේ කරන බොරු වැඩ. හමුදුරුවො කෙනෙක් හරි, සිංහලයෙක් හරි පොඩි දෙයක් කළා නම් හැමදේම ඉක්මන්...
උසාවියට අපහාස කළාට ඥානසාර හාමුදුරුවෝ හය මාසෙකට හිරේ යැව්වා නම්, රටටම අපහාස කරපු මෙයාට කරන්නේ මොකක්ද කියලා බලමුකෝ?
කවුද මේ රජතුමා කියලා හඳුන්වන්නේ? 5 වැනි ජෝර්ජ්ද?
සියල්ලටම පළමුව විජේකලාව පුනරුත්ථාපනය කළ යුතුයි.
නීති පොතේ තිබෙනවා "රජතුමා වැරදි නොකරයි" කියලා ඔබ ඒ බව දන්නවාද?
2020 වෙනකම් කාලය තියෙනවා
බුදුඅම්මේ වෙජේකලා කපෝතියි !!!