(සුජිත් හේවාජුලිගේ)
මැති ඇමැතිවරුන් 20කට ආසන්න පිරිසක් මේ දිනවල විදේශ සංචාරවල යෙදී සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශ ගතව සිටින මේ පිරිස අතර තිලක් මාරපන , දයා ගමගේ , යන ඇමැතිවරුන්ද වසන්ත සේනානායක , අජිත් පී පෙරේරා , ආචාර්ය හර්ෂ ද සිල්වා හා ජේ.සී අලවතුවල යන රාජ්‍ය ඇමැතිවරුන් හා විජයපාල හෙටිටිආරච්චි , ගාමිණි ලොකුගේ, විජිත හේරත්, දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන්, අලි සහීර් මවුලානා,මහාචාර්ය ආශූ මාරසිංහ යන මන්ත්‍රීවරුන්ද වෙතියි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
මේ මැති ඇමැතිවරුන්ගෙන් කිහිපදෙනෙකු රාජකාරිමය අවශ්‍යතා සඳහා ද තවත් අය පෞද්ගලික අවශ්‍යතා හා නිවාඩුව ගත කිරීම සඳහාද මෙසේ විදේශ ගතව සිටින බව පවසන එම ආරංචි මාර්ග ඇතෙමකු පවුලේ සමාජිකයන් සමඟ විදේශ ගතව සිටින්නේ යැයිද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් ඕකටනේ ගස් ගල් පෙරලගෙන බලයට එන්නේ.
මොන හේතුවකටද? මැතිවරණයක් එනකම් ජනතාව නොඉවසිල්ලෙ බලාගෙන සිටනවා නුබලට සලකන්න.
අනේ මේ ජීවිතය පරදුවට තබාගෙන දුක්වින්දගෙන රට රාජ්‍යවල කරක් ගහන්නේ අපිට සේවය කරන්න නේ
කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ පෙරේරා මහත්මයා සලකන්න බලාගෙන හිටියට මැතිවරණය එනකොට තව කී දෙනෙක් එහාට මෙහාට පනිනවද? ජනතාව ප්‍රතික්ෂේප කරපු ගෙම්බෝ කී දෙනෙක් පස්සදොරෙන් පාර්ලිමේන්තු ඇවිත් තවමත් බක බක ගාමින් එහෙට මෙහෙට පනින්න බලාගෙන එක ඇතුලේ ඉන්නවද? අර ලොකු මහත්මයා කියලා තිබුනේ දැන් ලංකාවේ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරිම එක කියලා කාට නැති වුනත් ඉස්සර හාල් විකුණපු පොළොන්නරුවේ හබරලිය මුදලාලි සහ කුස්සියට වෙලා හිටපු නෝනත් දැන් හොඳට තර වෙනබව නම් පෙනෙනවා. කව්රු මොනවා කිව්වත් ඊයේ පෙරේදා අපේ ලොකු මහත්මය මැද මුලනට ගිහිල්ල රජතුමා එහෙම බැහැ දැකල ඇවිල්ල තිබෙනවා. ලබනපාර දෙන්න එක්කම්ම සෙට් වෙලා අලි දඩයම් කරන්න පිඹුරුපත් අදිනවා කියලයි ආරංචිය....
අර මහබැංකුවෙන් ගත්තු සල්ලිවලින් තම තමන්ට දුන්නු කොටස් පිටරටවල බැංකුවල දාලා එන්න, යන්න ඇති මගේ හිතේ.. දැන් රුපියලත් බාල්දුවෙවී යන එකේ ඉක්මනට මාරුකර ගත්තොත් කීයක් හරි වැඩිපුර ඩොලර් ටිකක් ගන්න පුලුවන්නේ...
රටේ නාස්තිය නැතිකරන්න ලෝක බැංකු උපදෙස් ගන්න අගමැති යවලා..
අනේ ඉතින් රට දියුණු කරන්න අත්දැකීම් ලබාගන්නනේ... මේ වගේ මැති ඇමතිවරු ඉන්න රටක ඉපදෙන්න ලැබුණු එක වාසනාවක්...
අනේ ඉම්රාන්, අපි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු... මෙහෙට එන්න..
මැති ඇමැතිවරුනුත් මිනිසුන්ය. ඔවුන්ටත් අපට මෙන් ආසාවන් ඇත.
හොරු රැලක්නේ..
රටට සේවයක් කරන්නත් ඕනෙනේ. ඉතින් කොහොමද නොගිහින්...?
රටකට ඕනේ අපමණ අගයක්... ඒකට ඕනේ... !!! ඩෝං !!!
අනේ රටට, ජාතියට, අපිට පව් නොදී ඔහෙටම වෙලා ඉන්න.