පාසලක සිට මීටර 100ක් දුර දුම්වැටි විකිණීම තහනම් පාසල් අවට මීටර් 500ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ යෝජනාව මීටර් 100ක දුර දක්වා අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. 04 March 2018
පුත්තලමේ පිපිරීමෙන් අයෙක් මරුට පුත්තලම පාලාවිය ප්රද්ෙෙශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක ඇතිවූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් ඇත. 04 March 2018
පස්පොඩ්ඩා ගිනි අවි සමඟ අත්අඩංගුවට පසුගිය කාලයේ ගම්පහ ප්‍රදේශයේ සිදුවු අපරාධ කිහිපයකට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පස් පොඩ්ඩා නමැත්තා ගිනි අවි තුනක් සමග ගම්පහ පොලීසිය මගින් අත් අඩංගූවට ගෙන ඇත. 03 March 2018
ලසන්ත ඝාතන සාක්කි වසන්කළැයි පොලිස් ලොක්කෝ යළි රිමාන්ඩ් සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල ලබන 15 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය. 02 March 2018
අලෝසියස්- පලිසේන මාර්තු 15 දක්වා රිමාන්ඩ් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා මාර්තු 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (2) නියෝග කළාය. 02 March 2018
රාජාංගනය උණුසුම් කළ ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදු කිරීමට යෝජිතව තිබු පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවිමට තිරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා පැවසීය. 01 March 2018
අම්පාරේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයට අගමැතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා මුස්ලිම් ජාතිකයෙකුගේ ආපනශාලාවකට කලහකාරී පිරිසක් සිදුකළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී මුජිබර් රහමන් මහතා නීතිය හා සාමය පිළිබඳ ඇමති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී. 01 March 2018
තඹුත්තේගම පොලිසියට ගල්ගැසූ 59 ක් අත්අඩංගුවට පුද්ගලික ආයතනයක් විසින් රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදුකරිමට යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් ගොවින් විශාල පිරිසක් අද (28) තඹුත්තේගම නගරයේදි පොලිසියේ අණ නොතකා සිදුකළ දැවැන්ත විරෝධතා පෙළපාලියකට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය. 28 February 2018
තාජුඩීන්ගේ පරිගණකයේ දත්ත සම්බන්ධ වාර්තාවක් දෙන්නැයි නියෝග රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් විසින් භාවිතා කරන ලද ලැප්ටොප් යන්ත්‍ර දෙකේ සහ ඩෙක්ස්ටොප් පරිගණකයේ ඇති දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන 28 February 2018
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනපති නියෝග කරයි ආර්ථික කලමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවැති කැබ්නට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 27 February 2018
සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්අඩංගුවට සහකාර පොලිස් අධිකාරිවරයෙක් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසිය. 27 February 2018
එජායේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් - රංගේ බණ්ඩාර එජාපයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 26 February 2018
අගමැති නීතිය හා සාමය අතට ගත්තේ තාවකාලිකවයි - දුමින්ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ තාවකාලිකව බවත් ඉදිරියේදී වෙනත් අයකු වෙත එම ඇමති තනතුර පිරිනැමෙන බවත් ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා කියයි. 26 February 2018
ජනපතිට - අගමැතිට යළිත් සිතාසි පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රම සිංහ මහතා අතර එකඟතාවයක් ඇති බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරණයට බලපෑ හැකි ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි දීමට අධිකරණයේ පෙනීසිටන ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යළිත් වරක් සිතාසි නිකුත් කළේය. 26 February 2018
නීතිය හා සාමය අගමැති යටතට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි 25 February 2018
බ්‍රිගේඩියර් ප්‍රියංක ආපසු ගෙන්වූයේ ඔහුගේ ආරක්ෂාවට - යුද හමුදාපති බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ මහතා ශ්‍රීලංකාවට ගෙන්වූවේ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් බවට යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද(24) වවුනියාවේදී පැවසුවේය. 24 February 2018
තමන්ට එරෙහි නඩුව විභාගයට නොගන්න’යි ගෝඨාභය ඉල්ලයි ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කර ඇතැයි කියමින් තමන්ට එරෙහිව 23 February 2018
උදයංග වීරතුංගට රතු නිවේදන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොපැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය රතු නිවේදනයක් නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. 22 February 2018
පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ පළාත් සභා මැතිවරණය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. 22 February 2018
බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කරන අමරි විජයවර්ධන මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් මඟින් නිල වශයෙන් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 22 February 2018
සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කර ගැනීමට තීරණය කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය. 21 February 2018
ජාතික ආණ්ඩුව දිගටම ජාතික ආණ්ඩුව දිගටම ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අද පර්ලිමේන්තුවට දැනුම් දුන්හ. 21 February 2018
දියතලාවේදී බසයක අත්බෝම්බයක් පිපිරීමෙන් 19 කට තුවාල බණ්ඩාරවෙල දියතලාව මගී බස් රථයක පිපිරීමකින් පසු ඇතිවූ ගින්නකින් 19 දෙනෙකු තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 21 February 2018
ජාතික ආණ්ඩුව ගැන කතානායකගෙන් හෙට විශේෂ ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුවේ ගිවිසුම් ගත කාලය පිළිබඳ හෙට (21) මැතිසබයේදී විශේෂ ප්‍රකාශයක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 February 2018
පාර්ලිමේන්තුව විනාඩි 40 න් අවසන් බැඳුම්කර හා වංචා විමර්ශන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය බදාදාට (21) කතානායක කරු ජයසුරිය මහතා කල් තැබිණි. 20 February 2018
බදාදා කැබිනට් සංශෝධනයක් කැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 19 February 2018
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි පවතින දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. 19 February 2018
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය අතළඟ අද (18) මධ්‍යම රාත්‍රීයේදී පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 18 February 2018
බුද්ධික - සුජීව එජාප මන්ත්‍රීවරුන්ගේ රැස්වීම මගහරිති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවට බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් පැමිණ නොතිබිණි. 18 February 2018
වෙල්ගමට ජනපතිගෙන් පොරොන්දුවක් අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි. 16 February 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026