(නාඋල - ඉන්දික අරුණ කුමාර)
අගමැතිවරයා සහභාගි වන මාතලේ දී පැවැත්වෙන සමෘද්ධි ලාභින් 3000 කට නව සහනාධාර ප්‍රධානය කිරීමේ උත්සවය වර්ජනය කරන බව එජාප මන්ත්‍රිනී රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.
අද (15) මාතලේ එඞ්වඞ් ක්‍රිඩාංගනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට නියමිතය.
සමෘද්ධි සහනාධාර ලාභින් තේරීමේ දී ඒකපාක්ෂිකව තොරා ඇතැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය උත්සවය වර්ජනය කළ බව අප කළ විමසීමක දී කියා සිටියාය.
අවස්ථා ගනනාවක දී පවතින තත්ත්වය පිළිබඳ කරුණු අගමැතිවරයාට කරුණු පැහැදිලි කළ ද ඔහුට ලැබී ඇති වැරදි තොරතුරු පදනම්කර ගෙන කටයුතු කිරීමට විරෝධය පලකරමින් උත්සවය වර්ජනය කරන බව ද ඇය කියා සිටියාය.
වර්ජනය හේතුවෙන් ඉදිරියේ දී පක්ෂයේ ඕනෑම ක්‍රීයාමාර්ගයකට ජනතාව වෙනුවෙන් මුහුණ දෙන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමිය ඉදිරියේදී ජනතාවගේ වැඩි කැමැත්ත ඇති නායකයා සමග එක්වනු ඇති.. අපි එසේ සිතමු. ඔබතුමියට අපේ සහයෝගය...!!!
අපට මොකටද මේවා... ?
පාලකයන්ගෙන් වැඩි පිරිසක් කාන්තා ඇසුරට අකමැති අය නිසා මේ ප්‍රශ්නය නොවැළැක්විය හැක. මව්වරුන්ට සලකන අයෙක් ඉදිරි නායකත්වයට එනවා. එයත් සමග එකතු වී රට ගොඩනගන්න කියා ඉල්ලනවා.
අනාගතයේ උඩරටින් බිහිවන ප්‍රධාන ඇමතිවරියකි. දකුණේ ප්‍රබලයෙකුගේ, ප්‍රබල සෙනවියකුගේ නායකත්වය යටතේ...
සිරිමාවෝ මැතිණියගේ මුහුණ තිබෙනවා. ඔතැනින් එළියට අාවොත් අගමැති වෙන්නත් පුළුවනි...
වැරැද්දක් කර ඇතිනම් ඉතා අගනා තීන්දුවක්. ඔබට ජය...!!!
අපි මේ නොදන්නා නිසා මෙම ප්‍රශ්නය අහන්නේ? සමෘද්ධි සහනාධාර කියන්නේ කාගේවත් ගෙදරින් ගෙනාපු මුදල් බෙදාදීමක්ද? එසේ තමන්ගේ පුද්ගලික ධනය මෙසේ දුප්පත් රටවැසියා අතරේ බෙදා දෙන්නේ නම් මෙම " මහජන නියෝජිතවරියගේ තර්කය අර්ථ ශුන්‍ය වේ". එසේ පුද්ගලික මුදල් බෙදාදීමක් නොවේ නම් එය මහජන මුදල් බෙදාදීමක් නම් මෙම " මහජන නියෝජිතවරියගේ තර්කය " 200% සාධාරණ වේ. කොහොමත් "නිවට මෝඩ අම්බරුවන්" මහජන මුදල් බෙදාදීමෙනුත් තමාට වාර විභාගෙට ලකුණු එකතු කර ගැනීමක්නේ කරන්නේ...
අද සිටින එජාප නායකයා ඒකාධිපති ඒක පාක්ෂික තීන්දු තීරණ ගන්නා අයෙක් බව මෙතුමිය දැන්වත් වටහා ගත යුතුය. ඉදිරියේදී පහළවීමට නියමිත දේශමාමක රාජ්‍ය පාලකයා ගැන උනන්දුවෙන් සොයා බලන්න. ඒ අනුව ඉදිරි පියවර ගැනීමට උත්සුක වන්න. සුදුසු පියවර ගැනීමට ඔබ මුහුකුරා ගොස් ඇත.
තම තමන්ගේ තියන ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳගන්න. මොන යකා වුණත් උද්ඝෝෂණ, වර්ජන, ගර්ජන දැන් පොදු ජනයාට එපාවෙලා. කොයි මොහොතේ හරි පොදු ජනයා ඔය උද්ඝෝෂණ, වර්ජන, ගර්ජන කාරයින්ගේ අඬු ටික කඩලා දමන එක නම් සිකුරුයි.
මාර වැඩක් කරලා තියෙන්නේ අපි වෙනුවෙන්. පව් මෙයා. අනේ මේ වගේ විහිළු...
මෙයා දැන් ඔහොම කිව්වට අද ඒකට යනවා.
සමෘධිය පෙන්න පෙන්න ඡන්ද මංකොල්ල කනවා. අපේ අයටත් දෙපයින් නැගී සිටින්න ඕනෑකමක් නැහැ. නිකම් දෙන දේ කකා ඔහේ ඉන්නවා.
මෙයත් මැදමුලන රජ එක්ක යන්න වගේ.. අනේ පව්..
අර " බ්‍රේකින් නිවුස් " නඩේට පට්ට ගහන්න හොඳ ප්‍රවෘත්තියක්.
මහබැංකුවෙන් ගත්තු සල්ලි පාක්ෂිකයන්ට බෙදනවා. මේක සොච්චමක් පමණි. මේවා රටේ මහජනතාව මිරිකා ගත්ත දේවල් වලින් සොච්චමක්.. එම ජනතාවටම බෙදා දීමක්.
අපේ දේශපාලකයින් ඔක්කොම "ජනතාව වෙනුවෙන් මුහුණ දෙන බව" අපි හැමදාම දන්නවනේ.
සමෘධිය මෙතෙක් දුන්නේ චන්ද්‍රිකාලගේ, මහින්දලගේ මිනිස්සුන්ට. යූ.එන්.පී අයට රනිල් ඉන්නකන් කිසිම වැඩක් වෙන්නේ නෑ. ජීවිතේ අසාර්ථකයි. 1994 සිට එතුමා හිටියට යූ.එන්.පී ජනාධිපති කෙනෙක් වසර 24ටම නැහැනේ... රටත් අද අරාජික වෙලා. ඉස්සර යූ.එන්.පී ආණ්ඩු තියෙන කොට මිනිසුන් අතර සල්ලි හොදට තිබුණා. අනික මේ රටේ දේශපාලනය වශයෙන් පක්ෂය ශක්තිමත් නොකර බොරු ප්‍රජාතන්ත්‍රවාදී කතා කියකියා ඉන්නකොට ඉබේම මහින්දලට බලේට එන්න පුළුවන් කිසිම මහන්සියක් නැතුවම...