(නාඋල - ඉන්දික අරුණ කුමාර)
අගමැතිවරයා සහභාගි වන මාතලේ දී පැවැත්වෙන සමෘද්ධි ලාභින් 3000 කට නව සහනාධාර ප්‍රධානය කිරීමේ උත්සවය වර්ජනය කරන බව එජාප මන්ත්‍රිනී රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.
අද (15) මාතලේ එඞ්වඞ් ක්‍රිඩාංගනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට නියමිතය.
සමෘද්ධි සහනාධාර ලාභින් තේරීමේ දී ඒකපාක්ෂිකව තොරා ඇතැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය උත්සවය වර්ජනය කළ බව අප කළ විමසීමක දී කියා සිටියාය.
අවස්ථා ගනනාවක දී පවතින තත්ත්වය පිළිබඳ කරුණු අගමැතිවරයාට කරුණු පැහැදිලි කළ ද ඔහුට ලැබී ඇති වැරදි තොරතුරු පදනම්කර ගෙන කටයුතු කිරීමට විරෝධය පලකරමින් උත්සවය වර්ජනය කරන බව ද ඇය කියා සිටියාය.
වර්ජනය හේතුවෙන් ඉදිරියේ දී පක්ෂයේ ඕනෑම ක්‍රීයාමාර්ගයකට ජනතාව වෙනුවෙන් මුහුණ දෙන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.