IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


එල්ටීටීය ගැන වැරදි අර්ථකථනයක් දීලා - නාලක ගොඩහේවා

තිළිණි ද සිල්වා
 
එල් ටී ටී සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවන බවට  වැරදි අර්ථකතයක් දී හිතාමතාම එක්සත් ජාතීන්ගේ සංවිධානය නොමගයවන්නට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බව  ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමානාන්තර සැසියකදී අද (20)  පැවසීය.
 
එබැවින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ඇති ජාත්‍යන්තර ත්‍රස්තවාදය වැලැක්වීමේ වැඩසටහන යටතේ එල්.ටි.ටී.ඊ ත‍්‍රස්ත සංවිධානයට  උඩගෙඩි දෙන ඊලාම් වාදීන් පිළිබඳවද පරීක්ෂණයක් කරන  මෙන් ලංකාවේ ඉදිරි රජයක් විසින් එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කවුන්සිලයට බල කරන  ප‍්‍රති යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවද ගොඩහේවා මහතා පෙන්වා දේ.
 
හෙතෙම මේ බව පැවසූයේ  ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  පැවති සමාන්තර සැසිවාරයේ දී සිංහල සංවිධාන නියෝජනය කරමිනි. නොබෙල් සාම ත්‍යාගයට යෝජනාවූ විද්වතෙක් වන මහාචාර්ය මහමත් සුකෘ ගුසෙල් මහතා එම සැසියේ මුලසුන හෙබවීය.
 
2015 දී  ලංකාවට එරෙහිව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාවලයට පාදකවූ  මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණ වාර්ථාව මගින් මෙලෙස එම කූඨ උත්සාහය දරා ඇතැයිද ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
 
එම මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණ  වාර්ථාවේ එල් ටී ටී ඊ සංවිධානය හඳුන්වා තිබෙන්නේ  රාජ්‍ය නොවන ආයුධ සන්නද්ධ කණඩායමක්   ලෙස මිස ‘ත‍්‍රස්වාදී කණ්ඩායමක් ‘ ලෙස නොවන බවද ගොඩහේවා මහතා  මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසිවාරයේදී වැඩිදුරටත් කියා සිටියේය.
 
 
මේ නිසා වසර ගනනාවක් තිස්සේ ත‍්‍රස්ථාවාදයට මුදලින් ආධාර කළ අන්තවාදී දෙමළ ඩයස්පෝරා සාමාජිකයින්ට එරෙහිව 2006 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය  සම්මත කර ඇති ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය වැලැක්වීමේ වැඩසටහන  යටතේ නීතිමය කටයුතු කිරීමට ඇති අවස්ථාව සිතා මතාම අසුරා ඇති බවද ඔහු පෙන්වා දේ.
 
ජිනීවාහී මානව හිමිකම් කවුන්සිලයේ  අද (20) පැවති මෙම සමාන්තර සැසිවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ නිලධාරීන්, යුරෝපීය අප‍්‍රිකානු හා ආසියනු  රටවල් ගනනාවක තානාපති කාර්යාල නිලධාරීන් මෙන්ම දෙමළ ඩයස්පෝරා සාමාජිකයින් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ. 



අදහස් (3)

එල්ටීටීය ගැන වැරදි අර්ථකථනයක් දීලා - නාලක ගොඩහේවා

කමල් Thursday, 20 September 2018 02:03 PM

බලය නැති කාලේ නියම වැඩ ටිකක් කරනවා. මේ වගේ හොඳ වැඩ දිගටම කර ගන්න නම් බලය නැති එකම තමයි හොඳ. ඔබතුමා ඔය උත්සාහය විතරක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

:       1       51

ase Friday, 21 September 2018 04:20 AM

මේ වගේ ඇයෝ කොහොමද? විශ්වාස කරන්නේ මේවා රටට ඇති ආදරේටද නැත්නම් තමාගේ වැරදි වගන්න අපිට අයෙත් පිච්චි දානවද?

:       0       0

will Sunday, 23 September 2018 04:53 PM

අපි ඔබ සැමගේ උත්සාහයට ආශිර්වාද කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 1333 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 527 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 261 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


තැනින් තැනට අද තද වැසි
2025 මැයි මස 10 115 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


වෙසක් උත්සවයට නුවරඑළිය සූදානම්
2025 මැයි මස 10 520 0

‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 384 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1339 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 343 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site