පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට සිය ධුරයෙන් සති දෙකක් ඇතුළතදී ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම්දී ඇතැයි ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවට මාධ්‍ය මගින් වාර්තා කළ ප්‍රවෘත්තිය අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එය අසත්‍ය ප්‍රවෘත්තියක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් නිවේදනය කර ඇති බව එම නිවේදනයේ තව දුරටත් දැක්වේ.
එම නිවේදනය පහත දැක්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැනක හැසිරෙන්න දන්නේ නැති, තමන් කියන්නේ මොනවද කියලා දන්නේ නැති කෙනෙක් මේ වගේ රටේ ඉහළම තනතුරක් දරනකොට, ඒ රටට හොඳක් වෙයිද ?
කාලෝචිත තීරණයක්...... මෙයා මීට කලකට ඉහත ගතයුතුව තිබූ තීරණයක්.............. පසුව හෝ මේ තීරණය ගැනීම වැදගත්......
අනේ වාසනාවන්! දැන් ඉතින් පෙරහරේ නටන්න තව කෙනෙක් එකතු කර ගන්න පුළුවන්.
නිසි ගෞරවය ගෙන විශ්‍රාම යාමට සිටි නිලධාරියෙක්, තම නිලය නිසා කරන්නේ කුමක්ද යයි නොදැන ගැනීම නිසා පොලිස් ඉතිහාසයේ අප කීර්තිමත්ම පොලිස්පති ලෙස විශ්‍රාම යාමට සිදුවීම ඉතාම ඛේදනීයයි!
අර කතා කරපු හැටියට සති දෙකත් වැඩියි. බලමු මොකද්ද වෙන්නේ කියල.
එතුමා පොලීසිය ජෝකර් මඩුවක් බවට පත් කළා. තමුන් යම් මානසික ව්‍යාධියකින් පෙළෙන බව ප්‍රසිද්ධියේ ම ප්‍රකට කළා. ලාබ ජනප්‍රියත්වය පසු පස ගොස් පොලිස්පති කමේ ගෞරවය කෙළෙස ගත්තා. මෙය ඉතා ම කළින් ගත යුතුව තිබූ තීරණයක්.
අරයත්, අරයත් හැර තව කාටවත්විහිළු සැපයිය හැකිද? නැත,කොහෙත්ම නැත
මුලින්ම මෙයා ඊලගට නියෝග කළ දෙන්නා
අදවන විට පොලිසියේ අවංක සේවකයෝන් ඉන්නේ පී සී සහ පී එස් තනතුරේ පමණි.
සැලසුමක ප්‍රථම පියවර. අපි බලා සිටුමු.
"ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග " මෙය ජනපතිගේ වැඩක්. ඉල්ලා අස්වුවහොත් පෙන්සන් නැත. බලෙන් විශ්‍රාම යැවීම හෝ කැමැත්තෙන් විශ්‍රාම ගැනීම පුළුවන. රට පාලනය කරන්නේ ඒකාබද්ධයද? ඔවුනට ඕන ඒවා ජනපති කරන බව පෙනේ.
මුල ඉඳලම නැටුවා වැඩියි........
මේක හරි...... මේ විහිලුකාරයන් එලියෙන් තබන්න .... සමස්ත පොලිස් අධිකාරියටම අපහසයක්
නැව්ව මදි උනාද මන්දා?
මේක නැටුමක ප්‍රතිඵල නෙමෙයි. නාලක යට ගහන්න වැඩක්.
බෞද්ධ දර්ශනය වැරදියට වටහගත්ත ඊනියා ලබ්ධිකයො නිසා තමයි මේ රට ලොවෙත් නැති කවදාවත් හදන්න බැරි රටක් වෙලා තියෙන්නෙ.පොලිස්පතිගෙ නැටුමෙන් අපිට ඇති වැඩේ මොකක්ද.බැරක් ඔබාම රෙඩ් කාපට් එකේ නැටුව.පුටින් මාළු බානව ඡායාරූප තියෙනව.අපේ සංස්කෘතිය බුම්මගෙන ගල් පිලිම වගේ ජීවත් වෙන එකද?ලැජ්ජාව සබකෝලය සංස්කෘතිය විදියට හරවගත්ත නිසා තමයි මේ රටේ මේ තරම් ලෙඩ්ඩු ඉන්නෙ.කරාබුවෙ හැට්ට කට්ටෙ ඉඳන් ගෑනු විවේචනය කරන ගෑනුන්ගෙ ඇද කුද හොයන පිරිමි ඉන්න රටක් මේක.ගැහැණිය විඳින්න ගැහැණිය අගය කරන්න දන්නෙ නැති රටක් දියුණුවෙන්නෙ කොහොමද.බොරුවට විරහ ගීත කිය කිය අඬ අඬා හිටියට ගෑණු දන්නව මේක පිරිමියගෙ අඩුවක් කියල.සංස්කෘතිය වැරදියට අල්ලගත්තම ශරීරය විකෘති වෙනව.ටෙස්ටස්ටරෝන් අඩුවෙනව.ඊට පස්සෙ බය ඇතිවෙනව.බය නැතිකරගන්න මිනිස්සු ප්‍රචන්ඩකාරී වෙනව.හෙළුව වහගන්න ගෑණු සංස්කෘතිය ආගම ඇතුළෙ හිරකරනව.මේකයි ලංකාවෙ අවුල.
නෑ මන් හිතන්නේ නැවිලා වැඩි වෙලා පැලුනා...
අඩු වයසේ ශූරයෙක් හිටියමා මතකයි..... පෙර කාලේ...... හැබැයි ඉල්ලා අස්වුනාට කොහෙද කානාපති කමක් ලැබුණා...
දැන් තිබෙන්නේ ඒකාබද්ධයේ රජයක්. ජනපති - සිරිසේන, අගමැති - නාමල්
1. පසුගිය දිනවල කුඩු ඇල්ලීම වැරදිය 2. නාමල්ගේ කොළඹ වැටලීම දී පොලිසිය වෙඩි නොතැබීම, කදුළු ගැස් නොගැසීම, බැටන් ප්‍රහාර නොදීම, කිරි පැකට් පරික්ෂාව නොකිරීම , වැරදිවේ. නාමල් ගේ සහ ඒකාබද්දයේ තීරණය මොහු සේවයෙන් පහ කිරීමයි. විහිලු සැපයීම කරයි.(උදා: 2015 මහින්දට මැදමුලනට යාමට හෙලිකොප්ටර දීම )
ඔස්ට්‍රියාවේ තනාපති ධුරයේ පුරප්පාඩුවකුත් තියනවා !
ජනතාව හරි හමන් පුද්ගලයන්ට ඡන්දෙ දුන්නේ නැහැ . පත් වුණු අය හරි හමන් නිලධාරීන් පත් කරගත්තේ නැහැ 2015 පසු පත්කිරීම් හා ඉවත් කිරීම් වලටම කාලය ගිය මිසක් හරි හමන් සංවර්ධනයක් රටට සහනයක් අත්කරගන්නා බැරි වුණා.
කවුරු මොනවා කිව්වත් මෙතුමා දක්ෂ නිලධාරියෙක් .....
මේ නිලධාරිය යවන්න තිබුනේ මීට කලින්. පොලිස් කොමිසමේ තීන්දු ක්‍රියාත්මක නොකර පොලිස් අධිකාරිවරයෙකුගෙන් ප්‍රසිද්ධියේ පලිගනිපු, බොරුවට පොලිස් කොස්තාපල්ලට භාවනා කරවන්න සලසපු, ප්‍රසිද්ධියේ නිතිය නමනවා කියපු මෙහෙම පොලිස්පති කෙනෙක් කවදාවත් හිටියේ නැහැ.
මේ රටේ වැඩ දැන් යන්න මල් පොහොට්ටුවට ඕනා විදිහටයි ...
කමල් ඔබ හරි. 2015 යහපාලනය පටන් ගන්නකොටම මට හිතුන මෙහෙම වෙනවා කියල . කරන්න දෙන්නෙම නැහැ.වැරදී ගොඩක් තියනවා මෙයාලගේ. කරපු හොඳ වැඩත් තියනවා. රාජපක්ෂලාට බලය දුන්නොත් මේ විදියටම ලියන්න වෙයි අවුරුද්දක් යන්න කලින්.එයාල මොන ව්දියකින් හරි අව්රුදු 50 හරි බලයේ ඉන්න වේද හද ගනීවි. නාමල්ගේ දරුවොත් අගමැති කරලා තමා පස්ස බලන්නේ .අායෙමත් අහු වෙලා පසු තැවෙන්න වෙන්නේ.උගත් බුද්ධිමත් නිර්පාක්ෂික පිරිසක් එකතු වෙලා යමක් කලොත් ගොඩ යන්න පුළුවන් අපේ රට
ගරු පොලිස්පතිතුමනි, ඔබතුමා ඉහලටම ආවේ ඔබතුමාගේ දක්ෂකමින්, උත්සාහයෙන් මේ මව්බිම හදන්න බැනේ දේසපාලුවන් ඉන්නතුරාවට. ගරු පොලිස්පතිතුමනි, ඔබතුමාට ජයවේවා. ගන්න තීරණයක් ගන්න. සත්‍ය ජයගනිවී, බලන් ඉමු අපි.