අජන්ත කුමාර අගලකඩ
ඉන්ධන මිල තීරණය කිරිම සඳහා මිල සුත්‍රයක් හඳුන්වාදෙනු ලැබුවද ඒය හඳුන්වා දුන් දින සිටම ඉන්ධන මිල ඉහළ යනවා මිස පහළට යන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) පෙරවරුවේ දී පැවසීය.
මේ තත්ත්වය හමුවේ ඉන්ධන මිල සුත්‍රය දිගටම පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළීබඳව ඉදිරියේ දී එන අයවැයත් සමඟ තීරණය කරන බවද ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්න සමඟ පැවති සාකච්ඡාවේ දී සඳහන් කළේය.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩිවන විට දේශීය වෙළෙඳපොලේ මිල වැඩි වීමත්, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවන විට දේශීය වෙළෙඳපොලේ මිල අඩුවීමටත්,මිල සුත්‍රයක් හඳුන්වාදෙනු ලැබු බව කී ජනාධිපතිවරයා එහෙත් සිදුවන්නේ එය හඳුන්වා දුන් දින සිට තෙල් මිල ඉහළ යාම බවද කීවේය.
තමාට ද ඒ සම්බන්ධයෙන් දැඩි විචේචන තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවන වේගයට වඩා වැඩි වේගයෙන් රුපියල බාල්දු වෙනකොටත් දේශීය වෙළෙඳපොලේ මිල වැඩි වෙනවා
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවන වේගයට වඩා වැඩි වේගයෙන් රුපියල බාල්දු වෙනකොටත් දේශීය වෙළෙඳපොලේ මිල වැඩි වෙනවා
වැඩක් නැහැ. ඔබතුමාගේ ඡන්ද පදනමට තමයි මේ සේරම බැරවෙන්නේ... ඔබතුමාට ඉද්රියේදී ඡන්දෙකට ගිහිල්ලා මොනවද කියන්න තියෙන්නේ..? එක්සත් ජාතික පක්ෂයට බනිනවා... ඇරෙන්න වෙන කිසිදෙයක් කරන්න බැහැ...
ඔහොම කියලා තමයි පසුගිය රජය "හෙජින් " ගිවිසුම අත්සන් කළේ... ලෝකයේ හෙට දිනයේදී වෙන්නේ මොනවද කියලා කාටවත් අද අනාවැකි කියන්න බැහැ. තම බලය රැක ගැනීමට දහසකුත් එකක් බොරු කිව්වාට, ඔබතුමා රටත්, ජාතියත් මුලා කිරීමට උත්සාහ කළ නායකයා හැටියට ඉතිහාස ගතවීම වළක්වන්න බැහැ.
ලෝක වෙළදපොළේ තෙල් මිල අඩු උනාද වැඩි උනාද කියන්න දන්නේ නැහැ. හැබැයි අපි තෙල් මිලදී ගන්නේ ඩොලර් වලින්. පහුගිය දින ටිකේම ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත අන්දමින් අවප්‍රමාණය වූ නිසා තෙල් මිල වැඩිවීමක් බලාපොරොත්තු විය හැක. මේ බව රට පාලනය කරන ජනාධිපතිවරයාට තේරුම් ගැනීමට බැරිවීම අපගේ අවාසනාවකි.
වරදින හැම දේකම වගකීම අනිත් අය මත පටවනවා මිසක් ඔබතුමා කරපු දෙයක් තියේද? මුකුත් නොකර ඉන්නවට වඩා වරදින්න හරි වැඩ කරන අය... නිකමුන්ට වඩා වටිනවා.
2015 ජනවාරි 8 ඉඳලා ඔබතුමා මේ රටේ ජනාධිපති... පත්තරේකින්වත් තවම ඒක දැක්කේ නැද්ද?
මිල සූත්‍රය මනින උපකරණයේ කට්ට හදලා තියෙන්නේ ඝන හයිඩ්‍රජන් වලින්. ඉතින් කොහොමටත් ඉහළට යනවා හැර පහළට කිසිදා නොඑනු ඇත.
ජනපතිවරයා සිය රජයට එරෙහිව කරන කෙනෙහිලිකම් දිනෙන් දිනම වැඩිකිරීම ඒකාබද්ධයේ පරම සතුටට හේතුවන බව එතුමාට නොපෙනීම කණගාටුදායකයි ! ලෝක වෙළඳපලේ තෙල් මෙන්ම අනෙකුත් භාණ්ඩ නිතර වැඩිවෙනවා මිස අඩුවෙන න්‍යායක් නැත. තිබුණත් එය තාවකාලිකයි. ජනපතිතුමනි, මාධ්‍යයන් සමඟ කතාබස් කරන්න පෙර තමන්ගේම අගමැති සහ ඇමතිමණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කළොත් නරකද? තෙලුත්, අයවැයත් අතර සම්බන්ධයක් ඇතිකරන්නේ කොහොමද?
මේ ආණ්ඩුවේ තීරණ ගන්නේ කවුද? මෙහෙම රටක් කරන්න පුළුවන්ද?
මට නම් එපාවෙලා... කරන්නෙම තමනුයි, තමන්ගේ ආණ්ඩුවයි, තමන්ගේ රටයි පීචන් වෙන කතාමයි කියන්නේ...
මේවා අපිටද බ්‍රෝ කියන්නේ?
අපි පවු නේද ?
ලංකාවෙ හිටපු අසාර්ථකම නායකයෙක්.... තමයි.
ඔබතුමාගේ නියෝජිතයකුත් ඔය කොමිටි එකේ ඉන්නවනේ, අනික ලෝක වෙළඳපලේ බොරතෙල් මිල අඩු වෙන්න එපායෑ අඩුකරන්න නම්, එ්ක හොයලා බැලුවේවත් නැද්ද?
මේ දිනවල ලෝක ඉන්ධන මිල වැඩිවෙලා තියෙන්නෙ. අපි ඉන්න රටවලත් මිල හොදටම වැඩියි.
මෙතුමාගේ අදහස් හා ඒකාබද්ඩයේ අදහස් එන්න එන්නම සමීප වන බව පෙනී යයි. ජනාධිපතිවරණයට කලින් දෙකම එකට සමපාත වනු ඇත!
ඔබතුමා ළඟක ඉඳලා කියන්නෙම මෝඩ කතානේ...
අපිට මේවා කියන්න එපා ආයුබෝවන්. අගමැතිතුමා ඔබගේ කොන්ද කඩලා නේද? මහජනතාව ඔබතුමාට කියන්න ඕනෑ දේවල් ඔබතුමා දුක හිතෙන විදියට අපිට කියනවා. ඔලුව නිකම් කැරකෙනවා වගේ...
මම අහන්නමයි හිටියේ, ඔබතුමාට එදා ගුවන් යානයේදී දීපු කජු පැකට් එකේ තිබුණු පුන්චි සුදුපාට පැකට් එකත් කඩලා කජුත් එක්ක කලවම් කරන් කෑවාද..?
ශක්‍රයා ලංකාවේ ජනාධිපති වුණත් කොමිස් ගැහීමේ වුවමනාවෙන් යටිතල පහසුකම් වර්ධනය කරන්න ගත්තු අධික ණයබර නිසා සහ ඒ හා සමානුපාතිකව විදේශීය අපනයන ආදායම් වැඩි කරනොගැනීමේ හේතුවෙන් මිළ ඉහල යෑම නතර කරන්න බැහැ. කළයුත්තේ පුනර්ජනනීය විකල්ප බලශක්ති භාවිතය වැඩි දියුණු කරන එක සහ අපනයන අාදායම් වැඩි කර ගන්න එකයි. ලංකාවේ ජනතාව හැමදාම කළේ හිසේ රුදාවට කොට්ටෙ මාරු කරන එකයි.
ඔක්කොම හොඳ වැඩ මෙයාගෙ ගිණුමට.. අප්සට් වැඩ යූඇන්පී ගිණුමට.. අනේ මෙහෙමත් කුහක පාලකයෙක්.. යූඇන්පිය මෙයත් එක්ක ඉස්සරහට යනවද? නැද්ද? කියලා ඉක්මණට තීරණය කළේ.. නැතිනම් දෙගොල්ලොම ලොකු වළකට තමයි යන්නේ
ඔබ දැන් දොන් සිරිසේන වගේ කතානේ කියන්නේ... අපිට හරි අමාරු තමා තෙල් මිල එක්ක... එ්ත් යථාර්තය එක තමා. ලෝක තෙල් මිල මේ මාසවල අඩුවුණාද මිල අඩු කරන්න? එකට හොඳම උත්තරය සීපීසී එක ප්‍රයිවට් කරන එක. නැතුව ලාබෙට තෙල් දුන්නට අපි ගොනාට අඳිනවා පමණි. අන්තිමට ඒ පාඩුව පොලියත් එක්ක අපිටම ගෙවන්න වෙනවා.
තෙල් සමගාම්, පුද්ගලික බස් කරයිනුයි..., රටේ මිනිසුන් සූරාකනවා.
මෙයා වගේ කෙනෙක් අපි ජනාධිපති කළා නොවේද?
හූනාගේ කරට රත්තරන් මාලයක් දාලා වගේ...
කාලෙකින් නොදැක්ක ඉතා වටිනා අදහස් ගොන්නක් අද මම දකිනවා. සාමාන්‍ය ජනතාව ප්‍රශ්නයක් දකින ආකාරයට ඔබතුමා නොදකින එක ගැන මට හරිම කණගාටුයි. මූලිකවම රුපියල අවප්‍රමාණය වෙන එක ගැන පැහැදිලි කඩිනම් කාර්යක්ෂම ක්‍රියා පිළිවෙලක් ගෙන ආයුතුයි. අනික් කාරණාව නම් තමන් ඇඟිල්ල අනික් අයට දික්කරන විට ඉතිරි ඇඟිලි හතර ඔබ වෙත දිගු වෙන බව මතක තියාගන්න. දේශනාව හා දුක් ගැනිවිල්ල පසෙක තබා ක්‍රියාශීලී පුද්ගලයෙක් මෙන් කාර්යක්ෂමව වැඩ කරන්න. අවංක රටට හිතැති පුද්ගලයින් ඔබ වටා එක්රොක් වෙනවා නිසැකවම... ප්‍රථමව රට ගැන සිතන්න. දෙවෙනුව පක්ෂය හා දේශපාලනය ගැන සිතන්න. මම ඉතා කරුණාවෙන් ඔබතුමාට යෝජනා කරන්නේ...
අපිට තේරෙන්නේ නැහැ මේ ආණ්ඩුව බාරගත්තේ කව්ද කියලා. මිල සුත්‍රය දැම්මේ කාගේ ආණ්ඩුවද? මෙතන වෙන ආණ්ඩුවකුත් තියෙනවද? පක්ෂ පාට බලන්නැති ආණ්ඩුවක් නේද මේක? මේ දේද ජනතාව බලාපොරොත්තු වුනේ? අන්තිම ප්‍රතිඵලය, ජනතාව බලාපොරෝත්තු වුණු පොරොන්දු ටික අමුඅමුවේ උල්ලංඝනය වීම විතරයි වුණේ...
ඕන් කට ඇරලා