අජන්ත කුමාර අගලකඩ
ඉන්ධන මිල තීරණය කිරිම සඳහා මිල සුත්‍රයක් හඳුන්වාදෙනු ලැබුවද ඒය හඳුන්වා දුන් දින සිටම ඉන්ධන මිල ඉහළ යනවා මිස පහළට යන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) පෙරවරුවේ දී පැවසීය.
මේ තත්ත්වය හමුවේ ඉන්ධන මිල සුත්‍රය දිගටම පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළීබඳව ඉදිරියේ දී එන අයවැයත් සමඟ තීරණය කරන බවද ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්න සමඟ පැවති සාකච්ඡාවේ දී සඳහන් කළේය.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩිවන විට දේශීය වෙළෙඳපොලේ මිල වැඩි වීමත්, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවන විට දේශීය වෙළෙඳපොලේ මිල අඩුවීමටත්,මිල සුත්‍රයක් හඳුන්වාදෙනු ලැබු බව කී ජනාධිපතිවරයා එහෙත් සිදුවන්නේ එය හඳුන්වා දුන් දින සිට තෙල් මිල ඉහළ යාම බවද කීවේය.
තමාට ද ඒ සම්බන්ධයෙන් දැඩි විචේචන තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.