හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රොවෙන් පෙරේරා
පුත්තලම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඔහුට ඇති නඩුවේ ඇප කොන්දෙසි කඩ කිරිමේ චෝදනාවට අදාළ නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පුත්තලම මහ අධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැදිගේ මහතා අද ( 17 ) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සදරුවන් යන අයයි.
2010 වසරේ ජනවාරි 16 වැනි දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වු මදුරන්කුලිය නගරයේ පැවති ජන රැළියකට ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ සිට බස් රථවලින් පැමිණෙමින් සිටි ආධාරකරුවන් පිරිසකට වත්මන් සභාපතිවරයා ඔහුගේ නිවසේ සිට කළ වෙඩිතැබීමක දී ආණමඩුව තෝනිගල පදිංචිව සිටි එවකට වයස අවුරුදු 16 ක් පමණ වු ජයසිංහ ආරච්චිගේ අනුර සමන් කුමාර නැමති අය මරණයට පත්ව තිබු බව කියයි.
අදාළ නඩුවේ ප්‍රධාන සැකකරු වු සභාපතිවරයා ඇප මත සිටි අතර එසේ සිටියදී ඉන්දුනිසායාවේ පැවති සභාපතිවරුන්ගේ සම්මේලනයකට සහභාගී විමට පසුගිය 10 වැනි දා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පිටත්ව යාමට සුදානම් වන විට ගුවන් තොටුපළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව අදාළ කරුණු සැළකිල්ලට ගත් පුත්තලම මහ අධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව අවසන් වනතුරු සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.
ඡායාරූප - රොවන් පෙරේරා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි. නමුත් සමහර අයට ආණ්ඩුවේ රැකවරණය පිට රටින් පිට යා හැකියි.
මෙවන් අයද පුත්තලම ජනතාව පත්කර තිබෙන්නේ?
මේ යහාපාලන ආණ්ඩුවට තමන්ගේ ප්‍රාදේශීය සහාවක සභාපතිවරයෙක්වත් ආරක්ෂා කර ගන්න බැරි තත්ත්වයක් අද උදාවෙලා තියෙන්නේ. අපේ කාලයේ නම් ඔහොම දේවල් සිද්ධ වෙලා නැහැ ඒ කාලයේ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් අත් අඩංගුවට ගන්නවා තියා කට උත්තරයක් ගන්නවත් පොලිසියට ඉඩ දුන්නේ නැහැ අපේ හාමුදුරුවන් එහෙමයි අපි රට පාලනය කරේ.
"ඉන්දුනීසියාවේ පැවැති සභාපතිවරුන්ගේ සම්මේලනයකට සහභාගි වීමට" මෙයා යන්නේ මොනවා කතා කරන්නද? අධිකරණයකින් දෙන නියෝගයක් පිළිපදින්න තරම් හික්මීමක් නැති මේ ගොයියෝ පත් කිරීමෙන් අපි අතරේ පච වෙන්නේ පල් වෙන්නේ පක්ෂ නායකයින්ය. ඕනෑම කැහැටු එකෙක් ත්‍රීවීලර් එකක් ගත්තාම ඔහු පාරේ චණ්ඩියෙකි. ඒ වගේ ප්‍රාදේශීය සභාවක සභාපති වෙන ඕනේම කෙනෙක් හිතන්න. එයා රටේ නීතියට ගෝචර නොවන ඒලියන් කෙනෙක් කියලයි.
රට පුරාම පාලකයින් බහුතරයක් නූගත් මිනිස්සු.. උසස් පෙළ අඩු තරමේ සමත් මිනිස්සු ඉන්නවද කියලත් විස්වාස නැහැ.. එහෙව් මිනිස්සු පිරිසක් තමයි රට කරන්න ඉන්නේ.. තමන්ට උසාවියෙන් යම් නියෝගයක් තියෙද්දී රට යන්න හදනකොට හිතාගන්න පුළුවන් ඒ කෙනාගේ උගත්කම ගැන.. ලංකාව විනාශවෙලා අවසන්..
පත්කළ අයට හොද පාඩමක් මේක