එමිල් රංජන් - රංගජීව රිමාන්ඩ් 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 10වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අධිකරණය නියෝග කළේය. 29 March 2018
බන්ධනාගාර හිටපු අධිකාරි අත්අඩංගුවට 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත. 29 March 2018
මහබැංකුව රනිල්ගෙන් ඉවත් කරයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති ධුරය දරණ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යංශය යටතට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 28 March 2018
උදයංග වීරතුංග අත්අඩංගුවට ගත්තේ ඩුබායි පොලිසියෙන් - ඇමැති රාජිත රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මගින් නොව ඩුබායි පොලිසියෙන් බවත්, ඔහු අත්අඩංගුවට ගත් සැණින් මෙරරට බාර නොදෙන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 28 March 2018
ලංකාවට ජීඑස්පී දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙයි ශ්‍රී ලංකාවට විශේෂ ප්රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී) නැවත ලබාදෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අයවැය පනතට අත්සන් තබා ඇතැයි කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (28) සඳහන් කළේය. 28 March 2018
ඝණ පූරණයක් නැතැයි හම්බන්තොට මහ නගර සභාව කල් යයි හම්බන්තොට මහ නගර සභාවේ ඝණ පුරණය නොමැති කම හේතුවෙන් නගරාධිපති පත් කිරීම තවත් මසකින් කල් තැබිමට දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා සභාව කල් තබමින් අද (28) තීරණය කළේය. 28 March 2018
මස්කෙළියේ මන්ත්‍රීවරියක් සඟවාගෙන යැයි ගැටුමක් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභාපති හා උප සභාපතිවරයා තේරීම සඳහා අද (28) පැවැති ජන්ද විමසීමේදී සභාවේ දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති විය. 28 March 2018
කුරුණෑගල පුරපති පුටුව පොහොට්ටුවට පොදුජන පෙරමුණ නියෝජනය තුශාර සංජීව විතාරන මහතා වැඩි ඡන්ද 2 කින් කුරුණෑගල නව නගරාධිපති ලෙස තේරී පත්විය. 28 March 2018
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසියි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථි කළමනාකරණ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් අද අහෝසි කරනු ලැබීය. 27 March 2018
පුත්තලම නගර සභාපති තේරීමෙන් පසු ගැටුමක් පුත්තලම නගර සභාවේ සභාපති තෝරා පත් කර ගැනීමෙන් පසු එජාප සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආධාරකරුවන් අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමට නොදී පාලනය කළ බව පොලිසිය කියයි. 27 March 2018
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ විදෙස් ගමන් අවලංගු කරයි අප්‍රේල් පළමු වැනි දා සිට හය වැනිදා තෙක් රජයේ සියලුම මැති ඇමැතිවරුන්ගේ විදේශ ගමන් අවලංගු කර තිබේ. 27 March 2018
හිටපු ජනාධිපතිවරුන් හතරදෙනකුගේ වාහන සමඟ කේපීගේ නැවත් ගැඹුරු මුහුදේ ගිල්වයි යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ මිළ අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් හා සහ එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබු ‘‘වෙලින් ’’ නැමැති නෞකාව ද අද (26) මීගමුවට ආසන්න බටහිර මුහුදු ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ ගිල්ලවා විනාශ කළ බව නාවික හමුදාව කියයි. 26 March 2018
මහනගර සභා තුනක බලය පොදුජන පෙරමුණට යද්දී තංගල්ලේ පෙරළියක් මේ වසරේදී පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාව සහ තවත් මහ නගර සභා තුනක බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (26 වැනිදා) සමත් විය. 26 March 2018
තංගල්ල නගර සභාවේ මුල් පුටු දෙකම එ.ජා.ප යට මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවට තේරීපත් වු සභිකයෝ අද (26) තංගල්ල නගර සභාවේදී රැස් වුහ. 26 March 2018
දඹුල්ල මහනගර සභාවත් පොහොට්ටුවට මෙවර පළාත් පාලන මැතිවරණයෙදී දඹුල්ල මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි විය. 26 March 2018
පුංචි ඡන්දෙන් මාතලේට භික්ෂුහු පස්නමක් පත්වෙති පළාත් පාලන මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා සහ නගර සභා වෙනුවෙන් තේරීපත් වු සභිකයින් 284 දෙනා අතරින් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට සභිකධුර පහක් භික්ෂූන්වහන්සේලා පස්නමකට හිමි වුහ. 25 March 2018
මීගමු නගරාධිපති දයාන් ලංසා මීගමුව මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ දයාන් ලංසා මහතා තේරි පත් විය. 23 March 2018
විශ්වාසභංග විවාදය 04 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඊයේ (21) කතානායකවරයාට බාර දුන් විශ්වාසභංග යෝජනාව 04 වැනිදා විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී අද (22) තීරණය කර තිබේ. 22 March 2018
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට බාර දෙයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් අද (21) කතානායකවරයාට බාර දෙනු ලැබීය. 21 March 2018
කතරගම වෙඩි තැබීමකින් පොලිස් නිලධරයෙක්ට තුවාල කතරගම ප්‍රදේශයේ දී අද (21) අලුයම සිදු වු වෙඩි තැබීමකින් පොලිස් බුද්ධි අංශ නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 21 March 2018
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරිම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 March 2018
කොටි කළ අපරාධ ගැන කියද්දී ජිනීවා කමිටු රැස්වීම උණුසුම් වෙයි ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවති උප කමිටු රැස්වීමකදී එල්ටීටීඊ සංවිධානයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් මත දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ නියෝජිතයින් හා ශ්‍රීලංකාවේ නියෝජිතයින් පිරිසක් අතර උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ. 20 March 2018
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට රණවිරුවෝ විරුද්ධ වෙති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට රට බේරාගත් රණවිරුවන් විරුද්ධ බවත් ඊට හේතුව එවැනි තත්ත්වයකදී රටේ ඒකියභාවය ගිලිහී යාමට ඉඩ ඇති බවත් යැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සභාපති මේජර් අජිත් ප්‍රසන්න මහතා ප්‍රකාශ කරයි. 20 March 2018
ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙක් ගේනවා - මන්ත්‍රී ඩී.වී.උපුල් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙකු ඉදිරිපත් කරන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී.උපුල් මහතා පවසයි. 20 March 2018
පුංචි සභා 340 ක් පිහිටුවීම අද පෙබරවාරි 10 වැනිදා පැවැති මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 340කට තේරීපත්වූ සභිකයින් 8356 දෙනකුගේ ධුර කාලය අදින් (20) ආරම්භ වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 20 March 2018
මුල්‍ය අපරාධ හොයන්න ත්‍රිපුද්ගල මහාධීකරණයක් ‘‘ අධිකරණ නිර්මාණය කිරීමට බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි, අවශ්‍යනම් පාර්ලිමේන්තුවට නව අධිකරණයක් නිර්මාණය කළ හැකියි. මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවන්නේ රජයේ ආර්ථිකයට බලවත් පහරක් සිදු කළ සංකීර්ණ මූල්‍ය සහ ආර්ථික අපරාධ පිළිබඳව විභාග කිරීමට යැයි ’’ නීතිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය. 19 March 2018
කොළඹ පුරපතිනි රෝසි සේනානායක කොළඹ මහනගර සභාවේ පාලන බලය හිමි කරගත් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කණ්ඩායම අද (19) පස්වරුවේ දිවුරුම් දෙයි. 19 March 2018
ජනපති නියමයෙන් හදිසි නීතිය අවලංගු කෙරේ මහනුවර ඇති වූ නොසන්සුන්තාවත් සමඟ පැන වූ හදිසි නීතිය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කර තිබේ. 18 March 2018
අර්ජුන් මහේන්ද්‍රන් අල්ලලා දෙන්න’යි ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලයි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කිරීමත් සමඟ රහස් පොලිසියේ ජාත්‍යන්තර පොලිස් ඒකකය හරහා එම වරෙන්තුව ජාත්‍යන්තර පොලිසියට යැවීමට කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග කියයි. 16 March 2018
උදයංග වීරතුංගට විවෘත වරෙන්තු රුසියානු හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. 16 March 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026