(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරිපත්ව ඇති සභාග ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ නිවසට 9 වැනිදා රාත‍්‍රීයේ කැඳවා ඇතැයි වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට අනීවාර්යෙන්ම සහභාගී වන්නැයි දැනටමත් දැනුම් දී ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
එදින මන්ත‍්‍රීවරු සඳහා විශේෂ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්ද පිරිනැමීමට සුදානම් කර ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, ඒකාබද්ධ විපක්‍ෂයත් මුල්වී බාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී.ල.නී.ප. පහළොස් දෙනාගේ කණ්ඩායමේ එස්.බී. දිසානායක මන්ත‍්‍රීවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයට පසුගියදා ඉදිරිපත් කර තිබිණි.
ඒ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් දෙපාර්ශවය අතර පැවැති බව ඉකුත් සතියේ වාර්තා විය.
මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ පළාත් පාලන මන්ත‍්‍රී සංසදයද හිටපු ජනාධිපතිවරයා විසින් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලයට හෙට (08) දිනයේ දී කැඳවා ඇතැයි වාර්තා වේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.