(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරිපත්ව ඇති සභාග ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ නිවසට 9 වැනිදා රාත‍්‍රීයේ කැඳවා ඇතැයි වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට අනීවාර්යෙන්ම සහභාගී වන්නැයි දැනටමත් දැනුම් දී ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
එදින මන්ත‍්‍රීවරු සඳහා විශේෂ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්ද පිරිනැමීමට සුදානම් කර ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, ඒකාබද්ධ විපක්‍ෂයත් මුල්වී බාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී.ල.නී.ප. පහළොස් දෙනාගේ කණ්ඩායමේ එස්.බී. දිසානායක මන්ත‍්‍රීවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයට පසුගියදා ඉදිරිපත් කර තිබිණි.
ඒ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් දෙපාර්ශවය අතර පැවැති බව ඉකුත් සතියේ වාර්තා විය.
මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ පළාත් පාලන මන්ත‍්‍රී සංසදයද හිටපු ජනාධිපතිවරයා විසින් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලයට හෙට (08) දිනයේ දී කැඳවා ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
225 දෙනා ගැනම කියන්න බොහෝ දේවල් තිබුණත් කියලා වැඩක් නැහැ...
වැඩේ හරි ගියොත් නඩු ටික ගොඩ...
සිංහලයා මලෝ! හොරු ඔක්කොම ඔන්න එකතු වෙනවෝ!!! අතිගරු ජනාධිපතිතුමා ඔහුව බලයට පත්කළ ඡන්ද දායකයින්ව පාවා දෙනවෝ!!! මෙහෙම ද්‍රෝහිකමක් තවත් ඇද්දෝ!!! අපිට ජීවත් වෙන්න වෙනත් රටක් හොයා ගනියෝ!!!
දුවන කෝච්චියට බෙල්ල තියනවා වගේ වැඩක් කරන්න යන්නේ. කිසි ලෙසකින් මේ ජනාධිපති සමග එකතුවීම පාක්ෂිකයන් අනුමත කරන්නේ නැහැ. කරුණාකර බුද්ධිමත්ව කටයුතු කරන්න.
දෙවියන්ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!!.
සිරා හිතාගෙන ඉන්නේ මහින්දට අගමැතිකම දීලා ඊළඟ පාරත් ජනාධිපතිකම ගන්න..
මේ නූල් බෝලයට එකතුවුණු අලුත්ම ප්‍රලාපය වන්නේ මහින්ද අගමැති කරන සභාග ආණ්ඩුවක් ගැන කතා කිරීමට ජනාධිපති සිරිසේන හිටපු ජනාධිපති මහින්ද හමුවී කතා බස් කල බවයි. පසුගිය (04) ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන තීරණය ගැනීම් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේදී කණ්ඩායමක් පත් කෙරුණු බවයි. නමුත් එහිදී සිදු වූයේ "ඒජනිස තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට එම කමිටුව පත් කළ බව"යැයි මහ ලේකම්වරයා කියයි. ශ්‍රී.ල.නි.ප. මහලේකම් කියන්නේ "සම්මුතිවාදී රජයෙන් ඉවත්වීම සඳහා අවසන් තීරණයක් ගැනීමට එක්සත් ජනතා නිදහස් සංධානය කමිටුවක් පත්කර නැති බවත් ඉදිරියේදී ශ්‍රීලනිප කණ්ඩායම සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය" බවත් ය. යනඑන මං නැතිව ඉන්නා කණ්ඩායමක් එක පුද්ගලයෙකුගේ පිහිටෙන් ගොඩ ඒමට ගන්නා මේ සියලුම ක්‍රියාදාමයන්ගේ අවසන් අරමුණ මාධ්‍ය මඟින් මේවගේ ප්‍රලාප සඳහා පුළුල් ප්‍රචාරයක් ලබාදී ආණ්ඩුව තුල අවුල් වියවුල් සහගත තත්වයක් ඇතිබවක් මවාපාමින් ආණ්ඩුවට සම්බන්ධ කොටස් කරුවන් අතරේ ගැටුම් ඇතිකිරීමයි. රටට වැඩක් සිදුවන දෙයක් කිරීම නොවේ.
ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න... ඔබ නොදැක බැරුවා... ඔබ නැතුව බැරුවා.. ඔබ එතැයි සිතුවා මග බල බලා නෙතු දව දවා... (ඔබගේ කට්ටිය).
මේවා සාකච්ඡා කළාට සාර්ථක වෙන්න තව පෝය කීයක් යාවිද දන්නේ නැහැ... මොන හේතුවකට හරි මේ සභාග ආණ්ඩුව පිහිටවුවොත් වර්තමාන ජනාධිපතිතුමාට යන එන මං නැතිවෙන බව නම් සහසුද්දෙන් කිවහැකියි.
අනිවාර්යයෙන් මහින්ද රජයක් ඇතිවිය යුතුයි. රට මේ අගාධයෙන් ගොඩ ගැනීමට නම්....
හැම දේශපාලකයෙක්ම හදන්නේ කොහොමහරි අපිව අමාරුවෙ දාලා එයාලගේ සුඛ විහරණය හදාගන්න. ඕක තමයි හැමදාමත් සිද්ධ වුනේ. ඉස්සරහට සිද්ධ වෙන්නෙත්. පුදුම වෙන්න දෙයක් නෑ. මේ ඉතින් මෝඩ අපේ අවාසනාව.
රාජපක්ෂලා මේ නඩු වලින් ගොඩ එන විදියක් කල්පනා කරනවා අපේ samank වගේ අය අනේ ඉතින් සිහින මවනවා.
අපේ රටේ හොරුන්ට බේරෙන්න තියන පහසුම ක්‍රමය දේශපාලනය.
ඡන්දෙ දීලා කරගත්තු වැඩක්... මේ ඔක්කොම හොරු... මේ කාටවත් ඡන්දෙ දීලා වැඩක් තියේද? හොරකම් කරලා හිරේ ගියාම ඒ අයට බෝධි පූජා පවත්වනවා. එහෙනම් මේ හිරේ ඉන්න හැම කෙනාටම බෝධිපූජා පවත්වන්න එපෑයැ...
පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ 225 හැර වෙන කව්රුවත් නැත්ද? කොහොම තෙම්පරාදු කළත් එකම 225 පොඩ්ඩක් එහාට මෙහාට වුණාට. මේ කට්ටියම තමා මන්ත්‍රීවරු ඇමැතිවරු. හැමදාම උපරිම විදිහට තමන් භුක්ති විඳිනවා.
අල්ලපු අත්තත් නෑ... පය ගහපු අත්තත් නෑ වගේ වැඩක් තමයි වෙන්නේ...
මේ රටේ මිනිස්සු තාම තේරුම් නොගත්ත දෙයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාටම තියෙන්නේ මේ රට අවංකව, වංචාවෙන් තොරව දියුණුව කරා ගෙනයාමේ ඒකායන බලාපොරොත්තුව නෙමෙයි. කොයි දේ කරන්නෙත් තමන්ගේ බඩ වඩාගෙන කොහොම හරි හම්බකරගෙන ප්‍රභූවරු වගේ තමන් විතරක් වැජඹෙන්න. එ්කනේ ආපු ගමන් ඩියුටි ෆ්‍රී වාහනේ ඕඩර් කරන්නේ.. එතැනින් හම්බ කිරීමේ නොනවතින ගමන අරඹනවා. ඒ නිසා ඔය කරන දේශපාලන සෙල්ලම් තඹ දොයිතුවකට මායිම් කරන්න වටින්නේ නැහැ.
අපේ රටට මහින්ද හැර වෙන විකල්පයක් නැත.
මාසයකට සෑරයක් පොහොට්ටුවේ නාඩගමක් රඟ දක්වනවා. ගිය මාසේ කොළඹ වටලලා ආණ්ඩුවත් අරන් ගෙදර ගිය කට්ටිය මේ මාසේ සභාග ආණ්ඩු හදන්න සාකච්ඡා තියනවා. මේවා තමයි පාක්ෂිකයින්ගේ මොරාල් එක තියා ගන්න කරන දේවල් මිසක යථාර්ථවාදී දේශපාලන ක්‍රියාමාර්ග නොවේ. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ආසන 106 ක් හා දෙමළ ජාතික සංධානය සතුව ආසන 16 ක් පවතින තත්වයක් තුළ ආසන 85ක් ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවන්න එදාත් බැහැ, අදත් බැරි අතර එ.ජා.ප.යේ පිරිසකගේ සහය ඇතිව ආණ්ඩු පිහිටුවන කතාව ඇත්ත වීමට නොහැක්කේ එදා ජනාධිපතිවරයා හා ආණ්ඩුව තමන් සතුව තිබියදී රුපියල් කෝටි ගණන් වලට නොවිකිණී ආණ්ඩුව රකින්න නොගිය දේශපාලකයින් අද ආණ්ඩුබලය තමන් අත තිබියදී එය අතහැර විපක්ෂයට එක්වේදැයි යන ප්‍රශ්නය නිසාය...
සුනාමි මුදල් හොරාකාපු අයත් මැරෙන්නේ බල තණ්හාවෙන්....අනේ දෙවියනේ මේ වගේ අය රටින් දුරුකරන්න ඕනේ..., මේ අයගේ හොර නඩය ඉන්න තුරු අපෙි රට වල පල්ලෙම තමයි.
අන්න සමන්ගේ බළලා මල්ලෙන් පැන්නා. අන්න එ්ක තමයි මම කිව්වේ මෙයා පා.ම. මහින්දට කඩේ යන කෙනෙක් කියලා.
පඹගාලක පැටලී ගොඩඑන්න බැරිව ඉඳගෙන රටේ ප්‍රශ්න විසදන්නේ කොහොමද කියලා මොවුන්ට කඩේ යන අයගෙන් අහන්න කැමතියි.