පාර්ලිමේන්තුව කැඳවන දෙවැනි ගැසට්ටුවෙත් ගැටලුවක් පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු පළමු ගැසට් නිවේදනය වගේම දෙවැනි ගැසට් නිවේදනයේත් දෝෂ තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් තුන්වැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු බලධාරීහූ පවසති. 26 April 2018
එජාප ප්‍රබලයෙක් හදිසියේම ඉල්ලා අස්වෙයි හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ. 26 April 2018
ලක්ෂ 15ක් වටිනා මත්පෙති කෙරවලපිටියේ නිවසකින් පාසල් දරුවන්ට විකිණීමට සුදානම් කර තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා මත්පෙති හා කේරල ගංජා තොගයක් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ නිවසකින් අද (25) සොයා ගත් බව කොළඹ සුරාබදු කාර්යාලය පවසයි. 25 April 2018
ශ්‍රී ලන්කන් කොමිසමේ සාක්කි සටහන් කරගැනීම ඉදිරි සති දෙකේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම අදාළ පුද්ගලයින්ගේ තොරතුරු හා සාක්කි සටහන් කර ගැනීම ඉදිරි සති දෙකේ දී අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 25 April 2018
ශ්‍රීලනිපයේ පූර්ණ ප්රතිසංවිධානයක් නිලධාරී මණ්ඩලය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ප්රතිසංවිධානයක් කිරීමට අද පැවැති මධ්‍යම කාරක සභාවේ තීරණය වී තිබේ. 24 April 2018
පළාත් 6ක ඡන්දය දෙසැම්බර් 15ට පෙර පළාත් සභා හයක මැතිවරණය මේ වසර අවසන් වීමට පෙර පැවැත්වීමට හැකිවෙතැයි අපේක්ෂාකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය එම කොමිෂන් සභා කාර්යාලයේදී අද (24) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 24 April 2018
තෙල් මිලේ තීන්දුව අද ඉන්ධන මිල ඉහළ දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (24) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඉන්ධන මිල තීරණය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරන ලද මිල සූත්‍රය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිතය. 24 April 2018
ජනපති හා අගමැති අතර විශේෂ සාකච්ඡාවක් කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වෙන බව එජාපයේ නියෝජ්‍ය මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 23 April 2018
ජාතික ආණ්ඩුව ගෙනියන්න අලුත් ගිවිසුමක් - ඇමැති අමරවීර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ ගතවීමට පෙර සරත් අමුණුගම මහතා ඇතුළු අපි පස් දෙනෙකුට දැනුම් දුන්නා ඉදිරි කාල පරිච්ඡේය තුළ මේ ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාවලියක් සකස් කරන්න කියලා. ඒ සකස් කරන යෝජනාවලිය අනුව අලුත් ගිවිසුමක් සකස් කිරීමටත් එතුමා බලාපොරොත්තු වෙන බවයි අපිට දැනුම් දුන්නේ. ‘ යැයි සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසිය. 22 April 2018
සංගීතයේදී වෙඩි තබා ව්‍යාපාරිකයා මරාදමයි අත්තනගල්ල ව්‍යාපාරික සංගමය හා තරුණ කැල සංවිධානය කළ සංගීත සංදර්ශනයකදී සිදු වූ වෙඩි තැබීමකින් හෙයියන්තුඩුවේ ව්‍යාපාරිකයකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි 22 April 2018
බේරුවල ප්‍රදීපාගාරය අසළදී දෙදෙනෙක් රළ පහරට හසුවී මරුට බේරුවල ප්‍රදීපාගාරය පිහිටි දූපතෙහි විනෝදවීම සඳහා පැමිණි පිරිසකගෙන් එකම පවුලේ සහෝදරියත්, සහෝදරයත් දියේ ගිලී මියගොස් ඇතැයි බේරුවල පොලීසිය කියයි. 21 April 2018
අර්ජුන් මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අද (20) ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 20 April 2018
හොරණ කර්මාන්ත ශාලාවක අනතුරකින් 5ක් මරුට හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලවක රසායනික ද්‍රව්‍ය අඩංගු වළකට වැටී එහි සේවකයින් පස් දෙනකු මේ වන විට මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 19 April 2018
ඇමැති මාරුවේදී සමෘද්ධි කම්කරු එජාපයට ලන්ඩන් සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණි පසුව සිදුකෙරෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබූ සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන ලෙස එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 19 April 2018
සයිටම් ප්‍රධාන විධායකට වෙඩි තැබීමට කඩුවෙල නාගරික මන්ත්‍රී සැකපිට සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි කියන සිද්ධියට අදාළව කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර ලක්මාල් විලත්ගමුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 18 April 2018
මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ් මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමට ආධාර අනුබල දුන්නැයි රිමාන්ඩ් බාරයේ සිටි යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මැයි මැයි දෙවැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය. 18 April 2018
සැසිය කල් දාන ගැසට්ටුවේ හිලක් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ අලුත් සැසිවාරය පටන් ගන්නා දිනය සටහන් වුවත් වේලාව සඳහන් නොවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇත. 17 April 2018
ශ්‍රී ලන්කන් වසරක ආදායම කෝටි 12,690 යි - පාඩුව කෝටි 1560 යි 2017-2018 මූල්‍ය වර්ෂයේදී රුපියල් කෝටි 12,690ක (රුපියල් බිලියන 126.9ක) වාර්තාගත ආදායමක් ලබා ඇතැයි ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගම කියා සිටී. 17 April 2018
ඇප නියම වුණත් මහින්දානන්ද රිමාන්ඩ් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇප නියම වූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම නිසා ඔහු රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 16 April 2018
මහින්දානන්ද අලුත්ගමගේට ඇප පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 16 April 2018
කටුමාන කැළේ කපා ගෙවල් හදන්න යයි නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයට මායිම්ව ඇති කටුමාන වනාන්තරයේ හෙක්ටයාර 2.3656ක් නිවාස ව්‍යාපෘතියට ලබා දීමට යන බව පරිසර හා සොබා දහම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි. 15 April 2018
ඇමැති අනුර ප්‍රියදර්ශන ඉල්ලා අස්වෙයි ආපදා සේවා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 12 April 2018
ඇලෝසියස් - පලිසේන තවදුරටත් රිමාන්ඩ් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් මේ මස 26 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12) නියෝග කළාය. 12 April 2018
විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රීලනිප 16ක් ඉල්ලා අස්වෙති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීට ටික වේලාවකට පෙර භාර දුන් බව රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය. 11 April 2018
’නව කැබිනට් මණ්ඩලය සිංහල අවුරුද්දට පෙර’ - රාජිත කියයි නව කැබිනට් මණ්ඩලය ඉදිරි දින දෙක තුළදී එනම් 14 වැනි දා ට පෙර දිවුරුම් දෙන බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 11 April 2018
ටීඑන්ඒ මන්ත්‍රීවරු කෝකිලායි පන්සලේ හිමිකාරිත්වය විමසති උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ගම්මාන හා බෞද්ධ සිද්ධස්ථාන වෙත සංචාරයක නිරත වී ඇත. 11 April 2018
ශ්‍රීලනීපය ආණ්ඩුවෙන් යනවාද නැද්ද තීන්දුව හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රීලනීප මධ්‍යම කාරක සභාව හෙට (11) රාත්‍රීයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යළි රැස්වේ. 10 April 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026