නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සර්ව ආගමික ආශිර්වාදය මැද සිය රාජකාරී ආරම්භ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ , නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, දිනේෂ් ගුණවර්ධන , බන්දුල ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරු රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිති.
(36698)
(ඡායාරූපය ඒ.එෆ්.පී)
(ඡායාරූපය - ලහිරු හර්ෂණ)
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අගමැති මහින්ද වැඩ බාරගනී
Sanath Kandy Monday, 29 October 2018 06:28 AM
අපි බලාගෙන ඉන්නේ මල්ලිලා ටිකයි පුතාලා ටිකයි වැඩ බාර ගන්නේ කවදද කියලා.
Sathya Monday, 29 October 2018 06:53 AM
කොල්ලයි, බල්ලයි කියන හැමදේම කරන්න යන්නේ නැතිව, පුළුවන් තරම් නිවැරදි දේ කරන්න උත්සාහ කරන්න. පොඩි මිනිහ විඳින දුක දන්නා කෙනෙක්ට විතරයි පොඩි මිනිහගේ දුක නිවන්නත් පුළුවන්. ලොකුම දේ තමයි විනාශකාරී පුතාල ටිකයි, වටේ ඉන්න හරක් ටිකයි බැඳලා දමන්න මතක ඇතිව. නැත්නම් ගියසැරේ වගේ ජනතා අප්‍රසාදයට ලක්වෙන්නයි වෙන්නේ. පරණ වැරදි හදාගෙන, රටට සේවයක් කරන්න හැකිවේවා කියල සුබපතනවා...
dumunda Monday, 29 October 2018 06:55 AM
වැඩ බාර ගත්තද? නැත්නම් වැඩ අනාගත්තද? අපිට වැඩි කල් යන්න කලින් බලාගත හැකියි. රේන්ද හදිස්සියට ඉඳගත්තා වගේ නෙමෙයි, හෝදන්න වතුරවත්, බාල්දියේ අඩියවත් තියෙනවද කියලා බැලුවේ පස්සෙද මන්දා කියල මට හිතෙන්නේ... දැන් ඉතින් මොකද කරන්නේ? අපි බලාගෙන ඉම්මු... අපිට ආදරේ තරම... එන අය වැය පරද්දනකන්වත් ඉන්න බැරි වුනානේ.. එහෙමනම් මෙච්චර අවුලකුත් නැහැ. අපවාදෙකුත් නැහැ. අම්මපා ඩොලරයත් 175 කින් නැගලා එක නැටුමට..
සුමමා Monday, 29 October 2018 06:56 AM
සුබ මොහොතින් සුබ සොරකම් සඳහා වැඩ භාර ගන්නා ලදී. ජය වේවා!!!
janatha anura Monday, 29 October 2018 09:45 AM
බැංකු හොරකමද රට විකුණගෙන කන හොරකමද මල්ලි ඔය කියන්නේ
Shan Monday, 29 October 2018 07:02 AM
මිනිස්සු මේ දේශපාලකයන්ට පාඩම් කියා දෙන්න කාලය හරි දැන්.
Uditha -London Monday, 29 October 2018 07:05 AM
සුබ පතනවා!!! නමුත් පුතණ්ඩියා ඊයේ FCID එකට ගිහින් තියෙන්නේ කොට කලිසමක් ඇඳලා.. ඒ කියන්නේ එවැනි තැනකට යනකොට අඳින්න සුදුසු දේ තවම පුතා දන්නේ නැද්ද? නැත්නම් ඒ ඇඳන් ගිය එක හරහා යම් යටි අරුතක් තියනවද? දැන් ඉතින් මේවා අාපහු අපේ අපිට ඕනෑදේ කරන්නේ බලාගනින් කියලා වගේ...
uddikaMonday, 29 October 2018 07:57 AM
එෆ් සී අයි ඩී එක ඊයේ වහලා
Uditha - LondonMonday, 29 October 2018 09:15 AM
ඔය මහත්තයා ඒ තරම් රටේ ලෝකේ වෙන දේවල් දන්නේ නැහැ වගේ.
d.upul Monday, 29 October 2018 07:08 AM
තමන්ගේ බඩ ගැන හිතමින් එහෙට මෙහෙට පනිමින් ජාතියම හූරාකන මේ කාලකන්නි දේශපාලනයට තිත තබන්න නම් නාගානන්ද වැනි උගතෙක් රට බාරගත යුතුයි. දැන් කල යුත්තේ ඒ සඳහා පෙරමුණ ගැනීමයි.
Sanath KandyMonday, 29 October 2018 07:42 AM
විකල්පයකට යන්න ඕන තමයි. ඒත් තනි තනි පුද්ගලයින්ට දේශපාලන සංවිධානයක් නැතිව එහෙම රට ගොඩ නගන්න පුළුවන් කියලා හිතනවානම් ඒක හරිම අදේශපාලනික සිතුවිල්ලක්. ඇයි අපි ජවිපෙට අවස්ථාවක් දීලා බලන්නේ නැත්තේ?
NuwanMonday, 29 October 2018 08:52 AM
ජවිපෙත් අපට සුගතියක් කරන්න නෙමේ එන්නේ
casmir Monday, 29 October 2018 09:07 AM
හොදම තීරණයක් හැබයි ජේවීපී එක අන්තරයේ විසුරුවලා ශිෂ්‍ය දේශපාලනයෙන් අයින් වෙන්න ඕන.
VajiraMonday, 29 October 2018 10:29 AM
අන්තරය නිසා තමා මේ රටේ නිදහස් අධ්‍යාපනය රැකිලා තියෙන්නේ. අන්තරය කියන්නේ ජවිපෙ සංවිධානයක් නොවේ...
chamiMonday, 29 October 2018 07:46 AM
නාගනන්ද වගේ උගතෙක්?
Hafeel Monday, 29 October 2018 07:27 AM
දැනටතමත් නාමල් සුපුරුදු පරිදි වැඩ පටන්ගත්තා. ඊයේ FCID එකට ගිහින් තියන්නේ කොට කලිසම් ඇඳලා. හම්බන්තොටිත් සජිත්ගේ නාමපුවරු ගලවන්න පටන්ගත්තා.
sampath Monday, 29 October 2018 07:43 AM
ඇවිල්ල දවස් දෙකයි රුපියල නැවත ඉහල යාමට පටන් අරගෙන. දින දෙකට ශත 70කින් ඉහල ගිහින්. අපේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් ඔබතුමාට විතරයි.
Sanath Kandy Monday, 29 October 2018 07:45 AM
අර අතේ දාගෙන ඉන්න ඇට වැල මොකක්ද?
කුශාන් සෙනරත් Monday, 29 October 2018 08:05 AM
මහින්ද ජනාධිපති තුමාට ලැජ්ජා නැතිද තමන්ව පරදවපු සිරිපාල යටතේ නැවතත් අගමැති කෙනෙක් වෙන්න. හිරේ ගියත් නම්බුයි, තමන් විහින්ම තමාව පාවාදෙනවාට වඩා.
isurandi Monday, 29 October 2018 08:07 AM
අහෝ.! කවුරු පත් උනත් කම් නැත, රටට වැඩක් ජනතාවට සෙතක් සලසනවානම්.
ලුම්බිණි Monday, 29 October 2018 09:29 AM
ඡන්දෙකින් එන්නේ නැතුව පස්සේ දොරින් ඇවිත් මෙහෙම ඉන්නේ කොහොමද? මෙතන කාටවත් ලජ්ජා නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ.
Bamunuarachchi Monday, 29 October 2018 09:46 AM
ඔබතුමා ජනාධිපති කමින් අයින් උන දවසේ ඉඳලා වැඩ පටන් ගත්ත බවයි මම දන්නේ.
janatha anura Monday, 29 October 2018 09:49 AM
පරිනත දේශපාලකයන් රටේ පළමු පුරවැසියා එහෙම හිතන්නේ නැහැ එය තමා අවශ්‍ය එය බාරදුර කටයුක්තක්
dias Monday, 29 October 2018 10:01 AM
දැන් ඉතින් පිය, පුත්, සහෝදර සමාගම වැඩ පටන් ගනී!
sathyapala Monday, 29 October 2018 10:34 AM
ලැජ්ජා නැති අගමැති වැඩ පටන් ගන්නවා එහෙනම් .
chinthaka Monday, 29 October 2018 10:39 AM
ජයවේවා, 88, 89 කාල වකවානුවේ සිදුවූ දේ ගැන බැලුවාම ඔය තනතුරෙන් ඉවත්වුණු එක රටේ වාසනාවක්...