(දිල්රුක්ෂි ග්‍රේරු)
ඛනිජතෙල් සේවකයින් ඉන්ධන බෙදාහැරීම මුළුමනින්ම නවත්වා දමා අද (29) උදෑසන සිට වැඩ වර්ජනයක් අරඹා තිබේ.
දෙමඩගොඩ ඛනිජතෙල් සංස්ථා මුලස්ථානයේදී ඊයේ (28) සිදු වු වෙඩි තැබීමකින් පසු තරුණයකු මිය යාමේ සිද්ධියත් සමඟ හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වර්ජනය අරඹා ඇත.
වර්ජනය හේතුවෙන් මේ වන විට ඉන්ධනහල් අසළ දිගු පෝලිම් දකින්නට ලැබෙන අතර ඇතැම් පිරිස් ඊයේ රාත්‍රියේදීම ඉන්ධහල්හි රැදී සිටිමින් ඉන්ධන ලබාගත් අයුරු දැකිය හැකි විය.
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ සවස ඛනිජතෙල් සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ දරද්දී ඇති වු කලබලකාරී තත්ත්වයෙන් පසු ඇමැති ආරක්ෂකයකු එල්ල කළ වෙඩි පහරකින් සංස්ථා සේවකයින් තිදෙනකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහල ඇතුළු කළ අතර බරපතල තුවාල ලැබු එක් පුද්ගලයෙක් මිය ගියේය.
වෙඩිතැබීම සිදු කළ හිටපු ඇමැති ආරක්ෂකයා අත්අඩංගුවට ගත් නමුත් එක් අයකු මිය යාමේ සිද්ධියත් සමඟ තත්තවය තවත් උණුසුම් වු අතර හිටපු ඇමැතිවරයා ද අත්අඩංගුවට ගන්නා ලෙසත් නැතිනම් වර්ජනයක් අරඹන බවත් සේවකයෝ පැවසු අතර මේ වන විටත් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවීම නිසා මෙලෙස වර්ජනය අරඹා ඇත.
ඛණිජතෙල් සංස්ථා වෘතිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩි.ජේ රාජකරුණා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අද උදෑසන සිට තෙල් බෙදාහැරීම නවත්වා වර්ජනයක් අරඹා ඇති බවත්, වර්ජකයන්ගේ ඉල්ලීම ඉටු පසු වර්ජනය නතරවනු ඇති බවයි.



(ඊයේ රාත්‍රීයේ කොළඹ අවට ඉන්ධන පිරවුම්හල් අසල)
ඡායාරූප - ළහිරු හර්ෂණ




අද උදෑසන නෙළුම් පොකුණ අසළ ඉන්ධන පිරවුම්හල ආසන්නයේ දකින්නට ලැබුණු දිගු පෝලිම්
ඡායාරූප - දිමුතු සඳරුවන්




( අද උදෑසන ගාල්ල නරගරයේ ඉන්ධන පිරවුම්හල් අසල)ඡායාරූප - ජේ.කේ.එල්.එම්.චාමින්ද
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන් කාල එනවා උද්ඝෝෂණ කරන්නත්.මේවගේ අය ඉන්නකල් මේ රට ගොඩගන්නවා බොරු..............
ඕකට තියෙන හොඳම විසඳුම තමයි අර්ජුන දෑත් ශක්තිමත් කරන්න යන එක.
මොළ ගෙඩි වල අසුචි පිරිච්ච මිනිස්සුන්ගේ නොමනා වැඩක් නිසාවෙන් පේනවද මුලුරටටම වෙන විනාශය.. පොඩි දේ ඇති විනාශ වෙන්න.. කරුණාකරලා සාමකාමිව හිතන්න පුරුදු වෙන්න.. මිනිසුනේ නිහතමානී වෙන්න .. ඉවසල ප්‍රශ්න සාකච්චා කරලා විසදා ගන්න හුරු වෙන්න.. අන්න එදාට අපිට රටක් තියේවි.. ඉතාමත් දරුණු ඛේදනීය තත්වයකට රට ගහගෙන යනවා.. ලංකාවේ ඉන්න මිනිස්සුන්ට පෙන්නේ නැති උනාට රටින් පිට ඉදන් රට දිහා බලන් ඉන්න අපිට එක හොදට පේනවා...
ඔය පටන් ගත්තා විතරයි. හරිම සනීපයි. ඔහම යන්. ඔහම යන්. මීට පස්සේ වර්ජන කරන්න වෙන්නේ නැහැ. ඒක හොදට මතක තිය ගන්න.
හිටපු ඇමති අර්ජුන රණතුංග ඇයි ඛණිජ තෙල් සංස්ථාවට ගියේ...?
මේ සියලුම අවුල ඇති කල කෙනාට කියන්න ඇවිල්ල බලන්න කියල ...........
ඉන්දන අත්‍යවශ්‍ය සේවක් කලා නේද? එතකොට මෙහෙම ස්ට්‍රයික් කරන්නේ කොහොමද? මේවට හුරතල් තියරි නම් හරියන්නේ නෑ...
තෙල් සංස්ථාව කියන්නෙ දේශපාලනයෙන් දූෂිතම වූ ආයතන වලින් එකක්. ඇතුලෙ ඉන්න අය රැකියාවට වඩා කරන්නෙ දේශපාලනය.
පාලකයින්ගේ රෝස යුද්ධයට ඇයි මේ ජනතාව කලබල වෙලා. මෙයට පෙර සිදු වූ මොන බල පෙරලියද රටට හොදක් කළේ.
මහින්ද කිවොත් ඉන්ධන බෙදීම නැවත පටන් ගනී , දැක්කනේ නොකියාම හෝටල් කරුවෝ කෑම වල මිල අඩු කළා රුපියල් 10 කින්. මුළු රටේම සේවා රැකියා ක්‍රියාකරන්නේ මහින්දගේ ඔර්ඩර් අනුව.
රංග, එතුමා කියලා තියනවනේ තමන්ගේ පුද්ගලික දේවල් රැගෙන එන්න ගියේ කියලා, සේවකයින්ට කිසිම අයිතියක් නැහැ ඒවාට එරෙහිවෙන්න. එතුමා එතනට ගිය එක හරිද වැරදිද කියල තීරණය කරන්නත් ඕනේ රටේ නීතිය බාරව ඉන්න අයයි..
තෙල් බෙදා නොහැරීමෙන් කරදර වෙන්නේ මහජනයාට. මහජනයා වෙඩි තිබ්බෙත් නැහැ. කාවවත් අත්ඩංගුවට ගන්නත් බැහැ.