යතුරු ලියන්නියන් නැතිකමින් ඔසු සල් බලපත්‍ර 3500 ක් අධිකාරියේ හිරවෙලා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔසුසල් සඳහා බලපත්‍ර ලබා දීමේ ප්‍රමාදයක් පවතින බව ඔසුසල් හිමියෝ කියති. 23 May 2018
කන්තලේ සීනි සමාගම පැවරීමේ ලේඛන අමාත්‍යංශයෙත් නෑ කන්තලේ සීනි සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට පැවරීම සම්බන්ධ කැබිනට් පත්‍රිකා වලට අදාළ ලේඛන කිසිවක් ඉඩම් අමාත්‍යංශයේ නොමැති බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට අල්ලස් කොමිසම දැනුම් දුන්නේය. 22 May 2018
මහ වැස්සෙන් 52,400ක් පීඩාවට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිවයිනේ පළාත් 8ක දිස්ත්‍රික්ක 18 ක පවුල් 14,432කට පමණ අයත් පුද්ගලයින් 52,380 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. 22 May 2018
ආපදාවලින් 23000ක් පීඩාවට - 08ක් මරුට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 14 ක පවුල් 5885 කට පමණ අයත් පුද්ගලයින් 22,777 දෙනෙකු පමණ මේ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 21 May 2018
රාජිතගේ විස්සේ ලැයිස්තුව ජනපති 14 ට කපයි ජිනීවාහි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි මහ සමුළුවට සෞඛ්‍ය ප්‍රධානීන් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යැවීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. 21 May 2018
කොතලාවලට සිසුන් ගැනීමේ කැබිනට් පත්‍රිකාවට විරෝධය අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරිතාවෙන් විෂයන් 3 ක් සමත් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යාපිඨයට ඇතුළු කර ගැනීමට කැබිනට් පත්‍රිකාවකින් කර ඇති යෝජනාවට දැඩි විරෝධය පළ කරන බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. 20 May 2018
ඇඹිලිපිටිය නගර සභාවෙන් පැකට් කළ ගව මස් විකිණිමට අවසර:භික්ෂූන්ගේ දැඩි විරෝධය වසර හතකට වැඩි කාලයක් ගවමස් වෙළදසැලකට අවසර නොදුන් ඇඹිලිපිටිය නගර සභාව පසුගිය සභා රැස්වීමේදී මාළු වෙළඳසැලක් පවත්වන පුද්ගලයෙකුගේ කළ ඉල්ලීමක් සලකා ඔහුට තම මාලූ වෙළඳසැලේ පැකට්කළ ගවමස් විකිණීමට අනුමැතිය ලබාදුන්නේ ය. 20 May 2018
ලක්ෂ 15 ක දුම්වැටි සමඟ ලාංකිකයෙක් අත්අඩංගුවට නිති විරෝධි ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 15 පමණ වටිනා විදේශ දුම්වැටි කාටුන් 75 සමඟ ලාංකික ගුවන් මගියෙකු අද (20) උදෑසන අත්අඩංගුවට ගනු ලැබු බව ගුවන්තොටුපළ පොලීසිය කියයි. 20 May 2018
කෝටි 4ක රන් බිස්කට් කටුනායකින් අල්ලයි රුපියල් කෝටි 04කට ආසන්න වටිනා කමකින් යුතු රන් බිස්කට් නීති විරෝධීව මෙරටට රැගෙන එනු ලැබු ඉන්දීය ජාතිකයෙකු අද (19) උදැසන ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත . 19 May 2018
මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක් මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක්ෂ 28.7ක්) ද වන බව එරට ‘ස්ට්‍රේට්ටයිම්ස්’ පුවත් වෙබ් අඩවිය අද (17) වාර්තා කළේය. 18 May 2018
ආණ්ඩුවෙන් ඉවත් වු 16 මහින්ද සමඟ සාකච්ඡාවකට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ඉරිදා (20) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 18 May 2018
ආණ්ඩුවෙන් ඉවත් වෙන්න දිනයක් යොදාගන්න කියා ජනාධිපති කිව්වා - දයාසිරි වර්තමාන ආණ්ඩුවේ සිටින අමැතිවරු 23 දෙනා හට ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා දිනයක් නියම කරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම කාරක සභාවේදී දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 18 May 2018
අනුරුද්ධ පොල්ගම්පොළට ඇප රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා අද (18) කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරිමට කිලිනොච්චි මහේස්ත්‍රාත් ඒ.ආනන්ද රාජා මහතා නියෝග කළේය. 18 May 2018
රුපියල පහළටම වැටෙයි රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය. 17 May 2018
දියතලාව ගුවන් හමුදා කඳවුරේ අත්බෝම්බයක් පිපිරි 3 ක් රෝහලේ දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ අද (17) අත්අබෝම්බයක් පිපිරි පුහුණු නිලධාරියකු,යුද හමුදා සැරයන්වරයකු සහ කාන්තා සෙබලියක තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 17 May 2018
පෞද්ගලික බස් වර්ජනය අවසන් - ගාස්තුව සියයට 12.5 ඉහළට අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටවූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය. 16 May 2018
දැව සංස්ථාවේ හිටපු සභාපති 18 දක්වා රිමාන්ඩ් රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා මෙ මස 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේය. 16 May 2018
දැව සංස්ථාවේ හිටපු සභාපති කොටුව උසාවියට රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය. 16 May 2018
දැව සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා ඊයේ (15) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසයි. 16 May 2018
මහනුවර කලබල ගැන මන්ත්‍රී දිලුම්ගෙන් පැය 12ක් ප්‍රශ්න කරයි මහනුවර පැවැති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගෙන් පැය 12කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. 16 May 2018
බස් ගාස්තුව සියයට 6.5 කින් නගී - අවම ගාස්තුව එහෙමමයි බස් ගාස්තු සියයට 6.5 කින් වැඩි කිරිමට කැබිනට් මණ්ඩලය අද (15) දහවල් අනුමැතිය ලබා දුන්නේය. 15 May 2018
පොහොට්ටුවේ මන්ත්‍රීවරු පාපැදි වලින් පොද්දල ප්‍රා.සභාවට තෙල් මිල වැඩි කිරීමට විරෝධය පාමින් බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ බයිසිකල්වල නැගී අද (15) ප්‍රාදේශීය සභාවට පැමිණියහ. 15 May 2018
බ්‍රිතාන්‍යයේ රග්බි ක්‍රීඩකයෙක් කොළඹදී මියයයි ඉකුත් දා පැවති සුහද රග්බි තරගවලියක් වෙනුවෙන් මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය ජාතික රග්බි කණ්ඩායමක ක්‍රීඩකයකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 14 May 2018
ඇමැතිවරුන් රැසකගේ වගකීම් වෙනස් කරයි අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ මේ මස මුලදී අලුතින් දිවුරුම් දුන් අමාත්‍යවරුන්ට අයත් ආයතන හා විෂය පථයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කෙරුණු අතර ඊට අනුව අමාත්‍යවරුන් රැසකගේ විෂය පථයන් වෙනස් වී ඇත. 13 May 2018
වැස්සෙන් ගාල්ලේ පවුල් 1960 ක් අවතැන් ගාල්ල නගරයට ඊයේ (12) රාත්‍රි යේ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා පවුල් 1960 අසරණවී ඇති බව ගාල්ල වැඩ බලන දිසාපති ප්‍රදීප් රත්නායක මහතා පැවසීය. 13 May 2018
හිටපු ඇමති මර්වින් ඉපලෝගම තැබූ මුල්ගල ගලවා දමයි ඉපලෝගම බැලුම්ගල නව ගම්මානයට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් තැබූ මුල්ගල හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් ගලවා දැමීය. 12 May 2018
අල්ලස් ගත් තක්සේරු නිලධාරියාට වසර 14ක සිර දඬුවම් කොළඹ දිසා අධිකරණයේ පුද්ගලයකුට පවරා ඇති නඩුවකින් ගැලවීම සඳහා ලිපියක් දෙන බව පවසා රුපියල් 15000 මුදලක් ඉල්ලා ලබා ගත්තැයි වරදකරු වු දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ තක්සේරු නිලධාරියකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට වසර 14 ක සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඔහුට රුපියල් 9000 ක දඩයක් නියම කළේය 11 May 2018
දැව සංස්ථාවේ නව සභාපති පොල්ගම්පොළගේ පත්වීම අත්හිටුවයි රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) අත්හිටවනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 May 2018
ඉන්ධන මිල අද රෑ සිට ඉහළට ඉන්ධන මිල අද (10) රාත්‍රීයේ සිට ඉහළ දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 10 May 2018
දෙකෝටියේ පගාවේ පැමිණිලිකරුට මරණ තර්ජන කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා අල්ලසක් ඉල්ලන බවට අල්ලස් කොමිසමට පැමිණිලි කළ එම්.ජී. ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ හිමිකාර ඉන්දීය ජාතිකයාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට ඊයේ (09) පැමිණිලි කළේය. 10 May 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026